Tuesday, March 2, 2010

As Someone Just Like Me... (මම වගේම කෙනෙක් හැටියට...) – 'as' හා 'like' ගැන





අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙ තියෙනවා වචන දෙකක් as සහ like කියලා. මේ දෙකේම විවිධ අර්ථ තියෙනවා. මේ like නම් ක්‍රියා පදයක් විදියට පාවිච්චි වෙන ආකාරය අපි දැනටමත් බලලා තියෙනවා මතක ඇති (I likewatching TV but I’d like to listen to the radio now - කැමති අකමැතිකම් ගැන).

අද කතා කරන්න යනනේ ක්‍රියා පද ගැන නෙමේ. ඒවා ගැන වෙච්චර කල් කතා බහ කළා දැනට මදැයි, නේද? (හැබැයි ඒවා අමතක කරන්න නම් එපා, හොඳද? අමතක වෙනවා නම් නැවත නැවත බලන්න. ඒ වගේම ප්‍රශ්න ඇත්නම් පස්සෙ හරි බය නැතිව අහන්න. සල්ලි අය කරන්නෙ නැහැ.)

මේ අද ගත්ත වචන දෙක සමහර වෙලාවට සමානාර්ථ ලෙස භාවිතා කරන නිසායි ඒවා මෙතන එකට ගත්තෙ. අපි බලමු මේ දිහා ටිකක් විස්තර ඇතිව.

1. like – …වැනි

He is just like his father. එයා එයාගෙ තාත්තා වගේමයි. (පෙනුම හෝ ගති ගුණ විය හැකියි.)

Her sister doesn’t look like her. එයාගෙ අක්කගෙ / නංගිගෙ පෙනුම එයා වගේ නෙමෙයි.

You can’t go on like this. (ඔයාට) මෙහෙම දිගටම කරන්න බැහැ.

Don’t look at me like that. මා දිහා ‍ඔය විදියට බලන්න එපා.

He sometimes talks like an idiot. සමහර වෙලාවට එයා කතා කරන්නෙ මොට්ටයෙක් වගේ.

Don’t act like a fool. මෝඩයෙක් වගේ වැඩ කරන්න එපා. 

What does the man look like? මිනිහගෙ පෙනුම කොයි වගේද?

What is it like to study in the US? ඇමරිකාවෙ ඉගෙන ගන්න එක මොන වගේද (මොන වගේ අත්දැකීමක්ද)?

Flowers like roses grow well in cool climates. රෝස වගේ මල් සිසිල් දේශගුණවල හොඳට හැදෙනවා (වැවෙනවා).

***එක වගේ අර්ථයෙන් alike භාවිතා වෙනවා.

They all look alike. ඒ අය ඔක්කොගෙම පෙනුම එක වගේ.

***මේ / ආකාරයට කීමට නම් so පදයත් යොදා ගත හැකියි.

Can’t we write it so? අපට ඒක මේ විදිහට (මෙහෙම) ලියන්න බැරිද?

Why didn’t you do so? ඇයි ඔයා ඒ විදිහට (එහෙම) කෙරුවෙ නැත්තෙ?

2. as - වශයෙන්

He works as an executive. එයි විධායක නිළධාරියෙක් හැටියට වැඩ කරනවා.

I have been there as a child. පොඩි කාලෙ (ළමයෙක් හැටියට) මම එහෙ ගිහින් තියෙනවා.

He wants to keep it as a souvenir. එයාට ඒක සිහිවටනයක් හැටියට තියාගන්න ඕනැ.

You can use it as a bookmark. ඒක පොතක තැන දක්වනයක් හැටියට පාවිච්චි කරන්න පුලුවන්.

He acted as the villain in that movie. එයා ඒ චිත්‍රපටියෙ රඟපෑවෙ දුෂ්ටයා හැටියට.

He was regarded as an expert in that field. එයා ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් හැටියට සැලකුණා.

The bomb had been brought in as a parcel. බෝම්බෙ ඇතුළට ගෙනල්ල තිබුනෙ පාර්සලයක් හැටියට.

***උදාහරණවලින් දැක්කා වගේ  like පාවිච්චි කරනනේ යමක‍ට / යම් දෙයක‍ට සමානත්වක් ඇති වි‍ටයි. එතකො‍ට as යොදන්නෙ යමක් / යම් දෙයක් වශයෙන් යන අර්ථයෙනුයි. ඇතැම් අවස්ථාවල මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.

She works like a servant. එයා වැඩ කරන්නෙ වැඩ කාරියක් වගේ. (ඒත් එයා වැඩ කාරියක් නෙමෙයි.)

She works as a servant. එයා වැඩ
කරන්නෙ වැඩ කාරියක් හැටියට. (එයා වැඩ කාරියක්.)

They treated him like a friend. ඒ ගොල්ලො එයා‍ට යාළුවෙකුට වගේ සැලකුවෙ. (ඒත් එයා ඒ ගොල්ලන්ගෙ යාළුවෙක්ම නෙමෙයි.)

They treated him as a friend. ඒ ගොල්ලො එයා‍ව යාළුවෙක් හැටියට සැලකුවෙ. (එයා ඒ ගොල්ලන්ගෙ යාළුවෙක්ගේ තත්වයට පත් වෙලා හිටියා. )

3. as, like [අවිධිමත්] - ඊට සමාන ආකාරයට

***කලින් අවස්ථාවල as හා like භාවිතා වුණේ නාම පද හා සර්ව නාම සමගයි. මෙතනදී ඒවා යෙදෙන්නේ වාක්‍ය ඛණ්‍ඩ සමගයි. මෙහිදී සිංහල අර්ථය (1) ට කිට්ටු වුණත් විධිමත් (formal) තැන්වලදී ගැනෙන්නේ as පදයයි. අවිධිමත් (informal) භාවිතයේ නම් like ද මේ සඳහා බහුලව භාවිතා වෙනවා. නමුත් as usual (සුපුරුදු පරිදි), as always (සැමවිටම සිදු වන සේ), as follows (මතු කියවෙන පරිදි), as seen / expected… (දුටු / බලාපොරොත්තු වු පරිදි), same as (එයම) වැනි යෙදුම්වල නම් භාවිතා වෙන්නේ as පදයයි.

No one knows the area as / like [අ] he does. මේ / ඒ පැත්ත (ප්‍රදේශය) එයා (දන්නව) වගේ දන්නෙ නැහැ කව්රුවත්.   

Try to speak as / like [අ] educated people do. උගත් අය කතා කරන විදිහ‍ට කතා කරන්න උත්සාහ කරන්න.

Why didn’t you do as / like [අ] I said? ඇයි ඔයා මම කිව්ව විදිහට කෙරුවෙ නැත්තෙ?

As usual, I went there for lunch. පුරුදු විදියට මම එතනට ගියා දවල් කෑමට.

It was the same as before. ඒක කලින් වගේම තමයි තිබුනේ.

She was in the same class as me [අ] / I was. එයා හිටියේ මාත් එක්ක එක පංතියේ.

4. as if, like [අවිධිමත්] - එසේ වුණා සේ

***මේ ගැන අපි I Wish I knew! - මේ අතීත කාලයද? ලිපියේ කතා කළා.

He acts as if he owned this place. / He acts as if he owns this place. / He acts like he owns this place. එයි ඉන්නෙ (හැසිරෙන්නෙ) එයා මෙතන අයිතිකාරයා වගේ.
  
She talks as if she knew everything. / She talks as if she knows everything. / She talks like she knows everything. එයා කතා කරන්නෙ එයා ඔක්කොම දන්නව වගේ.

***මීට අමතරව as පදයේ තවත් අර්ථ තියෙනවා එයින් වාක්‍ය ඛණ්ඩ සම්බන්ධ වෙන සමහර තැන්වල. එවා මෙතනට කෙළින්ම සම්බන්ධ නැති වුනත් ඒවත් ටිකක් බලමු.

- යමක් සිදු වෙන විට

My father got fat as he grew older. වයසින් වැඩි වෙනකොට තාත්තා මහත් උනා.

As we reached Kandy, it was past midnight. අපි නුවරට එනකොට (ළඟා වෙනකොට) රෑ දොළහත් පහු වෙලා.

- යම් හේතුවක් නිසා

As he was not in the office, I left a message. එයා කාර්යාලෙ හිටියෙ නැති නිසා මම පණිවිඩයක් තිබ්බා.

You might have to help her as she is new. එයා අළුත් නිසා ඔයා‍ට සිද්ද වෙන්න පුලුවන් එයාට උදව් කරන්න.

Tired as I was, I went straight to bed. මහන්සි නිසා මම කෙලින්ම නිදා ගන්න ගියා.

- එසේ වුවත් (බ්‍රිතාන්‍ය භාවිතයේ මේ සඳහා though ද යෙදෙනවා)

Rich as / though [බ්‍රි] they were, there was no peace at home. ඒ අය පෝසත් උනාට ගෙදර සාමයක් තිබුනෙ නැහැ.

As rich as they were, there was no peace at home. [ඇ]  ඒ අය පෝසත් උනාට ගෙදර සාමයක් තිබුනෙ නැහැ.

Much as I appreciate your point of view on this, I can’t speak on your behalf. මම මේ ගැන ඔයාගේ මතය ගොඩක් අගය කළාට මට ඔයා වෙනුවෙන් කතා කරන්න නම් බැහැ.

Try as / though [බ්‍රි] we might, we couldn’t get the car to start. කොච්චර උත්සාහ කළත් අපට කාරෙක ස්ටාර්ට් කරගන්න බැරි උනා.

- as…as එපමණටම (නැත යන අර්ථයෙන් not so…as ද යෙදෙනවා.)

We came as soon as we could. අපි පුලුවන් තරම් ඉක්මනට ආවා.

His son is as tall as him. [අ] / His son is as tall as he is. එයාගෙ පුතා එයා තරම්ම උසයි.

He is not as / so popular as his brother. එයා එයාගෙ අයියා / මල්ලි තරම් ජනප්‍රිය නැහැ.

He doesn’t earn as / so much as her. [අ] / He doesn’t earn as / so much as she does. ඹහු ඇය තරම් (සල්ලි) හම්බ කරන්නෙ නැහැ.

She has as much money as you. එයාට ඔයාට තරම්ම සල්ලි තියනවා.

Our school has as many teachers as theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ තරම්ම ගුරුවරු ඉන්නවා.

- as for සම්බන්ධයෙන් (නම්)

As for me, I don’t want to go anywhere tomorrow. මට නම් හෙට කොහෙවත් යන්න ඕනැ නැහැ.

As for your salary, we’ll talk to the director and let you know. ඔයාගේ පඩිය (වැටුප) සම්බන්ධයෙන්, අපි අධ්‍යක්ෂතුමාත් එක්ක කතා කරලා ඔයාට දන්වන්නම්.

- such as වැනි / උදාහරණ වශයෙන්

(මේ වෙනුවට බොහෝ විට like පදයද යෙදිය හැකියි.)

Flowers such as roses grow well in cool climates. රෝස වගේ මල් සිසිල් දේශගුණවල හොඳට හැදෙනවා (වැවෙනවා).

A mobile phone has many uses, such as making calls, sending text messages and surfing the Web. ජංගම දුරකථනයක ප්‍රයෝජන ගොඩක් තියනවා - කතා කිරීම, කෙටි පණිවිඩ යැවීම හා අන්තර්ජාලයේ සැරිසැරීම වගේ.

- as such එවැන්නක් ලෙස / එවැන්නෙක් ලෙස, එවැන්නක්ම / එවැන්නෙක්ම  

We were guests and they treated us as such. (We were guests and they treated us so.) අපි අමුත්තන් නිසා ඒ අය අපට ඒ විදිහට (අමුත්තන් ලෙස) සැලකුවා.

This is not a job as such, but the experience will be useful. (This is not a job per se, but the experience will be useful.) මේක රස්සාවක්ම නෙමේ, ඒත් ඒ පළපුරුද්ද වැදගත් වෙයි.

as it were* ඊට ආසන්න දෙයක් / කෙනෙක් කිව හැකි

He is a father figure to me, as it were/so to speak. එයා මට තාත්තා කෙනෙක් වගේ කියලා කියන්න පුළුවන්.

*මේ ක්‍රියා රටාව ගැන “I Wish I knew! – මේ අතීත කාලයද?” ලිපියේ කතා කරනවා.

so as to [විධිමත්] එසේ කිරීම සඳහා

We talked to the Director to / so as to [විධිමත්] / in order to [විධිමත්] get his consent. අපි අධ්‍යක්ෂතුමා එක්ක කතා කළා එයාගේ කැමැත්ත ගන්න.


අපි දැන් අදට ඇති වෙන්න කරල තියෙන නිසා තවත් දේවල් එක්ක ඊළඟ ලිපියෙන් හමුවෙමු. (As we have done enough for today, I’ll see you again with more stuff in the next post.)

(සේයාරුවට ස්තුතිය: Luke Forshaw) 

4 comments:

  1. Dear sir,

    Can U send me your all lesson (only posted)in pdf. Then I can print and give my brother(He is youngest)

    ReplyDelete
  2. @Buddhika Karunanayaka
    My knowledge about these matters is rather limited and I have no idea how to create a PDF document. (My guess is you'd need the Adobe Acrobat software for that, which I don't have either.)But why don't you just print the web pages and give them to your brother?

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails