Wednesday, May 19, 2010

Ayya Also Is There, Akka Also Is There – අපේ කඩු කෑලි (තව දුරටත්)



අපේ රටේ ඇතැම් වෙලාවට පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂා රටා ජාත්‍යන්තර රටාවලින් වෙනස් වෙන හැටි අපි දැනටමත් ලිපි කීපයකින් බැලුවනේ. (Do You Like Ladies’ Fingers - සුද්දන්ට බැරිඅපේ ඉංග්‍රීසි, “Is This All in Vain - ගඟට ඉනි කැපීමක්ද?, “Water or Voter - අපේ කඩු උසුරුව වැනි ලිපි මතක ඇති.) තවත් තියනවා වෙනස්කම් සෑහෙන්න. අදත් මෙවැනි කීපයක් බලමු.

පහත දැක්වෙන ස්වරූප ඉංග්‍රීසි කතා කරන සියළු ශ්‍රී ලාංකිකයන් පාවිච්චියට නොගන්නා බවත්, හොඳින් ඉංග්‍රීසිය හසුරවන ඇතැම් අය මේවා සම්පූර්ණයෙන්ම පිටු දකින බවත්, මෙහිදී සැලකිල්ලට ගත යුතුයි.

1. කීප දෙනෙක් එකම දේ කරනවා නම්, also පදය යොදා ගනිමින් ඒ එක් එක් අය වෙන වෙනම සඳහන් කරන්න අපේ සමහරු පුරුදු වෙලා ඉන්නවා. නමුත් ජාත්‍යන්තර භාවිතයේ එය කෙරෙන්නෙ නැහැ.

Nimal also is there, Mala also is there. [Sri Lanka]  
Both Nimal and Mala are there. / Nimal and Mala are both there. [International]
නිමලුයි, මාලයි දෙන්න‍ම ඉන්නවා. (නිමලුත් ඉන්නවා, මාලත් ඉන්නවා කියලත් සිංහලෙන් කියන නිසායි මේ පැටළුම ඇති වෙන්නේ.)

2. ජාත්‍යන්තර භාවිතයේ එයින් විස්තර වන වචනයට හෝ වාක්‍ය ඛණ්ඩයට පෙර සාමාන්‍යයෙන් යෙදෙන even පදය, ඇතැම් විය ඊට පසුව යෙදීම

They are open on Sundays even. / On Sundays even, they are open. [Sri Lanka] 
They are open even on Sundays.[International]
ඒ ගොල්ලො ඉරිදත් (ඉරිදා පවා) ඇරලා.

He didn’t call even. [Sri Lanka]
He didn’t even call. [International]
එයා කතා කළේවත් (කෝල් කළේවත්) නැහැ.

She didn’t open the letter even. [Sri Lanka]
She didn’t even open the letter. [International]
එයා ලියුම ඇරියෙවත් නැහැ.

***ජාත්‍යන්තර භාවිතයේත් even’ එයින් විස්තර වෙන වචනයට පසුව ඇතැම් විට යෙදෙනවා, කියූ දෙයට ඊට වඩා බලවත් යමක් එක් කිරීමේදී නම්

Their home was large, even huge / huge even. [International]
ඒ ගොල්ලන්ට තිබුන ගේ ලොකුයි, අති විශාලයි කිව්වොත් වඩා හරි.

3. තියනවා / ඉන්නවා යන අර්ථයෙන් ‘have’ යෙදීම

Have enough money with you? – Yes, have. / Have. [Sri Lanka]  
Do you have enough money with you? – Yes, I do. [International]
ඔයා ළඟ ඇති වෙන්න සල්ලි තියනවද? ඔව්, තියනවා.

Have good roads in that country? – Yes, have. / Have. [Sri Lanka] 
Are there good roads in that country? – Yes, there are. [International]
ඒ රටේ හොඳ පාරවල් තියනවද? ඔව්, තියනවා.

Have enough petrol? – Yes, have. / Have. [Sri Lanka] 
Is there enough petrol [BrE] / gasoline [AmE]? – Yes, there is. [International]
ඇති වෙන්න පෙට්‍රල් තියනවද? ඔව්, තියනවා.

Have relatives in England? – Yes, have. / Have. [Sri Lanka] 
Do you have relatives in England? – Yes, I do. [International]
ඔයාට එංගලන්තෙ නෑදෑයෝ ඉන්නවද ඔව්, ඉන්නවා.

***කෙනෙකුට (හෝ දෙයකට) / කෙනෙක් ළඟ (හෝ දෙයක) / කෙනෙක් සතුව (හෝ දෙයක් සතුව) තියනවා හෝ ඉන්නවා යන අර්ථයේදී මිස, හුදෙක් තියනවා හෝ ඉන්නවා (පවතිනවා) යන්නට have කොහෙත්ම යෙදෙන්නේ නැහැ. (There Is/Are… – මොකක්ද මේ? ලිපියත් බලන්න.)

There is a computer in the room. කාමරේ කම්පියුටර් එකක් තියනවා.

The computer is in the room. කම්පියුටර් එක කාමරේ තියනවා. / කම්පියුටර් එක තියෙන්නේ කාමරේ.

I have a computer in the room. මට කාමරේ කම්පියුටර් එකක් තියනවා.

There is a computer technician in that division. ඒ අංශයේ කම්පියුටර් කාර්මිකයෙක් ඉන්නවා.

The computer technician is in that division. කම්පියුටර් කාර්මිකයා ඒ අංශයේ ඉන්නවා. / කම්පියුටර් කාර්මිකයා ඉන්නේ ඒ අංශයේ.

We have a computer technician is in that division. අපට ඒ අංශයේ කම්පියුටර් කාර්මිකයෙක් ඉන්නවා.

4. දානවා කියා සිංහලෙන් කියවෙන බොහෝ අවස්ථාවල put’ යෙදීම (ජාත්‍යන්තර භාවිතයේ වෙනත් පද යෙදෙන තැන්වල පවා)

‘put a wash’ [Sri Lanka]
‘take / have [BrE] a wash’ [International]
ඇඟ පත හෝද ගන්නවා

‘put a walk’ [Sri Lanka]
‘take / have a walk’ [International]
ඇවිදින්න යනවා (වෝක් එකක් දානවා)

‘put a nap’ [Sri Lanka]
‘ take / have a nap’ [International]
ටිකක් නිදා ගන්නවා (නැප් එකක් දානවා)

‘put a look’ [Sri Lanka]
‘have / take a look’ [International] 
(යමක් දෙස) බලනවා

‘put a chat’ [Sri Lanka]
‘have a chat’ [International]
සතුටු සාමීචියක යෙදෙනවා (චැට් එකක් දානවා

‘put a complaint’ [Sri Lanka]
‘make a complaint’ [International]
පැමිණිල්ලක් කරනවා

‘put a drink’ [Sri Lanka]
‘have a drink’ [International] 
යමක් බොනවා

5. only’ පදය සමග ජාත්‍යන්තර භාවිතායේ නොමැති වාක්‍ය රටා යොදා ගැනීම

Yesterday only they came. [Sri Lanka]
They only came yesterday. / They came only yesterday. / It was only yesterday that they came. [International]
ඊයෙනෙ ඒ ගොල්ලො ආවෙ.

Then only they saw the thief. [Sri Lanka]
They only saw the thief then. / They saw the thief only then. / It was only then that they saw the thief. / Only then did they see the thief. [International]
එතකොටයි ඒ ගොල්ලො හොරාව දැක්කෙ.

Only in Sri Lanka you find it. [Sri Lanka]
You only find it in Sri Lanka. / You find it only in Sri Lanka. / It is only in Sri Lanka that you find it. / Only in Sri Lanka do you find it. [International]
ඒක තියෙන්නෙ (හම්බ වෙන්නෙ) ලංකාවෙ විතරයි.

Only if you go there you will meet her. [Sri Lanka]
You will meet her only if you go there. / Only if you go there will you meet her. [International] 
ඔයා එහෙ ගියොත් විතරයි ඔයාට එයාව හම්බ වෙන්නෙ.
***මීට අමතරව only” පදය සිංහල තමයි අර්ථයෙන් යොදා ගැනීමත් කෙරෙනවා.

My brother only is married to her. [Sri Lanka]
It’s my brother who is married to her. [International]
මගේ මල්ලි/අයියා තමයි එයාව බැඳලා ඉන්නේ.

6. ප්‍රශ්න ඇසීමේදීද සාමාන්‍ය ප්‍රකාශයක යෙදෙන පද පිළිවෙල (word order) ඇතැම් විට භාවිතා කිරීම

Why they are here? [Sri Lanka]
Why are they here? [International] 
ඇයි ඒ අය මෙහෙ?

Why you wanted to talk to him? [Sri Lanka]
Why did you want to talk to him? [International] 
ඇයි ඔයාට ඕනැ උනේ එයාට කතා කරන්න?

***එසේ නැති නම් ප්‍රශ්නයක් සම්බන්ධ reported speech’ හි එහි අනිත් පැත්ත කිරීම 
(‘reported speech’ ගැන වැඩි විස්තර සඳහා He Said She Told Him? - එයා කිව්වා කියලාමෙයා කිව්වද? බලන්න.)

My wife asked where was the daughter. [Sri Lanka]
My wife asked where the daughter was. [International] 
මගෙ බිරිඳ ඇහුවා දුව කෝ කියලා.

Ask her when will she come.  [Sri Lanka]
Ask her when she will come. [International] 
එයාගෙන් අහන්න කවදද / කීයටද එයා එන්නෙ කියලා.

Ask her what is her email address.  [Sri Lanka - මෙය නම් අවිධිමත් (informal) ජාත්‍යන්තර භාවිතයේත් හමු වෙනවා.]
Ask her what her email address is. [International] 
එයාගෙන් අහන්න එයාගෙ ඊමේල් ලිපිනය මොකක්ද කියලා.

7. අතීත කාලයට සම්බන්ධ conditional sentences’ වල නොගැලපෙන ක්‍රියා රටා (verb forms) යෙදීම
(conditional sentences’ ගැන වැඩි විස්තර සඳහා If You Went to the Moon… - ‘if’ සහිත වැකි ගැන බලන්න.)

If you came here yesterday, you could meet her. [Sri Lanka]
If you had come here yesterday, you could have met her. [International] 
ඔයා ඊයෙ මෙහෙ ආවා නම් එයාව හම්බ වෙන්න තිබුනා.

8. තමන් ඇසූ දෙයක් නැවත කීමේදී නොගැලපෙන ක්‍රියා රටවක් යෙදීම

The robbers had come in a van. [Sri Lanka]
The robbers have come in a van, they say. / They say (that) the robbers have come in a van. / It is said that the robbers have come in a van. / The robbers are supposed to have come in a van. [International]
හොරු ඇවිත් තියෙන්නෙ වෑන් එකක.

***මීට කලින් සඳහන් කළ conditional sentences’ වල හැරුන විට, ‘had come’ ආදී වශයෙන් යෙදෙන - past perfect’ නමින් හැඳින්වෙන - ක්‍රියා රටාව භාවිතා වෙන්නේ අතීතයේ සිදු වූ එක් දෙයකට කලින් සිදු වූ තවත් දෙයක් ගැන කතා කිරීමේදීයි. ඒ නිසා ඉහත ප්‍රකාශය, ආරංචි වූ ආකාරය ගැලපේ නම්, පහත සඳහන් රටාවටද දැක්විය හැකියි.

It was reported that the robbers had come in a van. [International]
හොරු ඇවිත් තිබුනෙ වෑන් එකක කියලා වාර්තා උනා. 
(මෙම ක්‍රියා රටාව ගැන The Prices Have Gone Up - අතීතයේ තවත්පැත්තක් ලිපියේත් සඳහන් වුණා.)

***නමුත් මෙසේ යම් ආකාරයකින් දැන ගත් දෙයක් සඳහන් කිරීමේදී පවා එය දැන ගත් අවස්ථාවට කලින් සිදු වූ බවට වඩා එහි වර්තමානයට ඇති සම්බන්ධය වැදගත් නම් යෙදෙන්නේ පහත ඇති ආකාරයටයි.

They said on the news that the robbers have come in a van. [International]
ප්‍රවෘත්තිවල කිව්වා හොරු ඇවිත් තියෙන්නේ වෑන් එකක කියලා.
(මේ ගැන වැඩි විස්තර සඳහා He Said She Told Him? - එයා කිව්වා කියලා මෙයා කිව්වද? බලන්න.)

9. සංසන්දනයේදී අසමාන දේ යොදා ගැනීම

The population of China is greater than India. [Sri Lanka]
The population of China is greater than that of India. [international]
චීනයේ ජනගහනය ඉන්දියාවේ ජනගහනයට වඩා විශාලය.

***මෙතනදී පළමු වාක්‍යයෙන් ඇත්තෙන්ම කියවෙන්නේ චීනයේ ජනගහනය ඉන්දියාවට වඩා විශාලය කියායි; එක් රටක ජනගහනය සැසඳිය හැක්කේ තවත් රටක ජනගහනයට මිස එම රටට නොවෙයි. දෙවන වාක්‍යයේ ‘the population of India’ කියා යෙදිය හැකි වුණත් ‘the population’ යන්න කලින් (චීනය සම්බන්ධව) යෙදී ඇති නිසා මෙවැනි සංසන්දනවල ඒ වෙනුවට බොහෝ විට that යොදා ගැනෙනවා. බහු වචන (plurals) මෙසේ සංසන්දනයේදී those යොදා ගත හැකියි.

The teachers of our school are better than those of any other school. [international]
අපේ ඉස්කෝලේ ගුරුවරු වෙනත් කිසිම ඉස්කෝලෙක ගුරුවරුන්ට වඩා හොඳයි.

10. වාක්‍යයකට එක් කරන කොටසකට නොගැලපෙන සේ වාක්‍යයේ උක්තය (subject) තැබීම

Entering the house, piano music could be heard. [Sri Lanka]
Entering the house, he / she / they could hear piano music. [international]
ගෙදරට ඇතුල්වෙනකොට (එයාට / ඒ අයට) පියානෝ සංගීතය ඇහුනා.

***පළමු ආකාරයේ වාක්‍ය ජාත්‍යන්තර භාවිතයේත් ඇතැම් විට හමු වෙනවා. නමුත් මුල් කොටසේ සඳහන් ගෙදරට ඇතුල්වන ක්‍රියාව කරන්නා උක්තය වශයෙන් යොදා වාක්‍යයේ ප්‍රධාන කොටස සකස් කිරීම වඩා පිළිගත් රටාවයි.

11. එකම වාක්‍යයේ විවිධ රටා යොදා ගැනීම.

Kamal enjoys playing the guitar, TV serials and doing crosswords. [Sri Lanka]
Kamal enjoys playing the guitar, watching TV serials and doing crosswords. [international]
Kamal enjoys the guitar, TV serials and crosswords. [international]
කමල් ගිටාර් වාදනයටත්, (කොටස් වශයෙන් යන) ටීවී නාට්‍ය නැරඹීමටත්, ප්‍රහේලිකා පිරවීමටත් කැමතියි.

***පළමු ආකාරයේ වාක්‍ය ජාත්‍යන්තර භාවිතයේත් ඇතැම් විට හමු වෙනවා. නමුත් පසුව ඇති ආකාරවලට එක රටාවකට ගැලපීම වඩා යෝග්‍යයි.

12. හැඟවෙන්නේ කොයි කෙනාද යන්න නොපැහැදිලි ලෙස සර්වනාම (pronouns) යොදා ගැනීම

Mala and her mother agreed to discuss her problems one by one. [Sri Lanka]
Mala and her mother agreed to discuss Mala’s problems one by one. [international]
මාලායි, එයාගේ අම්මයි එයාගේ (මාලාගේ) ප්‍රශ්න එකින් එක සාකච්ඡා කරන්න එකඟ උනා.

***පළමු ආකාරයේ වාක්‍ය ජාත්‍යන්තර භාවිතයේත් ඇතැම් විට හමු වෙනවා. නමුත් එහි ‘her problems’ යන්නෙන් දැක්වෙන්නේ මාලාගේ ප්‍රශ්නද, මවගේ ප්‍රශ්නද යන්න යෙදෙන පසුබිම මත පැහැදිලි නම් හැර එය දෙවෙනි වාක්‍යයේ මෙන් පැහැදිලිව දැක්වීම අවශ්‍ය වෙනවා.

මෙවැනි තවත් දේ ඉදිරියට බලමු.
  
(සේයාරුවට ස්තුතිය: Byflickr)


9 comments:

  1. when we meet someone ,how to ask him "mama obawa anduraganna kamathie" or " oya mawa anduranawada?"

    thanks.

    ReplyDelete
  2. when we meet someone, how to ask him in English, "mama obawa anduraganna kemathie" and "oya mawa anduranawada?"

    ReplyDelete
  3. @Anonymous / Mali_89

    "mama obawa anduraganna kamathie"
    I would like to get to know you.

    "oya mawa anduranawada?"
    Do you know me?

    Or if it's someone you know but haven't met for a long time,

    "oyata mawa anduranna puluwanda?"
    Can you recognize me?

    ReplyDelete
  4. Thanks for the great article.

    I have few grammar pattens to clarify form you sir.

    Sometimes I feel there are lot of ways in English language to form the same sentence. Sometime I get confused of selecting the most suited/correct form. May be my grammar knowledge is poor. Please help me with following sentence.

    1. We were able to reproduce the issue.
    2. We could reproduce the issue.
    3. The issue can be reproduced.
    4. The issue have been reproduced by us.
    5. We reproduced the issue.

    What is the correct form to use in which time and when.

    thanks a lot for you effort on putting these articles.. Really helpful of those who like us.

    ReplyDelete
  5. @Anonymous

    First of all, I think the word you need to use is 'resolve' rather than 'reproduce'. (I think what you mean here is finding a solution to the issue.)That said, we'll proceed to the sentences.

    The first two sentences have a similar meaning, that is, you were successful in finding a solution to the issue. However, you can only use the first pattern in a sentence referring to the future, i.e. 'We will be able to resolve the issue.' (See 'http://ingirisi.blogspot.com/2010/02/i-can-speak-english.html'.)

    The third sentence is about the nature of the issue, about the fact that it is possible to find a solution to it. (If you need to know more about the passive voice used here, go to 'http://ingirisi.blogspot.com/2010/02/made-in-sri-lanka.html'.)

    The fourth one should be corrected as 'The issue has been resolved by us.' and it says that you have found a solution to the issue. This is also in the passive voice and this verb form - has been resolved - is used when the time this act happened is not important. (For more details, refer to the above post on the passive voice and 'http://ingirisi.blogspot.com/2010/01/prices-have-gone-up.html' about the use of the verb form.

    The fifth pattern is used when the action took place at a specific time (though it is not mentioned). (For more about the verb form, go to 'http://ingirisi.blogspot.com/2010/01/they-were-singing-when-they-came-here.html'.)

    ReplyDelete
  6. Thanks a lot sir.

    Yes it is okay to user 'resolve" instead of 'reproduce', it will make more sense.

    I am in the process of reading your referred articles.
    Thanks again.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails