ඉංග්‍රීසි භාෂාවේ
ප්‍රශ්න අහන විධි සමහර වෙලාවට අපේ අයට ගැටළු මතු කරනවා. ඊට බොහෝ විට හේතු වෙන්නේ
ඉංග්‍රීසියේ ඇති වෙනස් පද පිළිවෙල (word order). මේ ගැන යමක්
ලියන්න කියලා ඉල්ලීමකුත් තිබුනා.
ප්‍රශ්නවලදී වගේම
නැත යන අර්ථයේ ප්‍රකාශවලදිත් මෙවැනි පැටලිලි ඇති වෙන නිසා මේ දෙවර්ගයම ගැන අවධානය
යොමු කරමු.
හැබැයි මෙතනදි will,
may, can, would, is, were, have, had... වැනි උපකාරක ක්‍රියාපදයක්
- එනම් ‘auxiliary verb (helping verb)’ එකක් - සමග යම් ක්‍රියා පදයක් යෙදෙනවා නම් එතරම්
ගැටළුවක් නැහැ. එම අදාළ auxiliary verb පදයට not එක් කිරීමෙන් නැත
යන අර්ථයත්, උපකාරක ක්‍රියාපදය වාක්‍යයේ
මුලට - එනම් කතෘ පදයට (subject) පෙර - යෙදීමෙන් ප්‍රශ්නාර්ථයත් නිරූපනය කළ
හැකියි.
She
will come tomorrow. එයා හෙට එයි.
She
will not come tomorrow. එයා හෙට එන එකක් නැහැ.
Will
she come tomorrow? එයා හෙට එයිද?
Will
she not come tomorrow? එයා හෙට එන එකක් නැද්ද?
He is
going home. එයා ගෙදර යනවා.
He is
not going home. එයා ගෙදර යන්නෙ නැහැ.
Is he
going home? එයා ගෙදර යනවද?
Is he
not going home? එයා ගෙදර යන්නෙ නැද්ද?
They
have seen us. ඒ අය අපිව දැකල තියනවා.
They
have not seen us. ඒ අය අපිව දැකල නැහැ.
Have
they seen us? ඒ අය අපිව දැකල තියනවද?
Have
they not seen us? ඒ අය අපිව දැකල නැද්ද?
We
had met before. අපි ඊට කලින් මුණ ගැහිල තිබුනා.
We
had not met before. අපි ඊට කලින් මුණ ගැහිල තිබුනෙ නැහැ.
Had
we met before? අපි ඊට කලින් මුණ ගැහිල
තිබුනද?
Had
we not met before? අපි ඊට කලින් මුණ ගැහිල තිබුනෙ නැද්ද?
They
would like some tea now. ඒ අය දැන් තේ ටිකක් බොන්න කැමති වෙයි (කියල මම හිතනවා).
They
would not like any tea now.* ඒ අය දැන් තේ
බොන්න අකමැති වෙයි (කියල මම හිතනවා).
Would
they like some tea now?* ඒ අය දැන් තේ
ටිකක් බොන්න කැමති වෙයිද (කැමති වෙයි කියලද ඔයා හිතන්නේ)?
Would
they not like some tea now?* ඒ අය දැන් තේ
ටිකක් බොන්න අකමැති වෙයිද (අකමැති වෙයි කියලද ඔයා හිතන්නේ)?
We should have done it. අපට ඒක කරන්නයි තිබුනේ.
(එය කළ යුතුව තිබූ දෙයක් වුණත් කර නැහැ.)
We should not have done it. අපට ඒක නොකරන්නයි තිබුනෙ.
(නොකළ යුතුව තිබූ දෙයක් වුණත් කර තිබෙනවා.)
Should we have done it? අපට ඒක කරන්නද
තිබුනේ? (කර නැති නමුත්) / අපි ඒක කළ යුතුව තිබුනද? (කර තිබෙන නමුත්) [මෙය මෙසේ යෙදෙන පසුබිම අනුව අර්ථ දෙකක් ගන්නවා]
Should we not have done it? අපට ඒක නොකරන්නද
තිබුනේ? (කර ඇති නමුත්) / අපට ඒක කරන්න නෙමේද තිබුනේ? (කර නැති නමුත්) [මෙයත්
යෙදෙන පසුබිම අනුව අර්ථ දෙකක් ගන්නවා]
*මේ ආකාරයේ නිෂේධාර්ථ ප්‍රකාශයකදී ‘any’ යන්න යෙදුනත්, ප්‍රශ්නාර්ථයේදී - නිෂේධාත්මක ප්‍රශ්නායකදී පවා - කතා කරන්නා (ඇත යන අර්ථයේ උත්තරයක් බලාපොරොත්තුවෙන්) යොජනාවක් වැන්නත් ප්‍රශ්නයකින් ඉදිරිපත් කරන විට ‘some’ යන්නද, ලැබෙන උත්තරය ගැන හැඟීමක් නොමැතිව හුදෙක් ප්‍රශ්නයක් නගන විට ‘any’ යන්නද යොදා ගැනෙනවා. (“Some Uses of ‘Some’ – එහි භාවිතයේ වෙනස්කම් ගැන” ලිපියත් බලන්න.)
උපකාරක ක්‍රියාවක්
වන ‘can’ පදයේ නැත යන අර්ථය ‘cannot’ ලෙස තනි පදයක් වශයෙන් බොහෝ විට භාවිතා වන නිසා එය යෙදෙන්නේ මෙසේයි.
They
cannot see it. ඒ අයට ඒක පේන්නෙ නැහැ.
Cannot
they see it? ඒ අයට ඒක පේන්නෙ නැද්ද?
මේ ඇතැම් උපකාරක
ක්‍රියාපද බහුලව (විධිමත් භාවිතයේදී හෝ අවිධිමත් භාවිතයේ අර්ථය අවධාරණය කළ යුතු
විටදී හැර) කෙටි ආකාරයන්ගෙන් (short forms) භාවිතා වෙනවා.
එවිට ඒවා පහත ආකාරයෙන් යෙදෙකවා.
She’ll
come tomorrow. එයා හෙට එයි.
She
won’t come tomorrow. / She’ll not come tomorrow.** එයා හෙට එන එකක් නැහැ.
Won’t
she come tomorrow? එයා හෙට එන එකක් නැද්ද?
He’s
going home. එයා ගෙදර යනවා.
He
isn’t going home. / He’s not going home.** එයා ගෙදර යන්නෙ නැහැ.
Isn’t
he going home? එයා ගෙදර යන්නෙ නැද්ද?
They’ve
seen us. ඒ අය අපිව දැකල තියනවා.
They
haven’t seen us. / They’ve not seen us.** ඒ අය අපිව දැකල නැහැ.
Haven’t
they seen us? ඒ අය අපිව දැකල නැද්ද?
We’d
met before. අපි ඊට කලින් මුණ ගැහිල තිබුනා.
We
hadn’t met before. / We’d not met before.** අපි ඊට කලින් මුණ
ගැහිල තිබුනෙ නැහැ.
Hadn’t
we met before? අපි ඊට කලින් මුණ ගැහිල
තිබුනෙ නැද්ද?
They’d
like some tea now. ඒ අය දැන් තේ ටිකක් බොන්න කැමති වෙයි (කියල මම හිතනවා).
They
wouldn’t like any tea now. / They’d not like any tea now.** ඒ අය දැන් තේ බොන්න අකමැති වෙයි (කියල මම හිතනවා).
Wouldn’t
they like some tea now? ඒ අය දැන් තේ ටිකක් බොන්න අකමැති වෙයිද (අකමැති වෙයි කියලද ඔයා හිතන්නේ)?
We shouldn't have done it. අපට ඒක නොකරන්නයි තිබුනෙ.
Shouldn't we have done it? අපට ඒක නොකරන්නද
තිබුනේ? / අපට ඒක කරන්න නෙමේද තිබුනේ?
They can’t see it. ඒ අයට ඒක පේන්නෙ නැහැ.
Can’t
they see it? ඒ අයට ඒක පේන්නෙ නැද්ද?
**මෙම තැන්වල මේ නිෂේධාත්මක ප්‍රකාශවල උපකාරක ක්‍රියාපදය මේ දෙආකාරයෙන්ම
කෙටි කළ හැකියි. නමුත් අවිධිමත් භාවිතයේ නිෂේධාර්ථය අවධාරණය කිරීමට අවශ්‍ය අවස්ථාවලදී
නම් දෙවෙනි ආකාරය යොදා ගෙන ‘not’ යන්න බර කර කීම (stress) කෙරෙනවා.
ඉතින් මේ වෙන
තුරු කතා කළේ හැම විටම උපකාරක ක්‍රියාපද යෙදෙන වාක්‍ය ගැනනේ. ඇත යන අර්ථයෙදි
උපකාරක ක්‍රියාවක් සාමාන්‍යයෙන් නොයෙදුනත්, නැත යන අර්ථයෙදි හා ප්‍රශ්නාර්ථයෙදි උපකාරක ක්‍රියාපදයක් යොදා ගැනෙන රටාත්
තියනවනේ.
School
begins at 7.30. ඉස්කොලෙ 7.30ට පටන් ගන්නවා.
School
does not begin at 7.30. (School doesn’t begin at 7.30.) ඉස්කොලෙ 7.30ට පටන් ගන්නෙ
නැහැ.
Does
school begin at 7.30? ඉස්කොලෙ 7.30ට පටන් ගන්නවද?
Does
school not begin at 7.30? (Doesn’t school begin at 7.30?) ඉස්කොලෙ 7.30ට පටන් ගන්නෙ
නැද්ද?
We go
to school every day. අපි හැමදාම ඉස්කෝලෙ යනවා.
We do
not go to school every day. (We don’t go to school every day.) අපි හැමදාම
ඉස්කෝලෙ යන්නෙ නැහැ.
Do we
go to school every day? අපි හැමදාම ඉස්කෝලෙ යනවද?
Do we
not go to school every day? (Don’t we go to school every day?) අපි හැමදාම
ඉස්කෝලෙ යන්නෙ නැද්ද?
She
talked to them yesterday. එයා ඊයෙ ඒ අය එක්ක කතා කළා.
She
did not talk to them yesterday. (She didn’t talk to them yesterday.) එයා ඊයෙ ඒ අය එක්ක
කතා කළේ නැහැ.
Did
she talk to them yesterday? එයා ඊයෙ ඒ අය එක්ක කතා කළාද?
Did
she not talk to them yesterday? (Didn’t she talk to them yesterday?) එයා ඊයෙ ඒ අය
එක්ක කතා කළේ නැද්ද?
මේ ඉහත රටා
තුනේදිම උපකාරක ක්‍රියාපද පාවිච්චි වෙන විට ඒ සමග යෙදෙන්නේ අනිත් ක්‍රියාපදයේ
මූලික ස්වරූපය (bare infinitive) බව මතක තියා ගත
යුතුයි. සාමාන්‍යයෙන් මේ රටාවල ඇත යන අර්ථයෙදි උපකාරක ක්‍රියා පාවිච්චි නොකෙරුනත්, ඇත යන අර්ථය අවධාරණය කිරීමට නම් එහිදීත් උපකාරක ක්‍රියාව යොදා ගෙන එය බර
කර (stress) කියවෙනවා.
We
do/DO go to school every day. අපි හැමදාම ඉස්කෝලෙ යනවා.
She
did/DID talk to them yesterday. එයා ඊයෙ ඒ අය එක්ක කතා කළා.
එසේම ප්‍රශ්නයකට
ඇත යන අර්ථයේ කෙටි පිළිතුරක් දීමේදී උපකාරක ක්‍රියාපදය පමණක් යොදා ගන්නවා.
***නැත යන අර්ථයේ ප්‍රශ්නයකට මේ ආකාරයෙන් ඇත යන
අර්ථයෙන් පිළිතුරු දීමේදී උත්තරයේ උපකාරක ක්‍රියා පදය වඩා බර කර (stress) කිව යුතුයි. (මෙවැනි ප්‍රශ්නවලට උත්තර දීම ගැන තවත් විස්තර
සඳහා “This Isn’t So Difficult. – Yes or No?” බලන්න.)
Does
she come here often? – Yes, she does. / No, she doesn’t. එයා නිතරම මෙහෙ
එනවද? – ඔව්, එනවා. / නෑ, එන්නේ නෑ.
Doesn’t she come here often? – Yes, she does.*** / No, she doesn’t.එයා නිතරම මෙහෙ එන්නෙ නැද්ද? – ඇයි නැත්තෙ? එනවා. / නෑ, එන්නේ නෑ.
Doesn’t she come here often? – Yes, she does.*** / No, she doesn’t.එයා නිතරම මෙහෙ එන්නෙ නැද්ද? – ඇයි නැත්තෙ? එනවා. / නෑ, එන්නේ නෑ.
Did
you meet him last week? – Yes, I did. / No, I didn’t. ඔයාට/ඔයාලට ගිය
සතියෙ එයාව හම්බ උනාද? – ඔව්, හම්බ උනා. / නෑ, හම්බ උනේ නෑ.
Didn’t
you meet him last week? – Yes, I did.*** / No,
I didn’t. ඔයාට/ඔයාලට ගිය සතියෙ එයාව හම්බ උනේ නැද්ද? – ඇයි නැත්තෙ? හම්බ උනා. / නෑ, හම්බ උනේ නෑ.
මීට අමතරව what,
when, who... ආදී ප්‍රශ්නාර්ථ පද (question words) යොදා ගෙන අසන ප්‍රශ්නවලදී, එම ප්‍රශ්නාර්ථ
පදයෙන් නිරූපනය වෙන්නේ ක්‍රියාවට බඳුන් වන දෙය/කෙනා (object) නම්, ප්‍රශ්නාර්ථ පදය වැකියේ මුලින් යොදා අපි කලින් සලකා බැලූ ප්‍රශ්නාර්ථ වාක්‍යවල
රටාවට ඉතිරි කොටස තැබෙනවා.
What
are you doing? මොනවද ඔයා/ඔයාලා කරන්නෙ?
When
did you write this? ඔයා/ඔයාලා කොයි වෙලාවෙද / කවදද මේක ලිව්වෙ?
Who
does she want to meet? / Whom does she want to meet? [විධිමත්] එයාට
කාවද හම්බ වෙන්න ඕනැ?
(මෙවැනි තැන්වල who සහ whom පද භාවිතය ගැන “You Know Who I Am? - දන්නවද මම කවුද කියලා?” ලිපියේ විස්තර
කෙරුනා.)
Whose
book did you take? ඔයා කාගෙ පොතද ගත්තේ?
Where
have they seen her? කොහෙදිද ඒ අය එයාව දැකල තියෙන්නෙ?
Why did
you do it? ඇයි ඔයා/ඔයාලා ඒක කෙරුවේ?
How did
you do it? කොහොමද ඔයා/ඔයාලා ඒක කෙරුවේ?
How many
children do they have? ඒ ගොල්ලන්ට ළමයි කී දෙනෙක් ඉන්නවද?
How much
water should we add to it? අපි ඒකට කොච්චර වතුර එකතු කරන්න ඕනැද?
How much
did it cost? ඒක කීයක් (මිළ) උනාද?
How old
is she? එයාට වයස කීයද?
How fast
can he run? එයාට කොච්චර වේගෙන් දුවන්න පුලුවන්ද?
How far
is it from here to Kandy? නුවරට මෙහෙ ඉඳල කොච්චර දුරද?
How long
is this river? මේ ගඟ කොච්චර දිගද?
How long
have they lived in that house? ඒ අය කොච්චර කල් ඉඳල ඒ ගෙදර ඉන්නවද?
How long
will it take us to finish this assignment? මේ පැවරුම ඉවර කරන්න අපට
කොච්චර වෙලා/කල් යයිද?
How
often does he visit you? එයා ඔයාව/ඔයාලව බලන්න එන්නේ කොච්චර කාලෙකට සැරයක්ද?
What
time does the train leave? කෝච්චිය පිටත් වෙන්නෙ කීයටද?
What
other child/children do you like? වෙන මොන ළමයාටද/ළමයින්ටද ඔයා/ඔයාලා කැමති?
How much
more money do you need? ඔයාට/ඔයාලට තව කොච්චර සල්ලි ඕනැද?
How many
more teachers do they need? එයාලට තව ගුරුවරු
කීදෙනෙක් ඕනැද?
What
more is she asking for? මීටත් වැඩිය
මොනවද එයා ඉල්ලන්නේ?
What/Why/Where/Who(m)/How
else…? වෙන මොකක්ද (මොනවද) / මොන හේතුවකටද / කව්ද / කොහොමද...?
What
else do you want? වෙන මොනවද ඔයාට/ඔයාලට ඕනැ?
නමුත් ප්‍රශ්නාර්ථ
පදය ක්‍රියාව කරන්නා (subject) නිරූපනය කරයි නම් වාක්‍යයේ
ඉතිරි කොටස ඇත යන අර්ථයේ වාක්‍යයක ස්වරූපය ගන්නවා.
Who comes here tomorrow? කව්ද හෙට මෙහෙ එන්නේ?
Who comes here tomorrow? කව්ද හෙට මෙහෙ එන්නේ?
What
happened? මොකක්ද උනේ?
Who
is coming? (Who’s coming?) කව්ද එන්නේ?
කර්ම කාරක (passive
voice) වාක්‍යවල නම් ක්‍රියාවට බඳුන්වන දෙයට/කෙනාට මුල් තැන ලැබෙන නිසා එවායේ ප්‍රශ්න
ඇසෙන්නේ පහත ආකාරයටයි.
The
thief was caught by the policeman. හොරාව පොලිස් නිළධාරියා අල්ල ගත්තා. (හොරාව
පොලිස් නිළධාරියා විසින් අල්ලනු ලැබුවා.)
Who
was caught by the policeman? කාවද පොලිස් නිළධාරියා
අල්ල ගත්තේ? (කාවද පොලිස් නිළධාරියා
විසින් අල්ලනු ලැබුවේ?)
By
whom was the thief caught? කවුරු විසින්ද හොරාව ඇල්ලුවෙ? (කා විසින්ද හොරාව
අල්ලනු ලැබුවේ?)
The
bread has been cut with a blunt knife. පාන් කපලා තියෙන්නෙ මොට්ට
පිහියකින්.
What
has been cut with a blunt knife? මොනවද මොට්ට පිහියකින්
කපලා තියෙන්නේ?
With
what has the bread been cut? / What has the bread been cut with? මොකෙන්ද පාන්
කපලා තියෙන්නෙ?
(“You Know Who I Am - දන්නවදමම කවුද කියලා”, “What Do You Want - මොනවදඕනැ” හා “Just Say No! කොහොමද කියන්නේ?” ලිපිත් බලන්න.)
thnx machn....this posts useful for the student....
ReplyDelete@Anonymous
ReplyDeleteYou're welcome.
good work dear. I got more things from your post..
ReplyDelete@Anonymous
ReplyDeleteHappy to hear that.
@Anonymous
ReplyDeleteThanks.
අයියේ in, on, at ගැන ලිපියක් ලියන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක්, මම බැලුව දැනට එහෙම එකක් ලියැවිල නැහැ නේද?
ReplyDeleteබොහොමත්ම ස්තුතියි ලිපි හරහා බෙදා දෙන වටිනා දැනුමට
@mier
ReplyDeleteමේ සම්බන්ධව නම් තවම ලියවිලා නැහැ තමයි, මල්ලි. ළඟදිම ලියන්නම්.
බොහෝ රටවල මෙන්ම මෙහෙත් කෙනෙක් කතාකරන ඉංග්‍රිසියේ තිබෙන සරු බව මත, කෙනෙකුට වැඩි සැලකිල්ලක් ලැබෙනවා. මේ සදහා නිවැරදි ව්‍යාකරණ වගේම, හිරවෙන්නෙ නැතිව සුමටව කතාකිරීමත් වැදගත්.
ReplyDeleteඒ ඔක්කොම තිබ්බත් කතාකරන්නේ සරල ඉංග්‍රිසි නං , අදහස අනිකාට තේරුනත්, වැඩේ එච්චරම සාර්ථක නෑ. මේ සඳහා සමහර "ඉඩියම්" සහ සමහර "ලොකල්" ස්ලෑන්ග්ස් පාවිච්චි කරන්න ඕනෙ.
ඔන්න ඔතන තමයි කොස්ස. මේ "ඉඩියම්" සහ "ලොකල්" ස්ලෑන්ග්ස් බොහොම පරිස්සමෙන් තමන් ඉන්නා පරිසරය සහ වටේ කෂ්ටිය ( කාර්යාලයක්ද, කර්මාන්ත ශාලාවක්ද, ගෑනුද පිරිමිද) මත කෙරෙන්න ඕනෙ. ඒ වගේම ඉඩියම් නං ටොන් ගානක් සයිට්වල තිබ්බත් සමහර ඒවා දැං භාවිත්යේ නෑ. හරියට කලොත් අදහස හොදට කාවදින්න වචන දෙක තුනකින් කියන්න පුළුවනි, හැබැයි වැරදි/නොගැලපෙන ඒවා පාවිච්චි කලොත්, නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහ ගත්තා වගේ වෙනවා.
මට ෂුවර් අපේ සෑර්ට මේ සඳහා යමක් කරන්න පුළුවන් බව. හරි වැරද්ද නොදන්නවා උනත්, පොඩි "වොම් අපි" එකකටත් එක්ක , මං දන්න ටිකක් :
මට දැං වැලේ වැල් නෑ කියන හැටි:
I'm stone broke.
As poor as a church mouse.
(නෑ, නෑ, මේ මං ගැන නොවෙයි, දෙයියන්ගෙ පිහිටෙන් තාම නං එහෙම වුනේ නෑ)
@Siribiris
ReplyDeleteසමහර ලිපිවල "idioms" කීපයක් ගැන ලියලා තිබුනත් සවිස්තරව තවම ඒවා ගැන ලියලා නැහැ තමයි. බලමු ඉදිරියට යමක් කරන්න.
මේ සම්බන්ධව ප්‍රයෝජනවත් වෙබ් අඩවි දෙකක් නම් මම කලින් ලිපියකත් සඳහන් කළා: "http://www.yourdictionary.com/idioms/", "http://www.idiomdictionary.com/"
හැබැයි "local slang" නම් අල්ල ගන්න වෙන්නෙ භාවිතයෙන්ම තමයි.