Sunday, September 5, 2010

How Do You Learn a Language? - භාෂාවක් ඉ‍ගෙන ගැනීම ගැන


මේ ළඟදි දැක්ක Youtube වීඩියෝවක ඉතාලි ජාතික ලුකා (Luca) නැමැත්තෙක් භාෂා අටකින් - එනම් ඉංග්‍රීසි (English), ඉතාලි (Italian), ප්‍රංශ (French), ජර්මන් (German), ස්පාඤ්ඤ (Spanish), ඕලන්ද (Dutch), ස්වීඩන් (Swedish), රුසියානු (Russian) - කතා කරනවා. මේ භාෂාවන් සියල්ලේම ඔහුගේ හැකියාව එකම මට්ටමකට නොමැති බව ඔහුම පවසතත්, ඒවා ඔහු යම් සාර්ථක මට්ටමකින් හසුරුවන බව පෙනෙනවා. එසේම ඒ භාෂාවන්ගේ ඔහුගේ උච්චාරණය ඒවා මව් භාෂාව ලෙස කතා කරන්නන්ගේ ස්වරූපයට ඉතා ආසන්න වීමත් විශේෂයක්. (ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය ඇමරිකානු විලාශයක් ගන්නවා.)


ඔබ මෙම වීඩියෝව සහිත ‘Youtube’ පිටුවට ගියහොත්, ඔහු එම විවිධ භාෂාවලින්ම කතා කරමින් ඒ ඒ භාෂාවට අදාළ කරුණු සඳහන් කරන වෙනත් වීඩියෝ දර්ශන ගැන  එහි ‘suggestions’ යටතේ දකින්නටත් ලැබේවි. එවාගේ මුල් වීඩියෝවේ නොමැති චීන (Chinese) සහ පෘතුගීසි (Portuguese) බස්ද තිබෙනවා.          

එම වීඩියෝව නැරඹූ අය‍ බොහෝ දෙනෙක් භාෂා අධ්‍යයනය පිනිස යොදා ගන්නා ක්‍රම වේදයන් ගැන අසා ඇති නිසා ඔහු වෙනත‍් වීඩියෝවක තමන් භාෂා ඉගෙනීම සඳහා භාවිතා කරන ‘ක්‍රමය’ පැහැදිලි කරනවා. තමා භාෂා පිළිබඳ මහාචාර්ය වරයෙකු වැන්නෙකු නොවන බවත්, විනෝදාංශයක් ලෙස ඒවා හදාරණ බවත් එහිදී පවසනවා. භාෂාවක් හොඳාකාරව ඉගෙනීම පහසු දෙයක් නොවුණත් එය කරන ආකාරය දන්නේ නම් එම කාර්යය වඩා පහසු වන බව ප්‍රකශ වෙනවා. එමෙන්ම භාෂා අධ්‍යයනයේදී තමන් වැදගත් කොට සලකන කරුණු කීපයක් ඔහු සඳහන් කරනවා.



***භාෂාවක් හැදෑරීම සඳහා එම කාර්යය නිරතුරුව කළ යුතු බව (දිනපතා හෝ අඩු තරමින් සතියකට දින පහක්වත්, දිනකට පැය භාගයක් හෝ පැයක් බැගින්) එහිදී පැවසෙනවා. සැම දිනකම පාහේ ටිකක් ඉගෙන ගැනීම, පුරා දින දෙකක් ඉගෙන ඉන් පසු සතියේ අනිත් දිනවල කිසිවක් නොකිරීමට වඩා වැඩදායක බව ඔහු අවධා‍රණය කරනවා. 

***ස්වාභාවික ආකාරයට ඉගෙනීම ඊළඟට සඳහන් කෙරෙනවා. ව්‍යාකරණ නීති මගින් ඉගෙනීම පටන් ගැනීම එය එපා වීමට තුඩු දිය හැකි බවත්, ස්වාභාවික සංවාද ඇසුරින් ඉගෙන ගන්නා ක්‍රමයක් භාවිතය සුදුසු බවත් ඔහු පවසනවා.

***භාෂාවක් හැදෑරීම අපහසුවෙන් තොරව කළ යුතු ප්‍රසන්න දෙයක් විය යුතු බව කියවෙනවා. මුලදී යම් යම් දේ අමතක වීම ආදිය නිසා ඇති වන සිත් තැවුල්වලදී, පසුව ඒවා ඉතා පහසුවෙන් මතකයේ රැ‍‍ඳෙන බව සිහි කර සිත ඉහිල් කර ගත යුතු බව ඔහු පවසනවා.

ඔහුගේ භාෂා අධ්‍යයනයේ අදියර තුනක් ඔහු සඳහන් කරනවා.   

1‍. ඔහු මුලින්ම යම් භාෂාවකින් ඇති සංවාදයක් අසා හෝ කියවා එය තමන්ම කීප විටක් කියනා බව බව පවසනවා. පසු අවස්ථාවක දෙවෙනි සංවාදයක් එසේ කරන අතරේදී මුල් සංවාදය තම මව් භාෂාවෙන් ලියා, එය ඉගෙන ගන්නා භාෂාවට තමන්ම පරිවර්තනය කර, මුල් පිටපත සමග සසඳන බවත් සඳහන් කරනවා. මෙම ඉගෙන ගන්නා බසට තමන්ම නැවත පරිවර්තනය කිරීමේ ක්‍රියාව භාෂාවේ ස්වරූපය උකහා ගැනීමට ඉතා වැදගත් බව ඔහු අවධාරණය කරනවා. එසේම අදාළ ව්‍යාකරණ රටාවන් ලියා ගැනීම‍ද කළ හැකි බව දක්වනවා. ( මෙම අදියර මාස 3 – 6 ගන්නා බව සඳහන් වෙනවා.)

2. මාස හයක් පමණ ගන්නා මෙම අදියරේදී පළමු අදියරේ කළ ක්‍රියාවලියම වඩා සංකීර්ණ ලියවිලි භාවිතයෙන් කරනා බව ඔහු සඳහන් කරනවා. මේ ආකාරයෙන් මුල සිට වසරක් පමණ ගත වන විට තමන් උගත් දේ ගැන පුදුම හිතෙන බවත්, මෙතැන් පටන් වැඩිදුර අධ්‍යයනය කලින්ට වඩා බොහෝ පහසු වන බවත් පැවසෙනවා.

3. තෙවන අදියරේදී උපසිරැසි සහිත චිත්‍රපට නැරඹීම හා  පුවත්පත් බැලීම කරන බව ප්‍රකාශ වෙනවා. මේ ආකාරයෙන් මුල සිට අවුරුදු 1 ½ - 2 ක් ගත වන විට හොඳ හෝ ඉතා හොඳ දැනුමක් ලැබෙන බව දැක්වෙනවා.

උච්චාරණය සම්බන්ධව ඔහු පවසන්නේ මුල් අවධියේදීම නිවැරදි උච්චාරණයට සවන් දීම හා එය අනුකරණය කිරීම ඉතා වැදගත් බවයි. වෙන් වෙන් වචනවල නිවැරදි උසුරුව මෙන්ම වාක්‍යවලදී යෙදෙන  උච්චාරණ රටාවද (intonation) අනුගමනය අවශ්‍ය බවත්, ඉතාලි වැනි භාෂාවලදී එම රටාවන් වඩාත් වැදගත් බවත් සඳහන් කෙරෙනවා. මේ සම්බන්ධව මුලින් ‘Teach Yourself’ හා මධ්‍යම අදියරේදී ‘Assimil’ වැනි පොත් මෙන්ම පටිගත කළ සංවාදද අඩංගු පාඩම් මාලා උපයෝගි කර ගන්නා බව ඔහු පවසනවා.

ලුකා භාෂා අධ්‍යයනයේදි උපයෝගි කර ගන්නා උපක්‍රම ලංකාවේ අයට ඉංග්‍රීසි ඉගෙනීමේදී තරමක් දුරට හෝ ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. නමුත් තමන් යොදා ගන්නා ක්‍රමවේදයන් තමන්ට ගැලපීමත් වැදගත්. අපි ඉදිරි ලිපියකින් බලමු භාෂා ගණනාවක් හදාරා ඇති මහාචාර්යවරයෙක් භාෂා අධ්‍යයනය ගැන කියන සවිස්තරාත්මක දේ ගැන.

සේයාරුවට ස්තුතිය: woodleywonderworks

18 comments:

  1. කොච්චර කලත් මතක හිටින්නෙ නැහැනෙ.මොකද්ද කරන්නේ........

    ReplyDelete
  2. @dinesh

    මතක තියා ගන්න අවශ්‍ය දේ දන්න දේවලට සම්බන්ධ කරලා ඉගෙන ගන්න බලන්න. උදාහරණයක් හැටියට, 'deleterious' වචනය 'delete' සහ 'serious' වචන ආශ්‍රයෙන් මතක තියා ගන්නා පුලුවන්, ඒවාගෙ අර්ථය අතින් සම්බන්ධයක් නැති වුණාට.

    ReplyDelete
  3. බොහොම වැදගත් අදහසක්....භාශාවක් ඉගෙන ගන්න ව්‍යාකරන වලින් පටන් ගන්න එක වැරදියි.....

    ReplyDelete
  4. @indi

    ඔව්, භාවිතය ආශ්‍රයෙන් ඊට අදෘළ ව්‍යාකරණ රටා ඉගෙන ගන්නවා ම්සක්, මුලින් නීති රීති ඉගෙන ගන්න ගියොත් වෙන්නෙ එපා වෙන එකයි (ටික දෙනෙකුට ඇරෙන්න).

    ReplyDelete
  5. Rosetta stone pawichchi karanna.

    ReplyDelete
  6. @Anonymous

    'Teach Yourself', 'Assimil' වැනි පාඩම් මාලාවල තියෙන්නේ අදාළ බස‍ට සම්බන්ධ පසුබිමක් සහිත සංවාද ආශ්‍රයෙන් ඉගැන්වීමක්. ඒ සංවාදවලට අදාළ භාෂා රටා හා භාවිතයේ පසුබිම ගැන යම් පැහැදිලි කිරීමකුත් කෙරෙනවා.

    'Rosetta Stone' හි ඇත්තේ වෙනම ක්‍රමයක්. එහි යම් රූපයක් දී ඊට යම්බන්ධ තනි කියමනක් ඉදිරිපත් කෙරෙනවා. භාෂා පසුබිමක් හෝ පැහැදිලි කිරීමක් නැහැ. ඉතා වෙනස් පසුබිම් සහිත බස් - උදා: ජර්මන් සහ හින්දි - සඳහා එකම රූප හා කියමන් භාවිතා කිරීම මම නම් ද‍‍කින්නේ අඩුවක් ලෙසයි.

    ReplyDelete
  7. හුටා.... දාලා නේද "ට්‍රැ‍ෆික් ෆීඩ්" ගැජමැටික් එකක්? හපෝයි, ඉතිං හොර බළල්ලු වගේ ඇවිත් කියවලා, කොමෙන්ට් නොකර ගිහිං හමාරයි.

    ReplyDelete
  8. @Siribiris

    ඕක නම් දාලා දැන් ටිකක් කල්.

    ReplyDelete
  9. හත් ඉලව්වයි..ඩබල් හුටා..එහෙනං පටි රෝල්ම තමා.කොහෙද මෙලෝ සිහියක් නැතිව හොරා කන්න කුස්සියට රිංගනවා වගේ එනවා මිසක්, වටපිට බලන එකක්යෑ

    ReplyDelete
  10. Sujeewa , don't you think the biggest hindrance for us to learn and talk english is the social barricade ? In Sri Lanka English has an unrealistic cutural attachment . If one speak english he/she has and will maintain a certain social behaviour.Take for exmaple any family , school , pvt co or a bank that gives prominence to english and you will see at once that their culture is totally different to the general sinhlaese spaeking culture. We dont treat english as a language but rather an instrument to elevate our socail status.Compare this with the use of Hindi in SL .We use this only as a communication tool. We dont speak in hindi , but we hear it more often though we dont undertands it.If we ask sri lankans learn Hindi rather than English I am sure we will become very prfocient in not time because no one will be bothered about making mistakes in speaking in public.

    I may be worng , but I think Indians treat English as a communication tool and they do not have the same cutural impact as we have associated with english. They are not simply not bothered with their pronounciation or the grammer , they just talk which we don't. They may have access to better english based education , but its the lack of social impact that makes them better at english than us.

    ReplyDelete
  11. @Anonymous

    You have brought up a very interesting point. If English were culturally so close to us as Hindi, which is from our neighbouring country, we certainly would have had a much easier time learning it and integrating it into our lives. Unfortunately for us, the English language comes from a vastly different cultural milieu.

    Unlike a constructed language like Esperanto, any natural language contains some cultural links to the setting where it is mainly used. Therefore, researchers have found that speaking a second language from a different culture may even influence one's very personality.
    (Ref: "http://www.telegraph.co.uk/news/uknews/1493260/A-second-language-changes-personality.html")

    Anyway, this is not to say that some of us Sri Lankans don't overplay this cultural influence, probably thinking that we have to behave just like Englishmen or Americans when we speak English. I also think this is a misguided notion though it may not be possible to avoid cultural influence entirely.

    What has happened in India is that English has been sort of assimilated into the Indian setting. This comes naturally to Indians as they are used to dealing with so many regional languages anyway. However, this has had good as well as bad effects. While lots Indians have gained the ability of using English in some way, sometimes it is hard for an outsider to understand what some of them say.

    So I think we would do well to find some middle ground between these two tendencies.

    ReplyDelete
  12. හෙහ්..හෙහ්..ඇනෝගෙ කතාවට මමත් එකඟයි. නෝ ඉංග්ලිශ් වලට වඩා බ්‍රෝකන් හොඳා. මැද පෙරදිග මාත් එක්ක වැඩ කරලා තියනවා ඉංදියන් කට්ටිය, වතුර වගේ බ්‍රෝකන් ඉංග්ලිශ් කතා කරනවා. ග්‍රැමර්,choice of words, සත පහක ගානක් නෑ. සීමිත වචන ටිකක් තියෙන්නෙ, ඒත් දෙනවා නේද ඇෂ්ටි හැලෙන්න.කිසිම විටක අදහස කියාගන්න බැරුව හිරවෙන්නෙ නෑ.

    මේක විශේෂයෙන්ම තියෙන්නෙ පහල සමාජ/අධයාපන මට්ටමේ ඉංදියානුවන් අතරයි. මට තේරෙන විදිහට හිංදියෙන් හිතලා කෙලිංම ඉංග්‍රිසියට හරවනවා. "මම දැං ගෙදර ගිහිං ,නාලා කෑම කනවා" කියන එකට ඔලුව දෙපැත්තට පද්දලා කාරිය, මෙහෙම කියනවා: "ගොයිං හෝම්, වන් බාත, වන් ෆුඩ."

    මධ්‍යම පාංතික ඉංදියානුවන්ගේ ඉංග්‍රිසි සෑහෙන්න ඉහලයි, ඒත් උච්චාරණය, අර ප්‍රසිද්ද , "R" එක රෝල් කිරීම වගේ පරශ්ණ තියනවා. ගෝවෙන් වගේ පලාත් වලින් එන, පල්ලියේ අධ්‍යාපනය ලබපු අයගේ ඒ ප්‍රශ්ණයත් නෑ.

    Bottom line is, broken English or not, Indians are on their way to success, both economically and academically. The question is , where are we heading? I've met Indians ( not belong to the generation born here)who speak with a thick American accent together with proper pronunciation of American "R." Mind you, that is not a pony accent, as some of our people trying to do.

    ReplyDelete
  13. @Siribiris

    I agree with you fully that India today is far ahead of us regarding English language skills (and, of course, regarding lots of other matters too). In fact, I have highlighted this fact in the second post I wrote on this blog (http://ingirisi.blogspot.com/2009/12/english-period-cut.html).

    While people from the lower levels of society there speak a kind of pidgin, the Indian middle class is much better at it, as you have correctly pointed out. And people like Indian filmstars sometimes speak English like native speakers (e.g. Amitabh Bachchan, Aishwarya Rai...)

    I think there are several reasons for this:

    One of them is the fact that India didn't reject English after independence like we did with a false sense of national pride. Perhaps this single fact is responsible for the sorry state we are in today language-wise more than anything else.

    However, Indians have had another advantage in that most of them grow up picking up several languages from their surroundings and English - or some variant of it - simply has become one of them. Our people generally don't get this multilingual experience. Many Sri Lankans are brought up in a monolingual background and therefore expressing themselves in another language doesn't come so naturally to them.

    In the light of these facts, I have my doubts about trying to imitate India in our language learning/teaching here. I think we should rather find our own model, but whether we have the vision to do this as a nation is a moot point.

    ReplyDelete
  14. I agree. As you said, implanting the "Indian Model" may not be best thing to do, though we can learn many things from them.

    I think, first of all we have to get rid of our habit of rejecting everything "Western" in the name of "National Pride." One can always argue about Japan or Other Scandinavian countries and their success without English, but ours is a poor 3rd world country just came out of 30 odd years civil war.

    Turning the blind eye is never a good solution. For example, we all know our country largely depend on foreign exchange brought by our middle-east employed domestic workers, yet we want to keep that in the dark, because that hurt out "National Pride." In contrast, countries like Philippine, thrive on that by accepting that fact and supporting that. The end result, they get a higher pay rate by their Arab employers.

    I don't want to sound too political here, but can't stand our ignoring the "elephant in the room" habit. Everybody talks about bridging the vast gap between the city and the village, but done very little about it. In no fan of any political party, but I fully support improving our road system, regardless of done by whom. Building libraries and matching the Colombo school facilities in villages may not be easy but making on-line libraries and make them available for village student could be a much better idea. Call me a traitor -as I no longer resides in SL ( but,for that I've my own personal reasons), nevertheless, this is the country I was born and nothing is going to change that.

    ReplyDelete
  15. @Siribiris

    Yes, we Sri Lankans have a nasty habit of burying our head in the sand. We often behave as if something wouldn't exist if we didn't take note of it.

    And then we have the chronic unwillingness to take a stand even on matters of vital importance. People generally don't like to stand up and be counted. I don't know whether it's apathy or cowardice, but this allows the policy-makers to implement wrong policies without much resistance. The realms of language, and education in general, have been no exception.

    ReplyDelete
  16. අයියෙ මම ලගදියි ඔයාගේ බ්ලොග් එක දැක්කේ,හරි වටින බ්ලොග් එකක්.මම මුල ඉන්දන් study කරගන එනවා.ඒ පෝස්ට් වල මොකක් හරි ප්‍රස්ණයක් තිබ්බොත් අලුතෙන් ලියුව පෝස්ට් එකේ කමෙන්ට් එකක් දාන්නම්,කමක් නැහැනේ.දිගටම කරගන යන්න සුබ පතනවා

    ReplyDelete
  17. @පුබුදුවා

    මල්ලි, අළුත් පෝස්ට් එකේ නෙමේ, ඒ අදාළ පෝස්ට් එකේම ප්‍රශ්න අහන්න. ‍කොතන කොමෙන්ට් කළත් මට ඊ-මේල් මගින් දැන ගන්න ලැ‍බෙන නිසා උත්තර දෙන්න පුලුවන්.

    මේ ප්‍රයත්නය අගය කළාට ස්තුතියි.

    ReplyDelete
  18. ආහ් එහෙනම් මම එතනම ප්‍රශ්ණ තිබ්බොත් ලියන්නම් අයියෙ.බොහොම පින්

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails