Thursday, June 3, 2010

To Reply or Not to Reply - මොකක්ද කරන්නෙ?



ඉංග්‍රීසි භාෂාවෙ සමහර ක්‍රියා පද තියෙනවා ඇතැම් අර්ථවල යම් ආකාරයකට යෙදෙන. අපේ සමහර අය මේවා වෙනත් ආකාරවලින් භාවිතා කරනවාත් පෙනෙනවා. මේ පිළිබඳව ටිකක් බලමු.

1. Reply a letter

පිළිතුරු සපයනවා යන අර්ථයෙන් තනිකර යෙදුනත්, ‘යමකට පිළිතුරු සපයනවා කීමේදී නම් මෙය to’ පදයත් සමගයි භාවිතා වෙන්නේ.

When are you going to reply? කවදද / කොයි වෙලාවෙද උත්තර ලියන්නෙ?

When are you going to reply to her letter? කවදද / කොයි වෙලාවෙද එයාගෙ ලියුමට උත්තර ලියන්නෙ?

She replied to my question angrily. එයා මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ තරහෙන්.

2. Refer the notes

වැඩි විස්තර ආදිය සඳහා යම් දෙයකට යොමු වෙනවා යන අර්ථයෙන් Refer: Section II (දෙවන කොටස බලන්න) ආදී වශයෙන් පොත්වල සඳහන් වෙනවා. නමුත් වාක්‍යයක යෙදීමේදී නම් to’ පදයත් පාවිච්චි වෙනවා.

You should refer to Section II.  ඔබ දෙවන කොටස බැලිය යුතුයි.

Refer to the notes for further details. වැඩි විස්තර සඳහා සටහන් බලන්න.

නමුත් වැඩිදුර සොයා බැලීම සඳහා යම් කෙනෙකුට / තැනකට යොමු කරනවායන්න පහත ආකාරයට යෙදෙනවා.

We referred the matter to the IT expert / IT Department. අපි ඒ කාරණය තොරතුරු තාක්ෂණ විශේෂඥයාට / තොරතුරු තාක්ෂණ අංශයට යොමු කළා.

3. Dispose garbage

යමක් බැහැර කරනවා යන අර්ථයෙන් මෙය යෙදෙන්නේ of’ පදයත් සමගයි.

We must find a way to dispose of the garbage. කසළ බැහැර කරන්න ක්‍රමයක් අපි හොයා ගන්න ඕනැ.

4. Come / Sit

මෙම වචන විධානයක් ලෙස ජාත්‍යන්තර ව්‍යවහාරයේ සාමාන්‍යයෙන් තනිකර යෙදෙන්නේ බල්ලෙකුට වැනි සතෙකුට එසේ කීමේදීයි. මනුෂ්‍යයන්ට සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ

Come in / here / with me. ඇතුළට / මෙහාට / මාත් එක්ක එන්න.

Sit down. වාඩි වෙන්න.

ආදී වශයෙන් තවත් කොටසක් එයට ඈඳායි. එම නිසා Come.’ හෝ Sit.’ වශයෙන් කීම අපහාසයක් ලෙස සැලකෙන්නටද ඉඩ තිබෙනවා.

5. Give

මෙම පදය ලංකාවේ ඇතැම් විට විධානයක් ලෙස තනිකර යෙදුනත්, ජාත්‍යන්තරයේ නම් එය බොහෝ වි‍ට එසේ යෙදෙන්නේ එම ක්‍රියාවට භාජනය වෙන දේද සහිතවයි.

Give me the book. මට පොත දෙන්න.

Give some money to her. එයාට සල්ලි ටිකක් දෙන්න.

6. Come go

එන්න යන්න. යන සිංහල කියමනේ ඉංග්‍රීසි ආකාරය ලෙස මෙය යොදා ගැනුනත්, මේ පද දෙක ජාත්‍යන්තර ව්‍යවහාරයේ මෙසේ යෙදෙන්නේ නැහැ.

Let’s go. එන්න යන්න (අපි යමු).

7. I will go and come

මම ගිහින් එන්නම් කියා සිංහලෙන් නිතරම කියවුණත්, ඉංග්‍රීසියෙන් නම් එම අර්ථයෙන් පාවිච්චි වෙන්නේ වෙනත් යෙදුම්.

See you later. මම ගිහින් එන්නම් (ඔයාව පස්සෙ හම්බ වෙන්නම්).

8. Come to show you something / Come to comb your hair

සිංහලෙන් බහුලව යෙදෙන එන්න ඔයාට බඩුවක් (යමක්) පෙන්නන්න. / එන්න ඔයාගෙ කොණ්ඩෙ පීරන්න. ආදිය සඳහා ඇතැම් අය මෙසේ කීවත්, ඉංග්‍රීසියෙන් මෙසේ දෙදෙනෙකු කරන ක්‍රියා දෙකක් එකට යොදන්නේ නැහැ.

Come here. I want to show you something. / Come here. I have something to show you. එන්න ඔයාට බඩුවක් (යමක්) පෙන්නන්න.

Come here. I want to tell you something. / Come here. I have something to tell you. එන්න ඔයාට බඩුවක් (යමක්) කියන්න.

Come here. I want to comb your hair. / Come here so (that) I can comb your hair. එන්න ඔයාගෙ කොණ්ඩෙ පීරන්න.

9. You have put on / You have gone down

ඔයා මහත් වෙලා. / ඔයා කෙට්ටු වෙලා. යන අදහස් මෙහි ඇතැම් විට මෙසේ ඇසුනත්, ජාත්‍යන්තර සම්ප්‍රදායේ ඒවා - විශේෂයෙන් දෙවැන්න - වෙනස් ආකාරයෙන් යෙදෙනවා.

You have put on weight. ඔයා මහත් වෙලා.

You have lost weight. ඔයා කෙට්ටු වෙලා.

කෙසේ වෙතත් වර්තමාන බටහිර සංස්කෘතියේ මහත් වීම හොඳ දෙයක් ලෙස නොසැලකෙන බවත්, කෙනෙකුගේ පෙනුම පිළිබඳ නිෂේධාත්මක ප්‍රකාශ කිරීම නොහොබිනා ලෙස සැලකෙන බවක් මතක තබා ගත යුතුයි.

10. We went for a party / concert / film…

මෙවැනි තැන්වල ලංකාවේ ඇතැම් විට for’ යෙදුනත්, ඒ වෙනුවට to’ යෙදීම ජාත්‍යන්තර ඉංග්‍රීසි සම්ප්‍රදායයි.

We went to a party / concert / film [BrE]/ movie [AmE] last night. ඊයෙ රෑ අපි පාටියකට / විවිධ ප්‍රසංගයකට / විත්‍ර පටියක් බලන්න ගියා.

11. I wish you will pass your exam

යම් කෙනෙකුට යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා කීමට ‘wish’ පදය භාවිතා කරනවා.

I wish you all the best for your exam. මම ඔයාට විභාගය වෙනුවෙන් සුභ පතනවා.

We wish you success in your exam. අපි ඔයාට විභාගෙන් ජය ප්‍රාර්ථනා කරනවා.

නමුත් යම් සිදු වීමක් සමග එම පදය යොදා ගන්නේ සිදු වීමට ඇති ඉඩ අඩු දෙයක් වෙනුවෙන් අපේ කැමැත්ත දැක්වීමටයි.

I wish she’d (would) listen to me. එයා මට ඇහුන් කන් දුන්නොත් කොච්චර හොඳද කියලා මට හිතෙනවා (ඒත් ඇහුන් කන් දෙයි කියලා හිතන්න අමාරුයි).

IWish I Knew! - මේ අතීත කාලයද?ලිපියත් බලන්න.

යමක් සිදු වෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් කෙරෙන ප්‍රාර්ථනයක සාමාන්‍යයෙන් ගැනෙන්නේ hope’ පදයයි. මෙවැනි ප්‍රාර්ථනයක බොහෝ විට අනාගත අර්ථයෙන් වර්තමාන ක්‍රියා යෙදෙනවා.

I hope you pass your exam. ඔයා විභාගේ පාස් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.

12. She wore her new uniform and went to work

ඇඳුමක් ඇඳගෙන ඉන්නවා’, ‘ඇඳගෙන යනවා වැනි අර්ථවලින් ‘wear’ පදය භාවිතා කළත්, ඇඳුමක් ඇඳගන්නවා යන ක්‍රියාව සඳහා භාවිතා කරන්නේ ‘put on’ යෙදුමයි.

She put on her new uniform and went to work. එයා එයාගේ අළුත් නිල ඇඳුම ඇඳගෙන, වැඩට ගියා.

She wore her new uniform to work today. අද වැඩට යනකොට එයා එයාගේ අළුත් නිල ඇඳුම ඇඳගෙන ගියා.

She wore her new uniform at work today. වැඩ කරන තැන එයා අද එයාගේ අළුත් නිල ඇඳුම ඇඳගෙන හිටියා.

(සේයාරුවට ස්තුතිය: BTO Educational)

5 comments:

  1. ඔබ කරන්නෙ අගනා සේවයක්!
    ඉංග්‍රීසි දන්න නොදන්න හැමෝටම මේ වගේ ලිපි බොහොම වටිනවා...
    ස්තූතියි ඔබට ඔබ සතු දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්නවට...
    මේ යහපත් දේ දිගටම කරගෙන යන්න සුභපතනවා!
    ඔබට ජය!!!

    ReplyDelete
  2. @ධනික | Dhanika
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. Hi Sujeewa,

    Thanks for the post.. Really admire your effort on writing these articles..Please convert your bolg post to e-book one day. I will be able to help you out.

    BTW, I am keen to know how you improved your english grammar knowledge into this extend. I would dream to write english like you. pls let me know whether there is any book or special practice method you followed to improve into this much of capacity.

    Thanks,
    krishantha.

    ReplyDelete
  4. Hi Krishantha,

    I'll think about making an e-book one day as you have said. In fact, I am considering a printed book too so that those who have no access to the Internet can also benefit.

    As you can see from my short self-introduction (you have to access it through the menu bar at the top), I studied engineering at university, not linguistics, but I have always been interested in languages. So it has been my habit to carefully go through any good reading material I came across, noting the various patterns used by the writers.

    When there were things I couldn't understand, I turned to dictionaries and formal grammar books, but my primary technique was observing practical usage and then putting into practice what I have so learned. The fact that my father was a very competent English teacher certainly made things easier for me and he was the person who showed me the way to go about it.

    I personally don't have a clear preference for any particular grammar book and the same goes for dictionaries. My practice has always been to consult several of them at once since each one of them would have its own strengths and weaknesses. Actually, you can find plenty of advice about English grammar and even complete dictionaries onlne nowadays. Comparing what they say will give you a better understanding of the points they make.

    However, as I said earlier, your own long-term observation of good English, whether in spoken or written form, will perhaps teach you more than anything else.

    ReplyDelete
  5. Thanks for Sujeewa for the reply.

    Good point "your own long-term observation of good English" - Thanks again.

    -Krishantha

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails