අපට යමක් කරන්න ඉගෙන ගන්නකොට වඩා පහසුයි ඒ පිළිබඳ උදාහරණ ඇත්නම්, නේද? භාෂාවක් ඉගෙන ගනිද්දී ඒක විශේෂයෙන්ම එහෙමයි. ශ්‍රී ලාංකික අපටත් අද ඉස්සරට වඩා අවස්ථා තියෙනවා ඉංග්‍රීසි භාෂාව භාවිතා වෙන ආකාරය මාධ්‍ය ඔස්සේ අහන්න, දකින්න.
ඒත් බොහෝ වෙලාවට අපට මෙතනදි දකින්න ලැබෙන්නෙ ඉංග්‍රීසි හෝ ඇමරිකානු ජාතිකයන් ඉංග්‍රීසි භාවිතා කරන අවස්ථායි. ඒත් ශ්‍රී ලාංකිකයන් ජාත්‍යන්තර වේදිකාවෙ සුද්දගෙ භාෂාවෙන් වැඩ පෙන්වන හැටි දකින්න ලැබෙනව නම් අපට ඊට වඩා හොඳින් එහි ආභාෂය ලැබේවි, මම හිතන්නෙ.
ගිය අවුරුද්දෙ ජිනීවා නගරයේ තිබුන එක්සත් ජාතීන්ගේ හමුවක් පැවැත්වුනේ ශ්‍රී ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගේන්න කියල මම හිතන්නෙ අපි හුඟ දෙනෙකුට මතකයි. ඒත් ඒකට සහභාගි වුණ අපේ කට්ටියට පුලුවන් වුණා ඒ චෝදනා වළක්වන්න. එතනදි ආචාර්ය දයාන් ජයතිලක සහ ආචාර්ය රජීව විජේසිංහ දෙදෙනා සභාව අමතා කළ ඇතැම් කතා අඩංගු වෙනවා මේ පහළින් තියෙන Youtube වීඩියෝ එකේ.
මේ දෙන්නම තමන්ගෙ අදහස් ඉදිරිපත් කිරීමට ඉතා දක්ෂ ලෙස ඉංග්‍රීසිය යොදා ගන්නවා. ඉතා පැහැදිලිව, ව්‍යක්තව භාෂාව තම අරමුණ සඳහා හසුරුවනවා. නමුත් මෙයට සවන් දෙනකොට ඔබට දැනේවි මේ දෙන්නගේ ශෛලීන්ගේ ඇති වෙනස්කමුත්. දයාන් තම අදහස් වඩා සෘජු ලෙස ප්‍රකාශ කරනවා. රජීව ගන්නේ ඊට වඩා තරමක් වක්‍රාකාර මාර්ගයක්. නමුත් දෙදෙනාම දැඩි කැපවීමකින් තම ඉලක්කයට කරා ළඟා වෙනවා.
මම මේ ඇමතුම් කීපයේ කියවෙන දේ මීට පහළින් ලිඛිතවත් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් සවන් දීම වැදගත්. (වීඩියෝවේ ආචාරය දයාන් ජයතිලකගේ දෙවෙනි ඇමතුම නම් වැරදීමකින් දෙවරක් ප්‍රචාරය වෙනවා. ආචාරය රජීව විජේසිංහගේ ඇමතුම එන්නේ ඉන් පසුවයි.) සීමිත අන්තර්ජාල පැකේජ ඇති අයට http://www.youtube.com/watch?v=1tUTvUXLd9I ලිපිනය copy කර http://keepvid.com/ හි එය paste කිරීමෙන් එම වීඩියෝව බාගත හැකි සබැඳි (download links) ලබා ගන්නත් පුලුවන්. ඒක flv low quality (මෙය ප්‍රමාණවත්) ස්වරූපයෙන් 24MB විතර වෙනවා. එතකොට නැවත අහන්නත් පුලුවන්නෙ.
Dr. Dayan Jayathilleke:
Mr. President, Sri Lanka urges that the spirit of this initiative be recognized by all of… all in this house. The spirit of the initiative that Sri Lanka is supporting is not directed against the office of the High Commissioner. It is intended to strengthen the office by strengthening its credibility. It is intended to enhance the independence of the office of the High Commissioner.
Mr. President, we need an office which will be a lighthouse of human rights; a lighthouse whose beam plays across the horizon, back and forth. We do not need an office which is opaque, or indecipherable, standing above us like Kafka’s castle.
This is why Sri Lanka supports the effort to make the office more authentically representative of regions and peoples. We believe that in so broad-basing the office, in making it a more accurate mirror of the planet, it will be able to discharge its functions far more effectively and it will find itself a more greatly empowered and authentically independent institution. Not independent of some but dependent on others, but independent of all, above the fray, and recognized as such universally.
Thank you, Mr. President.
ආසන්න අර්ථය:
ගරු සභාපතිතුමනි, මෙහි ඇති සියළු දෙනා ගෙන් ශ්‍රී ලංකාව ඉල්ලා සිටිනවා මෙම නව උත්සාහයේ නියම ස්වරූපය හඳුනා ගන්නා ලෙස. මෙම උත්සාහයේ නියම ස්වරූපය මහ කොමසාරිස්වරයාගේ ධූරයට විරුද්ධව එල්ල වී නැහැ. එහි අරමුණ වී ඇත්තේ එහි විශ්වාසනීයත්වය වැඩි කිරීම තුළින් එම ධූරය ශක්තිමත් කිරීමයි. එහි අරමුණ මහ කොමසාරිස් ධූරයේ ස්වාධීනත්නය ඉහළ නැංවීමයි.
ගරු සභාපතිතුමනි, අපට අවශ්‍ය මානව අයිතිවාසිකම් සඳහා පහන් ටැඹක් වන ධූරයකුයි; එනම් තම ආලෝක ධාරාව සිතිජය හරහා එහා මෙහා විහිදවන පහන් ටැඹක්. පාරදෘශ්‍ය නොවන, තේරැම් ගත නොහැකි, කෆ්කාගේ මාළිගාව* මෙන් අපට වඩා ඉහළින් පිහිටි ධූරයක් අපට අවශ්‍ය නැහැ.
ප්‍රදේශ හා ජාතීන් මීට වඩා සත්‍ය ලෙස නියෝජනය කරන ධූරයක් ඇති කිරීමට දරණ උත්සාහයට ශ්‍රී ලංකාව සහයෝගය දක්වන්නේ මේ නිසායි. එසේ මේ ධූරය සඳහා පුළුල් පදනමක් ඇති කිරීමෙන් හා එය වඩා නිවැරදිව ලෝකය නිරූපනය කරන කැඩපතක් බවට පත් කිරීමෙන්, එයට එහි කාර්යභාරය වඩා සාර්ථකව ඉටු කළ හැකි වෙතැයිද, එය වැඩි බලයෙන් සපිරි, සත්‍ය ලෙසම ස්වාධීන ආයතනයක් බවට පත් වනු ඇතැයිද, අප විශ්වාස කරනවා. එය ඇතැමුන්ගෙන් ස්වාධීන නමුත් අනිකුන් මත යැපෙන්නක් නොවී, සියල්ලන්ගෙන් ස්වාධීන, මත ගැටුම්වගට ඔබ්බෙන් ඇති, ධූරයක් වෙනවා මෙන්ම, ලෝකයා විසින් එවැන්නක් වශයෙන් පිළිගැනෙනවාත් ඇති.
ස්තුතියි, ගරු සභාපතිතුමනි.
*Franz Kafka ගේ The Castle නව කතාවේ එන කතා නායකයාට ළඟා විය නොහැකි වන මාළිගාවක්.
Dr. Dayan Jayathilleke:
Thank you, Mr. President. Sri Lanka will support the text because we do not agree with the criticism that much of the substance belongs elsewhere. Mr. President, the Human Rights Council must not give up the responsibility to examine human rights in a holistic manner. This includes discussing the roots, and the context in which violation of human rights takes place.
Mr. President, we also know the famous divide between socio-economic and cultural rights on the one hand, and political rights on the other. This is sometimes referred to as the distinction between individual rights and collective rights.
We believe that this text attempts to bridge this divide and it is a bridging exercise that is vitally necessary, bringing together the concerns of individuals and collectives, of North and South. For this reason, Mr. President, Sri Lanka shall vote “yes” if this comes up for our vote.
Thank you.
ආසන්න අර්ථය:
ස්තුතියි, ගරු සභාපතිතුමනි. ශ්‍රී ලංකාව මෙම ලියවිල්ලට සහයෝගය දක්වන්නේ මෙහි අඩංගු දේ බොහොමයක් මෙයට අදාළ නැතැයි නැගෙන විවේචනයට අප එකඟ නොවන නිසායි. ගරු සභාපතිතුමනි, මානව හිමිකම් කවුන්සලය පූර්ණ වූ ආකාරයකින් මානව හිමිකම් පරීක්ෂා කිරීමේ වගකීම අත් නොහැරිය යුතුයි. මානව හිමිනම් උල්ලංඝනය සිදුවන පසුබිම හා එහි මූලයන් සාකච්ඡා කිරීමත් මීට ඇතුළත් වෙනවා.
ගරු සභාපතිතුමනි, එක අතකින් සමාජීය-ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකමුත්, අනිත් අතින් දේශපාලන අයිතිවාසිකමුත් ගත් විට ඒ අතර ඇති වන, කව්රුත් හඳුනන පරතරයත් අපි දන්නවා. එය ඇතැම් විට පුද්ගලික අයිතීන් සහ සාමූහික අයිතීන් අතර ඇති වෙනස ලෙසත් හැඳින්වෙනවා.
මෙම ලියවිල්ල එම පරතරය පියවීමට දරණ උත්සාහයක් බවත්, එම උත්සාහය වැදගත් අවශ්‍යතාවයක් බවත්, එයින් පුද්ගලයන්ගේ හා සමූහයන්ගේ, උතුරේ හා දකුණේ, ඕනෑ එපාකම්වල එක්වීමක් සිදු වන බවත් අපි විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, මේ පිලිබඳව අපගේ ඡන්දය විමසනු ලැබුවහොත් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇති.
ස්තුතියි.
Dr. Rajiva Wijesinghe:
Thank you, Mr. President. I would begin by expressing our commiserations to the people of Lebanon, and the continuing impact of terrorism there, in Iraq, yesterday in Algeria perhaps indicates the importance of the work of Special Rapporteur Martin Scheinin.
But before I refer to that, I would like, on behalf of Sri Lanka, to associate ourselves with the comments of other delegates in particular from Asia and most recently the Philippines, about the difficulties of reports that perhaps have emerged from insufficient dialogue, and I think it is particularly important for Special Rapporteurs to engage in continuing dialogue and get the views of countries before producing what might sometimes seem ex-cathedra pronouncements.
However, with regard to Mr. Scheinin’s report, we do welcome the principles that he has enunciated. Some of the responses of countries to which he refers struck a chord with Sri Lanka, which has suffered more, proportionately, in terms of life…loss of life and property from terrorism. And we did appreciate the need for certain measures but we would affirm Mr. Scheinin’s point that these have to be in terms of recognizing the importance of human rights, and in particular of guarding against any abuse, and in particular imposing perhaps unfair restrictions on whole populations.
Having said that, I would like in particular to refer to a couple of paragraphs in Mr. Scheinin’s report and suggest that perhaps some better co-ordination might be appropriate in dealing with some of the side-effects of terrorism and the importance of human rights. In Paragraph 56, he talks about the importance of education and I think that this is particularly appropriate, but we in Sri Lanka have suffered from problems with regard to rehabilitation of former combatants in situations in which a UN agency Unicef has insisted on returning them to areas, which it specifically warns against, where they have been re-absorbed by the Tigers through forced conscription. And I think it is important for the United Nation perhaps to work out a more coherent response to the increasing dangers of terrorism.
I would like also to refer to his Paragraph 45, in which he talks of the problems of restricting funding to terrorist organizations. And he refers here to an organization known as the Tamil Rehabilitation Organization, because that organization has helped victims in areas where the population is mainly Tamil and I am afraid that Mr. Scheinin in his references is talking about a document issued in 2005, and I think that this is simply not good enough for a Special Rapporteur.
Because the TRO, as I believe many colleagues in this room know, is under prosecution in a number of countries for direct funding for the procurement of weapons. Sri Lanka is particularly grateful to countries such as France, the United Kingdom, the United States, Australia, and most recently Denmark, for pursuing prosecutions in this respect. And in recent discussions with the European Union Commissioner, Commissioner Frattini, he expressed regret that other countries in the EU had not been quite as consistent and he hoped that action would be taken.
But it is then ironic to in a UN document perhaps justification for such organizations, even though since 2005, which is the date that the Special Rapporteur refers to, the TRO might have seemed respectable. So I’d urge that the UN is perhaps more thorough before it refers in passing, as it were, to such organizations.
And when he talks about the law of December 2006, I think he should perhaps have investigated it more closely and seen that the Sri Lankan Government does encourage aid and assistance, but wants absolute zero tolerance of funding for terrorism.
Thank you.
ආසන්න අර්ථය:
ස්තුතියි, ගරු සභාපතිතුමනි, මම මුලින්ම ලෙබනනයේ ජනතාවට අපේ සානුකම්පාව ප්‍රකාශ කරනවා, ඒ වගේම එහිත්, ඉරාකයේත්, ඊයේ දිනයේ ඇල්ජීරියාවෙත්, දිගින් දිගටම ඇති වන ත්‍රස්තවාදයේ බලපෑම් විශේෂ වාර්තා සැපයුම්කරු මාටින් ෂයිනිංගේ කර්යභාරයේ වැදගත්නම පෙන්වා දෙනවා ඇති.
නමුත් ඒ ගැන කතා කරන්න කලින් මම කැමතියි, ශ්‍රී ලංකාව වෙනුවෙන්, අප්‍රමාණවත් සංවාද තුළින් පැන
නැගුන වාර්ථාවලින් ඇති වූ දුෂ්කරතා ගැන විශේෂයෙන් අසියාවේ, අවසන් වතාවේ පිලිපීනයේ, අනෙකුත් නියෝජිතයන් සඳහන් කළ දේවලට සහයෝගය දැක්වීමට, විශේෂ වාර්තා සැපයුම්කරුවන් මෙවැනි, බලසම්පන්න තීන්දු ලෙස ඇතැම් විට පෙනිය හැකි, වාර්තා ඉදිරිපත් කිරීමට කලින් රටවල් සමග නිබඳ සංවාද පවත්වා ගෙන එවාගේ අදහස් ලබා ගැනීම විශේෂයෙන් වැදගත් යයි මම හිතනවා.
කෙසේ වෙතත්, ෂයිනිං මහතාගේ වාර්ථාව සම්බන්ධයෙන්, ඔහු ප්‍රකාශ කර ඇති ප්‍රතිපත්ති අපි කැමැත්තෙන් පිළිගන්නවා. ඔහු සඳහන් කරන රටවල ඇතැම් ප්‍රතිචාර ශ්‍රී ලංකාවට සමානත්වයක් දැක්වුවා, සමානුපාතික ලෙස ගත් කළ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය නිසා වඩා වැඩි ජීවිත සහ දේපල හානි ලබා තියෙනවා. යම් යම් ක්‍රියා මාර්ගවල අවශ්‍යතාවය අපි අගය කළ නමුත් එසේ කළ යුත්තේ මානව අයිතිවාසිකම්වල වැදගත්කම පිළි ගැනීම තුළින් බවටත්, විශේෂයෙන් ඒවා වැරදි ලෙස යොදා ගැනීම, ඒ වගේම විශේෂයෙන් සියළු ජනතාව මත අසාධාරණ සීමාවන් පැනවීම වළක්වා ගැනීම තුළින් බවටත්, ෂයිනිං මහතා දැක්වූ අදහස අපි අනුමත කරනවා .
එසේ කීවත්, මම කැමතියි විශේෂයෙන් ෂයිනිං මහතාගේ වාර්තාවේ ඡේද කීපයකට අවධානය යොමු කර, ත්‍රස්තවායේ අතුරුඵල හා මානව අයිතිවාසිකම්වල වැදගත්කම සමග කටයුතු කරද්දී වඩා හොඳ සම්බන්ධීකරණයක් තිබීම සුදුසු විය හැකි බව යොජනා කිරීමට. 56 වැනි ඡේදයේ ඔහු කතා කරනවා අධ්‍යාපනයේ වැදගත්කම ගැන, මම හිතනව මේක විශේෂයෙන් වැදගත් කියල, නමුත් ශ්‍රී ලංකාවෙ අපට ප්‍රශ්න ඇතිවෙලා තියෙනව කලින් සටන් කළ අය පුනුරුත්ථාපනයෙදි එක්සත් ජාතීනගේ යුනිසෙෆ් අයතනය තදින් ඉල්ලා සිටි නිසා ඔවුන්ව කලින් සිටි ප්‍රදේශවලටම යවන්න, මේක පැහැදිලිවම මෙතන නොකළ යුතුයි කියන දෙයක්, එහෙදි ඒ අයව නැවත්ත බලෙන් කොටි සංවිධානයට බඳවා ගැනුනා. මම හිතනවා වැඩි වෙමින් පවතින ත්‍රස්තවායේ තර්ජනයට එක්සත් ජාතීන් මීට වඩා ඒකාග්‍ර ප්‍රතිචාරයක් සකස් කළ හැකි නම් වැදගත් කියා.
මම කැමතියි ඔහුගේ 45 වෙන් ඡේදයටත් අවධානය යොමු කරන්න. එතනදි ඔහු කතා කරනවා ත්‍රස්තවාදී සංවිධානවලට මුදල් සැපයීම සීමා කිරීමේ ප්‍රශ්න ගැන. ඔහු මෙතන සඳහන් කරනවා දෙමළ පුනුරුත්ථාපන සංවිධානය නැමති සංවිධානයක්, එම සංවිධානය ප්‍රධාන වශයෙන් දෙමළ ජනගයණයක් ඇති ප්‍රදේශවල විපතට පත්වූවන්ට උදව් කර ඇති නිසා. ෂයිනිං මහතා මෙතන කතා කරන්නෙ 2005 දී නිකුත් වුණ ප්‍රත්‍රිකාවක් ගැන, මම හිතන්නෙ මේක විශේෂ වාර්ථා සැපයුම්කරුවෙකුට කොහෙත්ම ප්‍රමාණවත් මදි.
ඒකට හේතුව තමයි, මම හිතන්නෙ මෙතන ඉන්න බොහොමයක් සහොදර නියෝජිතයන් දන්නව ඇති, රටවල් ගණනාවක TRO සංවිධානයට නඩු පැවරිලා තියෙනවා අයුධ ගැනීම සඳහාම මුදල් සැපයීම නිසා. ප්‍රංශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, අවසන් වරට ඩෙන්මාර්කය, වැනි රටවලට ශ්‍රී ලංකාව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව. යුරෝපීය සංගමයේ කොමසාරිස් තුමා, ෆ්රැටීනි මහතා, සමග මෑතකදී කළ සාකච්චාවලදී ඔහු කණගාටුව පළ කළා, යුරෝපීය සංගමයේ අනිත් රටවල් එතරම්ම සෘජු පිළිවෙතක් අනුගමනය නොකිරීම ගැන, ඔහු බලාපොරොත්තුව ප්‍රකාශ කළා ඔවුන් ක්‍රියා මර්ග ගනු ඇති බවට.
නමුත් එසේ නම් එක්සත් ජාතීන්ගේ පත්‍රිකාවක එවැනි සංවිධානයක් සාධාරණීකරණය කිරීම සරදමක් වෙනවා, විශේෂ වාර්ථා සැපයුම්කරු සඳහන් කරන 2005 සිට එය යහපත් එකක් යැයි පෙනිය හැකිව තිබුනත්. එම නිසා මම ඉල්ලා සිටිනවා, මෙවැනි සංවිධාන යන්තමින් හෝ සඳහන් කිරීම පෙර එක්සත් ජාතීන් හැකි නම් වඩා හොඳින් කාරණය අධ්‍යයනය කරන ලෙසට.
ඔහු 2006 දෙසැම්බර් නීතිය ගැන කතා කරද්දි, මම හිතන්නෙ ඔහු එය මීට වඩා සමීපව අධ්‍යයනය කළ යුතුව තිබුනා. එසේ නම් ඔහුට පෙනෙන්නට තිබුනා ශ්‍රී ලංකා රජය උදව් උපකාර ලබාදීම උනනදු කළත්, එයට ත්‍රස්තවාදයට මුදල් සැපයීමට ඉඩ හැරීම කොහෙත්ම අනවශ්‍ය බව.
ස්තුතියි.
(සේයාරුවට ස්තුතිය: chad_k)
0 comments:
Post a Comment
ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔබේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.