Friday, November 19, 2010

Is Everyone Ready? එක් කෙනෙක්ද?



ඉංග්‍රීසි භාෂාවෙ ඇතැම් වචන භාවිතා වෙන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න අපට සිදු වෙනවා, ඒවා සිංහල රටාවලින් වෙනස් වෙන නිසා. සියල්ල/සියලු දෙනා/ඔක්කොම වැනි අර්ථ ඇතිව යෙදෙන වචන කීපයක් ගැන අවධානය යොමු කරමු.

1. every

සෑම, ‘සියළු යන අර්ථය දෙන මෙම පදය බොහෝ විට යෙදෙන්නේ ගණන් කළ හැකි ආකාරයේ ඒක වචන නාම පද (singular countable nouns) සමගයි.

Every child received a gift. හැම ළමයාටම තෑග්ගක් ලැබුනා.

We see them every day. අපි හැම දාම ඒ අයව දකිනවා.

***නමුත් කීප දෙනෙක් හෝ යම් දේවල් කීපයක් එක් කණ්ඩායමක් ලෙස සැලකෙන විට every’ පදය බහු වචන සමගත් යෙදෙනවා.

I have to go there every three days. මට දින තුනකට සැරයක් එහේ යන්න වෙනවා.

They get a break after every two lessons. ඒ  අයට හැම පාඩම් දෙකකට පස්සෙම විවේකයක් ලැබෙනවා.

*** සියල්ල/සෑම දෙයක්ම අර්ථය ඇති everything’ යන්නත්, ‘සියලු දෙනාඅර්ථය දෙන everyone/everybody’ යන ඒවාත්, තනි වචන ලෙස ලියවෙනවා. සෑම දිනකම යන අදහස ඇති every day’ යෙදුම වචන දෙකක් වශයෙන් ලියවෙන නමුත් එය නාම විශේෂණයක් ලෙස යෙදෙන විට නම් තනි පදයක් ලෙස ලියවෙනවා.‍

We do that every day. අපි ඒක හැම දාම කරනවා.

It’s one of our everyday activities. ඒක අපේ එදිනෙදා ක්‍රියාකාරකම්වලින් එකක්.

2. each

මෙම වචනයත් ඇතැම් විට every’ පදයට සමාන ලෙස යෙදෙනවා.

Every/Each student will be given an assignment. හැම ශිෂ්‍යයෙකුටම පැවරුමක් දෙනවා (දෙනු ලබනවා).

***නමුත් මෙහි යෙදීමේ වෙනස්කම් තියෙනවා. every’ භාවිතා වෙන්නේ තුනක්/තුන් දෙනෙක් හෝ වැඩි ගණනක් ඇති විට වුණත්, දෙකක්/දෙදෙනෙක් හෝ වැඩි ගණනක් ඇති විට each’ යෙදිය හැකියි.

The child had a mango in each hand. ළමයාගේ අත් දෙකේම අඹ ගෙඩියක් තිබුනා (අතක අඹ ගෙඩිය බැගින්).
(දෙකකින් හැම එකේම යන මෙම අර්ථයෙන් either’ පදයත් පාවිච්චි වෙනවා: The child had a mango in either hand.’)

***ඒ වගේම අදාළ දේ/පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් සැලකෙන අවස්ථාවලදී සාමාන්‍යෙයන් each’ පදයත්, සියල්ල ගැන පොදුවේ කතා කෙරෙන අවස්ථාවලදී සාමාන්‍යෙයන් every’ පදයත් ගැනෙනවා.

Each patient had to take (undergo) a different test. එක එක රෝගියාට වෙන වෙන පරීක්ෂණවලට භාජනය වෙන්න උනා.

Every patient was treated by the same doctor. හැම රෝගියාටම බේත් දුන්නේ එකම වෛද්‍යවරයා.
(සියල්ලන් පොදුවේ සැලකෙන මෙවැනි ප්‍රකාශවලට ඉතා ආසන්න අදහසක් all’ පදය ආශ්‍රයෙනුත් ප්‍රකාශ කළ හැකියි: All the patients were treated by the same doctor. රෝගීන් ඔක්කොටම බේත් දුන්නේ එකම වෛද්‍යවරයා.)

***එසේම each’ පදය යොදා ගන්නා ඇතැම් ආකාරවලට every’ යොදා ගැනෙන්නේ නැහැ.

Each of the ministers spoke for about half an hour. / The ministers each spoke for about half an hour. / The ministers spoke for about half an hour each. හැම ඇමතිවරයාම පැය භාගයක් විතර කතා කළා (එක් කෙනෙක් පැය භාගයක් පමණ බැගින් සියලු දෙනා කතා කළා ).

3. all

සියල්ල/සියලු දෙනා පොදුවේ සැලකෙන අවස්ථාවල මෙම පදය ගණන් කළ හැකි මෙන්ම ගණන් කළ නොහැකි නාම පද සමගත් භාවිතා වෙනවා. ගණන් කළ හැකි නාම පදවලදී මෙය යෙදෙන්නේ ඒවායේ බහු වචනය සමගයි. එසේම කලින් පදවලට වෙනස් ආකාරයෙන් මෙහිදී අර්ථයට සුදුසු පරිදි නාම පදයට පෙර ‘the’ යෙදීම හෝ නොයෙදීමත්, එසේ නැතිනම් this, your…’ වැන්නක් යෙදීමත් කෙරෙනවා.

All the students have passed the exam. ශිෂ්‍යයො ඔක්කොම විභාගෙ පාස් වෙලා.

All my friends have come. මගෙ යාළුවො ඔක්කොම ඇවිත්.

All applicants should submit a police report. අයදුම්කරුවන් ඔක්කොම පොලිස් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනැ.

All the water was used. වතුර ඔක්කොම පාවිච්චි උනා.

***බහු වචන නාම පදයට පෙර සංඛ්‍යාවක් සඳහන් විට the’ අත් හැරීම බොහෝ විට කෙරෙනවා. (පහත සඳහන් both සමග මෙන්)

All (the) three friends came to see me. යාලුවො තුන් දෙනාම මාව බලන්න ආව.

***නාම පදයට පෙර the, your…’ ආදී පද යෙදෙන තැන්වලදී ඇතැම් විට all of’ ද භාවිතා වෙනවා. සර්වනාම (pronouns) සමග නම් සැම විටම යෙදෙන්නේ මේ ස්වරූපයයි.

All of the students have passed the exam. ශිෂ්‍යයො ඔක්කොම විභාගෙ පාස් වෙලා.

All of my friends have come. මගෙ යාළුවො ඔක්කොම ඇවිත්.

All of us were there. අපි ඔක්කොම එහේ ගියා/හිටියා.

***මෙය පහත ආකාරයටත් භාවිතා කළ හැකියි.

The students have all passed the exam. ශිෂ්‍යයො ඔක්කොම විභාගෙ පාස් වෙලා.

My friends have all come. මගෙ යාළුවො ඔක්කොම ඇවිත්.

*** සියල්ල/සියලු දෙනා යන අර්ථයෙන් all’ යන්න තනි පදයක් ලෙස යෙදෙන විට, මුල් අර්ථය සඳහා ඒක වචන ලෙසත්, දෙවෙනි අර්ථය සඳහා බහු වචන ලෙසත් සැලකෙනවා. නමුත් වර්තමාන ඉංග්‍රීසියේ මේ වෙනුවට බොහෝ විට everything’ හා everyone/everybody’ ගැනෙනවා.

All was lost. / Everything was lost. ඔක්කොම නැති උනා.

All have come. / Everyone has come. හැමෝම ඇවිල්ලා.

4. both

දෙදෙනෙක් අතරින් දෙදෙනාම/දෙකක් අතරින් දෙකම යන අර්ථයෙන් යෙදෙන මෙය බහු වචන නාම පද සමග භාවිතා වෙනවා. මේ සමග එන නාම පදයට පෙර සුදුසු ලෙස these/your…’ වැන්නක් යෙදිය හැකියි. the’ යෙදීම ඇතැම් විට කෙරුනත් බොහෝ විට එය අත් හරිනු ලබනවා.

Both (the) girls are intelligent. ගෑණු ළමයි දෙන්නම බුද්ධිමත්.

Both these girls are intelligent. මේ ගෑණු ළමයි දෙන්නම බුද්ධිමත්.

Both our girls are intelligent. අපේ ගෑණු ළමයි දෙන්නම බුද්ධිමත්.

***එසේම all’ හිදී මෙන් පහත රටාවත් යොදා ගැනෙනවා.

The girls are both intelligent.

***සර්වනාම සමග යෙදෙන්නේ both of’ ස්වරූපයයි.

Both of them are intelligent. ඒ අය දෙන්නම බුද්ධිමත්.

***මෙය තනි පදයක් ලෙසත් යෙදෙනවා.

Both are intelligent. දෙන්නම බුද්ධිමත්.

5. either

එකක් හෝ අනෙකයන අර්ථය සාමන්‍යයෙන් ඇති මෙම වචනයත් ඇතැම් අවස්ථාවල දෙකක්/දෙදෙනෙක් අතරින් කොයික/කොයි කෙනා හෝ, ‘දෙකේම එක බැගින් වැනි අර්ථවල යෙදෙනවා.

Either you or your wife can sign the document. ඔයාට හරි ඔයාගෙ බිරිඳට හරි ලියවිල්ල අත්සන් කරන්න පුලුවන්.

Either person can sign the document. දෙන්නාගෙන් කාට හරි ලියවිල්ල අත්සන් කරන්න පුලුවන්.

Either of you can sign the document. ඔයාලා දෙන්නාගෙන් කාට හරි ලියවිල්ල අත්සන් කරන්න පුලුවන්.

There’s a lamp post at either/each end of the street. පාරේ කෙළවර දෙකේම ලයිට් කණුවක් තියනවා (එක් කෙළවරක එක බැගින්).

(සේයාරුවට ස්තුතිය: no3rdw)


6 comments:

  1. I read each and every post in your blog.

    ReplyDelete
  2. @ලාංකීය බ්ලොග් කියවනය
    ස්තුතියි.

    ReplyDelete
  3. Thanks. Each post in your blog teaches us a lot.

    ReplyDelete
  4. @thameera
    You're welcome. The only problem is that I'm unable to post very often these days, but I'll try to do so every time I get a chance.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails