සුජීව ද සිල්වා

මට භාෂා සම්බන්ධයෙන් උනන්දුවක් මුල් වරට ඇති වුණේ සාමාන්‍ය පෙළ විභාගය කරන්න ආසන්න කාලෙදි. ඒත් අපේ සමාජ ක්‍රමයේ බලපෑම සහ අධ්‍යාපන රටාවෙ ස්වරූපය නිසා උසස් පෙළදී යොමු වෙන්න වුණේ විද්‍යා, ගණිත විෂයන් හැදෑරීමට. ඒ තුළින් අවසානයේ ඇතුළත් වුණේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයට.

නමුත් එහිදී තේරුම් ගත් කරුණු අනු‍ව පසු කාලෙක එම අංශයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී භාෂා විෂයන් පිළිබඳව පෞද්ගලිකව අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ලොකු උත්සාහයක් දරලා, ඇතැම් විට විදේශගත වී, විදේශ භාෂා කීපයක් ඉගෙන ගත්තා. එසේ ඉගෙනීමේදී අපේ රටේ සාමාන්‍යයෙන් භාවිතා වෙන භාෂා අධ්‍යයන ක්‍රමවල අඩුපාඩුද තේරුම් ගන්න හැකි වුණා.

ඉතින් මේ ආකාරයෙන් ඉගෙන ගත් දේවලින් අන් අයටද ප්‍රයෝජනයක් ලබා දීම සඳහා වර්තමානයේදී කටයුතු කරමින් සිටිනවා. එහි එක් පියවරක් තමයි මේ බ්ලොග් සටහන් මාලාව.
Related Posts with Thumbnails