Saturday, May 28, 2011

Ingirisi Ebook - ලිපි එකතුවක්


විවිධ හේතු නිසා කාලෙකින් ලිපියක් ලියන්න බැරි වුණත් "ඉංගිරිසි" බ්ලොග් අඩවියේ දැනටමත් ලිපි 101ක් පළ වෙලා තියනවා. මේවා අතර ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වැදගත් වෙන කරුණු බොහොමයක් අන්තර්ගතව තියනවා කියලා විශ්වාස කරනවා. ඉතින් අන්තර්ජාලයටම පිවිසෙන්නේ නැතිව මේ ලිපි පෙළ පාවිච්චියට ගන්න ක්‍රමයක් සකස් කළොත් හොඳයි කියලා හිතුනා.

ඇත්තෙන්ම මේ ලිපි PDF ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න, ebook ආකාරයෙන් සකස් කරන්න ආදී වශයෙන් ඉල්ලීම් විවිධ අවස්ථාවල යොමු වී තිබුණත් තාක්ෂණික දැනුමේ අඩුපාඩුකම් නිසා ඒ පිළිබඳව යමක් කරන්න ලැබුනේ නැහැ. ඒත් තවත් ලිපි ලියනවාට වඩා මේ අවස්ථාවේ මෙතෙක් පළ වූ ලිපි එකතුවක් සම්පාදනය කිරීම සුදුසු යයි සිතා අදාළ කාර්යයට අත ගැසුවා.

ඉතින් මෙහි ඇත්තේ මෙතෙක් ලියන ලද ලිපිම බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. නමුත් ඒවා ඇති පිළිවෙල ටිකක් වෙනස් කරලා, සුදුසු යයි හැඟුන ආකාරයට මාතෘකා කීපයක් යටතට ගෙන තියනවා. ඊට අමතරව ලිපිවල තිබූ වෙබ් සබැඳි ඉවත් කර එවැනි තැන් වෙනස් කර තියනවා.

ඇතැම් තැන්වලදී පදවල උච්චාරණය දැක්වීමට යොදා ගෙන ඇති IPA සංකේත Appendix 1හි පැහැදිලි කෙරෙනවා. එසේම ක්‍රියා පදවල අක්‍රමවත් වර නැගීම් Appendix 2හි දැක්වෙනවා.

ලිපි පෙළ ගස්වා ඇති ආකාරය - පිටු අංක සමග - මුලින්ම ඉදිරිපත් කර තිබෙන අතර, වම් පැත්තේ දිග හැරෙන Bookmarks තීරුව තුළින්ද අවශ්‍ය ලිපියක් වෙත කෙළින්ම පිවිසීමේ අවස්ථාව තිබෙනවා.

(මෙහි දැන් ඇත්තේ මෙම ලිපි එකතුවේ නව සංස්කරණය නිසා වෙනස්කම් බොහොමයක් ඇති බව කරුණාවෙන් සලකන්න. නව සංස්කරණය ගැන විස්තර Ingirisi Ebook (New Version) ලිපියේ දැක්වෙනවා.)

36 comments:

  1. අම්මේ කාලෙකින් . . . කොහොම හරි කමක් නෑ ආයේ මේ පාඩම් මාලාව පටන් ගත්තු එක ලොකු දෙයක්

    කමන නෑ පී ඩී එෆ් දුන්නාම අපිට යාලුවන්ටත් ඊමේල් කරන්න පුලුවන්නේ . . ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි . .
    ජය

    ReplyDelete
  2. @Anonymous
    ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  3. @දුකා
    සංතෝසයි තවමත් අපිත් එක්ක ඉන්නවට. කාගෙ හරි දැනුම වැඩි දියුණු කරන්න මේක යොදා ගන්නවා නම් ඒකත් සතුටක්.

    ReplyDelete
  4. thanks you very much. maath download karagaththa.

    ReplyDelete
  5. @udara
    හොඳයි, අනිත් අයටත් කියන්න.

    ReplyDelete
  6. නියමයි!

    ReplyDelete
  7. great advanced lessons more than ABC. great work. Thank you.

    ReplyDelete
  8. ඉතාම හොඳයි. ස්තූති කරන්න වචන මදි. ඔබ කරන සේවය එතරම්ම සුවිශේෂීයි.

    ReplyDelete
  9. @Kappa,H Jay & ``` Outsider```
    Thanks for the comments.

    ReplyDelete
  10. welcome back Sjeewa Sir.
    සෑහෙන වටිනව මේ කර්තව්‍ය නම්... ගොඩාරියක් ස්තූතියි සර්...

    ReplyDelete
  11. @සොඳුරු සිත
    Thanks for the welcome.

    ReplyDelete
  12. ඇත්තටම බොහොම පිං මේ කරන ක්‍රියාවට.......

    ReplyDelete
  13. @SampatH
    ඒ තමයි බලාපොරොත්තුවත්.

    ReplyDelete
  14. @sorry.com
    ප්‍රයෝජනවත් වෙන දෙයක් කරන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  15. මමත් ගත්තා.. ගොඩක් ස්තූතී :)

    ReplyDelete
  16. @Yohan Kanishka | යොහාන් කණිෂ්ක
    අනිත් අයටත් කියන්න.

    ReplyDelete
  17. @පුතා & janaka
    Thanks for your comments. Put the book to good use.

    ReplyDelete
  18. @Anonymous
    Thanks. Put it to good use.

    ReplyDelete
  19. GOOD WORK SIR...MAY GOD BLESS YOU

    ReplyDelete
  20. ලෝබයා කියන එකට ඉංග්‍රීසි වචනේ හොයනකට තමයි මේ පි‍ටුව හම්බ වුනේ. 'ඉංග්‍රීසියෙන් බනිමුද? " කියන පි‍ටුව. නියමයි. ඊට පස්සේ ටිකක් එහෙට මෙහෙට ගියාම pdf file එකත් දැක්කා. download කර ගත්තා. ඔක්කෝම කියෙව්වේ නැතත් උඩින් පල්ලෙන් ටිකක් බැලුවා. pdf එක තියෙන හින්දා print කර ගන්නත් පුළුවන්.

    හොඳ වැඩක්. ඔබ තුමාට තවත් මේ වගේ ලිපි ලියලා එකතු කරන්න ශක්තිය ධෛර්ය්‍ය වැඩි වැඩියෙන් ලැබේවා යන්න මගේ පැතුමයි.

    ReplyDelete
  21. අන්තිම file 2 download උනාම open වෙන්නෙ නෑනෙ ඒකට මොකක්ද කරන්නේ sir

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා ebook reader ඇප් එකක් install කර ගන්න. ජංගම දුරකතනයක නම් Pocketbook Reader වැන්නක්; පරිගණකයක නම් Calibre වැන්නක්.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails