Wednesday, March 17, 2010

Fairly Good? Rather Good? - මොනවද මේ කතා?




අපි ඉංග්‍රීසි adjectives සහ adverbs ගැන How to Use a Dictionary - පද පෙරළි ලිපියෙන් බැලුවා. ඒ වගේම ඒවායෙන් දක්වන ගුණ ඒවායේ comparative හා superlative ස්වරූප ආශ්‍රයෙන් සංසන්දනය කරන ආකාරය ගැන As Good or Better? Or Is It Worse? - මොකද කියන්නේ? ලිපියෙන් කතා කළා.  

ඇතැම් අවස්ථාවල අපට අවශ්‍ය වෙනවා මෙසේ පැවසෙන ස්වභාවය, නැතිනම් ගුණය, මොන තරමකටද තියෙන්නෙ කියලා කියන්නත්. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් දක්ෂයි කියලා නිකම්ම කියන‍වා වෙනුවට ටිකක් දක්ෂයි, “තරමක් දක්ෂයි, “හුඟක් දක්ෂයි ආදී වශයෙන් කියන්න වෙනවා. හැම තැනකදිම යම් ගුණයක් සම්පූර්ණ තත්වයෙන් පිහිටන්නේ නැහැනේ.

මේ කාරියෙදි වැදගත් වෙන රටා කීපයක් පොඩ්ඩක් සලකලා බලමු.

1. slightly, a (little) bit, a little - ටිකක්

යම් ගුණයක් සුළු වශයෙන් ඇති බව දැක්වීමට මේ පද යොදා ගන්නවා. slightly පදය අනෙක්වාටත් වඩා අඩු තරමක් හඟවනවා. එහි ඇත්තේ යන්තම් පොඩ්ඩක් අර්ථයයි.

The task may be slightly / a (little)bit / a little difficult. වැඩේ ටිකක් අමාරු වෙන්න පුලුවන්.

The shirt is slightly / a (little) bit / a little tight. කමිසෙ පොඩ්ඩක් හිරයි.

***අපි How to Use a Dictionary - පද පෙරළි ලිපියේ කතා කළා adjectives යෙදෙන attributive හා predicative ආකාර ගැන. මෙතනදී attribute රටාව සමග යෙදෙන්නේ slightly පමණයි.

It may be a slightly difficult task. ඒක ටිකක් විතර අමාරු වැඩක් වෙන්න පුලුවන්.

***comparative adjectives සමගත් මේවා භාවිතා වෙනවා.

This table is slightly / a (little) bit / a little bigger than the other. මේ මේසෙ අනිකට වඩා ටිකක් ලොකුයි.

They live in a slightly bigger house than us* / we do.  ඒ ගොල්ලො ඉන්නෙ අපට වඩා ටිකක් ලොකු ගෙදරක.


***මේවා adverbs සමගත් adjectives සමග මෙන් පාවිච්චි කරනවා.

He talks slightly / a (little) bit / a little fast. එයා ටිකක් වේගෙන් කතා කරනවා.

She writes slightly / a (little) bit / a little more beautifully than her brother. එයා එයාගෙ මල්ලිට වඩා පොඩ්ඩක් ලස්සනට ලියනවා.

2. fairly, somewhat, quite [බ්‍රි], pretty, rather - තරමක්

යම් ගුණයක් තරමක් දුරට ඇති බව දැක්වීමට මේ පද යොදා ගන්නවා. මෙතනදී සැලකිය යුතු කරුණු කීපයක් තියනවා. 

***මේ fairly, somewhat පද අනෙක්වාට වඩා අඩු තරමක් දක්වනවා.

ඒ වගේම  quite පදය සාමාන්‍යයෙන් මේ අර්ථය ඇතිව පාවිච්චි වෙන්නෙ බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ වන අතර, එහිදී එය fairly හා somewhat ට වඩා ටිකක් වැඩි තරමක් පෙන්වනවා.

pretty හා rather ඊටත් ටිකක් වැඩි තරමක් හඟවනවා (මේ තේරුම ඇතිව අපි සිංහලෙන් බොහෝ වෙලාවට සෑහෙන්න අමාරුයි, සෑහෙන්න උසයි... - pretty / rather difficult, pretty / rather tall…ආදී වශයෙන් කියනවා).

pretty පදය මේ අර්ථයෙන් වඩාත් බහුලව ඇමරිකානු ව්‍යවහාරයේ‍ත්, rather මේ අර්ථයෙන් වඩාත් බහුලව බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේත් භාවිතා වෙනවා.

***අපට ඉස්කෝලෙ යන කාලෙ කියල දුන්නා මතකයි fairly හොඳ දේ සම්බන්ධවත්, rather නරක දේ සම්බන්ධවත් පාවිච්චි කරනවා කියලා. ඒත් ඒක නම් එහෙමම නෙමෙයි.

rather පදයේ අපි අසතුටට ලක් වෙන ආකාරය‍‍ට නැත්නම් අපි නොසිතූ, බලාපොරොත්තු නොවූ ආකාරයට යන අර්ථ ගැබ්‍ වෙලා තියෙන නිසා එය බොහෝ විට නරක දේ සම්බන්ධව යෙදුනත්, යමක් අපි නොසිතූ ආකාරයට තරමක් හොඳ වූ විට rather good”, “rather easy” වැනි යෙදුම් අසන්නට ලැබෙනවා.

This computer is fairly fast. මේ කම්පියුටරේ තරමක් (ගොඩක් නෙමෙයි) වේගවත්.

This computer is somewhat fast. කම්පියුටරේ තරමක් (ගොඩක් නෙමෙයි) වේගවත්.

This computer is quite fast [බ්‍රි].මේ කම්පියුටරේ තරමක් (ගොඩක් නෙමෙයි) වේගවත්.

This computer is pretty fast. මේ කම්පියුටරේ තරමක් (සෑහෙන්න) වේගවත්.

This computer is rather fast. මේ කම්පියුටරේ තරමක් (සෑහෙන්න) වේගවත් (අපි හිතුවෙ නැහැ එච්චර වේගවත් වෙයි කියලා).

The minister’s speech was rather good. ඇමතුමාගේ කතාව තරමක් (සෑහෙන්න) හොඳයි (අපි හිතුවෙ නැහැ එහෙම හොඳ වෙයි කියල).

The test was rather easy. පරීක්ෂණය තරමක් (සෑහෙන්න) ලේසියි (අපි හිතන් හිටියෙ අමාරු වෙයි කියල)

***fairly බොහෝ විට හොඳ දේ සම්බන්ධව යෙදුනත්, තරමක් නරක ගුණයක් ගැන වුණත් ඒ ගැන අසතුටක් නැතිව කතා කිරීමට fairly යොදා ගන්නවා.

The interview may be fairly tough. සම්මුඛ පරීක්ෂය තරමක් අමාරු වෙන්න පුලුවන්. (ඒත් සම්මුඛ පරීක්ෂණ සාමාන්‍යයෙන් තරමක් අමාරු බව අපි පිළිගන්නා නිසා මේ ප්‍රකාශය කරන්නේ ඒ ගැන අසතුටක්, තරහක් නැතිව.)

The interview may be rather tough. සම්මුඛ පරීක්ෂය තරමක් අමාරු වෙන්න පුලුවන්. (එ‍හෙම වෙන එක ගැන අපේ තියෙන්නෙ අසතුටක්.)

The iPhone is fairly expensive. අයිෆෝන් එක තරමක් ගණන්. (නමුත් එවැනි දේ ගණන් බව අපි දන්න නිසා එය අපි විවේචනය කරන්නෙ නැහැ.)

The iPhone is rather expensive. අයිෆෝන් එක තරමක් ගණන්. (ඒක එච්චරම ගණන් වීම සුදුසු නැහැ කියල අපි හිතනවා.)

***මේවා attributive ආකාරයට යෙදෙන රටාවල වෙනස්කම් තියෙනවා.

We found a fairly good car. අපට හම්බ උනා තරමක් (ගොඩක් නෙමෙයි) හොඳ කාරෙකක්.

We found a somewhat good car. අපට හම්බ උනා තරමක් (ගොඩක් නෙමෙයි) හොඳ කාරෙකක්.

We found quite a good car [බ්‍රි]. අපට හම්බ උනා තරමක් (ගොඩක් නෙමෙයි) හොඳ කාරෙකක්.

We found a pretty good car. අපට හම්බ උනා තරමක් (සෑහෙන්න) හොඳ කාරෙකක්.

We found rather a good car. / We found a rather good car. අපට හම්බ උනා තරමක් (සෑහෙන්න) හොඳ කාරෙකක් (එච්චර හොඳ එකක් හම්බ වෙයි කියල අපි හිතුවෙ නැහැ).

***comparative adjectives සමගත් මේ ඇතැම්වා භාවිතා වෙනවා.

That lesson was somewhat / rather easier than the others. ඒ පාඩම අනිත්වට වැඩිය තරමක් ලේසියි.

That was a somewhat easier / rather an easier / a rather easier lesson than the others. ඒක අනිත්වට වැඩිය තරමක් ලේසි පාඩමක්.

***මේවා adverbs සමගත් adjectives සමග මෙන් පාවිච්චි කරනවා.

She works fairly / somewhat / quite [බ්‍රි] / pretty / rather efficiently. එයා තරමක් කාර්යක්ෂමව වැඩ කරනවා.

My friend studies somewhat / rather harder than me / I do. මගේ යාළුවා මට වඩා තරමක් මහන්සි වෙලා ඉගෙන ගන්නවා.

3. very, quite, so, pretty, really - හුඟක්, සම්පූර්ණයෙන්

යම් ගුණයක් හොඳින් හෝ සම්පූර්ණයෙන් ඇති බව දැක්වීමට මේ පද යොදා ගන්නවා. මේ අර්ථයෙන් නම් quite පදය බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු ව්‍යවහාරයේත් ‍භාවිතා වෙනවා. මෙහිදීත් pretty වඩාත් බහුලව භාවිතා වෙන්නේ ඇමරිකානු ව්‍යවහාරයේයි.

මේවා attributive ‍හා predicative දෙආකාරයෙන්ම යෙදෙනවා. මෙහිදී attributive තැන්වල quite යෙදෙන රටාව කලින් මෙන්ම වෙනවා; එවැනි තැන්වල such පදයද (so පදය වෙනුවට) එම රටාවට යෙදෙනවා.

Her work is very / quite / so / pretty / really good. එයාගෙ වැඩ හුඟක් හොඳයි.

He did a very good job / quite a good job / such a good job / a pretty good job / a really good job. එයා වැ‍ඩේ හුඟක් හොඳට කෙරුවා.

(විධිමත් භාවිතයේ He did so good a job. ආකාරයටත් ඇතැම් විට යෙදෙනවා.)

***යම් ගුණයක ඉතා ඉහළ මට්ටමක් දක්වන excellent, superb, amazing, delicious, terrifying, alarming වැනි පද සමග නම් very පදය සාමාන්‍යයෙන් යොදන්නේ නැහැ, ඒ මගින් ගුණයේ ඉහළ බව පෙන්වීම අනවශ්‍ය නිසා. නමුත් මට්ටම දැක්වීම අනවශ්‍ය මෙවැනි non-gradable adjectives සමග, අවශ්‍ය නම්, අදාළ ගුණය ඇත්ත වශයෙන්ම හෝ සර්වප්‍රකාරයෙන් ඇති බව දැක්වීමට really, quite (හෝ පසුව දක්වා ඇති absolutely) වැනි පද යෙදිය හැකියි.

His singing was (really) excellent. එයාගේ ගායනය (ඇත්තෙන්ම) විශිෂ්ටයි.

මෙවැනි non-gradable adjectives සමග attributive ආකාරයට quite යෙදීමේදී බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ව්‍යවහාර අතර වෙනසක් දකින්න ලැබෙනවා.

It is a quite alarming tendency. [බ්‍රි] / It is quite an alarming tendency. [] ඒක හැම අතින්ම ඉතා බියකරු ප්‍රවණතාවක්.

***comparative adjectives සමග much, very much (බොහෝ විට predicative), so much (බොහෝ විට predicative), quite a bit (බොහෝ විට predicative), far, a lot (බොහෝ විට predicative), really ආදිය පාවිච්චි කරනවා.

That lesson was much / very much / so much / quite a bit / far / a lot / really easier than the others. ඒ පාඩම අනිත්වට වැඩිය හුඟක් ලේසියි.

That was a much easier /a far easier / a really easier lesson than the others. ඒක අනිත්වට වැඩිය හුඟක් ලේසි පාඩමක්.

***මේවා adverbs සමගත් adjectives සමග මෙන් පාවිච්චි කරනවා.

She works very / quite / so / pretty / really efficiently. එයා හුඟක් කාර්යක්ෂමව වැඩ කරනවා.

My friend studies much / very much / so mush / quite a bit / far / a lot / really harder than me / I do. මගේ යාළුවා මට වඩා හුඟක් මහන්සි වෙලා ඉගෙන ගන්නවා.

***මේවා negative අර්ථවලදී තරමක් වෙනස් රටා ගන්නවා.

Her work isn’t very / so / that good. එයාගෙ වැඩ එච්චරම හොඳ නැහැ.

He didn’t do a very good job / such a good job. එයා වැ‍ඩේ එච්චරම හොඳට කෙරුවේ නැහැ.

That lesson wasn’t (very / so / that) much easier than the others. ඒ පාඩම අනිත්වට වැඩිය එච්චරම ලේසි නැහැ.

That wasn’t a much easier lesson than the others. ඒක අනිත්වට වැඩිය එච්චරම ලේසි පාඩමක් නෙමේ.

She doesn’t work very / so / that efficiently. එයා එච්චරම කාර්යක්ෂමව වැඩ කරන්නේ නැහැ..

My friend doesn’t study (very / so / that) much harder than me / I do. මගේ යාළුවා මට වඩා එච්චරම ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගන්නේ නැහැ.


***තවද, ක්‍රියා පදයක past participle ස්වරූපය adjective වශයෙන් යෙදෙන විට සාමාන්‍ය ආකාරයට very, so ආදිය ඒ සමග යොදා ගැනුනත්, එය passive voice හි යෙදෙන විට නම් බොහෝ විට ගැනෙන්නේ much සහිත යෙදුමකුයි (එසේ නැත්නම් highly, greatly වැනි වෙනත් adverb පදයකුයි). (මේ දෙආකාරයේ වෙනස සඳහාMade in Sri Lanka - හැදුවෙ කව්රු වුණාම මොකද!ලිපියත් බලන්න.)

She was very pleased with our results. එයා අපේ ප්‍රතිඵල ගැන ගොඩක් සතුටු වුණා.

Her help was (very) much appreciated by the guests. එයාගේ උදව් අමුත්තන්ගේ ගොඩක් ඇගයීමට ලක් වුණා.

නමුත් ඇතැම් ක්‍රියාපද නම් අර්ථයේ වෙනසක් නැතිව passive voice හි මේ දෙආකාරයෙන්ම යෙදෙනවා.

They weren’t very / (very) much amused by the joke. ඒ අය ඒ විහිළුව ගැන එච්චර සතුටු වුණේ නැහැ.

එසේම ඇතැම් ක්‍රියාපද adjective ලෙසත් much සමග යෙදෙනවා.

She must be around 30, unless I am much mistaken. එයාට අවුරුදු 30ක් විතර ඇති, මට ගොඩක් වැරදිලා නැත්නම්.

4. extremely - හුඟක්ම, අන්තයටම

යම් ගුණයක් ඉතා වැඩි තත්වයෙන් ඇති බව දැක්වීමට මේ පදය භාවිතා කරනවා.

This decision is extremely important to your future. මේ තීරණය ඔයාගෙ අනාගතයට ගොඩාක්ම වැදගත්.

It was an extremely hot day. ඒක ගොඩාක්ම රස්නෙ දවසක්.

***adverbs සමගත් මේ ආකාරයෙන් භාවිතා වෙනවා. (comparative අවස්ථාවලට ගැලපෙන්නේ නැහැ.)

She works extremely well. එයා හුඟාක්ම හොඳට වැඩ කරනවා.

5. absolutely - උපරිමයෙන්ම, හැම අතින්ම

යම් ගුණයක් උපරිමයෙන් හෝ සර්වප්‍රකාරයෙන් ඇති බව දැක්වීමට මේ පදය යොදා ගන්නවා. 

The beach was absolutely beautiful. වෙරළ හොඳටම ලස්සනට තිබුනා (වෙරළක් තියෙන්න පුලුවන් උපරිම ලස්සනට).

It was an absolutely dull place. ඒක අන්තිම නීරස තැනක් (හැම අතින්ම නීරස).

***comparative adjectives සමගත් මෙය භාවිතා වෙනවා.

That lesson was absolutely easier than the others. ඒ පාඩම අනිත්වට වැඩිය මොන අතින් බැලුවත් ලේසියි.

That was an absolutely easier lesson than the others. ඒක අනිත්වට වැඩිය මොන අතින් බැලුවත් ලේසි පාඩමක්.

***මෙය adverbs සමගත් adjectives සමග මෙන් පාවිච්චි කරනවා.

She works absolutely well. එයා හොඳටම හොඳට වැඩ කරනවා.

My friend studies absolutely harder than me / I do. මගේ යාළුවා මොන අතින් බැලුවත් මට වඩා මහන්සි වෙලා ඉගෙන ගන්නවා.


***නාම (nouns) පද යොදා ගනිමින් ප්‍රමාණයන් හෝ සංඛ්‍යාවන් සංසන්දනයේදී පහත ඇති රටා යොදා ගැනෙනවා. (As Good or Better? Or Is It Worse? - මොකදකියන්නෙ? ලිපියත් බලන්න.)

(i) ප්‍රමාණයන් සඳහා - ගණන් කළ නොහැකි (uncountable) නාම පද සමග

She has slightly / a (little) bit/ a little more money than you. එයාට ඔයාට වඩා ටිකක් සල්ලි තියනවා.

She has somewhat / rather more money than you. එයාට ඔයාට වඩා තරමක් සල්ලි තියනවා.

She has much/ far/ a lot more money than you. එයාට ඔයාට වඩා ගොඩක් සල්ලි තියනවා.

She has slightly /a (little) bit/ a little less money than you. එයාට ඔයාට වඩා ටිකක් අඩුවෙන් සල්ලි තියෙන්නේ.

She has somewhat / rather less money than you. එයාට ඔයාට වඩා තරමක් අඩුවෙන්  සල්ලි තියෙන්නේ.

She has much/ far/ a lot less money than you. එයාට ඔයාට වඩා ගොඩක් අඩුවෙන් සල්ලි තියෙන්නේ.

(ii) සංඛ්‍යාවන් සඳහා - ගණන් කළ හැකි (countable) නාම පද සමග

Our school has a few more teachers than theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙට වඩා ටිකක් වැඩියෙන් ගුරුවරු ඉන්නවා.

Our school has rather more teachers than theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙට වඩා තරමක් වැඩියෙන් ගුරුවරු ඉන්නවා.

Our school has many / far / a lot more teachers than theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙට වඩා ගොඩක් වැඩියෙන් ගුරුවරු ඉන්නවා.

Our school has a few fewer* teachers than theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙට වඩා ටිකක් අඩුවෙන් ගුරුවරු ඉන්නේ.

Our school has rather fewer teachers than theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙට වඩා තරමක් අඩුවෙන් ගුරුවරු ඉන්නේ.

Our school has many** / far / a lot fewer teachers than theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙට වඩා ගොඩක් අඩුවෙන් ගුරුවරු ඉන්නේ.

*සාමාන්‍ය භාවිතයේ “a few fewer” වෙනුවට බොහෝ විට යෙදෙන්නේ “a few less” යන්නයි. එසේම අවිධිමත් භාවිතයේ අනෙකුත් තැන්වලත් ගණන් කළ හැකි දේ සමග ඇතැම් විට “fewer” වෙනුවට “less” යොදා ගන්නවා - සමහරුන් ඒ භාවිතය අනුමත නොකළත්.

**සාමාන්‍ය භාවිතයේ “many fewer” වෙනුවට “many less” හෝ “much fewer” යෙදීමත් - ඒ අතර මත භේදයකුත් - තිබෙනවා. ඒ නිසා ඒ වෙනුවට  “far fewer” හෝ  “a lot fewer” යොදා ගැනීම වඩා හොඳයි.

*** ප්‍රමාණවත් (නොවන) හා උවමනාවට වැඩි යන අර්ථ සඳහා පහත රටා යොදා ගැනෙනවා. (Are You Grateful or Thankful for Something? දෙකමඑකද? ලිපියත් බලන්න.)

This is (quite) big enough. මේක (හොඳටම) ලොකු ඇති.

There is (quite) enough water in it. එකේ තියන වතුර (හොඳටම) ඇති.

There are (quite) enough people here. මෙතන ඉන්න සෙනග (හොඳටම) ඇති.

This is (quite) enough for now. දැනට මේ/මේක (හොඳටම) ඇති.

We have worked (quite) enough for today. අදට අපි වැඩ කෙරුවා (හොඳටම) ඇති.

This isn’t big enough (at all). මේක (කොහෙත්ම) ලොකු මදි.

There isn’t enough water in it (at all). එකේ තියන වතුර (කොහෙත්ම) මදි.

There aren’t enough people here (at all). මෙතන ඉන්න සෙනග (කොහෙත්ම) මදි.

This isn’t enough (at all). මේ/මේක (කොහෙත්ම) මදි.

We haven’t worked enough (at all) yet. අපි තවම වැඩ කරලා තියනවා (හොඳටම) මදි.

This is too big. මේක ලොකු වැඩියි.

This is too small. මේක පොඩි වැඩියි.

slightly /a (little) bit / a little too big ටිකක් ලොකු වැඩියි

rather / somewhat too big තරමක් ලොකු වැඩියි

far / much / a lot / quite / really too big ගොඩක් ලොකු වැඩියි

There is too much / too little water in it. එකේ ඕනැවට වැඩිය වතුර තියනවා. / එකේ උවමනා තරමට වතුර නැහැ.

There are too many / too few people here. මෙතන ඕනැවට වැඩිය සෙනග ඉන්නවා. / මෙතන උවමනා තරමට සෙනග නැහැ.

They have worked too much. එයාල ඕනැවට වැඩිය වැඩ කරලා තියනවා.

***කලින් යොදා ගත් so හා such පද පහත එන අකාරවලටත් යොදා ගැනෙනවා.

That house was so big that we couldn’t see all the rooms. ඒ ගෙදර කොච්චර ලොකුද කියනව නම් අපට ඔක්කොම කාමර බලන්න බැරි උනා.

It was such a large house that we couldn’t see all the rooms. ඒක කොච්චර ලොකු ගෙදරක්ද කියනව නම් අපට ඔක්කොම කාමර බලන්න බැරි උනා.

He has so much money. එයාට හරි ගොඩක් සල්ලි තියනවා.

He has so much money that he doesn’t know what to do with it. එයාට කොච්චර සල්ලි තියනවද කියන්නේ එයා දන්නේ නැහැ ඒ සල්ලිවලින් මොනවා කරන්නද කියලා.

He has so many friends. එයාට හරි ගොඩක් යාළුවෝ ඉන්නවා.

He has so many friends that he has no time at all for his studies. එයාට කොච්චර යාළුවෝ ඉන්නවද කියන්නේ එයාගේ ඉගෙනීම් වැඩවලට වෙලාවක් ඇත්තෙම නැහැ.

I’ve never met a girl who sings so. මට ඒ වගේ සින්දු කියන ගෑණු ළමයෙක් කවදාවත් හම්බ වෙලා නැහැ.

I’ve never met such a girl. මට ඒ වගේ ගෑණු ළමයෙක් කවදාවත් හම්බ වෙලා නැහැ.

I’ve never met such girls. මට ඒ වගේ ගෑණු ළමයි කවදාවත් හම්බ වෙලා නැහැ.

There’s no such thing as having too many friends. ඕනැවට වඩා යාළුවෝ ඉන්නවා කියලා දෙයක් නැහැ (එවැනි දෙයක් නැහැ).

Their non-stop singing was such a nuisance. එයාලගේ එක දිගට සින්දු කීම හරි වදයක් වුණා.

Their non-stop singing was such a nuisance that we decided to leave early. එයාලගේ එක දිගට සින්දු කීම කොච්චර වදයක් වුණාද කියන්නේ අපි කලින් (පිටවෙලා) එන්න තීරණය කළා.

We did it so that others could benefit from it. / We did it so others could benefit from it. [අවිධිමත්]
අපි ඒක කෙරුවේ අනිත් අයට ප්‍රයෝජනයක් වෙන්න (ප්‍රයෝජනයක් ගත හැකි වීම පිණිස).

We did it in such a way that others could benefit from it. අපි ඒක කෙරුවේ අනිත් අයට ප්‍රයෝජනයක් වෙන විදිහකට (එවැනි විදිහකට).

The situation was such that we had to leave the place quickly. තත්වය මොන වගේ වුණාද කියනව නම් (කෙසේ වීද යත්) අපට ඉක්මනින් එතනින් යන්න සිද්ධ වුණා.

(සේයාරුවට ස්තුතිය: ssh)




7 comments:

  1. @බිඟුවා...!
    Very happy to hear that.

    ReplyDelete
  2. අපි අලුත් සමුහයක් කරගෙන යනවා එන්න එකතු වෙන්න Techකතා වගේ නෙවේ. එකේ cracking, hacking වගේ ඔනම තාක්ෂණික දෙයක් කතා කරන්න පුළුවන් එන්න ඇවිත් සෙට් වෙන්න.

    http://groups.google.com/group/technoloogy/

    ReplyDelete
  3. Sir,
    I've read so many articles that you wrote sir.those were very useful to me improve my English.so thank you very much sir
    In the above topic I have some questions sir,
    one is
    according to the attributive definition ''He is a good boy'' is an attributive..
    so is this one also an attributive sir ? '' they are good boys''

    and also,sir has described so many sentences for the singular meaning like this
    we found a fairly good car
    we found quite a good car
    the lesson was somewhat / rather easier than the others

    what if we use those are with plural meaning like below

    we found fairly good cars
    we found quite good cars
    those lessons were somewhat / rather easier than the others
    is it wrong sir ?

    ReplyDelete
    Replies
    1. 1.
      Yes, 'good' is an attributive adjective in the sentence 'They are good boys.'

      2.
      All three of the following sentences are correct.

      'We found fairly good cars.'
      'We found quite good cars.'
      'Those lessons were somewhat / rather easier than the others.'

      Delete
    2. thank you very much your lesson sir.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails