Saturday, June 9, 2012

Do You Agree With Me? එකඟද, නැද්ද?



සිංහල මව් භාෂාව හැටියට කතා කරන අයට ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී මතු වෙන ගැටළු ගැන අපි නිතරම අවධානය යොමු කළානේ. ඉංග්‍රීසියේ පද යෙදෙන පිළිවෙල (word order) සිංහල භාෂාවේ රටාවට වෙනස් වීම එවැනි එක ගැටළුවක්.

බොහෝ  විට ඉංග්‍රීසි භාෂාවේ වචන ඊට‍ පසුව එන වචනයට හෝ වාක්‍ය ඛණ්ඩයට සම්බන්ද වෙන්නේ යම් නිපාත පදයක් (preposition) හරහායි. සිංහල භාෂාවේත් නිපාත පද තිබුනට, ඉංග්‍රීසියේ prepositions යෙදෙන ආකාරය ඊට වෙනස් වීම අපට ප්‍රශ්න ඇති කරනවා. ඇතැම් වචන එක්ක පාවිච්චි වෙන prepositions භාවිතයෙන්ම ඉගෙන ගන්න වෙනවා.

ඒ වගේම තවත් දෙයක් තියෙනවා. සමහර වචන එක්ක යොදන prepositions වෙනස් වෙනවා ඒ වචන පාවිච්චි වෙන ආකාරය අනුව. මේ වගේ අවස්ථා කීපයක් ගැන අවධානය යොමු කරමු.

1. agree with/to/on/about

යම් කෙනෙක් සමග හෝ යම් අදහසක්, මතයක්, ප්‍රතිපත්තියක් වැන්නක් සමග එකඟ වෙන බව කීමට ‘agree with’ යොදා ගැනෙනවා. 

I don’t agree with you.
මම ඔය එක්ක එකඟ වෙන්නේ නැහැ.

My parents didn’t agree with my decision.
මගේ දෙමව්පියෝ මගේ තීරණයට එකඟ වුනේ නැහැ.

***මේ රටාව අනුව එන පහත ඇති ආකාරයේ ප්‍රකාශත් තියෙනවා.

Your report doesn’t agree with hers.
ඔයාගෙයි, එයාගෙයි වාර්තා ගැලපෙන්නේ නැහැ.

The food she ate there didn’t agree with her.
එහෙදි කාපු කෑම එයාට හරි ගියේ නැහැ (ඒවා කාලා එයා ලෙඩ වුනා / එයාට වමනෙ ගියා/).

යම් කොන්දේසියකට හෝ යෝජනාවකට අනුකුලව කටයුතු කිරීමට එකඟ වෙන විට ‘agree to’ භාවිතා වෙනවා.

 None of his classmates agreed to his suggestion.
එයාගේ යෝජනාවට (අනුව කටයුතු කරන්න) පන්තියේ කව්රුවත් එකඟ වුනේ නැහැ.

They refused to agree to the second condition of the document.
ලියවිල්ලේ දෙවෙනි කොන්දේසියට ඒ අය එකඟ වුනේ නැහැ.

***මීට අමතරව ‘agree’ පදයට පසුව ක්‍රියාපදයක් (verb) එන විටත් ‘to’ පාවිච්චි වෙනවා.

He agreed to come with us.
අපිත් එක්ක එන්න එයා එකඟ වුනා.

යම් කරුණක් සම්බන්ධව එකඟ වීමේදී about හෝ on ගැනෙනවා. සාමූහිකව තීරණය කල යතු දෙයක් පිලිබඳ එකඟ වීමේදී on යොදා ගැනෙනවා.

I don’t agree with you about
/on this. මම මේ සම්බන්ධයෙන් ඔයා එක්ක එකඟ වෙන්නේ නැහැ.

They couldn’t agree on a date for the trip.
ඒ අයට ගමන යන දවස ගැන එකඟත්වයකට එන්න බැරි වුණා.

තවත් විස්තර සඳහා Let’s Agree to Disagree ලිපියත් බලන්න.

2. shout to/at

වෙනත් කෙනෙකුට ඇසෙන ලෙස  කෑ ගසා යමක් කීමේදී ‘shout to’ යන්නද, සැරෙන්  කෑ ගසා කතා කිරීමේදී  ‘shout at’ යන්නද යෙදෙනවා.

You have to hurry up,” my friend shouted to me from a distance. “ඔයාට ඉක්මන් කරන්න වෙනවා,” මගේ යාලුවා දුර ඉඳලා හයියෙන් (ශබ්ද නගා) කිව්වා.

Don’t shout at me like that.
මට ඔහොම සැර දාන්න එපා.

***මේ ආකාරයෙන්ම ‘point’, ‘throw’ වැනි පදත් ‘to’ සමග අවශ්‍යතාවය මත පදනම් වී කරනු ලබන අවස්ථාවලදී යෙදෙන අතර  ‘at’ සමග ද්වේශසහගතව කරනු ලබන අවස්ථාවලදී යෙදෙනවා.

The teacher pointed to the student with the best results.
ගුරුවරයා/වරිය හොඳම ප්‍රතිඵල ගත්ත ශිෂ්‍යයාව/ශිෂ්‍යාවව පෙන්නුවා.

The other boys pointed at him and laughed.
අනිත් ළමයි එයාව පෙන්නලා හිනා වුණා.

She threw the ball to the other player.
එයා බෝලය  අනිත් ක්‍රීඩිකාවට වීසි කළා.

They threw stones at the cat.
ඒ අය බළලාට ගල්වලින් ගැහුවා.

3. angry with/at/about

කෙනෙකු සමග තරහ බව කීමේදී ‘angry with’ හෝ ‘angry at’ යෙදෙනවා.

My mother is angry with/at me for coming home late. පරක්කු වෙලා ගෙදර ආව එක ගැන අම්මා මාත් එක්ක තරහෙන් ඉන්නේ.

යමක් ගැන තරහ බව කීමට ‘angry about (හෝ ඇතැම් විට over)’ යොදා ගැනෙනවා.

My mother is angry about my coming home late. මම පරක්කු වෙලා ගෙදර ආව එක ගැන අම්මා තරහෙන් ඉන්නේ.

4. sorry about/for/to

සිදුවී  ඇති දෙයක් ගැන කණගාටුව පළ කිරීමීදී ‘sorry about’ භාවිතා වෙනවා.

I’m sorry about their situation.
ඒ අයගේ තත්වේ ගැන මට දුකයි.

තමන් අතින් සිදුවූ වරදක් හෝ අතපසුවීමක් ගැන කණගාටුව පළ කිරීමීදී ‘sorry about’ හෝ ‘sorry for’ භාවිතා වෙනවා.

I’m sorry about
/for my delay. මගේ පරක්කුව ගැන කණගාටුයි.

යම්  කෙනෙත් ගැන අනුකම්පාව ප්‍රකාශ කිරීමේදී ‘sorry for’ භාවිතා වෙනවා.

 I feel sorry for that poor guy.
ඒ අසරණ මනුස්සයා ගැන මට දුකයි.

යමක් කිරීමට සිදු වීම ගැන කණගාටුව ක්‍රියා පදයක් යොදා ගෙන පළ කිරීමීදී ‘sorry to’ භාවිතා වෙනවා.

I’m sorry to disappoint you. ඔයාගේ හිත නරක් කරන්න (බලාපොරොත්තු සුන් කරන්න) වීම ගැන කණගාටුයි.

We’re sorry to have kept you waiting. ඔයාට බලන් ඉන්න සිද්ධ කළාට කණගාටුයි.

5. happy about/with/for/to

යමක් ගැන සතුටු බව සඳහා ‘happy about’ භාවිතා වෙනවා.

We’re happy about winning the match. මැච් එක දිනපු එක ගැන අපට සතුටුයි.

තමන්ට අත් විඳින දෙයක් වැන්නක් ගැන සතුටු බව දැක්වීමට ‘happy with’ යෙදෙනවා.

She’s not happy with her exam results. එයාගේ විභාග ප්‍රතිඵල ගැන එයා සතුටු නැහැ.

යම්  කෙනෙත් ගැන සතුට ප්‍රකාශ කිරීමේදී 'happy for' භාවිතා වෙනවා.

I hear you have passed your exam. I’m happy for you. මට ආරංචි උනා ඔයා විභාගේ පාස් උනා කියලා. මට සන්තෝසයි ඔයා ගැන.

යමක් කිරීමට ලැබීම ගැන සතුට ක්‍රියා පදයක් යොදා ගෙන පළ කිරීමීදී ‘happy to’ භාවිතා වෙනවා.

I’m happy to see you again. ඔයාව ආයෙ දකින්න ලැබීම ගැන (මට) සතුටුයි.

නමුත් යමක් සතුටින් කරමින් ඉන්න බව පහත ආකාරයට දැක්වෙනවා.

He’s happy working here. එයා මෙහෙ වැඩ කරන්නේ සන්තෝසෙන්.

6. care about
/for/to

තමන් වැදගත් යයි සිතන යමක් ගැන ‘care about’ යනුවෙන් කියනවා.

I really care about the environment.
මම ඇත්තෙන්ම පරිසරය වැදගත් කියලා සලකනවා.

යම් කෙනෙත් බලා හදා ගැනීමේදී මෙන්ම, යමක් ගැන උනන්දුවක්/කැමැත්තක් ඇති බව දැක්වීමටද ‘care for’ යන්න ගැනෙනවා.

They have cared for these children for years.
ඒ අය අවුරුදු ගානක් තිස්සේ මේ ළමයි බලා හදා ගෙන තියනවා.

I don’t care for computer programming.
මගේ උනන්දුවක්/ආසාවක් නැහැ ‘computer programming’ ගැන.

Would you care for a cup of tea? ඔයා කැමතිද තේ එකක් බොන්න?

Maybe you don’t care much for grammar, but I hope you care about improving your English.
සමහර විට ව්‍යාකරණ ගැන ඔයාට එච්චර ආසාවක් නැතුව ඇති, ඒත් ඉංග්‍රීසි දැනුම දියුණු කර ගන්න එක වැදගත් කියලා සලකනවා, මම හිතන්නේ.

යමක් කිරීමට උනන්දුවක්/කැමැත්තක් ඇති බව ක්‍රියා පදයක් යොදා ගෙන දැක්වීමට ‘care to’ භාවිතා වෙනවා.

I can give it to you if you care to come over here. ඔයාට මෙහාට එන්න කැමති නම් මට ඒක ඔයාට වෙන්න පුළුවන්.

7. made of/from

යමක් යම් ද්‍රව්‍යයකින් සදා ඇති බව දැක්වීමට ‘made of’ යොදා ගන්නවා. නමුත් එම ද්‍රව්‍යයේ ස්වභාවය එහිදී වෙනස් වී ඇත් නම් යෙදෙන්නේ  ‘made from’ යන්නයි.

This table is made of wood. මේ මේසෙ හදල තියෙන්නේ ලීවලින්. (එම ලී තවමත් ලී ලෙසම පවතිනවා.)

Arrack is made from toddy. අරක්කු හදන්නේ රාවලින්. (නමුත් එම රා දැන් එහි රා ලෙසම නැහැ.)

(Image credit: itia4u)

 


19 comments:

  1. ඒත් මං හිතුවේ ඔබතුමා මේ වැඩේ නවත්තල කියලයි..... මේ තියෙන්නෙ ආයෙම. බොහොම වටින මේ වැඩේ දිගටම කරගෙන යමු.......

    ReplyDelete
  2. නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  3. නියමයි. දිගටම කරගෙන යන්න ලැ‍බෙන්න ඕන.

    ReplyDelete
  4. Replies
    1. ප්‍රයෝජනවත් වුණා නම් සතුටක්, පහන් මල්ලි.

      Delete
  5. නියමයි.

    ReplyDelete
  6. ගොඩක් කාලෙකින් ඔබතුමා පාඩමක් දාල තියෙන්නෙ. අපිව අමතක නොකිරීම ගැන ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ලියන්න බැරි වීම ගැන කණගාටුයි.

      Delete
  7. අදයි ඉස්සෙල්ලම ආවෙ. මුල ලිපිත් බලන්නම්. දිගටම ලියන්න.

    ReplyDelete
  8. This good.an area most make mistakes.

    ReplyDelete
  9. My comment should be 'this is good...sorry foe the typing error...

    ReplyDelete
  10. Replies
    1. A cat can be male or female. A male cat is sometimes called a tomcat, and a breeding female cat is sometimes called a queen.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails