Wednesday, January 6, 2010

You Wont Lawcal English? - අපේ කඩ්ඩේ වගතුග

 සේයාරුව takomabibelot ගෙන්

, , , , , , , , ,... අපි සිංහල හෝඩිය ඉගෙන ගත්තා මතකද? අකුරු කොහොම වෙතත් මේ ස්වර නම් උපන්දා ඉඳලා අපට හුරුයි. මොකද, මේවා ඔක්කොම අපේ භාෂාවෙ ස්වභාවයෙන්ම තියන ශබ්දනේ. ඉතින් අපට ටොයිස්. මේ , “ දෙකත් එහෙමම තමා. කිසි අවුලක් නැහැ.

ඊට පස්සේ ඉංග්‍රීසිත් ඉගෙන ගන්න පටන් ගත්තා කියමුකෝ. මෙන්න වැඩක්. ටීචර් එක එක විදිහට එක එක ඉංග්‍රීසි වචනවල “O” ශබ්දය  කියනවා. අපි නම් දන්නේ අපේ , “ දෙක විතරනේ. ඒ දන්න විදිහට කිව්වම ඒක වැරදියි කියනවා. සමහර වෙලාවට කට රවුම් කරන්න ඕනැලු. අනිත් වෙලාවට නැතිලු. මොන කරදරයක්දඉංග්‍රීසි දන්න පවුල්වල අයට නම් ගේමක් නැහැ වගේ. (ඒ කාලේ අපි දැනගෙන හිටියේ නැහැනේ උන්ටත් සමහර ඒවා පැටලෙන බව.) අපි නම් ඔන්න ඔහේ පුරුදු විදිහටම කියනවා.‍

විහිළුවක් වගේ පෙනුනට මෙහෙම තමා වෙන්නේ. ඉංග්‍රීසියෙ “O” ශබ්ද කීපයක් තියෙනවා. ඒවා ඔක්කොටම පුරුදු කරන්න ඉංග්‍රීසි period එකේ වෙලාව මදි. පංතියෙ ගොඩක් අය ඉන්නවනේ. පවුල් පරිසරයෙන් ඉංග්‍රීසි තරමක් දුරට හරි හුරු වෙලා ඉන්න අයට වැඩි ගැටළුවක් නැති වුණාට, අනිත් අයට නම් මේවා පුරුදු වෙන්න එතරම් ඉඩක් ලැබෙන්නේ නැහැ.

අපි බලමු මොනවද මේ ශබ්ද රටා (phonemes) කියලා. (මේ ලිපිය සංස්කරණයෙන් පසසේ ටිකක් දික් වුණා. නිවීහැනහිල්ලේ කියවලා බලන්න.)

මේ ශබ්ද නිරූපනය කරන IPA සංකේත පහත දක්වා තිබෙනවා. ඒ සංකේත මාතෘකාවේ දැක්වෙන තැන්වල එක් එක් තනි සංකේතයට සම්බන්ධ කර ඇති ඊට අදාළ විකිපීඩියා පිටුවේ තිබෙන sound sample” සබැඳියෙන් (link) ඒවාගේ ශබ්දයට වෙන වෙනම සවන් දිය හැකියි.

ඉන් පසුව උදාහරණ වශයෙන් දී ඇති වචනවලදී, එක් එක් අක්ෂර රටාවේ පළමුවැන්නට ඈඳා ඇති TheFreeDictionary හෝ Oxford Learner’s Dictionaries හි අදාළ පිටුවේ එම වචනයේ උච්චාරණය බ්‍රිතාන්‍ය හා ඇමරිකානු දෙආකාරයෙන්ම ඇසිය හැකියි. 

1. /əʊ/ - /oʊ/ රටාව (ə + ʊ හෝ o + ʊ) 

මේ ශබිදය මේ ආකාරයට සිංහල භාෂාවෙ නම් නැහැ. මේක ද්විත්ව ස්වරයක් (diphthong). බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ əʊ ලෙසත්, ඇමරිකානු ව්‍යවහාරයේ oʊ ලෙසත් බොහෝ දුරට කියවෙන‍වා.

එය අපේ රටේ හුඟක් අය තනි ස්වරයක් (monophthong) වශයෙන්, එනම් අපේ /oː/ ශබ්දය* ආකාරයෙන් උච්චාරණය කරනවා. මෙය අද ලංකාව, ඉන්දියාව ආදී රටවල ඉංග්‍රීසි කතා කරන්නන් බහුලව භාවිතා කරන්නක් නිසා එයට ප්‍රාදේශීය පිළිගැනීමක් (regional acceptance) ලැබී තිබෙනවා.
(*IPA සංකේතයකට පසුව : ලකුණ යෙදෙන්නේ එය එහි දිග ස්වරූපය (long sound) බව දැක්වීමටයි. උදා: ඔ /o/, /o:/)

උදාහරණ:

o /əʊ/ - /oʊ/ (no, so, go, zero, veto)

note /nəʊt/ - /noʊt/ (vote, rote, tote, mode, node, lobe, probe, robe, lone, cone, phone, clone, rose, nose, close, clothes, pole, sole, hole, whole, mole, role) [නමුත් gone මෙසේ නොවේ. පහත බලන්න.]

boat /bəʊt/ - /boʊt/ (coat, moat, float, load, loan, toad, cloak, soak, throat) [නමුත් broad මෙසේ නොවේ. පහත බලන්න.]

low /ləʊ/ - /loʊ/ (flow, slow, row, mow, know) 

pillow  /ˈpɪləʊ/ - /ˈpɪloʊ/  (mellow, callow)

bowl /bəʊl/ - /boʊl/

both /bəʊθ/ - /boʊθ/ (loth) [නමුත් cloth මෙසේ නොවේ. පහත බලන්න.]

roll /rəʊl/ -/roʊl/ (poll, knoll) [නමුත් doll මෙසේ නොවේ. පහත බලන්න.] 

folk /fəʊk/ - /foʊk/ (yolk)

gross /grəʊs/ - /groʊs/  [නමුත් cross, loss ආදිය මෙසේ නොවේ. පහත බලන්න] 

cold /kəʊld/ - /koʊld/ (sold, bold, told, fold, scold, soldier)

mould [බ්‍රි (බ්‍රිතාන්‍ය)] - mold [(ඇමරිකානු)] /məʊld/ - /moʊld/

most  /məʊst/ - /moʊst/ (host, don’t) [නමුත් lost, cost මෙසේ නොවේ. පහත බලන්න] 

only /ˈəʊnli //ˈoʊnli/ 

local /ˈləʊkəl / - /ˈloʊkəl /focus /ˈfəʊkəs/ - /ˈfoʊkəs/ (focal, vocal, locus, motive, votive, motion, lotion, notion, potion, oval, over) 

motor /ˈməʊtə(r) / - /ˈmoʊtər / (rotor)

[බ්‍රි] progress (n.) /ˈprəʊgrɛs/ (process)

2.
/ɒ/ රටාව  

මෙම ස්වරය අපට නුහුරුයි. සිංහල හිදී මෙන් නොවී, හොඳින් කට විවෘත කර කිව යුතු වෙනවා. බොහෝ ඇමරිකානුවන් මෙහිදී කට රවුම් නොකරන නිසා ඔවුන්ගේ මේ ශබ්දය කට පසු පසින් නැගෙන ආ /ɑː/” ස්වරයට ආසන්න වෙනවා. ඒ නිසා ඇමරිකානු උච්චාරණය දක්වන බොහෝ තැන්වල මේ ශබ්දය සඳහා /ɑː/ සංකේතයම යොදා ගන්නවා (මෙහි එසේ කර නැහැ). නමුත් ඔවුන් origin, sorry, forest, moral, quarrel වැනි වදන්වලදී පහත එන /ɔ/ ශබ්දය බොහෝ විට ඒ වෙනුවට ආදේශ කරනවා. බොහෝ ඇමරිකානුවන් dog, lost, long, want, cross, boss, cloth, cough, office වැනි වදන්වලදී පහත එන /ɔː/ ශබ්දය ඒ වෙනුවට යොදනවා.

උදාහරණ:  

hot /hɒt/ (not, pot, dot, lot, cot, rot, got, god, jot, top, cop, mop, shop, pop, crop, flop, hop, chop, sop, mop, stop, spot, slot, knot, soft, loft, scoff, rock, sock, knock, clock, lock, pod, rod, sod, dog, log, fog) 

lost /lɒst/ (cost) [නමුත් most, host මෙසේ නොවේ. ඉහත බලන්න.]

long /lɒŋ/ (prong, song, tongs)

want /wɒnt/ (wash, watch, wand)

cross /krɒs/ (toss, boss, floss, moss, loss) [නමුත් gross මෙසේ නොවේ. ඉහත බලන්න.]  

common /ˈkɒmən/, promise /ˈprɒmɪs/ (comment, comma, college, colleague, solid, vomit)

concept /ˈkɒnsɛpt/ (concert, concentrate, compensate, continent, comrade, compliment, complement)

doctor /ˈdɒk tə(r)/ (proctor)

politics /ˈpɒlɪtɪks/ (positive, possible)

politician /ˌpɒlɪˈtɪʃən/

gone /ɡɒn/ [නමුත් lone, bone, cone, phone, clone මෙසේ නොවේ. ඉහත බලන්න.]

cloth /klɒθ/ [නමුත් both මෙසේ නොවේ. ඉහත බලන්න.]

doll /dɒl/ [නමුත් roll, poll, knoll මෙසේ නොවේ. ඉහත බලන්න.]

cough /kɒf/ 

quality /ˈkwɒlɪti/ (quantity, quantum, squad, squat, swat)  

quarrel /ˈkwɒrəl/ (quarry) 

office /ˈɒfɪs/ (coffin)

honest /ˈɒnɪst/honour [බ්‍රි] - honor [ඇ] /ˈɒnə(r)/

origin /ˈɒrɪdʒɪn/ (orifice)

sorry /ˈsɒri/ (lorry)

forest /ˈfɒrɪst/ (foreign, florist, florid, coral, moral) [නමුත් floral මෙසේ නොවේ. පහත බලන්න.]

[
ඇ] progress (n.) /ˈprɒgrɛs/ (process) 

3.
/ɔ/ රටාව  

මෙයත් අපට නුහුරුයි. මෙහිදී කලින් ස්වරයට තරමක් අඩුවෙන්, නමුත් සිංහලට වඩා වැඩියෙන්, කට විවර කර කිව යුතුයි. [එහෙත් ඇමරිකානු ව්‍යවහාවයේ පමණක් මෙම ස්වරය දක්වා ඇති ඇතැම් වචනවලදී (four, pour, course, sore, core, force, pork වැනි) ඇතැම් ඇමරිකානුවන් මේ වෙනුවට /oʊ/ යොදනුද (/foʊr/, /poʊr/, /koʊrs/... ආදී වශයෙන්) අසන්න‍ට ලැබෙනවා.]

උදාහරණ:  

boy /bɔɪ/ (toy, coy, joy, enjoy, annoy, employ)

join /dʒɔɪn/ (coin, loin, coil, foil, soil, oil, void, noise)

[
ඇ] four /fɔr/ (pour)

[
ඇ] course /kɔrs/ (source)

[
ඇ] core /kɔr/ (sore, pore, lore, more)

[
ඇ] form /fɔrm/ (sort, port, fort, lord, cord,  corn, cork, pork, portion, force, north, forty, normal, formal)

[
ඇ] war /wɔr/

[
ඇ] warn /wɔrn/ (warm, ward, quarter)

4.
/ɔː/ රටාව (/ɔ/ හි දිග ස්වරය)  

තුන්වෙනි රටාවේ දිග ශබ්දය වන මෙහිදී එම ආකාරයට කිව යුතුය. [ඇමරිකානුවන් සාමාන්‍යයෙන් මෙහිදී කට වඩා විවර කරන නිසා ඔවුන්ගේ එම ස්වරය /ɒ:/ වැන්නක් වෙනවා. එහෙත් ඇතැම් ඇමරිකානුවන්ගේ උච්චාරණයේදී මෙයත්  කට රවුම් නොකරන ආ /ɑː/” ස්වරයට ආසන්න වෙනවා අසන්නට ලැබෙනවා.]

උදාහරණ:  

ball /bɔːl/ (wall, call, fall, tall, hall, mall, small, all, already, almost)  

talk /tɔːk/ (walk, balk)  

taught /tɔːt/ (caught, fraught, naughty)

fraud /frɔːd/  (vault, haul, caution, cautious, cauldron, audio)  

bought /bɔːt/ (sought, thought, nought)  

bald /bɔːld/ (scald, false)

water /ˈwɔːtə(r)/

law /lɔː/ (saw, draw, caw, lawn, prawn, pawn, crawl, brawl, awe, awful) 

floral /ˈflɔːrəl/ (chlorine, chorus, forum, quorum)

broad /brɔːd/ [නමුත් boat, coat, moat, float, load, toad, cloak, soak, throat මෙසේ නොවේ. ඉහත බලන්න.]

[
බ්‍රි] four /fɔː(r)/ (pour)

[
බ්‍රි] course /kɔːs/ (source)

[
බ්‍රි] core /kɔː(r)/ (sore, pore, lore, more) 

[
බ්‍රි] form /fɔːm/ (sort, port, fort, lord, cord,  corn, cork, pork, portion, force, north, forty, normal, formal)

[
බ්‍රි] war /wɔː(r)/ 

[
බ්‍රි] warn /wɔːn/  (warm, ward, quarter) 

මෙම ස්වර නුහුරු අයට මේවා හුරු කර ගැනීම මුලින් තරමක් අපහසු විය හැකියි. සමහරුන් මේවා පටලා ගෙන සියළු “O” ශබ්ද මුව වඩා විවර කර කියනවාත් අසන්නට ලැබෙනවා. ඒ කියන්නේ  local වැනි වචන /lɔːkəl/ ලෙසින්.  අපේ භාෂාවේ ස්වරූපය නිසා දෙවන රටාව  සිංහල ලෙසත්, තුන්වන හා හතරවන රටාවන් සිංහල ලෙසත් කීම වගේම, පළමු ර‍ටාව වෙනුවට මේ ලෙස හතරවනවන රටාව යෙදීමත්, ලංකාවේ හොඳින් ඉංග්‍රීසි හසුරුවන්නන් විසින් හාස්‍යයට ලක් කෙරෙනවා. hole” හා hall” සම්බන්ධ විහිළු එහෙම අහලා ඇතිනේ.

***තවත් කිව යුතු දෙයක් තමයි මේක. ඉංග්‍රීසියේ කෙටිම වචනවල හැරෙන්න අනිත් ඒවාගේ එක් කොටසක් අනෙක්වාට වඩා බර කරලා (stress) කියවෙනවානේ. බ‍ර කර උච්චාරණය නොවන (unstressed) O අකුරු හුඟක් තැන්වල /ə/ ලෙස කියවෙනවා.

උදාහරණ:
  
polite /pəˈlaɪt/, position /pəˈzɪʃən/, possess /pəˈzɛs/ (possession)

protect /prəˈtɛkt/, proportion /prəˈpɔːʃən/[බ්‍රි] - /prəˈpɔrʃən/[ඇ] (profess, professor, procession, provide, provision, proceed, propose, proposal, prolific, profuse, profusion) 

promote, /prəˈməʊt/[බ්‍රි] - /prəˈmoʊt/[ඇ], commotion /kəˈməʊʃən/[බ්‍රි] - /kəˈmoʊʃən/[ඇ] (compose, promotion, propose, proposal, oppose)

composition /ˌkɒmpəˈzɪʃən/ (opposition)

collect /kəˈlɛkt/, continue /kənˈtɪnjuː/, complete /kəmˈpliːt/ (collection, completion, commit, commitment, commission, committee, collide, collision, connect, connection, consider, condition, computer, conceive, conception, conceptual, concede, concession, convene, convention, contain, container, complain, complaint, command, confuse, confusion, concern, condemn, concerted)

offend /əˈfɛnd/ (offence [බ්‍රි] / offense [ඇ])

original /əˈrɪdʒɪnəl/, political /pəˈlɪtɪkəl/, official /əˈfɪʃəl/

forget /fəˈgɛt/[බ්‍රි] - /fərˈgɛt/[ඇ] (forgive) 

effort /ˈɛfət//[බ්‍රි] - /ˈɛfərt/[ඇ]

purpose /ˈpɜːpəs/[බ්‍රි] - /ˈpɜr pəs/[ඇ]

ඒ වගේම මේ බර කර කියන කොටස (stressed syllable) වෙනස් වීම නිසා, පහත ඇති එකිනෙකට සම්බන්ධ පදවල උච්චාරණය එකිනෙකින් වෙනස් වෙන ආකාරයත් බලන්න/ අහන්න. (IPA සංකේතවල මේ ප්‍රධාන වශයෙන් බර කර කියන කොටස ඉදිරියෙන් ˈ ලකුණ යෙදෙනවා.  තවද, ද්විතීක බර කිරීමකට ලක් වෙන කොටස් ඇත්නම් ඒවා ඉදිරියෙන් ˌ ලකුණ යෙදෙනවා.)

origin /ˈɒrɪdʒɪn/, original /əˈrɪdʒɪnəl/

politics /ˈpɒlɪtɪks/, political /pəˈlɪtɪkəl/, politician /ˌpɒlɪˈtɪʃən/

oppose /əˈpəʊz/[බ්‍රි] - /əˈpoʊz/[ඇ], opposite /ˈɒpəzɪt/,  opposition /ˌɒpəˈzɪʃən/

office /ˈɒfɪs/, official /əˈfɪʃəl/

concept /ˈkɒnsɛpt/conception /kənˈsɛpʃən/

concert /ˈkɒnsət/[බ්‍රි] - /ˈkɒnsərt/[ඇ], concerted /kənˈsɜːtɪd/[බ්‍රි] - / kənˈsɜrtɪd /[ඇ]

ඇතැම් විට එකම වචනය, යෙදෙන්නේ නාම පදයක් (noun) ලෙස නම් එක් කොටසකුත්, ක්‍රියා පදයක් (verb) ලෙස නම් තවත් කොටසකුත් බර කර කියවෙනවා.

object (n.) /ˈɒbdʒɪkt/
object (v.) /əbˈdʒɛkt/
            
produce (n.) /ˈprɒdjuːs/[බ්‍රි] - /ˈprɒduːs/[], /ˈproʊduːs/[]
produce (v.) /prəˈdjuːs/[බ්‍රි] - /prəˈduːs/[]

කලින් සඳහන් වුන progress පදයත් ක්‍රියා පදයක් ආකාරයට යෙදෙන තැන්වල මෙම වෙනස ඇති වෙනවා. නමුත් process පදයේ එම වෙනස ඇති වෙන්නේ එය, විධිමත් භාවිතයේදී, පෙරහැරක ගමන් කරනවා යන අර්ථයෙන් ක්‍රියා පදය ලෙස යෙදෙන විට පමණයි..

progress (n) /ˈprəʊgrɛs/[බ්‍රි] - /ˈprɒg rɛs/[ඇ]
progress (v.) /prəˈgrɛs/

process (n.) /ˈprəʊsɛs/[බ්‍රි] - /ˈprɒs ɛs/[ඇ]
process (v.) /ˈprəʊsɛs/[බ්‍රි] - /ˈprɒs ɛs/[ඇ]
process (v.) /prəˈsɛs/

මීට අමතරව පහත ඇති පදයේ උච්චාරණ ස්වරූපයත් බලන්න.

protest (n.) /ˈprəʊ tɛst/[බ්‍රි] - /ˈproʊtɛst/[])
protest (v.) /prəˈtɛst/[බ්‍රි,], /ˈproʊtɛst/[]

***ඒ මදිවට තවත් තැන්වල මෙහෙමත් ශබ්ද වෙනවනේ.  

son /sʌn/, come /kʌm/, company /ˈkʌmpəni/, comfort /ˈkʌmfət//[බ්‍රි] - /ˈkʌmfərt/[ඇ]

ඉතින් තොප්පි ගොඩයි නේද? සර්ව සම්පූර්ණ වෙන්න බැරි වුණත් මේවා සෑහෙන තරමක‍ට හෝ නියමාකාරයෙන් දැන කියාගන්න හැකි නම් හොඳයි.

අන්තර්ජාලය පුරුදු අයට මේවා හුරුවීම සඳහා අත්වැල් එහි ඇති තරම් තියෙනවා. නමුත් ඒ බොහොමයක තිබෙන්නේ ඇමරිකානු උච්චාරණ ර‍ටා පමණයි. මෙම  බ්ලොග් අඩවියේ ඉහළින්ම ඇති කොටසේ ඉංග්‍රීසි ඉගෙනුමට අත්වැල් යටතේ තිබෙන ඉංග්‍රීසි වචන සබැඳියෙන් මේ වචනවල උච්චාරණයට බ්‍රිතාන්‍ය‍ය හා ඇමරිකානු දෙආකාරයෙන්ම  සවන් දිය හැකියි. ශබ්ද රටා හොඳින් ඉගෙනීමට එය හුඟක් ප්‍රයෝජනවත් වේවි. එහි IPA සංකේත මගින් කරන උච්චාරණ නිරූපනය දක්වා ඇත්තේ තරමක් යටින් ඇති Collins English Dictionary යෙන් උපුටා ගත් කොටසේයි.

දැන් නම් විස්තර වැ‍ඩිද මන්දා. මේ ඔක්කොම ලිව්වේ, නැත්නම් අසම්පූර්ණයි කියලා හිතුන නිසා. මේ වෙනකොට ශබ්ද ඔක්කාරයට එන උදවිය ගැත්තාට කමා කරත්වා! 



6 comments:

  1. එල පොස්ට් එක...

    ReplyDelete
  2. Good post. The vast majority of Sri Lankans don't know the distinction.

    ReplyDelete
  3. Here's something interesting. Milinda Moragoda, used to speak perfect English with a rather posh accent, and he was educated in Switzerland and the US. After becoming a politician, he has deliberately cultivated a local-sort of an accent with no distinction between saw and so. However, when he speaks for foreigners, he sometimes reverts back to his original accent.

    ReplyDelete
  4. @Milinda

    That's the way they do politics. You've got to show the masses that you are one of them, and what better way to do that than by imitating their speech. But when these politicians get back to their peers - from here or abroad - they switch back to their normal ways.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails