Wednesday, March 24, 2010

Practice or Practise? - ඉංග්‍රීසි ටැපලිලි



කලිනුත් කතා කළා වගේ ඉංග්‍රීසි හරි පැටලිලි සහිත, අක්‍රමවත් භාෂාවක්. මේ පිළිවෙලක් නැතිකම ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසයෙත් (spelling) තදින්ම තියන බව අපි දන්නවා. ඒ මදිවට ලෝකයේ වැඩි පුරම පිළිගැනෙන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු සම්ප්‍රදායන් අතරත් තියනවා වෙනස්කම් (“සුද්දාගේ කඩ්ඩේ වගතුග - Which Colour/ColorIs It?” බලන්න). මේ නිසා වැඩේ තවත් අමාරු වෙනවා.

කොහොම නමුත් ඒවා ඉගෙන ගන්නත් එපායැ. ඉතින් ටිකක් බලමු මෙවැනි තැන් කීපයක් දිහා. (අනිත් අතින් කියන්න ඕනැ දෙයක් තමයි, ඉංග්‍රීසියට වැඩිය ඉගෙන ගන්න අමාරු භාෂා තියනවයි කියන එක. ජර්මන් වගේ භාෂා‍වල ව්‍යාකරණ නීති ඉංග්‍රීසියට වඩා සංකීර්ණයි. චීන භාෂාවෙ උච්චාරණ රටා හුරුවීම දෙවෙනි භාෂාවක් හැටියට ඉගෙන ගන්න අයට වඩා අපහසුයි. ඒ නිසා අපට ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි වීම එතරම්ම නරකත් නැහැ.)

1. practice / practise

බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ noun එක practice ලෙසත්, verb එක practise ලෙසත් ලියනවා. ඇමරිකානුවන් දෙකටම පාවිච්චි කරන්නෙ practice රටාවයි. (noun එක “ප්‍රායෝගික පුහුණුව”, “ප්‍රායෝගික භාවිතය” වැනි අර්ථ ගන්නා අතර, verb එක “ප්‍රායෝගිකව පුහුණු වෙනවා”, “ක්‍රියාවට නගනවා” වැනි අර්ථ දක්වනවා.) [මෙතනදී අපේ රටේ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ බ්‍රිතාන්‍ය ක්‍රමයයි.]

What the children need at this stage is practice. මේ මට්ටමේදී ළමයින්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව.

She has piano practice tomorrow. එයාට හෙට පියානෝ පුහුණුව තියනවා.

He used to speak Tamil well. Now he is out of practice. එයා ඉස්සර හොඳට දෙමළ කතා කළා. දැන් නිතර කතා නොකරන නිසා එච්චර බැහැ.

It’s hard to put this into practice. මේක ක්‍රියාවට නගන්න අමාරුයි.

It’s common practice in England to say “Good morning” to each other in the morning.  උදේට එකිනෙකාට “Good morning කීම එංගලන්තයේ සාමාන්‍ය (බහුල, පොදු) සිරිතක්.

We have to practise [බ්‍රි] / practice [] our English more. අපි ඉංග්‍රීසි මීට වඩා ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනැ.

They are going to practise [බ්‍රි] / practice [] the dialogue one more time. ඒ අය තවත් පාරත් දෙබස් පුහුණු වෙන්න යනවා.

Do we really practise [බ්‍රි] / practice [] our religion? අපි ඇත්තටම අපේ ආගම පිළිපදිනවද?

He practises [බ්‍රි] / practices [] medicine. 
He practises [බ්‍රි] / practices [] as a doctor. එයා වෛද්‍ය වරයෙක් හැටියට කටයුතු කරනවා (වෛද්‍ය වෘත්තියේ නිරතවෙනවා).

2. licence / license

බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ noun එක licence ලෙසත්, verb එක license ලෙසත් ලියනවා. ඇමරිකානුවන් දෙකටම පාවිච්චි කරන්නෙ license රටාවයි. (noun එක සාමාන්‍ය භාවිතයේ “නිල බලපත්‍රය” යන අර්ථයත්,  verb එක “නිල වශයෙන් අවසර දෙනවා” යන අර්ථයත් ගන්නවා.) [මෙතනදීත් අපේ රටේ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ බ්‍රිතාන්‍ය ක්‍රමයයි.]

Do you have a driving licence [බ්‍රි] / driver’s license []? ඔයාට රියදුරු බලපත්‍රයක් තියනවද?

The company has a licence [බ්‍රි] / license [] to sell the software in Sri Lanka. මෘදුකාංගය ලංකාවෙ අලවි කරන්න ඒ / මේ සමාගම අවසර අරන් තියනවා.

[විධිමත්] Power should not give politicians licence [බ්‍රි] / license [] to break the law. බලය සමග දේශපාලනඥයන්ට නීතිය කැඩීමේ නිදහස නොලැබිය යුතුයි.

That firm is licensed to produce the drug in Sri Lanka. ඒ සමාගම මේ බෙහෙත ලංකාවෙ හදන්න (බෙහෙත හදන මව් සමාගමෙන් නිල වශයෙන්) අවසර ලබාගෙන තියනවා.

James Bond is licensed to kill. ජේම්ස් බොන්ඩ්ට මිනී මරන්න අවසර තියනවා.

3. defence, offence / defense, offense

මේ පද nouns හැටියටයි පාවිච්චි වෙන්නෙ. ඒවා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ defence, offence ලෙසත්, ඇමරිකානු සම්ප්‍රදායේ defense, offense ලෙසත් ලියවෙනවා. (මෙතනදීත් අපේ රටේ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ බ්‍රිතාන්‍ය ක්‍රමයයි.)

This is a directive from the Ministry of Defence [බ්‍රි] / Defense []. මේක ආරක්ෂක අමාත්‍යංශයේ නියමයක්.

Many have laid down their lives in defence [බ්‍රි] / defense [] of the country. හුඟක් අය රටේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතය පුද කරලා තියනවා.

Cuts in defence [බ්‍රි] / defense [] spending are often proposed in the US. ආරක්ෂක වියදම් කපා හැරීම් ඇමරිකාවෙ නිතරම යෝජනා වෙනවා.

Her friend came to her defence [බ්‍රි] / defense [] in the argument. වාදයෙදි එයාගෙ යාළුවා එයාගේ උදව්වට ආවා.

The body has natural defence [බ්‍රි] / defense [] mechanisms that protect it from illnesses. ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න ශරීරයෙ ස්වාභාවික ආරක්ෂක ක්‍රමෝපායයන් ති‍යනවා.

***offence / offense වචනය “නීතියට පටහැනි ක්‍රියාව” මෙන්ම “අපහාසය, සිත රිදවීම” අර්ථයේත් භාවිතා වෙනවා.

It’s a criminal offence [බ්‍රි] / offense [] to break into a house. ගෙයක් බිඳීම නීතියට අනුව තදබල වරදක්.

It’s a minor offence [බ්‍රි] / offense [] to slightly exceed the speed limit. නියමිත වේග සීමාව සුළු වශයෙන් ඉක්මවීම සුළු නීතිය කැඩීමක්.

The article could cause offence [බ්‍රි] / offense [] to some people. මේ ලිපියෙන් සමහර අයගෙ හිත රිදෙන්න පුලුවන්.

I meant no offence [බ්‍රි] / offense [] when I said that. මම ඒක කිව්වෙ කාගෙවත් හිත රිද්දන්න (කාටවත් අපහාස කරන්න) නෙමෙයි.

He is quick to take offence [බ්‍රි] / offense []. එයා පොඩ්ඩ බැරි වෙද්දි හිත රිද්ද ගන්නවා (අප්සෙට් ගහනවා).

4. advice, device / advise, devise

මේවගෙ නම් අඩු ගානෙ අර තරම් පටලැවිල්ලක් නැහැ. හැමෝම advice, device වචන nouns හැටියටත්, advise, devise වචන verbs හැටියටත් පාවිච්චි කරනවා.

She gave me some good advice about my studies. එයා මට මගෙ ඉගෙනීම් කටයුතු ගැන හොඳ අවවාද ටිකක් දුන්නා.

We don’t want to take his advice. අපි කැමති නැහැ එයාගෙ අවවාද පිළිගන්න.

The police advised people to stay at home. පොලීසිය මිනිස්සුන්ට ගෙවල්වලට වෙලා ඉන්න අවවාද කළා.

I would strongly advise you not to do that / against doing that. මට ඔයාට තදින් අවවාද කරන්න වෙනවා මේක කරන්න එපා කියලා.

***advice පදය ගණන් කළ නොහැකි ඒක වචන නාම පදයක් (singular uncountable noun) නිසා “අවවාදයක්” සඳහා an advice කියා යෙදෙන්නේ නැහැ. (ඇතැම් විට a piece of advice කියා නම් භාවිතා වෙනවා.) ඒ ‍වගේම “අවවාද” සඳහා advices කියා යෙදෙන්නෙත් නැහැ. බොහෝ විට some advice, a lot of advice ආදී වශයෙනුයි පාවිච්චි වෙන්නේ.

[වැඩි විස්තර සඳහා “Of People, Equipment and Fish – කිසිම සමානකමක් නැද්ද? ලිපියේ (2) කොටස බලන්න].

***device යන noun එක “උපකරණය” වගේම “උපක්‍රමය” අර්ථයත් ගන්නවා. devise යන verb එකේ අර්ථය “යමක් අළුතින් සකස් කරනවා” වැන්නක්.

The telephone is a very useful device. දුරකථනය ඉතා ප්‍රයෝජනවත් උපකරණයක්.

They are selling a device that is supposed to save gas. ගෑස් ඉතිරි කරනවයි කියන උපකරණයක් ඒ ගොල්ලො විකුණනවා.

Spam is not a good marketing device. ඉල්ලීමක් නැතිව ඊමේල් යැවීම හොඳ වෙළඳ උපක්‍රමයක් නෙමෙයි.

It just seems to be a device to hide the truth. ඒක ඇත්ත වසන් කරන්න ගත්ත උපක්‍රමයක් වගේ තමයි පේන්නේ.

We’ll have to devise a plan to get all this work done. අපට මේ ඔක්කොම වැඩ කර ගන්න සැලැස්මක් අළුතින් හදන්න වෙනවා.

They devised a new system that handles customer complaints more effectively. පාරිභෝගික පැමිණිලි ගැන වඩා හොඳින් ක්‍රියාත්මක වෙන අළුත් ක්‍රමයක් ඒ අය හැදුවා.

(සේයාරුවට ස්තුතිය: woodleywonderworks )

13 comments:

  1. maru wadak! digatama karana

    ReplyDelete
  2. @Anonymous
    ස්තුතියි, දිරිගැන්වීමට.

    ReplyDelete
  3. ඉතාම වැදගත් වැඩක්... බොහොම අගෙයි... නොදන්න අයට වගේම දන්න අයටත් හොඳයි මතකය අලුත්කරගන්න. සරළ බසින් ලියල තියෙන එක වටිනවා...

    ReplyDelete
  4. හොඳ වැඩක්..
    දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  5. සැහෙන වටින වැඩක් සුබ පතනවා දිගටම ලියන්න..

    ReplyDelete
  6. මම හිතන් හිටියේ "ce" වලින් ඉවර වෙන්නේ British English "se" වලින් ඉවර වෙන්නේ US English වල කියලා. දැන් තමා දැන ගත්තේ British English වලම verb සහ noun වල එහෙම වෙනස් වෙනවා කියලා.

    ස්තුතියි සර්!

    ReplyDelete
  7. හැමදාම හිත හිත ඉන්නවා මචං මේ උඹේ වටිනා ලිපි ටික ඔක්කෝම මුල ඉඳ ආයි අයි කියවන ඕන කියලා ලබන සතියෙනම් බ්ලොග් නොලිව්වත් මේ ටික කියවන එක කියවනවාමයි.

    අනික මේක ට මූනු පොතෙන් දෙන්න ඕන ප්‍රසිද්ධියක් කාටත් ප්‍රයෝජනවත් දෙයක් නේ උඹ මේ කරන්නේ බන්. . . !

    ReplyDelete
  8. @sameerausa
    ස්තුතියි. පැහැදිලි, සරල භාෂාවෙන් ලියන්න තවත් උත්සාහ කරනවා.

    ReplyDelete
  9. @nadeesthoughts, Tera
    දිරිගැන්වීම ගැන ස්තුතියි.

    ReplyDelete
  10. @දසයා
    defence [Br] / defense [Am], offence [Br] / offense [Am] වගේ තැන්වල එහෙම වුණා‍ට අනිත් තැන්වල ඊට වඩා ටිකක් සංකීර්ණයි. ලිපියෙන් පැහැදිලි වෙන්න ඇති.

    ReplyDelete
  11. @දුකා
    මචං, උඹලා වගේ අය දිගටම අපිත් එක්ක ඉන්න එක ලොකු හයියක්.

    ReplyDelete
  12. godak pin.digatama karagena yanna

    ReplyDelete
  13. @Anonymous
    දිරි ගැන්වීමට ස්තුතියි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails