Saturday, March 13, 2010

As Good or Better? Or Is It Worse? - මොකද කියන්නෙ?





අපි දන්නවා ඉංග්‍රීසියේ තියනවා adjectives සහ adverbs කියලා වචන දෙවර්ගයක්. මේවා ගැන අපි How to Use a Dictionary - පද පෙරළි ලිපියෙන් ටිකක් බැලුවා. මේ මුල් වර්ගයේ වචන නාම පදවලත්, දෙවෙනි වර්ගයේ වචන ක්‍රියා පදවලත් ස්වභාවය, ගුණ විස්තර කරන්න පාවිච්චි වෙනවා කියලා මතක ඇති.

මේවා භාවිතයෙදී ඉතා වැදගත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම අප‍‍ට යම් අවස්ථාවල සිද්ද වෙනවා මේ පදවලින් කියවෙන ගුණයන් සංසන්දනය කරන්න. හැම කෙනෙකුටම, නැතිනම් හැම දෙයකටම, එකම ගුණය එකම මට්ටමට පිහිටලා නැහැනේ. (හැබැයි සමහර තැන්වල එහෙම වෙන්නත් පුලුවන්.) ඒ විතරක් නෙමෙයි, එකම පුද්ගලයෙකුගෙත් යම් ගතිගුණ, දක්ෂතා ආදිය කාලයත් එකක් අඩු වැඩි වෙන්න පුලුවන්නේ.

මේ සංසන්දනයන් සඳහා පාවිච්චි කරන්න හැකි රටා කීපයක් පොඩ්ඩක් සලකලා බලමු.

1. as … as

දෙතැනක යම් ගුණයක් එක තරමින්ම තිබෙන බව පැවසීමට යොදා ගන්නා මෙම රටාව adjectives හෝ adverbs සමග භාවිතා කළ හැකියි. නැත යන අර්ථයෙන් not as … as වෙනුවට  not so … as ද යෙදෙනවා.

That girl is as clever as her brother (is).  ඒ ගෑණු ළමයා එයාගෙ අයියා / මල්ලි තරම්ම දක්ෂයි.

That girl is not as clever as her brother (is). / That girl is not so clever as her brother (is). ඒ ගෑණු ළමයා එයාගෙ අයියා / මල්ලි තරම් දක්ෂ නැහැ.

His son is as tall as him.* / His son is as tall as he is. එයාගෙ පුතා එයා තරම්ම උසයි.

He is as fast a runner as his brother (is).** එයා එයාගෙ අයියා / මල්ලි තරම්ම වේගවත් ධාවකයෙක්.

He is not as fast a runner as his brother (is). / He is not so fast a runner as his brother (is). එයා එයාගෙ අයියා / මල්ලි තරම් වේගවත් ධාවකයෙක් නෙමෙයි.

He drives as fast as his friend (does). එයා එයාගෙ යාළුවා තරම්ම වේගෙන් වාහන පදවනවා.

She can’t talk as loudly as her mother (can). / She can’t talk so loudly as her mother (can). එයාට එයාගෙ අම්මා තරම් සද්දෙන් කතා කරන්න බැහැ.

ඇතැම් විට මේ සඳහා equally ...*** ද පහත සඳහන් රටාවට යොදා ගැනෙනවා.

All the girls are equally intelligent. ගෑණු ළමයි ඔක්කොම එක වගේ බුද්ධිමත්.

The two letters are written equally well. ලියුම් දෙකම එක වගේ හොඳට ලියලා තියනවා.

*පැරණි ව්‍යාකරණයට අනුව මෙය His son is as tall as he.විය යුතු වුණත් අද එසේ අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. ඒ ‍වෙනුව වර්තමානයේ His son is as tall as him.බහුලව භාවිතයේ ඇති අතර, විධිමත් ලියකියවිලි ආදියේ පැරණි සම්මතයටද අනුකූල His son is as tall as he is.යෙ‍දීම වඩාත් සුදුසුයි.

**මෙහි රටාව සැලකිල්ලට ගන්න. මෙසේ adjective පදය attributive ආකාරයට යෙදෙන තැන්වල මෙම රටාවට මිස He is an as fast runner as his brother (is).කියා යෙදෙන්නේ නැහැ.

***ඇතැම් අය, ඇතැම් සුද්දන් පවා, equally as important වැනි දේ කියනු ඇසුනත් එය නම් එතරම් පිළිගත් යෙදුමක් නොවෙයි. මේ වෙනුවට equally important කීම සම්මත ක්‍රමයයි.

2. more … than

යම් ගුණයක් එක් තැනකට වඩා තවත් තැනක ඇති බව දැක්වීමට මෙම රටාව භාවිතා වෙනවා. (මෙහිදී දෙකක් සැසඳීමට ලක් කෙරෙනවා.) ඒ වගේම pretty, smart, simple, tall, short, clever... වැනි කෙටි adjectives සඳහා more … than වෙනුවට prettier / smarter / simpler / taller / shorter / cleverer than... ලෙස යෙදෙනවා. [මේ පිළිබඳ තවත් විස්තර ලිපියේ පසුව දැක්වෙනවා.]

මෙහිදී good සඳහා better than භාවිතා වෙන අතර bad සඳහා worse than යෙදෙනවා. එසේම well යන adverb පදය සඳහාද භාවිතා වෙන්නේ better than රටාව වන අතර badly යන adverb පදය සඳහා worse than පාවිච්චි වෙනවා.

This car is better than the other. මේ කාරෙක අනිකට වඩා හොඳයි.

He is taller than me.* / He is taller than I am. එයා මට වඩා උසයි.

You can do it better than that. ඔයාට ඒක ඔයිට වැඩිය හොඳට කරන්න පුලුවන්.

Of the two children, she is prettier. / Of the two children, she is the prettier (one).** ළමයි දෙන්නගෙන් එයා වඩා ලස්සනයි.

The taller boy got there first.** උස පිරිමි ළමයා (දෙන්නෙක් අතරින්) මුලින් එතනට ආවා.

This matter is more important than anything else. මේ කාරණය අනිත් හැම දේකටම වඩා වැදගත්.

Her mother talks more loudly than her.*/ Her mother talks more loudly than she does. එයාගෙ අම්මා එයාට වඩා සද්දෙන් කතා කරනවා.

His writing was worse than his sister’s. / He wrote worse than his sister. එයා එයාගෙ අක්කා / නංගි තරම්වත් හොඳට ලිව්වෙ නැහැ (ලිව්වෙ ඊට වඩා නරකට).

* පැරණි ව්‍යාකරණයට අනුව මෙය He is taller than I.විය යුතු වුණත් අද එසේ අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. ඒ ‍වෙනුවට වර්තමානයේ He is taller than me.බහුලව භාවිතයේ ඇති අතර, විධිමත් ලියකියවිලි ආදියේ පැරණි සම්මතයටද අනුකූල He is taller than I am.යෙ‍දීම වඩාත් සුදුසුයි.

**මෙහි adjective පදය attributive ලෙස භාවිතා වෙන විට මේ ආකාරයෙන් the පදයද ඊට පෙර යෙදෙනවා. අදාළ ගුණය වැඩිපුර ඇති කෙනා / දෙය / පිරිස (දෙදෙනෙක් / දේවල් දෙකක් / දෙපිරිසක් අතරින්) මෙය බව එයින් පැවසෙනවා.

3. less ... than

යම් ගුණයක් එක් තැනකට වඩා තවත් තැනක අඩු බව දැක්වීමට මෙම රටාව භාවිතා වෙනවා. (මෙහිදීත් දෙකක් සැසඳීමට ලක් කෙරෙනවා.)

This sum is less difficult than the last one. මේ ගණන කලින් එකට වඩා ලේසියි.

People don’t want to do less well in life than their relatives. තමන්ගෙ නෑදෑයන්ට වැඩිය අඩු තත්වෙන් ජීවත් වෙන්න මිනිස්සු කැමති නැහැ.

4. most …

යම් ගුණයක් යම් තැනක වැඩිපුරම ඇති බව දැක්වීමට මෙම රටාව භාවිතා වෙනවා. (මෙහිදී තුනක් හෝ ඊ‍ට වැඩි ගණනත් සැසඳීමට ලක් කෙරෙනවා.) ඒ වගේම pretty, smart, simple, tall, short, clever... වැනි කෙටි adjectives සඳහා more … than වෙනුවට prettiest / smartest / simplest / tallest, shortest / cleverest... ලෙස යෙදෙනවා. [මේ පිළිබඳ තවත් විස්තර ලිපියේ පසුව දැක්වෙනවා.]

මෙහිදී good සඳහා best භාවිතා වෙන අතර bad සඳහා worst යෙදෙනවා. එසේම well යන adverb පදය සඳහාද භාවිතා වෙන්නේ best පදය වන අතර badly යන adverb පදය සඳහා worst යෙදෙනවා.

මෙහිදීත් adjective පදයක් attributive ලෙස යෙදෙන විට ඊට පෙර the පදය‍ යෙදෙනවා.

She was the most talented singer of all. එයා තමයි (ඔක්කොගෙන්ම) වඩාත්ම දක්ෂතා තියන ගායිකාව.

It’s the most interesting book I’ve ever read. ඒක / මේක තමයි මම මේ වෙනකම් කියවල තියන හොඳම පොත.

He was the worst employee (of all). එයා තමයි (ඔක්කොගෙන්ම) නරකම සේවකයා ‍වෙලා හිටියේ.

මෙහිදී adjective පදය යෙදෙන්නේ predicative ලෙස නම්, කීප දෙනෙකු අතර යම් ගුණයක් සැසඳීමේදී the පදය‍ යෙදීම බොහෝ විට කෙරෙනවා (අවිධිමත් භාවිතයේ ඇතැම් විට the අත් හරිනවා); නමුත් එකම කෙනෙකුගේ යම් ගුණයක් විවිධ අවස්ථාවල සැසඳීමේදී the යොදන්නේ නැහැ. මෙම වෙනස adverb සඳහාද වලංගු වන නමුත්, එහිදී the අත් හැරීම වඩා බහුලව කෙරෙනවා.

Of all these students, he is (the) best.

Of all the subjects, he is best at history. එයා ඔක්කොම විෂයන්ගෙන් දක්ෂම ඉතිහාසයට.

Of all the singers, she sang (the) best. එයා තමයි ඔක්කොගෙන්ම හොඳටම සිංදු කිව්වෙ.

She sings best at church. එයා හොඳටම සින්දු කියන්නෙ පල්ලියෙදි.

He did his job (the) worst (of all). (ඔක්කොම අයගෙන්) තමන්ගෙ වැඩේ නරකටම කළේ එයා.

He works worst when he is under pressure. පීඩනයෙන් ඉන්නකොට තමා එයා නරකටම වැඩ කරන්නෙ.

5. least …

යම් ගුණයක් යම් තැනක අඩුවෙන්ම ඇති බව දැක්වීමට මෙම රටාව භාවිතා වෙනවා. (මෙහිදීත් තුනක් හෝ ඊ‍ට වැඩි ගණනත් සැසඳීමට ලක් කෙරෙනවා.)

Of all the films I’ve seen, that was the least interesting (one). මම බලලා ති‍යන චිත්‍රපටිවලින් නීරසම (රසවත්කමින් අඩුම) එක ඒක.

He is the least talented in his family. එයා තමයි එයාගෙ පවුලෙ දක්ෂතා අඩුම කෙනා. 

6. half / twice / three times / four times… as…as

යම් ගුණයක් කීප ගුණයකින් වැඩි / අඩු බව දැක්වීමට මේ රටාව භාවිතා වෙනවා.
This car is four times as fast as the other. මේ කාර් ඒක අනික වගේ හතර ගුණයක් වේගවත්.

Their school is twice as large as ours. ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ වගේ දෙගුණයක් ලොකුයි.

Our school is half as large as theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙන් බාගයයි (ලොකු).

…times සමග පහත රටාවද භාවිතා වෙනවා.

This car is four times faster than the other. මේ කාර් ඒක අනික වගේ හතර ගුණයක් වේගවත්.

Their school is three times larger than ours. ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ වගේ තුන් ගුණයක් ලොකුයි.

මේ වෙනුවට, ගැලපෙන අවස්ථාවලදී, පහත දැක්වෙන ආකාරයේ රටාද බහුලව ගැනෙනවා.

Their school is twice / three times the size of ours. ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ වගේ තුන් ගුණයක් ලොකුයි.

This car has four times the speed of the other. මේ කාර් ඒක අනික වගේ හතර ගුණයක් වේගවත්.


Forming the comparative and superlative forms of an adjective

adjective පදයක ඉහත (2) හි සහ (4) හි යෙදෙන ස්වරූප පිළිවෙලින් එම පදයේ comparative හා superlative ස්වරූප ලෙස හඳුන්වනවා. මේවා හැදෙන ආකාරය මෙහෙමයි.

[මෙහිදී ශබ්ද ඒකක (syllables) වැදගත් වෙනවා. උදාහරණයක් ලෙස hot හි syllable එකක්ද,  happ-y හි syllables දෙකක්ද,  in-tell-i-gent හි syllables 4 ක්ද ඇති බව තේරුම් ගන්න.]

-එක් ඒකකයක් ලෙස ශබ්ද වෙන tall, smart, small, thick වැනි කෙටි පදවල (one-syllable adjectives) අගට පිළිවෙලින් -er හා -est එක් කිරීමෙන්. අගට -e ඇති large, wise වැනි මෙම ගණයේ පදවල එකතු වෙන්නේ -r හෝ -st පමණයි.

- එක් ඒකකයක් ලෙස ශබ්ද වෙන, අගට තනි vowel අකුරකට (එනම් a, e, i, o, u අකුරු) පසුව එන තනි consonant අකුරක් (එනම් a, e, i, o, u හැර අනිත් අකුරු) ඇති hot, thin, fat වැනි පදවල, අන්තිම consonant අකුර තව වතාවක් යොදා, පිළිවෙලින් -er හා -est එක් කිරීමෙන්. [hotter, hottest / thinner, thinnest / fatter, fattest].නමුත් එසේ අග‍ට යෙදෙන්නේ w, x හෝ y නම්, ඒවා දෙවතාවක් යෙදෙන්නේ නැහැ [slow, slower, slowest / lax, laxer / laxest / grey, greyer, greyest].

-ඒකක දෙකක් ලෙස ශබ්ද වෙන පදවල (two-syllable adjectives) අගට y ඇත්නම් ඒ වෙනුවට i යොදා පිළිවෙලින් -er හා -est එක් කිරීමෙන්. [happy, happier, happiest / busy, busier, busiest / angry, angrier, angriest / early, earlier, earliest / friendly, friendlier, friendliest…]

- ඒකක දෙකක් ලෙස ශබ්ද වෙන පදවල (two-syllable adjectives) අගට -er, -le, හෝ -ow  ඇති නම් එයට පිළිවෙලින් -er / -r හා est / -st යෙදීමෙන්. [clever, cleverer, cleverest / tender, tenderer, tenderest / gentle, gentler, gentlest / simple, simpler, simplest / narrow, narrower, narrowest / shallow, shallower, shallowest]

- ශබ්ද ඒකක දෙකක් ඇති අනෙකුත් පදවලදී හා ඊට වැඩි ශබ්ද ඒකක ගණනක් ඇති පදවලදී (multi-syllable adjectives) - එනම් important, intelligent, generous වැනි - ඊට පෙර more හා most යෙදීමෙන්. [important, more important, most important…]

-එසේම friendly, simple, gentle, clever, tender, narrow, shallow, quiet, fierce, handsome, polite, pleasant, common වැනි ඇතැම් ශබ්ද ඒකක දෙකක් ඇති පද -er හෝ est අගට එක් කිරීමෙන් සහ more හෝ most කලින් යෙදීමෙන් යන දෙආකාරයෙන්ම භාවිතා වෙනවා. [friendly, friendlier හෝ more friendly, friendliest හෝ most friendly]

-පද කීපයක් වෙනස්ම ආකාර ගන්නවා. [good, better, best / bad, worse, worst / far, farther, farthest]

***නාම (nouns) පද යොදා ගනිමින් (හෝ නොගනිමින්) ප්‍රමාණයන් හෝ සංඛ්‍යාවන් සංසන්දනයේදී පහත ඇති රටා යොදා ගැනෙනවා.

1. ප්‍රමාණයන් සඳහා - ගණන් කළ නොහැකි (uncountable) නාම පද සමග (හෝ ඒවා නැතිව)

She has as much money as you. එයාට ඔයාට තරම්ම සල්ලි තියනවා.

She has more money than you. එයාට ඔයාට වඩා සල්ලි තියනවා.

She has less money than you. එයාට ඔයාට වඩා අඩුවෙන්  සල්ලි තියෙන්නේ.

She has the most money (of all). එයාට තමා (හැමෝටම වඩා) වැඩියෙන්ම සල්ලි තියෙන්නේ.

She has the least money (of all). එයාට තමා (හැමෝටම වඩා) අඩුවෙන්ම සල්ලි තියෙන්නේ.

He works as much as the others. එය අනිත් අය තරම්ම වැඩ කරනවා.

He works more / less than the others. එයා අනිත් අයට වඩා වැඩියෙන් / අඩුවෙන් වැඩ කරනවා (කරන්නේ).

He works (the) most / least (of all). එයා තමා (හැමෝටම වඩා) වැඩියෙන්ම / අඩුවෙන්ම වැඩ කරන්නේ.

2. සංඛ්‍යාවන් සඳහා - ගණන් කළ හැකි (countable) නාම පද සමග (හෝ ඒවා නැතිව)

Our school has as many teachers as theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ තරම්ම ගුරුවරු ඉන්නවා.

Our school has more / fewer teachers than theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙට වඩා වැඩියෙන් / අඩුවෙන් ගුරුවරු ඉන්නවා (ඉන්නේ).

Our school has five more / fewer* teachers than theirs. අපේ ඉස්කෝලේ ඒ ගොල්ලන්ගේ ඉස්කෝලෙට වඩා ගුරුවරු පස් දෙනෙක් වැඩියෙන් / අඩුවෙන් ඉන්නවා (ඉන්නේ).

Our school has the most / fewest teachers (of all). අපේ ඉස්කෝලේ තමා (හැමෝටම වඩා) වැඩියෙන්ම / අඩුවෙන්ම ගුරුවරු ඉන්නේ.

The Pereras have four children; the Silvas have as many / more / fewer; the Fernandos have (the) most / fewest. පෙරේරා පවුලේ ළමයි හතර දෙනෙක් ඉන්නවා; සිල්වා පවුලේ ඒ තරම්ම / ඊට වැඩියෙන් / ඊට අඩුවෙන් ඉන්නවා; ප්‍රනාන්දු පවුලේ තමයි වැඩියෙන්ම / අඩුවෙන්ම ඉන්නේ.

*අවිධිමත් භාවිතයේ මෙවැනි තැන්වල (ඇතැම් විට අනෙකුත් තැන්වලත්) “fewer” වෙනුවට “less” යෙදීම කෙරෙනවා - සමහරුන් ඒ භාවිතය අනුමත නොකළත්. කෙසේ වෙතත් සංඛ්‍යාවක් ආශ්‍රයෙන් ප්‍රමාණයක් දක්වන විට නම්  ගැනෙන්නේ “less” පදයයි. පහත දැක්වෙන රටා බලන්න.

We got twenty kilos more / less than we expected. අපට අපි හිතුවට වඩා කිලෝ විස්සක් වැඩියෙන් / අඩුවෙන් ලැබුනා (ලැබුනේ).

They cost a few rupees more / less than the others. ඒවා අනිත් ඒවාට වඩා රුපියල් කීපයක් වැඩියෙන් / අඩුවෙන් මිළ වෙනවා (වෙන්නේ).

***යම් දෙයකින් / ගොඩකින් / පිරිසකින් වඩා වැඩි හෝ අඩු කොටසක් වැනි අදහස් දීම සඳහා පහත ඇති ආකාරයේ රටා යොදා ගැනෙනවා.

They ate more / less of the available food this time. මේ සැරේ ඒ අය තිබුන කෑමවලින් ඊට වඩා වැඩි ප්‍රමාණයක් කෑවා. / මේ සැරේ ඒ අය කෑවෙ තිබුන කෑමවලින් ඊට වඩා අඩු ප්‍රමාණයක්.

They had read more / fewer of those books. ඒ අය ඒ පොත්වලින් ඊට වඩා වැඩි ගණනක් කියවලා තිබුනා. / ඒ අය කියවලා තිබුනේ ඒ පොත්වලින් ඊට වඩා අඩු  ගණනක්.

They wanted more / fewer of our people. ඒ අයට අපේ මිනිස්සු ඊට වඩා වැඩි ගණනක් ඕනැ වුණා. / ඒ අයට ඕනැ වුණේ අපේ මිනිස්සු ඊට වඩා අඩු ගණනක්.

***යම් දෙයකින් වඩා වැඩි හෝ අඩු කොටසක් අදහස දීම සඳහා ගණන් කල හැකි ඒක වචන පද සමග more of හා less of යෙදෙනවා.

She wrote more of that story at her office than at home. එයා ඒ කතාවෙ ගෙදරදි ලිව්වට වඩා වැඩි කොටසක් ලිව්වෙ එයාගෙ කාර්යාලෙදි.

She wrote less of that story at home than at her office. එයා ඒ කතාවෙ ගෙදරදි ලිව්වෙ එයාගෙ කාර්යාලෙදි ලිව්වට වඩා අඩු කොටසක්.

***ගණන් කල හැකි ඒක වචන පද සමග more of හා less of යෙදෙනවා පහත ඇති ආකාරයේ අර්ථයක් දීමටත්.

He is more of a coach than a teacher. එයා ගුරුවරයෙකුට වැඩිය පුහුණුකරුවෙක්.

This is less of a problem than I thought. මේක මම හිතපු තරම් ප්‍රශ්නයක් නෙමෙයි.


(Fairly Good? Rather Good? - මොනවද මේ කතා? ලිපියත් බලන්න.)

***මීට අමතරව, සංසන්දනයක් වෙනුවට හුදෙක් බහුතරයක් / වැඩි කොටසක් යන අර්ථයෙන් (ගණන් කළ හැකි හා නොහැකි දේ සමග) most හා most of යෙදෙනවා. එවැනි තැන්වල the යෙදෙන්නේ නැහැ..

Most people like children. හුඟක් අය ළමයින්ට කැමතියි.

Most of my friends didn’t come. මගේ යාළුවෝ වැඩි කොටසක් ආවෙ නැහැ.

Some of them came, but most didn’t bother. සමහරු ආවා, ඒත් හුඟක් අය ගණන් ගත්තෙ නැහැ.

Most coffee is bitter. හුඟක් කෝපි (කෝපි ජාති වැඩි කොටසක්) තිත්තයි.

We drank most of the water. අපි වතුරවලින් ගොඩක් (වැඩි කොටසක්) බිව්වා.

We washed our hands with some of the water, but we drank most. අපි වතුර ටිකකින් අත් හේදුවා, ඒත් වැඩි කොටස බිව්වා.

She wrote most of that story at her office. එයා ඒ කතාවෙ වැඩි කොටසක් ලිව්වෙ එයාගෙ කාර්යාලෙදි.


හොඳයි දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මෙයට පිළිතුරු දීම‍ට ඔබ නොපැකිලෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. 

මම මෙහි මෙතෙක් පල කළ ලිපිවලින් ඔබේ අදහස අනුව හොඳම කෝකද? නරකම කෝකද? (Of all the blog posts published here by me up to now, which one do you think is the best? And the worst?)

(සේයාරුව‍ට ස්තුතිය: Charles & Clint) 



8 comments:

  1. This post could be the best, if you include(perhaps, as the 2nd part)some example for as...as style. For example, as poor as a church mouse or as mad as hatter. I find they are very effective, when you want to get your message across exactly. But it is difficult to find the correct term most of the times, as they are part of English literature.

    ReplyDelete
  2. @Siribiris
    You can find a list of such similes at http://www.englishclub.com/vocabulary/figures-similes-list.htm and at http://www.saidwhat.co.uk/spoon/similes.php But don't forget that there are others like the ones below that are used ironically.

    as subtle as a sledgehammer
    as straight as a round-about
    as pretty as a car crash
    as smooth as sandpaper
    as balanced as an upturned pyramid

    ReplyDelete
  3. ඔයා නං ඉන්ටනෙට් විශ්වකෝෂයක් වගේ තමා. කොහොම මේවා මෙච්චර ඉක්මනට හොයාගන්නවද මන්දා? ස්තූතියි.

    ReplyDelete
  4. @Siribiris
    වෙන මොනවද ඉතින්. Google සරණං ගච්ඡාමි තමයි.

    ReplyDelete
  5. මට කතාවක් මතක් වුනා.

    ගමේ මුදලාලි කෙනෙක්ගෙ මෝලක මැසිමක් කැඩුනාලු. මේක හදන්න ආපු ඉංජිනේරුවා, බලලා බලලා එක තැනකට මිටියකින් පොඩි තට්‍ටුවක් දැම්මාම, මැසිම ස්ටාර්ට් වුනාලු. ගාණ රු. 5000 කිව්වාම මුදලාලිට මල පැනලා ඇහුවාලු, ඇයි එක මිටි පාරකට ඔච්චර් කියලා. ඒ සැරේ එයා කිව්වාලු, මිටි පාරට රු.5 යි, ඒක හරි තැනට ගැහුවාට 4995 කියලා.

    ඔයාත් මිටිපාර දෙන්න ඕනා තැන හරියටම දන්නවා.

    ReplyDelete
  6. @Siribiris
    මරු කතාව. බොහොම ස්තුතියි.

    ReplyDelete
  7. අගේ ඇති කාරියක් මචන්.
    උඹට ජය

    ReplyDelete
  8. @මනුසත්
    ස්තුතියි, මචං.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails