හැම දෙනාටම
සුබ අළුත් අවුරුද්දක්! A happy
new year to everybody!
දැන් අපි 2010 යේ. ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය දැන් අපට දැනුනයි කියමුකෝ. ඒත් ඉතින්
ඉගෙන ගන්න එපායැ. භාෂාවක් හරි හැටි ඉගෙනීම එතරම් ලේසි කාරියක් නෙමෙයි. ඊටත් වැඩිය
ප්‍රශ්නෙ ඉංග්‍රීසියෙ තියෙන අවිධිමත් බව. ඉතාම බහුලව යෙදෙන වචන පවා එහෙමයි. “put” පුට්
/pʊt/ වෙලා “but” බට්
/bʌt/ වෙන්නෙ කොහොමද කියලා විහිළුවට කිව්වට ඒකත් වලංගු ප්‍රශ්‍නයක්.
“enough” වගේ වචනවල උච්චාරණය /ɪˈnʌf/ පැහැදිලි කරන්න ගිහොත් ඊටත් අමාරුයි.
ඒ මදිවට භාෂා ව්‍යුහයත් (language structure) වෙනස්. ඉතා සරල වාක්‍යයක් ගත්තත් ඒක පෙනෙනවා. සිංහලෙන් අපි “මේ පුටුවක්” කියලා කියනවා. වචන දෙකයි. හරි ලේසියි අපට. ඉංග්‍රීසියෙන් “This is a chair” කියන්න ඕනෙ. මේ “is”, “a” කෑලි අපට නුහුරුයි. අහවල් බම්බුවකටද සුද්දා මේ අනවශ්‍ය දේවල් දාගත්තෙ කියලා අපට හිතෙනවා.
ඒ මදිවට භාෂා ව්‍යුහයත් (language structure) වෙනස්. ඉතා සරල වාක්‍යයක් ගත්තත් ඒක පෙනෙනවා. සිංහලෙන් අපි “මේ පුටුවක්” කියලා කියනවා. වචන දෙකයි. හරි ලේසියි අපට. ඉංග්‍රීසියෙන් “This is a chair” කියන්න ඕනෙ. මේ “is”, “a” කෑලි අපට නුහුරුයි. අහවල් බම්බුවකටද සුද්දා මේ අනවශ්‍ය දේවල් දාගත්තෙ කියලා අපට හිතෙනවා.
නමුත් එහෙම වෙන්නෙ අපි පොඩි කාලෙ ඉඳලා සිංහල භාෂා රටාවලට
(language patterns) පුරුදු වී ඉන්න නිසයි. ගෙදර ඉංග්‍රීසිත් කතා කරන පවුල්වල ලමයි මේ
වෙනස්කමි ගැන වගේ වගක් නැතිව භාෂා දෙකම හොඳින් හසුරුවනවා අහල ඇති.
සිංහල, ඉංග්‍රිසි දෙකටම තියෙන්නෙ
ඉන්දු-යුරෝපීය
(Indo-European)
සම්භවයක්. ඒත් පසු කාලීනව සිංහල ඉන්දු-ඉරානීය > ඉන්දු-ආර්ය (Indo-Iranian > Indo-Aryan) ආභාෂය
යටතේ බිහි වෙද්දී ඉංග්‍රීසිය ඇති වුණේ ජර්මැනික > ඇංග්ලො-ෆ්‍රිසියන (Germanic >
Anglo-Frisian) මාර්ගයක් ඔස්සේ. ඉතින් මේ විවිධත්වය පුදුමයක් නෙමෙයි.
හොඳයි මේ ඔක්කොම මැද්දෙ අපි කඩ්ඩ ටිකක් අල්ලගත්තයි
කියමුකො. ඊළඟට මතුවෙන ප්‍රශ්නෙ තමයි ප්‍රායෝගික
පුහුණුවට (practice) අවස්ථාවක් නැතිකම. ඉංග්‍රීසි කතා කරණ තැනක පොඩ්ඩක් හරි වචනයක් දාන්න අපි
බයයිනේ ඒ ගැන ඇති කරලා තියන හුඹස් බය හින්දා. ඒක හුඹස් බයක්ම කියන්නත් බැහැ, මොකද අපේ සමහරක් ඉංග්‍රීසි පුළුවන් උදවිය බලාගෙන ඉන්නවනෙ ඉගෙන ගන්න
එකාට පොඩ්ඩක් වැරදුනොත්, හිරවුණොත් හිනාවෙන්න.
භාෂාවක පළමු පරමාර්ථය අදහස් හුවමාරුව (communication). වරද්ද වරද්දා හරි තමන්ගේ අදහස් තමන් ඉගෙන ගන්නා භාෂාවෙන් ඉදිරිපත් කරන්න පටන් ගත්තොත් තමයි ඒ හැකියාව වැඩි දියුණු කර ගන්න හැකි වෙන්නෙ. නැතිව එක පාරටම සුද්දාවගේ කඩ්ඩ දාන්න පටන් ගන්න නම් සක්කරයටවත් බැරි වෙයි.
ඇත්තෙන්ම මේ සුද්දාවගේ ඉංග්‍රීසි කතා කරන අදහස මම
හිතන්නෙ තරමක් ගැටළු සහගතයි. මුලින්ම මතුවෙන ගැටළුව තමයි කතා කරන්න යන්නෙ මොන
සුද්දා වගේද කියන එක. ඉංග්‍රීසි බසේ අද ප්‍රවණතාවයන් කීපයක් තියෙනවා. ඉස්සර නම්
ඉතිං බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිය
(British English) තමයි ප්‍රමිතිය
වුණේ. ඒ කාලෙ අධිරාජ්‍යවාදී බලයනෙ. ඒත් පස්සෙ නම් ඇමරිකාවෙ නැගීමත් සමග ඇමරිකානු
ඉංග්‍රීසියේ (American English) ආභාෂය
එන්න එන්නම වැඩි වුණා. මේ දෙකේ වගේම පළමු හෝ දෙවෙනි බස ලෙස ඉංග්‍රීසි භාවිතා වන
අනිත් රටවලත් ජනිත වුණ වචන හා සංකල්පවල සංකලනයක් වශයෙන් ජාත්‍යන්තර ඉංග්‍රීසියකුත් (International English) බිහිවෙලා තියෙනවා.
මේ ජාත්‍යන්තර ඉංග්‍රීසිය නමි අපි කාටත් වැදගත් වෙනවා.
මොකද අපි ඉංග්‍රීසි අපේ විදිහට කතා කරල පටන් ගත්තත් මේ උත්සාහයෙ අවසන් අරමුණ අපේ
භාෂාව කතා නොකරණ (මෙරට හා පිටරට වසන) අනෙකුත් ජන කොටස් සමග අදයස් හුවමාරුව
නම් ඒ සඳහා ඔවුන්ටත් අපටත් පොදු, සියළු පාර්ශවයන්ට පහසුවෙන් අවබෝධ වන
මාධ්‍යයක් අවශ්‍ය වන නිසා.
oba karana wade niyamai :)
ReplyDeleteword verification ain karanna puluwan nam thawath hodai :)
@h
ReplyDeleteඔබේ දිරි ගැන්වීමට ස්තුතියි. ඔන්න word verification ඉවත් කලා.
good start
ReplyDelete@Muthunayake
ReplyDeleteThanks.
Quite interesting post and a good start. Please do keep writing, it would help lots of people.
ReplyDeletegood post . . .keep it up dude . . .
ReplyDeletecheers . . . !
~බිன்ku~, දුකා
ReplyDeleteThanks a lot for your support!
ගොඩක් වටින ලිපි පෙලක් මටනම් ගොඩක්ම වටිනවා මොකද මම හිතන විදිහට මට කඩ්ඩ පොඩ්ඩම පොඩ්ඩයි පුලුවන්
ReplyDeleteගුරුතුමණි ඔබට තුති
@dumasrc
ReplyDeleteදිගටම ටික ටික අල්ල ගත්තම කාලයක් යනකොට ඔයාට කඩ්ඩ හොඳට පුලුවන් වෙයි. ඉගෙන ගන්න කැමති අයට උදව් කරන්න ලැබීම සතුටක්.
Hodai... Aththenma Hodai Mewade... Danna Nodanna Hamotama Kiyannan...
ReplyDeleteස්තුතියි.
Deleteඉංගිරිසි පාඩම් මාලාවක් සොයාගෙන පැමිණි මා මෙහි නැවතුනෙමි.ඉතා සාරවත් ලිපි පෙළක් ලැබුනු බව මගේ අදහසයි.
ReplyDeleteස්තූතියි.
ඔබට එසේ භැඟේ නම් ඒ ගැන ඉතා සතුටු වෙමි. ඔබට ජය පතමි.
Delete