Wednesday, November 3, 2010

Isn’t This Beautiful! කොච්චර ලස්සනද!


ඉංග්‍රීසියේ ප්‍රශ්නාර්ථ හා නිෂේධාර්ථ (නැත යන අර්ථ) ස්වරූප ගොඩ නැගෙන ආකාරය අපි ‘Do You Speak English? ප්‍රශ්න ගැන’ ලිපියෙන් සලකා බැලුවා මතක ඇති. මේ නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථ වාක්‍ය ඇතැම් අවස්ථාවල යොදා ගැනෙනවා එම අර්ථය ප්‍රකාශ කිරීම හැර වෙනත් අරමුණු සඳහාත්. භාෂාව ව්‍යවහාරයෙන්ම හුරු වෙන්නන්ට මෙම යෙදුම් ඉබේටම හුරු වුණත්, අනිත් අයට ඒවා තරමක් ගැ‍ටළු සහගත වෙන්න පුලුවන්. එවැනි තැන් කීපයක් අද බලමු.

1. Isn’t it a lovely day!

මෙවැනි ප්‍රකාශවල ඇත්තෙන්ම තිබෙන්නේ නැත යන අර්ථයක් හෝ ප්‍රශ්නාර්ථයක් නොවෙයි. යම් දෙයක් ගැන තමාට තදින් දැනෙන කරුණක් (ඇත යන අර්ථය ඇතිව) මෙසේ ප්‍රකාශ කෙරෙනවා.  

Isn’t it a lovely day! කොච්චර ලස්සන දවසක්ද!

Aren’t these dresses beautiful! මේ ඇඳුම් කොච්චර ලස්සනද!

***විශේෂයෙන් ඇමරිකානුවන් ඇතැම් අවිධිමත් අවස්ථාවලදී මේ සඳහා ඇත යන අර්ථ ප්‍රශ්නාර්ථ ස්වරූපයත් භාවිතා කරනවා.

Is he tall! [විශේෂයෙන් ඇමරිකානු] එයා කොච්චර උසද!

2. Aren’t the prices high?

තමන් නිවැරදි යයි සිතනා (ඇත යන අර්ථයේ) කරුණක් අනිත් අයගේ එකඟත්වයද ලබා ගැනීම සඳහා ප්‍රකාශ කරද්දී මෙසේ කියවෙනවා.

Aren’t the prices high nowadays? මේ දවස්වල මිළ ගණන් ඉහළයි නේද?

Didn’t you meet her yesterday? Tell us something about her. ඔයාට ඊයෙ එයාව මුණ ගැහුනා නේද? අපට එයා ගැන මොනව හරි කියන්න.

***තමන්ගේ අදහසක්/යෝජනාවක් ආචාරශීලීව ඉදිරිපත් කිරීමේදීද මෙවැනි රටා යොදා ගත හැකියි.

Wouldn’t it be better for him to start now? එයා දැන් පටන් ගත්තොත් වඩා හොඳයි නේද?

3. Why don’t you come with us?

යමක් කිරීමට කෙරෙන ආරාධනාවක්/යෝජනාවක් ආචාරශීලීව, එහෙත් වැඩි ඇවිටිලි කිරීමක් සහිතව, ප්‍රකාශ කිරීමට මෙම රටාව යොදා ගැනෙනවා.

Why don’t you come with us? ඔයා ඇයි අපිත් එක්ක එන්නෙ නැත්තේ (ඔයාට පුලුවන්නේ අපිත් එක්ක එන්න)?

Why don’t we leave now? ඇයි අපි දැන් පිටත් වෙන්නෙ නැත්තේ (දැන් පිටත් වෙන්න වෙලාව හොඳයිනේ) ?

***නමුත් යමක් සඳහා කෙරෙන ඉල්ලීමක නම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ ඇත යන අර්ථ ස්වරූපයයි.

Can you open the door for me(, please)? ඔයාට පුලුවන්ද මට දොර ඇරලා දෙන්න?

Could I use your phone(, please)? මට ඔයාගෙ ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්ද?

අවිධිමත් අවස්ථාවල ඇතැම් විට මෙවැන්නත් පහත ආකාරයටත් අසනු ලබනවා.

You can’t open the door for me, can you? ඔයාට බැරි වෙයිද මට දොර ඇරලා දෙන්න?

I couldn’t use your phone, could I? මට බැරි වෙයිද ඔයාගෙ ෆෝන් එක පාවිච්චි කරන්න?

එසේ නොමැතිව නම් මෙවැනි වැකියක් නැත යන අර්ථ ස්වරූපයෙන් යෙදෙන්නේ චෝදනාත්මක අදහසකිනුයි.

Can’t you open the door for me? ඔයාට මට දොර ඇරලා දෙන්නවත් බැරිද?

Couldn’t I use your phone? මට ඔයාගෙ ෆෝන් එක පාවිච්චි කරන්න‍වත් බැරිද?

4. Only then did we finally leave. 

යම් විශේෂ තත්වයක් වැන්නක් හුවා දැක්වීමට එය වාක්‍යයේ මුලට යොදන ඇතැම් රටාවල ප්‍රශ්නාර්ථයක් නැතත් ප්‍රශ්නයකදී මෙන් ක්‍රියාව යෙදෙනවා.

Only then did we finally leave. එතකොට තමයි අපි යන්තම් පිටත් වුණේ. 

So was it that I first met her.  ඒ විදිහට තමයි මට එයාව මුලින්ම මුණගැහුනේ.

5. May all your wishes come true!

ප්‍රාර්ථනාවක් දක්වන මෙම රටාවත් බහුලව භාවිතා වෙනවා.

May all your wishes come true! ඔබේ පැතුම් සියල්ල සඵල වේවා! 

May the Triple Gem bless you! ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා!

***මෙම රටාව ගැන Would You Mind Reading This? – ඉල්ලීම් හා යෝජනාලිපියත් බලන්න.

6. Here comes the bride!

තැනක් හෝ දිශාවක් වැන්නක් වාක්‍යයේ මුලට යෙදෙන ඇතැම් රටාවල, එහි යෙදෙන ක්‍රියාවට බඳුන් වන දෙයක් නොමැති නම් එවැනි ක්‍රියා පද - intransitive verbs* - මුළුමනින්ම ඉදිරියට ගෙනෙනවා. (නමුත් ක්‍රියාව කරන්නා වෙනුවෙන් සර්වනාමයක් - pronoun - ඇති විට නම් එසේ වෙන්නේ නැහැ.)

Here comes the bride! මෙන්න එනවා මනාලිය!

On the other side sat a man. අනිත් පැත්තේ මිනිහෙක් වාඩිවෙලා හිටියා.

Off we go. ඔන්න අපි යනවා.

* How to Use a Dictionary පද පෙරළි ලිපිය බලන්න.

තවත් කියන්න අමතර දෙයක් තියනවා. මෑතකදී මා විසින් ආරම්භ කළ 'Say It Out Loud!' බ්ලොග් අඩවියේත් භාෂා සම්බන්ධ විවිධ දේ පැහැදිලි කෙරෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියවුණත් සරලව, කෙටියෙන්, උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කෙරෙන නිසා කියෙව්වොත් ප්‍රයෝජනවත් වේවි. 

(සේයාරුවට ස්තුතිය: Nanagyei
  

0 comments:

Post a Comment

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails