Tuesday, March 23, 2010

It’s Hardly Easy to See Its Difference - ඉංග්‍රීසි ටැපලිලි





අනිත් ඕනැම භාෂාවක වගේම ඉංග්‍රීසි භාෂාවෙත් තියනවා එක වගේ වුණාට වෙනස් තේරුම් තියන වචන. මේවා මේවා ඉංග්‍රීසි දෙවෙනි භාෂාවක් හැටියට ඉගෙන ගන්න අපට පැටලෙන්න තියන ඉඩ වැඩියි. එවැනි කීපයක් ගැන අපි අද බලමු. 

1. its / it’s 

මේ ඉතා කෙටි වචන දෙක පැටලෙන්නෙ හේතුවක් ඇතිවයි. ඉංග්‍රීසි භාෂාවේ අයිතිය හැඟවීමට noun* එකක අගට -s බොහෝ වි‍ට එකතු කරන නිසා, it ට එසේ කිරීමෙන් එන it’s අයිතිය දැක්වීමේ ස්වරූපය (possessive form) ලෙස - එනම් එහි, උගේ (සතෙකු සම්බන්ධව) අර්ථ ඇති පදය ලෙස - පෙනෙනවා.

නමුත් it යන්න pronoun* එකක් නිසා එය එසේ වෙන්නේ නැහැ. එහි possessive ආකාරය ලෙස ගැනෙන්නේ its පදයයි. it’s යනු it is හෝ it has දෙපදයන් කෙටි කර දක්වන ආකාරයක් පමණයි.

Do you know its price? ඔයා ඒකෙ ගාන (මිළ) දන්නවද?

The dog was wagging its tail. බල්ලා උගෙ වල්ගෙ වන වන හිටියා.

It’s (It is) easy to understand. ඒක / මේක තේරුම් ගන්න ලේසියි.

It’s (It has) got to change. ඒක / මේක වෙනස් වෙන්න ඕනැ (වෙනස් විය යුතුයි).

2. free / freely

මේ free පදය adjective* එකක් හැටියට පාවිච්චි වෙනවනෙ නිදහස් හා නොමිලේ යන අර්ථ දෙකෙන්ම. සාමාන්‍ය විදියට adjective එකක අගට -ly එකතු කරලා adverb* එකක් හදා ගන්න පුලුවන් බව අපි දන්න නිසා freely පදය adverb එකක් බව අපට පෙනෙනවා.

නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ freely නිදහසේ, පාලනයකින් හෝ බාධාවකින් තොරව යන අර්ථයෙන් පමණයි adverb එකක් වශයෙන් යෙදෙන්නේ. නොමිලේ අර්ථයෙන් නම් adverb එක හැටියට භාවිතා වෙන්නෙත් free මයි.

It’s available free (of charge). ඒක නො‍මිලේ ගන්න තියනවා.

It’s freely available. ඒක ඕනැ තරම් / ඕනැ තැනක ගන්න තියනවා.

Now people can go there free (of charge).  දැන් මිනිස්සුන්ට නොමිලේ එහෙ යන්න පුලුවන්.

Now people can go there freely. දැන් මිනිස්සුන්ට නිදහසේ (බාධාවක් නැතිව) එහෙ යන්න පුලුවන්.

3. hard / hardly

මේ දෙකත් සමහර අයට පැටලෙන්න බලනවා, ඒවා නියමාකාරයෙන් ඉතා වෙනස් අර්ථවලින් පාවිච්චි වුණත්. adverb එකක් වශයෙන් දැඩි ප්‍රයත්නයකින්, තදින් වැනි අර්ථ ඇතිව පාවිච්චි වෙන්නේ hard පදයයි.

She works hard. එයා මහන්සි වෙලා වැඩ කරනවා.

The ball hit him hard. බෝලෙ තදින් එයාගෙ ඇ‍ඟේ වැදුනා.

It’s raining hard. තදින් වහිනවා.

අනිත් වචනය - ඒ කියන්නෙ  hardly - පාවිච්චි වෙන්නේ වෙනම තේරුමකින්. එයින් කියවෙන්නේ නැති තරමයි, යන්තම් වැනි අර්ථයක්. මෙහි නැත යන අර්ථයක් ගැබ්ව පවතින නිසා මේ සමග not වැනි පද නොයෙදෙ‍න බව නිරීක්ෂණය කරන්න.

There’s (There is) hardly any money left. සල්ලි ඔක්කොම වගේ ඉවරයි (යන්තම් ටිකයි ඉතිරි).

Hardly anybody reads this blog. මේ බ්ලොග් එක කව්රුවත් කියවන්නෙ නැති තරමයි.

I can hardly hear you. මට ඔයාව යාන්තමින් ඇහෙන්නෙ (ඇහෙන්නෙ නැති තරමයි).

We hardly ever see them. අපි ඒ අයව දකින්නෙ නැති තරමයි (බොහොම කලාතුරකින් දකින්නෙ).


I hardly expected to see you here. මම එච්චර බලාපොරොත්තු උනේ නැහැ ඔයාව මෙතනදි හම්බ වෙන්න.

He is hardly likely to agree with us. එයා අපිත් එක්ක එකඟ වෙන්න තියන ඉඩ බොහොම අඩුයි.

It’s (It is) hardly easy to understand. ඒක / මේක තේරුම් ගන්න ලේසියි කියන්න නම් බැහැ (එතරම් ලේසි නැහැ).

This is hardly what we wanted. මේක නම් නෙමේ අපට ඕනැ ක‍ළේ (ඕනැ වුණ නියම දෙය ලැබුනෙ නැහැ, ඒත‍් මේක වෙන දෙයක් නැතිකමට හොඳයි).

She had hardly come home when the telephone rang. / Hardly had she come home when the telephone rang. ටෙලිෆෝන් එක නාද වෙන්න ගන්නකොට එයා (යන්තම්) ගෙදර ආවා විතරයි.

***ඉහත තැන්වල hardly වෙනුවට scarcely ද භාවිතා කරන්න පුලුවන්.

There’s (There is) hardly / scarcely any money left. සල්ලි ඔක්කොම වගේ ඉවරයි (යන්තම් ටිකයි ඉතිරි).

I can hardly / scarcely hear you. මට ඔයාව යාන්තමින් ඇහෙන්නෙ (ඇහෙන්නෙ නැති තරමයි).

4. as soon as / no sooner

යමක් සිදු වුණ සැනෙකින් තවත් දෙයක් සිදු වුණා වැනි දෙයක් කීම සඳහා බහුලව භාවිතා වෙන as soon as යෙදුම වෙනුවට ඇතැම් අය no sooner ආදේශ කරනවා පෙනෙනවා. ඒ වෙනුවට no sooner යොදා ගත හැකි නමුත්, සම්මත ඉංග්‍රීසි භාෂාවේ ඒ සමග යෙදෙන රටාව වෙනස් වෙනවා.

As soon as he finished his work, he went out. / No sooner had he finished his work than he went out. එයා එයාගෙ වැඩ ඉවර කළ හැටියෙ එළියට ගියා.

The girl left as soon as the boy arrived. / No sooner had the boy arrived than the girl left. පිරිමි ළමයි ආව ගමන් ගෑණු ළමයා යන්න ගියා.

***මීට ආසන්න අර්ථයක් hardly / scarcely වචන ආශ්‍ර‍යෙන්ද වෙනත් රටාවකින් ප්‍රකාශ කළ හැකි බව නිරීක්ෂණය කරන්න.

As soon as the rain stopped, the children came out to play. වැස්ස නතර උන ගමන් ළමයි සෙල්ලම් කරන්න එළියට ආවා.

No sooner had the rain stopped than the children came out to play. වැස්ස නතර උන ගමන් ළමයි සෙල්ලම් කරන්න එළියට ආවා.

The rain had hardly / scarcely stopped when the children came out to play. වැස්ස යන්තම් නතර උන ගමන් ළමයි සෙල්ලම් කරන්න එළියට ආවා.

Hardly / Scarcely had the rain stopped when the children came out to play.
වැස්ස යන්තම් නතර උන ගමන් ළමයි සෙල්ලම් කරන්න එළියට ආවා.

5. feel well / feel good

මේ දෙකත් වෙනස්. නිරෝගී බව දැනෙනවායන්න feel well හි අදහසයි. නමුත් feel good යනු සතුටක් දැනෙනවායන්නයි.

After two days in hospital, she felt well. ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටියට පස්සේ එයාට සනීපයක් දැනුනා.

She felt good when lots of people came to see her. ගොඩක් අය එයාව බලන්න ආවම එයාට සතුටක් දැනුනා.

***ක්‍රියා පදයක් (verb) සමග බොහෝ විට adverb පදයක් භාවිතා වුණත් (උදා: She walked slowly.), ක්‍රියාව සිදු වන ආකාරය වෙනුවට මෙසේ එම ක්‍රියාවට සම්බන්ධ යම් තත්වයක් දැක්වෙන අවස්ථාවල ගැනෙන්නේ adjective පදයි.

I felt happy / sad after meeting her. එයාව මුණ ගැහුනට පස්සේ මට සතුටක් / දුකක් දැනුනා.

She looked gorgeous in the new outfit. අළුත් ඇඳුමට එයා හරිම ලස්සනට (මනහරව) පෙනුනා.

The food tasted great. කෑම හරි රහට තිබුනා.

Think big if you want to succeed. සාර්ථක වෙන්න ඕනැ නම් ලොකු දේ ගැන හිතන්න (ලොකු සිතුවිලි සිතන්න).

He sat motionless in his seat. එයා තමන්ගේ ආසනයේ නොසෙල්වී වාඩි වෙලා හිටියා.

The teacher decided to go easy on the students. ශිෂ්‍යයන්ට ලිහිල් මට්ටමකින් සලකන්න ගුරුවරයා තීරණය කළා.

6. because / because of

හේතුවක් දක්වන තේරුම තිබුණත්, මෙයින් පළමුවැන්න යෙදෙන්නේ හේතුව වශයෙන් වාක්‍යයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් ඉන් පසුව එන විටයි; හේතුව වශයෙන් නාම පදයක් (noun) දැක්වෙන විට යෙදෙන්නේ දෙවැන්නයි.

We had to stop because it rained. (We had to stop as it rained. / We had to stop since it rained.) වැහැපු නිසා අපට නවතින්න සිද්ධ වුණා.

We had to stop because of the rain. (We had to stop due to the rain. / We had to stop owing to the rain.) වැස්ස නිසා අපට නවතින්න සිද්ධ වුණා.

***මීට විරුද්ධ අර්ථය ලෙස ගත හැකි යම් දෙයකින් බාධා ඇති වුණත්යන්න සඳහා මේ දෙආකාරයෙන් භාවිතා වෙන්නේ වෙනස්ම පදයි.

We went on though it rained. / We went on although it rained. වැස්සා වුණාට අපි දිගටම ගියා.

We went on despite the rain. / We went on in spite of the rain. වැස්ස තිබුනට අපි දිගටම ගියා.

7. loudly / aloud

මෙයින් loudly (හෝ loud [අවිධිමත්] ) යන්න (මහ) හඬින්අර්ථයෙන් යොදා ගැනෙනවා.  හොඳින් ඇසෙන සේ / ශබ්ද නගා අර්ථයෙන් aloud හෝ (out loud [අවිධිමත්]) යෙදෙනවා.  

They always talk very loudly / loud [අවිධිමත්]. ඒ අය කොයි වෙලෙත් කතා කරන්නේ හරි සද්දෙන්.

Can you read it aloud / out loud [අවිධිමත්]? ඔයාට පුළුවන්ද ඒක ශබ්ද නගලා කියවන්න?

8. suspect/doubt

මේ වචන දෙකේම සැක කරනවා” යන අර්ථය ඇතත්, මෙයින් පළමුවැන්නෙන් අදහස් කෙරෙන්නේ “යමක් එසේ යයි සැක කරනවා” යන්න වන අතර දෙවැන්න “යමක් එසේ නොවේ යයි සැක කරනවා” යන්න අදහස් කරයි.

I suspect that he is the culprit. මට සැක හිතෙනවා එයා තමයි වැරදිකාරයා කියලා. (මට හිතෙන්නේ එයා තමයි වැරදිකාරයා.)

I doubt that he is the culprit. වැරදිකාරයා එයා කියන එක මට සැකයි. (මට හිතෙන්නේ එයා නෙමෙයි වැරදිකාරයා.)

සබැඳි ලිපි කීපයක්:

(සේයාරුවට ස්තුතිය: Elsie esq.) 


4 comments:

  1. වැදගත් ලිපි පේළක්...අපි දිගටම කීයවන්වා :)

    ReplyDelete
  2. @panhida
    අහන්න සතුටුයි.

    ReplyDelete
  3. ඉතාම ප්‍රයෝජනවත් ලිපි පෙළක්. බොහොම ස්තූතියි මේ කරන සත්කාරයට. දිගටම ලියන්න...

    ReplyDelete
  4. @arlahiru
    ස්තුතියි දිරි ගැන්වීමට.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails