Wednesday, July 14, 2010

Is It Terrible or Terrific? - කෝකත් එකද?



It’s terrible.කිව්වත්,It’s terrific.කිව්වත් මේ දෙකම එකද? ‍මේ දෙකෙන්ම කියවෙන්නෙ යමක් භයානකයි කියලද?

ඉංග්‍රීසි භාෂාවෙ තියන එකිනෙකට ආසන්න ස්වරූපයක් ගත්තත් භාවිතා වෙන ආකාරය වෙනස් වචන කීපයක් අපි Further or Farther - ඉංග්‍රීසි ටැපලිලි ලිපියෙන් බැලුවා. මීට අමතරව තවත් තියනවා ඒ ආකාරයේ වචන. ඉන් කීපයක් ගැන අද කතා කරමු.

මේ සියල්ලම ඉතා බියකරු අර්ථය අඩු තරමින් පැරණි ව්‍යවහාරයේ තිබූ පද. ඒවාට එක් වී තියන අනෙකුත් අර්ථ තරමක් අවිධිමත් නූතන භාවිතයේ බහුලව හමු වෙනවා.

1. terrible / terrific

අධික බිය අර්ථය දෙන terror’ වචනය හා සම්බන්ධ මේ වචන දෙකම අඩු තරමින් පැරණි ව්‍යවහාරයේ ඉතා බියකරු යන අර්ථය දුන්නත්, ඒවා වෙනත් තේරුම් ඇතිවත් භාවිතා වෙනවා.

terrible

(i) ඉතා බියකරු (මේ අර්ථයෙන් terrifying වචනයත් බහුලව යෙදෙනවා.)

We had a terrible/terrifying experience. අපි හරි බය හිතෙන අත්දැකීමක් ලැබුවා.

(ii) ඉතා අසතුටුදායක, ඉතා අප්‍රසන්න, ඉතා අපිළිවෙල හෝ වෙනත් නරක ගුණයක් අධික වූ

It was a terrible day. එදා/අද හරි ජරා දවසක්.

We got some terrible news. අපිට මහ නරක ආරංචි වගයක් ලැබුනා.

She looks terrible in that dress. ඒ ඇඳුමට එයාගෙ පෙනුම අන්තිමයි.

I feel terrible right now. මේ වෙලාවෙ මම ඉන්නෙ හරි අප්සෙට් එකේ (දුකින්, කණස්සල්ලෙන්).

He was in terrible pain. එයා හිටියෙ හරි වේදනාවෙන්.

You’ve made a terrible mistake. ඔයා කරල තියෙන්නෙ බොහොම ලොකු වැරැද්දක්.

Their home was in a terrible mess. ඒ ගොල්ලන්ගෙ ගෙදර හොඳටම අවුල් වෙලා තිබුනෙ.

(iii) (නරක ආකාරයකින්) ඉතා‍, ‘විශාල වශයෙන් වැනි අර්ථවලින් terribly යන්න යෙදෙනවා.

Our plans went terribly wrong. අපේ ප්ලෑන් (සැලසුම්) හොඳටම වැරදුනා.

We miss you terribly. අපට ඔයා නැති පාළුව තදින්ම දැනෙනවා.

(iv) (සාමාන්‍ය දෙයක් ගැන) ඉතා, ‘විශාල වශයෙන් යන අර්ථවලින් terribly පදය [විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතය]

I’m terribly sorry. මට හරිම කණගාටුයි.

They are not terribly interested in politics.  ඒ අයට දේශපාලනය ගැන එච්චරම උනන්දුවක් නැහැ.

terrific:

*** ඉතා බියකරු යන අර්ථයෙන් terrific යෙදීම නම් වර්තමාන භාවිතයේ යල් පැන ගිය දෙයක් ලෙස සැලකෙනවා.

(i) ඉතා හොඳ - බොහෝ විට ඉහත terrible’ හි (ii) අවස්ථාවට විරුද්ධාර්ථය මෙන් ඇති අර්ථවල

It was a terrific day. එදා/අද මරු දවසක්.

We got some terrific news. අපට නියම ආරංචි වගයක් ලැබුනා.

She looks terrific in that dress.  ඒ ඇඳුමට එයා හරි ලස්සනයි.

I feel terrific right now. මේ වෙලාවෙ මම ඉන්නෙ හරිම සංතෝසෙන්.

(ii) (සාමාන්‍ය දෙයක් ගැන) ඉතා විශාල, ‘ඉතා අධික වැනි අර්ථවල

We have a terrific amount of work to do. අපට කරන්න වැඩ මහ ගොඩක් තියනවා.

He drove at a terrific speed. එයා වාහනේ එලෙව්වෙ හරි වේගෙන්.

2. horrible / horrific

අධික බිය හෝ පිළිකුල අර්ථය දෙන horror’ යන්න හා සම්බන්ධ, ‘එම හැඟීම ඇති කරන යන අර්ථය අදටත් ඇති, මෙම වචන දෙක වෙනත් තේරුම් ඇතිවද යෙදෙනවා.

horrible:

(i)  අධික බිය හෝ පිළිකුල උපදවන (මේ වෙනුවට horrifying’ යන්නද යෙදෙනවා.)

We heard of a horrible/horrifying crime. අපට අහන්න ලැබුනා හරි බය හිතෙන අපරාධයක් ගැන.

(ii) ඉතා අසතුටුදායක, ඉතා අප්‍රසන්න, ඉතා අපිළිවෙල හෝ වෙනත් නරක ගුණයක් අධික වූ - terrible’ පදය (ii) අවස්ථාවේ යෙදෙන ආකාරයට

It was a horrible thing to say. ඒ කිව්ව දේ මහ ජරා දෙයක්.

(iii) අකාරුණික, මිත්‍රශීලී නොවන

He is a horrible man. එයා මහ ජරා (අමනුස්ස) මිනිහෙක්.

Her boss has been horrible to her. එයාගෙ ලොක්කා එයාට සලකලා තියෙන්න මහ අමනුස්ස විදියට.

(iv) (නරක ආකාරයකින්) ඉතා, ‘විශාල වශයෙන් වැනි අර්ථවලින් horribly යන්න යෙදෙනවා - terrible’ පදය (iii) අවස්ථාවේ යෙදෙන ආකාරයට

It was horribly painful. ඒක හරිම වේදනාකාරියි.

horrific:

(i) අධික බිය හෝ පිළිකුල උපදවන (මේ වෙනුවට horrifying’ යන්නද යෙදෙනවා.) (horrible’ හි (i) ට සමාන වෙනවා.)

Her injuries were horrific/horrifying. එයාගෙ තුවාල බය හිතෙන ඒවා.

(ii) ඉතා නරක හෝ අප්‍රසන්න අර්ථය ඇතිව ඇතැම් තැන්වල

It was a horrific trip. ඒක ම‍හ ජරා ගමනක්.

***horrific’ පදයට සමාන ලෙස horrendous’ හා horrid’ යන වචනත් පාවිච්චි වෙනවා.

3. awful / awesome

තරමක බියක් හා මුසු වූ ගෞරවය අර්ථය දෙන awe පදයට සම්බන්ධ මේ වචන දෙකම එම හැඟීම ඇති කරන අර්ථයෙන් අඩු තරමින් අතීතයේ යෙදුනත්, ඒවා වෙනත් අර්ථ ඇතුවත් යෙදෙනවා.

awful:

***ඉහත සඳහන් ගෞරවය ඇතිකරන අර්ථයෙන් awful පදය යෙදීම වර්තමාන භාවිතයේ යල් පැන ගිය දෙයක් ලෙස සැලකෙනවා.

(i) ඉතා අසතුටුදායක, ඉතා අප්‍රසන්න, ඉතා අපිළිවෙල හෝ වෙනත් නරක ගුණයක් අධික වූ - terrible’ හි (ii) අවස්ථාවට සමාන ලෙස

We had awful weather this week. මේ සතියෙ අපට තිබුනෙ අන්තිම නරක කාලගුණයක්.

I didn’t want to hear all those awful details. මට ඕනැ උනේ නැහැ ඒ ජරා විස්තර ඔක්කොම අහන්න.

(ii) (සාමාන්‍ය දෙයක් ගැන) යමක් ඉතා අධිකව ඇති බව දැක්වීමට

He spent an awful lot of money on it. එයා ඒකට සල්ලි මහ ගොඩක් වියදම් කළා.

She has an awful lot of enthusiasm. එයාට මාර විදියට උන්නදුව (උද්‍යෝගය) තියනවා.

(iii) ඉතා, ‘විශාල වශයෙන් යන අර්ථවලින් awfully පදය, ‘terriblyහි (iii) හා (iv) අර්ථයන්ට තරමක් සමාන ලෙස [බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු භාවිතය]

She felt awfully tired. එයාට හොඳටම මහන්සි දැනුනා.

I’m awfully sorry. මට හරි කණගාටුයි.

The name sounds awfully familiar. නම හොඳටම හුරු පුරුදුයි.

awesome:

(i) (තරමක බියක් මුසු වූ) ගෞරවයක් හෝ එවැනි හැඟීමක් ඇති කරන

It was an awesome sight to see them reunited. ඒ අය නැවත එකතු වෙනවා දකින්න ලැබීම හිතට අපූරු හැඟීමක් දෙන දර්ශනයක්.

Some parts of our country have awesome beauty. අපේ රටේ සමහර පළාත්වල හිතට කාවදින ලස්සනක් තියනවා.

(ii)  ‘ඉතා හොඳ, ‘ඉතා රසවත් වැනි අර්ථවල [විශේෂයෙන් ඇමරිකානු භාවිතය]

Have you heard their awesome new song? ඔයා අහලා තියනවද ඒ ගොල්ලන්ගෙ මාර ගති අළුත් සිංදුව.

The party was awesome. පාටිය (ප්‍රිය සම්භාෂණය) මාරයි.

4. dreadful / dreaded

අධික බිය දක්වන dread’ පදය හා සම්බන්ධ මේ දෙපදයම ඉතා බියකරු අර්ථය දෙතත්, ඒවායින් එකක වෙනත් යෙදුම්ද - විශේෂයෙන් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ - තියෙනවා.

dreadful:

(i)  ඉතා බියකරු - terrible’ පදය (i) අවස්ථාවේ යෙදෙන ආකාරයට

We read about that dreadful murder.  අපි කියෙව්වා‍ ඒ මහ භයානක මිනී මැරුම ගැන.

(ii) ඉතා අසතුටුදායක, ඉතා අප්‍රසන්න, ඉතා අපිළිවෙල හෝ වෙනත් නරක ගුණයක් අධික වූ - terrible’ හි (ii) අවස්ථාවට තරමක් සමාන ලෙස [විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතය]

It was dreadful to hear it. ඒක අහන්නත් අප්පිරියා උනා.

(iii) ඉතා, ‘විශාල වශයෙන් යන අර්ථවලින්, ‘terriblyහි (iii) හා (iv) අර්ථයට තරමක් සමාන ලෙස [විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතය]

I’m dreadfully sorry. මට හරි කණගාටුයි.

It’s dreadfully inadequate. ඒක හොඳටම මදි.

It’s dreadfully important in this situation. ඒක මේ අවස්ථාවෙ හොඳටම වැදගත්. 

dreaded:

විශාල බියකින් බලාපොරොත්තු වන අර්ථයෙන් මෙම පදය භාවිතා වෙනවා.

The dreaded moment of facing the exam has arrived. ගොඩක් බයෙන් බලන් හිටිය, විභාගෙට මුහුණ දෙන වෙලාව ඇවිල්ලා.

(සේයාරුවට ස්තුතිය: Capture Queen ™)



6 comments:

  1. this lesson is terrific and awesome.

    ReplyDelete
  2. @Anonymous
    It feels terrific to hear that.

    ReplyDelete
  3. This blog is totally awesome

    ReplyDelete
  4. terrific effort to help those who are terrified to speak in English . congratulations !.

    ReplyDelete
  5. @Anonymous
    Thanks. English should be made an awesome subject for them, rather than an awful one.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails