අපි කවුරුත්
දන්නවා ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි භාෂාවෙ ආභාෂය ප්‍රබලව ලැබෙන්න ගත්තෙ බ්‍රිතාන්‍ය
ජාතිකයන් අපේ රට ආක්‍රමණය කළාට පස්සෙ කියලා. ඔවුන් මේ රටට පැමීණුනේ 18 වෙනි සියවස
අවසානයේ. මෙහෙන් පිට වෙලා ගියේ 1948 දි. (“අපට මොකටද බං සුද්දගෙ ඉංග්‍රීසි?” බලන්න.)
මේ අතරතුර කාලයෙ
මේ රටේ රාජ්‍ය භාෂාව හැටියට ගැනුනෙ ඉංග්‍රීසිය. ඒ නිසා අපේ අයට - විශේෂයෙන්
පරිපාලනය, ව්‍යාපාර කටයුතු, අධ්‍යාපනය වැනි අංශවලට සම්බන්ධ අයට - සිද්ධ වුණා ඉංග්‍රීසි භාෂාව ගැන ප්‍රවීණත්වයක්
ලබා ගන්න.
ඒ කාලෙ ඉංග්‍රීසි
භාෂාවෙ ප්‍රමිතිය හැටියට ගැනුනෙ එවකට (ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොව පුරා පැතිරී
තිබූ කාලයයි.) ලෝකයේ ඉතා බලවත් තැනක සිටි බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි භාවිතයයි. ඒ
නිසා මේ ප්‍රමිතිය අනුව ඉංග්‍රීසිය හැදෑරීමට අපේ උදවිය බලවත් උත්සාහයක් දැරුවත්, අපේ මව් භාෂා සහ ඉංග්‍රීසිය අතර තිබූ විශාල උච්චාරණ වෙනස්කම් නිසා සුද්දා
කතා කළ ආකාරයෙන්ම ඒ භාෂාව කතා කරන්න නම් අපේ බොහෝ දෙනෙකුට අපහසු වුනා.
දෙවන ලෝක
යුද්ධයෙන් පසු කාලයේදී, ජාත්‍යන්තර තලයේ ඇමරිකා
එක්සත් ජනපදය ලැබූ ප්‍රමුඛත්වය නිසා, ඇමරිකානු ඉංග්‍රීසියේ
බලපෑම එන්න එන්නම වැඩි වුණා. ඉංග්‍රීසිය ලෝකයේ වැදගත්ම සම්බන්ධීකරණ භාෂාව බවට පත්
වෙලා තිබෙන වර්තමානයේ, ඉංග්‍රීසි ඉගෙන
ගන්නා ඇතැමුන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායද, අනෙක් අය
ඇමරිකානු සම්ප්‍රදායද, ප්‍රමිතියක් ලෙස අනුගමනය
කරනවා. ඒ නිසා අද ලෝකයෙ ප්‍රමිතීන් දෙකක් බිහි වෙලා තියනවා. ශ්‍රී ලංකාවේ නම්
තවමත් බොහෝ දුරට ඇත්තේ බ්‍රිතාන්‍ය බලපෑමයි. (“සුද්දාගේ කඩ්ඩේ වගතුග - WhichColour/Color Is It?” බලන්න.)
නමුත් තම තමන්ගේ
මව් භාෂාවල බලපෑම නිසා, තමන් අනුගමනය කරන ප්‍රමිතියේ
ආකාරයටම ඉංග්‍රීසිය උච්චාරණය කරන්න බොහෝ රටවල අයට අපහසුයි. මේ නිසා ඉංග්‍රීසිය
භාවිතා කරන විවිධ රටවල තමන්ට ආවේණිය උච්චාරණ රටා ඇති වී තිබෙනවා. අපි බලමු අපේ රටට
ආවේණික එවැනි රටා කීපයක්.
(උදාහරණ වශයෙන්
දී ඇති වචන සියල්ලම ඊට අදාළ TheFreeDictionary වෙබ් පිටුවලට
සබඳා තිබෙනවා. ඒවාට පිවිසීමෙන් එම වචනවල බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු උච්චාරණයට සවන්
දිය හැකියි. උච්චාරණය දැක්වීමට මෙහි භාවිතා කර ඇති IPA සංකේත ගැන විස්තර අවශ්‍ය නම් ඊට අදාළ “International Phonetic Alphabet” විකිපීඩියා පිටුවට පිවිසෙන්න.)
ස්වරවල (vowels)
1. note, boat
මෙවැනි පද බ්‍රිතාන්‍ය
භාවිතයේ /nəʊt/, /bəʊt/… ලෙසත්, ඇමරිකානු භාවිතයේ
/noʊt/, /boʊt/… ලෙසත්, ද්විත්ව ස්වර (diphthong) ඇතිව උච්චාරණය කෙරෙන අතර
ශ්‍රී ලංකාවේ ඒවා බොහෝ විට සිංහල 'ඕ /oː/' ශබ්දය ආදේශ කරමින්
/noːʈ/, /boːʈ/…ආදී වශයෙන් කියවෙනවා. මෙම
උච්චාරණ රටාව දකුණු ආසියා කලාපයේ පිළිගත් රටාවක් බවට පත් වී තිබෙනවා.
නමුත් /ɒ/ ශබ්දය ඇති hot /hɒt/, office /ˈɒfɪs/… වැනි පද සිංහල 'ඔ /o/' ශබ්දය යොදා /hoʈ/, /ˈofis/... ආකාරයට උච්චාරණය
හෝ, /ɔɪ/ ශබ්දය ඇති oil /ɔɪl/, boy /bɔɪ/,,, වැනි පද සිංහල 'ඔයි /oi/' ශබ්දය යොදා /oil/, /boi/ ආකාරයට උච්චාරණය හෝ, /ɔː/ ශබ්දය ඇති hall /hɔːl/, caught /kɔːt/… වැනි පද සිංහල ‘ඕ /oː/’ ශබ්දය යොදා /hoːl/, /koːʈ/.. ආකාරයට උච්චාරණය, එවැනි පිළි
ගැනීමකට ලක් වී නැහැ. එම ස්වරූප ඉංග්‍රීසිය හොඳින් හසුරුවන්නන්ගේ සමච්චලයටද ලක්
වෙනවා. ඒ වගේම මේ ශබ්ද පටලවා ගත් සමහරුන් (විශේෂයෙන් තරමක් හෝ නාගරික පරිසරවල) local /ˈləʊkəl/ (බ්‍රි) - /ˈloʊkəl/ (ඇ) වැනි පද /ˈlɔːkəl/ ආකාරයට කියනවාද
අසන්නට ලැබෙනවා. (මෙම ශබිද පිළිබඳ වැඩිදුර විස්තර සඳහා “You Wont Lawcal English - අපේ කඩ්ඩේ වගතුග” බලන්න.)
2. take, made
මෙවැනි පද ජාත්‍යන්තර
ආකාරයට නම් /teɪk/, /meɪd/… ලෙස ද්විතව ස්වර
(diphthong) ඇතිව උච්චාරණය කෙරුනත්, ශ්‍රී ලංකාවේ (හා දකුණු අසියාතික කලාපයේ) ඒවා අපේ ‘ඒ /eː/’ ශබ්දය යොදා /ʈeːk/, /meːɖ/… ආදී වශයෙන් කීම යම් පිළිගැනීමකට පාත්‍ර වී තිබෙනවා.
3. net, letter
මෙවැනි පදවල (/ˈnɛt/, /ˈlɛtə(r)/) ඇති (පළමු) 'e' අකුරේ ශබ්දය, ජාත්‍යන්තර භාවිතයේ ඇති /ɛ/ ට වඩා දිව උඩුතල්ලට
කිට්ටු වෙන සිංහල 'එ /e/' ආකාරයෙන් බොහෝ විට කියවෙනවා.
4. father, luck
ජාත්‍යන්තර භාවිතයේ පළමු පදයේ (/ˈfɑːðə(r)/) ඇති ‘a’ අකුරේ ශබ්දයත් (දිව පසුපසින් පහත් කර නගන ශබ්දයකි), දෙවෙනි පදයේ (/lʌk/) ඇති ‘u’ අකුරේ ශබ්දයත් (දිව පසුපසින් තරමක් පහත් කර නගන
ශබ්දයකි), සිංහලයේ නැති නිසා, මේ ශබ්ද දෙක සිංහල ‘ආ /aː/’ සහ ‘අ /a/’ (දිව ඉදිරියෙන් පහත් කර
නගන ශබ්දයකි) ඇසුරෙන් බොහෝ විට කියවෙනවා.
5. lid, happy
ජාත්‍යන්තර
භාවිතයේ මේ මුල් පදයේ (/lɪd/) එන 'i' අකුරේ ශබ්දය (දිව
මුවේ තරමක් ඉදිරියෙන් හා උඩු තල්ලට තරමක් කිට්ටුවෙන් තැබෙනවා), දෙවෙනි පදයේ (/ˈhæpi/)
එන 'y' අකුරේ ශබ්දයට
(දිව මුවේ ඉතා ඉදිරියෙන් හා උඩු තල්ලට ඉතා කිට්ටුවෙන් තැබෙනවා) වඩා වෙනස් වෙනවා.
එසේ නැති නම් දෙතැනම /ɪ/ ශබ්දය යෙදෙනවා. ලංකාවේ බොහෝ විට සිංහල භාෂාවේද තිබෙන දෙවෙනි ශබ්දය, එනම් 'ඉ /i/', දෙතැනදීම යෙදෙනවා.
6. book, boot
මුල් පදය /bʊk/ ලෙසත් (වචනයේ මැද ශබ්දයේදී, දිව මුවේ තරමක්
පසුපසින් හා උඩු තල්ලට තරමක් කිට්ටුවෙන් තැබෙනවා), දෙවැන්න /buːt/ ලෙසත් (වචනයේ මැද
ශබ්දයේදී, දිව මුවේ ඉතා පසුපසින් හා උඩු තල්ලට ඉතා
කිට්ටුවෙන් තැබෙනවා), ජාත්‍යන්තර රටාවේ කියවෙනවා. ලංකාවේ බොහෝ විට සිංහලෙහිද ඇති 'උ /u/' හා 'ඌ /uː/' ශබ්ද භාවිතා
වෙනවා (එනම් 'boot' හිදී වෙනසක් සිදු වෙන්නේ නැහැ).
ව්‍යංජනවල (consonants)
1. cat, lad
මෙවැනි පදවල (/kæt/ සහ /læd/) එන 't
/t/' සහ 'd /d/' ශබ්දවලදී ලංකාවේ බොහෝ විට දිවේ ඉදිරි කොටස උඩු
තල්ල මත තැබෙන්නේ ජාත්‍යන්තර රටාවේදීට වඩා පසුපසින් (එනම් සිංහල 'ට /ʈ/' හා 'ඩ /ɖ/' ශබ්ද).
2. pull, take, kit
මේ ආකාරයෙන් 'p',
't', 'k' අකුරු වචනයක මුලට යෙදෙන අවස්ථාවල, ඒ වගේම අවධාරණය
කොට උච්චාරණය කෙරෙන මාත්‍රාවක (stressed syllable) මුලට ඒවා යෙදෙන potato (දෙවෙනි මාත්‍රාව)
වැනි වචනවල, එම අකුරු මුවෙන් පිටවන වාත ධාරාවක් සමග උච්චාරණය (aspirate) ජාත්‍යන්තර
භාවිතයේ ඇතත් (එනම් /pʰʊl/,
/tʰeɪk/, /kʰɪt/ලෙස), එසේ කිරීම ශ්‍රී
ලාංකිකයන් අතර විරලයි.
3. thin, this
මෙම ‘th’ ශබ්ද දෙක (/θɪn/ සහ /ðɪs/) ජාත්‍යන්තර ව්‍යවහාරයේ දිවේ කෙලවර උඩු දත් ඇන්දට
ඉතා අසන්න කර ඒ අතරින් වාතය තෙරපුමක් සහිතව යැවීමෙන් (fricative) නිපදවෙයි (මෙහි දෙවැන්නේදී ස්වර තන්ත්‍ර කම්පනය වෙනවා,
එනම් එය voiced sound එකක්). නමුත් ශ්‍රී ලාංකිකයන් බොහෝ විට එම ශබ්ද නගන්නේ දිවේ
කෙලවර හා උඩු දත් ඇන්ද එක් කර වාතය නවත්වා අත් හරින (plosive) සිංහල ‘ත /t̪/’ සහ ‘ද /d̪/’ ශබ්ද
ලෙසයි.
4. ship, chin, jig
මේ ‘sh’ (/ʃɪp/), ‘ch’ (/tʃɪn/) හා ‘j’ (/dʒɪg/) ශබ්ද උඩු තල්ල හා දිව අතරින් වාතය යැවීම මගින්
නිපදවෙන අතර ශ්‍රී ලංකාවේ උච්චාරණයේ බොහෝ විට ඒවා පැන නගින්නේ ජාත්‍යන්තර
උච්චාරණයේදීට වඩා මුවේ තරමක් පසුපසින් (එනම් පිළිවෙලින් සිංහල ‘ශ /ɕ/’, ‘ච /tɕ/’ හා ‘ජ/dʑ/ ශබ්ද ලෙස). සමහරෙක්ට ‘sh’ යන්න ‘s’ ලෙසත් කියවුනත්, එය නම් පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ.
5. vision, measure
මෙම පදවල (/ˈvɪʒən/ සහ /ˈmɛʒə(r)/) එන /ʒ/ ශබ්දය, ශ්‍රී ලංකාවේ බොහෝ විට 'sh' ලෙස උච්චාරණය
කෙරෙන නමුත්, ජාත්‍යන්තර
උච්චාරණයේ එතනදී /ʃ/ වෙනුවට ස්වර තන්ත්‍ර කම්පනය සිදු වෙන (voiced sound) /ʒ/ ශබ්දය භාවිතා
වෙනවා. මෙම ශබ්දය සිංහල භාෂාවේ නැති නිසා බොහෝ ලාංකිකයන්ට නුහුරුයි.
6. sip, zip
මේ දෙවෙනි පදයේ
(/zɪp/) මුල් ශබ්දය සිංහල
භාෂාවේ නැති නිසා සමහරෙක් එය පළමු පදය මෙන්, එනම් /sɪp/ ලෙස, හෝ ship /ʃɪp/ ලෙස කියනු ඇසුනත්, මනාව ඉංග්‍රීසිය
හසුරුවන්නන් අතර එසේ වන්නේ කලාතුරකින් (එනම්, මීට කලින්
උදාහරණයේ මෙන් නොවේ). 'z' ශබ්දයේදී ස්වර තන්ත්‍ර කම්පනය සිදු වෙනවා (voiced
sound).
7. wail,
veil
බොහෝ විට ශ්‍රී ලාංකිකයන් ගේ උච්චාරණයේ ‘w’ හා ‘v’ අකුරු දෙක අතර වෙනසක් ඇසෙන්නේ නැහැ (එනම් දෙතැනදිම සිංහල ‘ව /ʋ/’ ශබ්දය නැගෙනවා). ඒ නිසා ඉහත පද දෙකම එකාකාරයට උච්චරණය වනු ඇසෙනවා. නමුත් ජාත්‍යන්තර ස්වරූපය අනුව නම් ‘v’ ශබ්දය
යටි තොළ හා
උඩු දත් ඇන්ද ඉතා අසන්න කර (සිංහල ‘ව /ʋ/’ ශබ්දයේ
ඒවා එතරම් අසන්න කෙරෙන්නේ නැහැ) ඒ අතරින් වාතය තෙරපුමක් සහිතව යවමින්ද, ’w’
ශබ්දය තොල් ඉදිරියට උල් කර රවුම් කරමින් දිව පසුපසින් උඩු තල්ල දෙසට ඔසවමින්ද, නගනු
ලබනවා (මේ දෙකේදිම ස්වර තන්ත්‍ර කම්පනය වෙනවා (voiced sound).
8. pin,
fin
සිංහල භාෂාවේ 'f' ශබ්දය නොමැති
නිසා සමහරෙක් එය 'p' අකුර ලෙස උච්චාරණය කළත් එයත් ඉංග්‍රීසි හොඳින්
දත් අයගේ සමච්චලයට ලක් වෙනවා. එමෙන්ම සමහරුන් මේ ශබ්ද පටලවාගෙන 'p' අකුර යෙදෙන ඇතැම්
තැන්වලද 'f' ශබ්දය නගනවාද අසන්නට ලැබෙනවා (උදා: sales rep
/-ref/)
9. skill, smell
වචනයක මුලට
ස්වාරාක්ෂරයකට (vowel) කලින් එන 'ස්' ශබ්දය ඇති විට එය
'ඉස්' යනුවෙන් කීමට සිංහල කතා කරන්නන් පුරුදු වී ඇති නිසා (උදා: ඉස්තානය, ඉස්තූතියි...), skill
/skɪl/,
smell /smɛl/… වැනි පද /iskil/,
/ismel/... ආදී වශයෙන් සමහරෙක්ට කියවෙනවා. එයත් ඉංග්‍රීසිය මනාව දත් අයගේ සමච්චලයට ලක්
වෙන්නක්. (“‘ඉස්’ගෑවොත් නම් ලෙඩක් - අපේ කඩ්ඩේ වගතුග” බලන්න.)
අවධාරණයේ (stress)
1. ජාත්‍යන්තර ව්‍යවහාරයේ පළමු මාත්‍රය (syllable) අවධාරණ වුණත් ශ්‍රී ලංකාවේ බොහෝ විට දෙවන මාත්‍රය
අවධාරණය වන පද
2. ජාත්‍යන්තර ව්‍යවහාරයේ දෙවන මාත්‍රය අවධාරණ වුණත් ශ්‍රී ලංකාවේ බොහෝ විට පළමු මාත්‍රය අවධාරණය වන පද
cassette, dessert, museum, hotel, gazette, rupee, papaw, maintain, migrate, translate, weekend, although, already, hello, unless, until, mature, analysis, apparel, upstairs, downstairs, Chinese, American, Nigeria, Bulgaria, UK, US, umbrella, interior, vanilla, specific, terrific, participate, participant...
3. ජාත්‍යන්තර ව්‍යවහාරයේ තෙවන මාත්‍රය මූලිකවත් (primary stress), පළමු මාත්‍රය දෙවනුවත් (secondary stress) අවධාරණ වන නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ විට එහි අනිත් පැත්ත සිදු වන පද
Japanese, lemonade, engineer, afternoon, understand, recommend, entertain, represent, disappear, conversation, application, education, information, qualification, university, opportunity, possibility, probability, scientific, Panamanian…
4. ජාත්‍යන්තර ව්‍යවහාරයේ සිව්වන මාත්‍රය මූලිකවත් (primary stress), දෙවන මාත්‍රය දෙවනුවත් (secondary stress) අවධාරණ වන නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ විට එහි අනිත් පැත්ත සිදු වන පද
association, accommodation, communication, pronunciation, examination, imagination, determination, responsibility...
5. ජාත්‍යන්තර ව්‍යවහාරයේ සිව්වන මාත්‍රය මූලිකවත් (primary stress), පළමු මාත්‍රය දෙවනුවත් (secondary stress) අවධාරණ වන නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ විට එහි අනිත් පැත්ත සිදු වන පද
recommendation, misunderstand...
මීට අමතරව තවත් වෙනස්කම් තියනවා. ඒවා ඉදිරියට බලමු. (“What Is the Matter? – අපේ කඩු උසුරුව (2)” හා “How Do You Say ‘Hello’? කොහොමදකියන්නේ?” ලිපි බලන්න.)
සේයාරුවට ස්තුතිය: Hans_van_Rijnberk
මේ වචන ශබ්ද නැගෙන හැටි අහන්නත් තියෙනව නම් හොඳයි කියල හිතුන.
ReplyDeleteමම අහල තිබ්බෙ ශ්‍රී ලාංකිකයන්ගෙ ඉංග්‍රීසි ශබ්ද කිරිම පැහැදිලියි , නිවරදියි කියල.
ඒ මතය වැරදිද?
@wath
ReplyDeleteහැම වචනයක්ම TheFreeDictionary වෙබ් අඩවියේ ඊට අදාළ පිටුවට සබඳා තියනවා. එහිදී ඒවාගේ ශබ්දය බ්‍රිතාන්‍ය හා ඇමරිකානු දෙආකාරයටම ඇසිය හැකියි.
අනෙකුත් බොහෝ රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයන්ගේ උච්චාරණය පැහැදිලියි. එයට හේතුව සිංහල භාෂාවේ සෞම්‍ය ස්වභාවයයි. නමුත් වචන අවධාරණය කරන (stress) ආකාරයේ වෙනස්කම් ආදිය නිසා ඇතැම් විට විදේශිකයන්ට තේරුම් ගැනීමේ අපහසුතා ඇති වෙනවා.
මචං මම නම් දැන් උඹේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තා. මාර ප්‍රයෝජනවත් . . සිරාවට. පොඩි පොඩි ප්‍රශ්න තියෙන තැන් වගයක් තිබුනා ඒවා ගැන පස්සේ වෙලවක අහන්නම් . . .ෆ්‍රී එකේ . . උඹේ වැඩේ නම් මැක්සා
ReplyDelete@ Sujeewa de Silva
ReplyDeleteඅනේ මම දැනම් උන්නේ නැහැ. බොහොම ස්තූතියි සර්෴
@දුකා
ReplyDeleteමචං, ප්‍රශ්න අහනවට නම් මම මාර කැමතියි.
@wath
ReplyDeleteසබැඳිවලින් ශබ්ද අහන්න පුලුවන් කියලා ලිපියෙ ලියන්න මට කලින් අමතක උනානෙ. ඔයාගෙ ප්‍රතිචාරෙන් පස්සෙ තමයි ඒක සඳහන් කළේ.
Keep up the good work.. Thanks
ReplyDelete-Krishantha.
@Krishantha
ReplyDeleteThanks for the encouragement.