Monday, May 10, 2010

Taken for a Ride? How Nice! - රවුමක් ගියා නම් කොච්චර හොඳද!


ඕනැම භාෂාවක වගේ ඉංග්‍රීසියෙත් සමහර යෙදුම්වල තේරුම සාමාන්‍යයෙන් වැටහෙන ආකාරයට වඩා වෙනස්. මේ වගේ යෙදුම්වලට idiomatic expressions (හෝ idioms) කියල කියනවා.

ඒ ඇතැම් ඒවා - විශේෂයෙන් අවිධිමත් ව්‍යවහාරයේ (informal usage) - බහුලව භාවිතා වෙන නිසා, නියම අර්ථය දන්නෙ නැතිනම් අපට අපහසුතා ඇති වෙන්න පුලුවන්. ඒ නිසා එවැනි යෙදුම් කීපයක් ගැන අද අවධානය යොමු කරමු.

***මුලින්ම බලමු “ride” වචනය සම්බන්ධ අවස්ථා කීපයක්.

1. take (someone) for a ride 

මේක ඇහුවම එන සාමාන්‍ය අදහස නම් යමෙක්ව වාහනයක (හෝ සතෙකු පිටේ) රවුමක් එක්ක යනවා කියන එකනේ. ඒත් මේ යෙදුම නිතර පාවිච්චි වෙනවා “රැවටීමකට ලක් කරනවා” යන අර්ථයෙන්.

මීට සමාන අර්ථයකින් lead (someone) up / down the garden path”, “pull the wool over (someone’s) eyesවගේ යෙදුම් ඇතැම් විට පාවිච්චි වෙනවා.

They tried to take us for a ride. (They tried to lead us up / down the garden path. / They tried to pull the wool over our eyes.) ඒ ගොල්ලො අපිව රවට්ටන්න උත්සාහ කළා.

You have been taken for a ride. (You have been led up / down the garden path.) ඔයාව රවට්ටලා.

2. get a free ride

මුදල් ගෙවා ලබා ගත යුතු යමක් නොමිලේ ලැබෙන අවස්ථාවල මෙය භාවිතා වෙනවා.

Our uncle decided to buy tickets for everybody, so we had a free ride at the cinema [බ්‍රි] / movies []. අපේ මාමා තීරණය කළා හැමෝටම ටිකට් ගන්න, ඉතින් අපට සිනමා ශාලාවෙදි හම්බ උනා පිනා චාන්ස් එකක්.

3. come / go along for the ride

යම් දෙයක් ගැන එතරම් උනන්දුවක් හෝ අවශ්‍යතාවයක් නැතත් විනෝදය සඳහා එයට සහභාගි වෙන විට මෙම යෙදුම පාවිච්චියට ගැනෙනවා.

I wasn’t really interested in that competition, but decided to go along for the ride. තර‍ඟෙ ගැන මගෙ එච්චර උනන්දුවක් තිබුනෙ නැහැ, ඒත් මම තීරණය කෙරුව නිකමට (විනෝදෙට) සහභාගි වෙන්න.

4. have an easy ride / have a rough ride යමක් පහසුවෙන් කරන්න හැකි වෙනවා / යමක් කිරීමේදී අපහසුතාවලට මුහුණ දෙනවා

give (someone) an easy ride / give (someone) a rough ride යමෙකුට තම වැඩ කටයුතු පහසු කරනවා / යමෙකුට තම වැඩ කටයුතුවලදී අපහසුතා ඇති කරනවා

She had an easy ride at [බ්‍රි] / in [] school because both her parents were teachers. අම්මයි, තාත්තයි දෙන්නම ගුරුවරු නිසා එයාට ඉස්කෝලෙ වැඩ ලේසි උනා.

His boss gave him a rough ride at that company, so he finally left. ඒ කොම්පැනියෙදි එයාගෙ ලොක්කා එයාට ලෙඩ දැම්ම නිසා එයා අන්තිමට ඒකෙන් අයින් උනා.

***කලිනුත් වතාවක් සඳහන් වුණ “garden” පදය සම්බන්ධ යෙදුම් දෙකක් තියනවා, එකම අර්ථයෙන් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ව්‍යවහාරවල එන.

5. common or garden [බ්‍රි] / garden-variety []

මෙම යෙදුම් noun එකකට කලින් යෙදෙනවා, noun එකෙන් අදහස් වන දේ ඉතාම සාමාන්‍ය, කිසි විශේෂත්වයක් නැති දෙයක් බව දැක්වීමට.

You won’t be able to do it with a common or garden [බ්‍රි] / garden-variety [] computer. සාමාන්‍ය (සාමාන්‍ය භාවිතයේ ඇති) කම්පියුටරයකින් ඒක කරන්න පුලුවන් වෙන එකක් නැහැ.

***ඒ වගේම කලින් යෙදුන wool පදය සම්බන්ධ තවත් යෙදුමකුත් මතක් වෙනවා.

6. dyed-in-the-wool

මේ යෙදුම යම් ආකාරයක පුද්ගලයෙක් දැක්වෙන noun එකකට කලින් යෙදෙන්නෙ එම පුද්ගලයා එම ආකාරයෙන් අන්තයට ගිය, ඒ සම්බන්ධ තම අදහස් කිසිදා වෙනස් කිරීමට නොපෙළඹෙන කෙනෙක් බව දැක්වීමටයි.

He is a dyed-in-the-wool leftist. එයා තද වාමාංශිකයෙක්.

***කලින් යෙදුමක පාවිච්චි වුණ free පදය එන යෙදුම් කීපයකුත් බලමු.

7. get / have a free hand යමක් කිරීමේදී එය තමන්ට සුදුසු යැයි සිතෙන ආකාරයට කිරීමට නිදහස ලැබෙනවා

give / allow (someone) free / full rein එවැනි නිදහසක් ලබා දෙනවා

I had a free hand in organizing the trip. ගමන සංවිධානය කරද්දි මට කැමති විදියට කරන්න ලැබුනා.

The company gave her free rein in handling the project. සමාගම එයාට ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දි සම්පූර්ණ නිදහස දුන්නා.

The writer had given free rein to his imagination. රචකයා තමන්ගේ පරිකල්පන ශක්තිය උපරිමයෙන් ප්‍රයෝජනයට අරන් තිබුනා.

8. There’s no such thing as a free lunch. 

කිසිවක් සම්පුර්ණයෙන් නොමි‍ලයේ නොලැබෙන බව, එනම් සැම දෙයකටම යම් ආකාරයක ගෙවීමක් කළ යුතු බව දැක්වීමට මෙම වාක්‍යය පාවිච්චි කෙරෙනවා.

සේයාරුවට ස්තුතිය: jonrawlinson

4 comments:

  1. ස්තූතියි. නොදන්නා සෑහෙන දෙයක් මේ බ්ලොග් එකෙන් මට ඉගෙන ගන්න ලැබුනට.

    ReplyDelete
  2. @roylyfernando
    අහන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  3. Thanks, you're giving us a free ride to english by publishing these articles.

    ReplyDelete
  4. @තමීර | Thameera
    You're most welcome.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails