ජාත්‍යන්තරව
සම්මත ඉංග්‍රීසි උච්චාරණ රටා සහ ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වෙන උච්චාරණ විධි
අතරවෙනස්කම් අපි “Water or Voter -අපේ කඩු උසුරුව” ලිපියෙදි
බැලුවා. එතනදි කිව්වා වගේ තවත්තියනවා වෙනස්කම්. අදත් කතා කරන්න යන්නෙ ඒ විවිධත්වය
ගැනයි.
නමුත් මෙයින්
අදහස් කෙරෙන්නෙ නැහැ අපේ උච්චාරණ රටා වැරදියි කියන එක නම්. ඉංග්‍රීසි භාවිතා කරන
අනිත් සෑම රටකමත් තියනවා ඒ ඒ රටට අදාළ ලක්ෂණ. (ඒ නිසා තමයි Australian
English, Canadian English, Indian English ආදී ඉංග්‍රීසි ප්‍රභේද
ඇති වෙලා තියෙන්නේ.) මෙම ලක්ෂණවලින් ඇතැම්වා ඒ රටවල් තුළ යම් පිළිගැනීමකට ලක් වෙලා
තියෙනවා. ලංකාවෙත් එහෙමයි.
හැබැයි එසේ අදාළ
රට තුළවත් පිළිගැනීමක් නොලැබුනු, ග්‍රාම්‍ය යැයි සැලකෙන
ඇතැම් උච්චාරණ රටාත් තියෙනවා ඒ හැම රටකම - අද ලෝකයේ ඉංග්‍රීසි භාෂා ප්‍රමිතීන් ලෙස
ප්‍රමුඛත්වයේ සිටින ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ පවා. ශ්‍රී ලංකාවේ හමු වෙන එවැනි
උච්චාරණ විධි නම් සම්පූර්ණයෙන් පිටු දැකීම යහපත්. (කලින් සඳහන් කළ ලිපියේ එවැනි දේ
ඉදිරිපත් කිරීමේදී ඒවා පිළිගැනීමට ලක් වී නැති බව හෝ ඉංග්‍රීසිය හොඳින් දත් අය එම
රටා අනුගමනය නොකරන බව සඳහන් කර තියනවා.)
කෙසේ නමුත් ශ්‍රී
ලංකාවේ පිළිගැනීමට ලක් වෙන ඇතැම් උච්චාරණ විධි පවා ජාත්‍යන්තරව පිළිගැනෙන ප්‍රමිතියෙන්
වෙනස් වන අවස්ථාවල, ඒ පිළිබඳවද අපි දැනුවත්
වීම වඩා හොඳ වෙනවා. බොහෝ දෙනෙක් අද ඉංග්‍රීසිය ඔස්සේ ජාත්‍යන්තරයට අවතීර්ණ වීමට හෝ
ජාත්‍යන්තරය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නිසා එම දැනුම ප්‍රයෝජනවත් විය
හැකියි.
ශ්‍රී ලංකාව
තුළත්, හිතා මතා හෝ පුරුද්දෙන්ම, ජාත්‍යන්තර සම්ප්‍රදායන්
වඩාත් සමීපව අනුගමනය කරන අය ඉන්නවා. ඒ වගේම, අවස්ථාව අනුව උච්චාරණය හා අනෙකුත් භාෂා රීති ශ්‍රී ලාංකික හා ජාත්‍යන්තර
සම්මතයන් අතර මාරු කළ හැකි අයත් ඉන්නවා.
මේ කරුණු මතකයේ
තබා ගෙන අපි දැන් මේ විවිධත්වය වෙත නැවත යොමු වෙමු.
(උදාහරණ ලෙස ගෙන
ඇති වචනවල ජාත්‍යන්තර හා ලාංකික උච්චාරණ රටා අතර දැකිය හැකි, මෙම ලිපියේ විස්තර නොකෙරෙන වෙනස්කම් මුලදී සඳහන් කළ ලිපියේ පැහැදිලි
කෙරුනා. මෙහි ඇති ඇතැම් උදාහරණ සබඳා ඇති ඊට අදාළ TheFreeDictionary වෙබ් පිටුවලට පිවිසීමෙන් ඒවාගේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු උසුරුවට සවන් දිය
හැකියි. උච්චාරණය දැක්වීමේදී යොදා ගෙන ඇති IPA සංකේත ගැන වැඩි
විස්තර ඊට අදාළ “International Phonetic
Alphabet” විකිපීඩියා පිටුවේ සඳහන්
වෙනවා.)
1. ජාත්‍යතන්තර කතා ව්‍යවහාරයේ (colloquial
usage) කෙටි කර භාවිතා කරන ඇතැම් යෙදුම් ශ්‍රී ලංකාවේ කතා
බහේදිත් ඇතැම් විට ලිඛිත බසේ ලෙසම යෙදෙන අවස්ථා
What’s
the matter? [International]
What
is the matter? [Sri Lanka]
මොකක්ද ප්‍රශ්නය
(කාරණය)?
I’ve
already seen that film. [International]
I
have already seen that film. [Sri Lanka]
මම ඒ චිත්‍රපටිය
බලලා තියනවා.
They’ll
be here tomorrow. [International]
They
will be here tomorrow. [Sri Lanka]
ඒ අය හෙට මෙහෙ
ඒවි.
2. ජාත්‍යන්තර භාවිතයේ උච්චාරණය නොවන ඇතැම් මාත්‍ර (syllables) ශ්‍රී ලංකාවේ උච්චාරණය කෙරෙන අවස්ථා
3. ජාත්‍යන්තරයේදී /ə/ ලෙස කෙටියෙන් කියවෙන ඇතැම් අවධාරණය නොකරන මාත්‍රා (unstressed syllables), ලංකාවේ ඊට වඩා දිගුව /a(ː)/ ලෙස කියවෙන අවස්ථා
welcome /ˈwɛlkəm/ [International], /ˈʋelkam/ [Sri Lanka]
wholesome /ˈhəʊlsəm/ [BrE], /ˈhoʊlsəm/ [AmE], /ˈhoːlsam/ [Sri Lanka]
wholesome /ˈhəʊlsəm/ [BrE], /ˈhoʊlsəm/ [AmE], /ˈhoːlsam/ [Sri Lanka]
4. ජාත්‍යන්තරයේදී /ə/ ලෙස කෙටියෙන් කියවෙන ඇතැම් අවධාරණය නොකරන මාත්‍රා (unstressed syllables), ලංකාවේදී /o/, /u/,
/e/, /i/ ආදී වශයෙන් කියවෙන අවස්ථා
pencil /ˈpɛnsəl]/ [International], /ˈpensil]/ [Sri Lanka]
council /ˈkaʊnsəl/ [International], /ˈkaʊnsil/ [Sri Lanka]
5. බහු වචනවල (plurals) අග ‘s’ අකුර ජාත්‍යන්තරව /-z/ ලෙස කියවෙන තැන්වල, ලංකාවේ
/-s/ ලෙස කියවෙන අවස්ථා
බහු වචනවලදී
වචනයේ අවසානයේ ඇති ‘b /b/’, ‘d /d/’, ‘g /g/’, ‘m /m/’, ‘n /n/’, ‘ng /ŋ/’, ‘r /(r)/’, ‘v /v/’, ‘w
/ʊ/’, ‘l /l/’, ‘th හි /ð/’ වැනි ස්වර තන්ත්‍ර කම්පනය සහිතව කියවෙන (voiced) ශබ්දවලට පසුව එන ‘s’ අකුර ජාත්‍යන්තර භාවිතයේ
/-z/ ලෙස ශබ්ද වන නමුත් ශ්‍රී
ලංකාවේ ඇතැම් අය /-s/
ලෙස උච්චාරණය කරනවා.
ඊට අමතරව, බහු වචන අග යෙදෙන a, e, i, o , u යන ස්වර ශබ්දවලට
(vowel sounds) පසුව එන ‘s’ (හෝ ‘es’) අකුරත් ශබ්ද කෙරෙන්නේ මේ ආකාරයෙන්මයි.
එසේම ‘s
/s/’, ‘z /z/’, ‘sh /ʃ/’,
‘ch /tʃ/’,
’j /dʒ/’ ශබ්දවලට පසු
යෙදෙන ‘es’ ජාත්‍යන්තරයේ මෙන් /-ɪz/ ලෙස නොවී /-əs/ ලෙස ශබ්ද
කෙරෙනවා.
(‘p
/p/’, ‘t /t/’, ‘k /k/’, ‘f /f/’, ‘th හි /θ/’ වැනි ස්වර තන්ත්‍ර කම්පනය නොවන (voiceless) ශබ්දවලට පසුව එන ‘s’ නම් ජාත්‍යන්තරවත්
/-s/ ලෙසයි කියවෙන්නේ.)
cabs /kæbz/ [International], /kæbs/
[Sri Lanka]
mangoes /ˈmæŋgəʊz/ [BrE], /ˈmæŋgoʊz/[AmE], /ˈmæŋgoːs/ [Sri Lanka]
discos /ˈdɪskəʊz/[BrE], /ˈdɪskoʊz/[AmE], /ˈɖiskoːs/ [Sri Lanka]
wishes /ˈwɪʃɪz/ [International], /ˈʋiɕəs/ [Sri Lanka]
6. අතීත කාල ක්‍රියා පදවල අග ‘ed’ ජාත්‍යන්තරයේ /-t/ ලෙස කියවෙන තැන්වල ලංකාවේ /-ɖ/ ලෙස කියවෙන අවස්ථා
‘p /p/’, ‘k /k/’, ‘f /f/’, ‘s /s/’, ‘sh /ʃ/’, ‘ch /tʃ/’, ‘th හි /θ/’ වැනි ස්වර තන්ත්‍ර කම්පනය
නොවන (voiceless) ශබ්දවලට පසුව එන ‘ed’ ජාත්‍යන්තර භාවිතයේ /-t/ ලෙසින් ශබ්ද වුණත්, ලංකාවේ ඇතැම් අය
/-ɖ/ ලෙස උච්චාරණය කරනවා.
එසේම ‘t /t/’, ‘d /d/’ වැනි අකුරුවලින් පසුව (සහ ඇතැම් වචනවල ‘s’, ‘g’ ‘n’ ආදී අකුරුවලට
පසුව) එය /-ɪd/ යනුවෙන් ජාත්‍යන්තරව
උච්චාරණය කෙරුනත් මෙහි /-əɖ/ ලෙස කියවෙනවා.
knocked /nɒkt/ [International], /nɒkɖ/ [Sri Lanka]
passed /pɑːst/ [BrE], /pæst/
[AmE], /paːsɖ/ [Sri Lanka]
7. ඇතැම් වචනවල අවධාරණය නොවන මාත්‍රාවල (unstressed
syllables) යෙදෙන ‘et’ යන්න ජාත්‍යන්තරයේ /-ɪt/ ලෙස කියවෙන විට ලංකාවේ /- əʈ/ ලෙස
කියවෙන අවස්ථා
8. ජාත්‍යන්තර භාවිතයේ ‘th’ යන්න /θ/ ලෙස කියවෙන විට ලංකාවේ /d̪/ (/ð/) ලෙස කියවෙන අවස්ථා
9. ‘air’, ‘care’ ආකාරයේ පදවල ‘r’ අකුර සම්බන්ධ උච්චාරණය ජාත්‍යන්තර රටාවෙන් වෙනස් වීම
10. ‘power’, ‘tower’ ආදියේ
උච්චාරණය ජාත්‍යන්තර රටාවෙන් වෙනස් වීම
11. quick, twist ආදී පදවල උච්චාරණය ජාත්‍යන්තර රටාවෙන් වෙනස්වීම
12. අවධාරණය නොවන මාත්‍රාවල (unstressed syllables) ඇති ‘age’ (හෝ 'ege') යන්න ජාත්‍යන්තර රටාවේ /ɪdʒ/ ලෙස කියවෙන විට ලංකාවේ /e(ː)dʒ/ ලෙස උච්චාරණය වන අවස්ථා
manager /ˈmænɪdʒə (r)/ [International], /ˈmæneːdʒə(r) / [Sri Lanka]
village /ˈvɪlɪdʒ/ [International], /ˈʋiledʒ/ [Sri Lanka]
college /ˈkɒlɪdʒ/ [International/, /ˈkɒledʒ/ [Sri Lanka]
village /ˈvɪlɪdʒ/ [International], /ˈʋiledʒ/ [Sri Lanka]
college /ˈkɒlɪdʒ/ [International/, /ˈkɒledʒ/ [Sri Lanka]
13. අවධාරණය නොවන මාත්‍රාවල (unstressed
syllables) ඇති /ɪ/ ශබ්දය ලංකාවේ ඇතැම් විට /e(ː)/ බවට හැරීම
examine /ɪgˈzæmɪn/ [International], /egˈzæmin/ [Sri Lanka]
example /ɪgˈzɑːmpəl/ [BrE], /ɪgˈzæmpəl/ [AmE], /egˈzɑːmpəl/ [Sri Lanka]
*‘intimate’ වැනි වචන ක්‍රියා පද (verbs)
ලෙස යෙදෙන විට
නම් ජාත්‍යන්තර භාවිතයේ කියවෙන්නේ /ˈɪntɪˌmeɪt/ ලෙසයි.
14. අවධාරණය වන මාත්‍රාවල (stressed
syllables) ඇති /ɪ/ ශබ්දය
ලංකාවේ ඇතැම් විට /iː/ බවට හැරීම
competition /ˌkɒmpɪˈtɪʃən/ [International], /ˌkɒmpeˈʈiːɕən/ [Sri Lanka]
electrician /ɪlɛkˈtrɪʃən/ [International], /ilekˈʈriːɕən/ [Sri Lanka]
electrician /ɪlɛkˈtrɪʃən/ [International], /ilekˈʈriːɕən/ [Sri Lanka]
15. ‘is’, ‘nose’ ආදී
පදවල ‘s’ අකුර ජාත්‍යන්තරයේ /z/ ලෙස කියවුනත් ලංකාවේ ඇතැම් අය /s/ ලෙස කීම
(isn’t, was, wasn’t, these, those, pose, propose, close*, use*, noise ආදියේත් ‘s’ අකුරේ උච්චාරණය
මෙසේයි.)
*‘close’, ‘use’, ‘house’ ආදී වචන ක්‍රියා පද (verbs) වශයෙන් යෙදෙන විට
‘s’ අකුර ජාත්‍යන්තර ව්‍යවහාරයේ /z/ ලෙස උච්චාරණය කෙරුනත්, එම වචනම නාම පද (nouns) හෝ නාම විශේෂණ (adjectives) ලෙස යෙදෙන විට
නම් එය ජාත්‍යන්තරයේත් /s/ ලෙස කියවෙන බව සැලකිය යුතුයි.
16. උච්චාරණය ජාත්‍යන්තර රටාවෙන් වෙනස් වන අනෙකුත් වචන කීපයක්
houses /ˈhaʊzɪz/ [International], /ˈhaʊsəs/ [Sri Lanka] (‘house’ යන නාම පදය ජාත‍්‍යන්තර
රටාවේත් /haʊs/ ලෙස කියවුනත්, බහු වචනයේදී එහි අග ‘s’ අකුර /z/ බවට හැරීම අසාමාන්‍ය සිදු
වීමක්)
ඉතින් සුද්දෙක්
ඉංග්‍රීසි කතා කරනකොටයි, අපේ කෙනෙක් ඉංග්‍රීසි
කතා කරනකොටයි, බොහෝ විට ඇසෙන පැහැදිලි
වෙනසට මේ ශබ්ද රටා හේතු වෙනවා.
හප්පා, පොඩි කාලෙ ඉඳල කතා කරපු හැටි වෙනස් කරන එක නම් ලේසි වැඩක් නෙවෙයි. මට නම් තේරෙන විදියට උච්චාරණය හදාගන්න හොඳම ක්‍රමේ BBC වගේ පොඩ්කාස්ට්වලට සවන්දීල ඒව ඒ විදියටම කියන්න උත්සාහ ගන්න එක. ලේසි පාසු නම් නෑ ඉතිං.
ReplyDeleteඉංග්‍රීසිය කථාකරන රටකදි තමා අපේ උච්ඡාරණ වෙනස්කම් හොඳට තේරෙන්නෙ.
ReplyDeleteහැබැයි සුද්දො දන්නවා අපි ඉන්දියාවෙන්නම් නෙවේ කියලා.
@තමීර | Thameera
ReplyDeleteඅපේ උච්චාරණය බ්‍රිතාන්‍ය රටාවටම තියෙන්න අවශ්‍ය නැහැ. නමුත් ලංකාව තුළවත් පිළිගැනීමක් නැති, මෙහි ඉංග්‍රීසි හොඳින් කතා කරන අය භාවිතා නොකරන උච්චාරණ විධි නම් පිටු දකින්න අවශ්‍යයි(ඒවා තමන්ගෙ භාවිතයේ තියනවා නම්).
නමුත්, අපි Google group එකේත් කතා කළා වගේ, ජාත්‍යන්තරව පිළිගත් ආකාරයකට ඉංග්‍රීසි කතා කිරීමේ වාසි තියනවා ජාත්‍යන්තර තලයෙදි. ඒ නිසායි එයත් ප්‍රගුණ කිරීම සුදුසු වෙන්නෙ.
උදාහරණයක් වශයෙන්, ලංකාවට විරුද්ධව එල්ල වුණ යුධ අපරාධ චෝදනා සාකච්චා කිරීමට පහුගිය වසරේ ජිනීවා නගරයේ පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ හමුවේ එක් අවස්ථාවක සාකච්චාව මෙහෙයවන්නා ලංකාවේ ආචාර්‍ය දයාන් ජයතිලකට ස්තුති කරනවා ඔහුගේ ව්‍යක්තබව (eloquence) ගැන! ඔහුගේ ප්‍රබල ඉංග්‍රීසි භාෂා හැසිරවීම එම හමුවේ අප ලද ජයග්‍රහණයට සෑහෙන දුරට පාදක වුණා. (අවශ්‍ය නම් මෙම හමුවේ කොටස් YouTube හි නැරඹිය හැකියි.)
නමුත් මෙතනදි අපි සැලකිලිමත් විය යුතුයි, නුහුරු උච්චාරණයක් පුරුදු වීමේදී අපේ කතා ශෛලිය අස්වාභාවික වීමට ඉඩ නොදීමට. භාෂාවේ ප්‍රධාන පරමාර්ථය සාර්ථකව අදහස් හුවමාරුව නිසා, එසේ නොවන්නට වග බලාගත යුතුයි. එනම්, එම රටාව ස්වාභාවික ලෙස භාවිතා කළ හැකි මට්ටමට පුහුණු වීම අවශ්‍ය වෙනවා.
ජාත්‍යන්තර රටාව හොඳින් ප්‍රගුණ කළ ඇතැම් අය පවා ලංකාවේ සාමාන්‍ය භාවිතයේදී මෙහි පිළිගැනෙන ආකාරයට කතා කර, ජාත්‍යන්තරය හා සම්බන්ධ අවස්ථාවල ජාත්‍යන්තර ප්‍රමිතිය අනුගමනය කරනවා. මෙයත් අදහස් හුවමාරුවේ සාර්ථකත්වයට ඉවහල් වෙනවා.
@nadeesthoughts
ReplyDeleteඉන්දියානු ඉංග්‍රීසියෙයි, අපේ ඉංග්‍රීසියෙයි සමානකම් තිබුනත් පැහැදිලි වෙනස්කම්ද තියෙනවා. (විස්තර අවශ්‍ය නම් 'http://en.wikipedia.org/wiki/Indian_English' විකිපීඩියා පිටුව බලන්න - ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසිය සම්බන්ධ විකිපීඩියා පිටුවට (http://en.wikipedia.org/wiki/Sri_Lankan_English) මෙම බ්ලොග් සටහනේ සඳහන් විස්තර මම 'Detailed description of pronunciation differences' යටතේ එකතු කරම්න් ඉන්නවා.)