Sunday, June 12, 2011

Cost an Arm and a Leg? බෝම්බයක්වත්ද?


මීට කලින් අපි බැලුවා මතක ඇති අපේ ශරීරයේ ප්‍රධාන අංගයක් වෙන මුහුණ සම්බන්ධයෙන් තියෙන ඉංග්‍රීසි යෙදුම් (Ever Lost Face? - එහෙම වෙන්නෙ කොහොමද?). හැබැයි අනිත් ශරීරාංග සම්බන්ධ කර ගෙනත් මෙවැනි රසවත් යෙදුම් තියෙනවා. එවැනි කීපයක් මේ ලිපියෙන් පොදුවේ සලකලා බලමු.

1. cost an arm and a leg

ටිකක් බයත් හිතෙන මේ වාක්‍ය ඛණ්ඩය මම මුලින්ම ඇහුවේ ඒ දවස්වල ඉතා ජනප්‍රිය වෙලා තිබුන "The Cosby Show" රෑපවාහිනී වැඩසටහනේ බව මට තවම මතකයි. මෙය බෝම්බ පිපිරීමකට හෝ මස් කඩයකට සම්බන්ධ දෙයක් නම් නෙමෙයි. එයින් අදහස් කෙරෙන්නේ යමකට ඉතා විශාල මුදලක් වැය වන බවයි.

It cost me an arm and a leg to get it repaired. ඒක හදා ගන්න (අළුත්වැඩියා කරවා ගන්න) මට මාර වියදමක් ගියා.

If you want to buy some land in that area, it'll cost you an arm and a leg. ඒ පැත්තෙ ඉඩමක් ගන්න නම් සල්ලි කන්දරාවක් වියදම් කරන්න වෙයි.

2. pay through the nose

මේකත් ටිකක් හොල්මන් වෙන කතාවක් නේද? නහයෙන් කොහොමද ගෙවන්නෙ? කොහොම නමුත් මේකෙනුත් අදහස් කරන්නෙ යමක් සඳහා නොවටිනා තරම් විශාල මුදලක් ගෙවීමයි.

We had to pay through the nose for our meals at the hotel. හෝටලේ අපේ කෑමවලට හෙන ගාණක් ගෙවන්න උනා.

3. get cold feet

මේක මේ දවස්වල වහින නිසා වෙන දෙයක් නෙමෙයි. බියක් දැනී කලින් කිරීමට අදහස් කරගෙන සිටි යමක් නවතා දැමීමේදී මෙසේ කියවෙනවා.

He wanted to complain to the boss about it but then he got cold feet. එයාට ඕනැ උනා ලොක්කාට ඒ ගැන පැමිණිලි කරන්න, ඒත් පස්සේ බය හිතිලා පස්ස ගැහුවා.

4. get one's feet wet

මේකත් මේ දවස්වල වැස්ස නිසා අපි හැමෝටම වගේ වෙනවා. ඒත් අළුත් දෙයක් පිළිබඳ මුල් අත්දැකීම් ලබා ගැනීම දැක්වීමට මේ යෙදුම භාවිකා වෙනවා.

She went to a seminar on IT to get her feet wet in that field. එයා තොරතුරු තාක්ෂණය ගැන සම්මන්ත්‍රණයකට ගියා ඒ ක්ෂේත්‍රය ගැන මුල අල්ල ගන්න (මුල් දැනුම ලබා ගන්න).

 5. let one's hair down

කොණ්ඩෙ කඩලා (පහතට) දානවා කියලා කියවුණාට මේක කරන්න පුළුවන් දිග කොණ්ඩයක් තියන අයට විතරක් නෙමේ. මේ කියමන පාවිච්චි වෙනවා වැඩ කටයුතු නවතා විවේක ගැනීම හැඳින්වීමට.

I'd had a hard day and felt really relieved when I could finally let my hair down in the evening. අමාරු දවසක් ඉවර කරලා අන්තිමේදි හවස විවේක ගන්න පුඵවන් උනාම මට ලොකු සහනයක් දැනුනා.

***මේ වෙනුවට 'put one's feet up' යෙදුමත් මෙලෙසම භාවිතා වෙනවා.

...when I could finally put my feet up...

6. keep an eye on something/someone

හප්පේ, මේක නම් කොහොමද කරන්නේ? ඇහැක් ගලවලා තියන්න වෙයිද?  මේ කියමන පාවිච්චි වෙන්නේ යමක්/යමෙක් ගැන හොඳ අවධානයෙන් සිටීම හැඳින්වීමටයි. මෙසේ කරන්නේ අදාළ දෙයට/කෙනාට අනතුරක් වීම වැළැක්වීමට හෝ එයින්/එම පුද්ගලයාගෙන් තමන්ට කරදරයක් වීම වළකා ගැනීමට විය හැකියි.

You have to keep an eye on the baby all the time. හැම වෙලාවෙම බබා ගැන විපරමෙන් ඉන්න ඕනැ (බබාට අනතුරක් නොවන ලෙස).

Can you keep an eye on my bag while I go and get something to drink. මම ගිහින් බොන්න මොනව හරි ගේනකම් මගෙ බෑග් එක බලා ගන්නවද (එය හොරු නොගන්නා ලෙස)?

We have to keep an eye on our expenses. අපි අපේ වියදම් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනැ (වියදම් පමණ ඉක්මවනවාද යන්න ගැන).

You must keep an eye on her friends. ඔයා එයාගෙ යාළුවො ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනැ (ඔවුන්ගෙන් අයහපතක් වෙනවාද යන්න දැන ගැනීමට).

7. have green fingers [BrE] / have a green thumb [AmE]

මේක නම් දවසක් මටත් වුණා, ගේට්ටුවට කොල පාට ගාන්න ගිහින්. ඒත් මේ යෙදුම් භාව්තා කරනවා යම් කෙනෙක් පැල කරන ඕනෑම දෙයක් හොඳින් වැඩෙන, පල දරන බව කීමට. (ඒත් බ්‍රිතාන්‍යයන්ට මෙතනදී ඇඟිලි ඔක්කොම කොල පාට වෙන්නේත්, ඇමරිකානුවන්ට මහපට ඇඟිල්ල පමණක් එසේ වෙන්නේත් ඇයි කියා මම නම් දන්නේ නැහැ.)

She has green fingers [BrE] / a green thumb [AmE]; anything she plants will grow. එයාට පැල හිටවන්න අත් ගුණයක් තියනවා; එයා හිටවන ඕනැ දෙයක් වැවෙනවා.

8. can do something standing on one's head

මේ කියන්නේ සර්කස් එකක් ගැන එහෙම නෙමෙයි; යම් දෙයක්  ඉතා පහසුවෙන් කිරීමට හැකියාව ඇති බවයි.

My brother can assemble a computer standing on his head. මගෙ මල්ලිට/අයියාට කම්පියුටරයක් එකලස් කරන්ක පුළුවන් ඇස් වහගෙන.

***මේ වෙනුවට සිංහල යෙදුමට සමාන 'with one's eyes closed' යන්නද යෙදෙනවා.

My brother can assemble a computer with his eyes closed.

9. give someone the cold shoulder

මෙයත් වැස්සට අහු වුණ උරහිසක් ගැන නෙමේ. කෙනෙක්ව කොසලකා හැරීම මෙසේ දැක්වෙනවා.

For some reason he gave me the cold shoulder today. මොකක් හරි හේතුවක් නිසා එයා අද මාව වැඩිය ගණන් ගත්තෙ නැහැ.

10. be/stand head and shoulders above something/somebody

මෙහෙම කියන්න අඩි හයක් විතර උස කෙනෙක් වෙන්න ඕනැම නැහැ. මෙයින් අදහස් වෙන්නේ යමක්/යමෙක් වෙනත් දෙයකට/කෙනෙකුට වඩා ඉතා හොඳ හෝ දක්ෂ බවයි.

That girl is head and shoulders above the rest of her class. ඒ (ගෑණු) ළමයා ඉන්නේ එයාගෙ පංතියෙ අනිත් අයට වඩා සෑහෙන්න ඉදිරියෙන්.

His song stood head and shoulders above the other one. එයාගෙ සිංදුව අනිකට වඩා ගොඩක්ම හොඳයි.

11. lose heart

හදවත නැති වීමක් ගැන කිව්වත් මේ ලව් පලහිලව්වක් නෙමේ. මෙයින් දැක්වෙන්නේ අධෛර්යයට පත් වීමයි. මෙයි විරුද්ධාර්ථය වෙන ධෛර්යමත් වීමට 'take heart' යනුවෙන් කියවෙනවා.

You shouldn't lose heart when you sometimes fail. අපි කරන දේවල් සමහර වෙලාවට අසාර්ථක වෙනකොට  අපි අධෛර්යය වෙන්න හොඳ නැහැ.

We all can take heart from what he has achieved in such a short time. අපි ඔක්කොටම පුළුවන් එයා මෙච්චර කෙටි කාලෙකින් කරල තියන දේවල් දිහා බලලා ධෛර්මත් වෙන්න.

12. make head or tail of something

ඔළුවයි වලිගෙයි සම්බන්ධ වුණාට මේ සතෙක් ගැන නෙමේ. යමක් ගැන සුළු හෝ අවබෝධයක් ලබා ගැනීම - අගක් මුලක් සොයා ගැනීම - මෙසේ දැක්වෙනවා. බොහෝ විට මෙය යමක් ගැන කිසිම අවබෝධයක් ලබා ගැනීමට නොහැකි බව කීමට 'cannot (can't) make head or/nor tail of something' ආකාරයෙන් හමු වෙනවා.

See whether you can make head or tail of this description. බලන්න ඔයාට මේ විස්තරයේ අගක් මුලක් තේරෙනවද කියලා.

I couldn't make head or/nor tail of her instructions. එයාගෙ උපදෙස් මට මෙලෝ හසරක් තේරුනේ නැහැ.

So can you make head or tail of this article? I sure hope so. Bye for now.

(Image credit: Foxtongue)


8 comments:

  1. බොද ම්දුම පෑතු සිහිනය සෑබෑ වුනා සාලිය ටු ටු උට්ටු උට් ටු ටුටු ටු....................

    ReplyDelete
  2. @sri lankan internet
    Can't make head nor tail of this.

    ReplyDelete
  3. සමා වන්න මාගේ සහොදරයාට සුලු මොලයෙ ආබාධයක් ඇති අයෙකි ඔබට සිඳු වු අපහසුවට මාගේ කනගාටුව ප්‍රකාශ කරම් සමාවන්න

    ReplyDelete
  4. @sohan
    ප්‍රශ්නයක් නැහැ. (Maybe he's trying to get his feet wet on the Internet.)

    ReplyDelete
  5. බොද ම්දුම් = සමාවන්න ඔහුගේ බලාපොරොත්තුව ඉතා දරුනුය අනාගතයේ දවසක සිංහල බ්ලොග්කරුවන්ගේ නිල බ්ලොග් අඩවිය සදහා ඉතා දරුනු ප්‍රහාරයක් කිරිමේ සැලැස්මක් ඇත කරුනාකර ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඳැනුවත් කරන්න ඔහු ඉතාමත් දරුණු පුද්ගලයෙකි

    ReplyDelete
  6. @sohan
    අනතුරු හැඟවීම ලබා දුන්නාට ස්තුතියි.

    ReplyDelete
  7. I have to keep an eye on your blog.

    ඉංග්‍රීසි සර්... in , on , of ,into, .... වගේ පද යෙදීම් ගැන මතක හිටින පාඩම් කියල දෙන්න බැරිද ?

    ReplyDelete
  8. @සොඳුරු සිත

    Thanks. I can take heart from such comments.

    මේවායින් 'in', 'on' සහ 'at' පද යමක පිහිටීම සම්බන්ධව භාවිතය ගැන 'They Are at a Ceremony on a Farm in Kandy - විවිධ තැන්වලදී (http://ingirisi.blogspot.com/2010/09/they-are-at-ceremony-on-farm-in-kandy.html)' ලිපියේ තියනවා. අනිත් යෙදුම් ගැනත් ඉදිරියට බලමු.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails