Wednesday, February 24, 2010

I Like Watching TV, but I’d Like to Listen to the Radio Now - කැමති අකමැතිකම් ගැන

 
සේයාරුවට ස්තුතිය: Philby 

ඕනැම භාෂාවක් කතා කරද්දි අපට අපි හරි අනිත් අය හරි කැමති, අකමැති දේ ගැන සඳහන් කරන්න වෙනවා. එක් එක් පුද්ගලයගේ රුචි අරුචිකම් වෙනස්නේ. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඉතින් නොයෙක් දේවල් ගැන එකිනෙකාගේ මත විවිධ වෙනවා වගේම එක් අයෙක් ගොඩක් ඇලුම් කරන දෙයක් වෙනත් අයෙකුට වහ කදුරු වෙන්න පුලුවන්. ඉංග්‍රීසි කියමනකුත් තියෙනවා "One man’s meat is another man’s poison" කියලා.

රුචි අරුචිකම් සම්බන්ධයෙන් ඇතැම් විට කල කෝලාහලත් ඇති වෙනවා. දන්නවනේ මේ ඡන්ද කාලවල වෙන දේවල් එහෙම. හැබැයි සදාචාරාත්මක සමාජයක ජීවත් වෙන මනුෂ්‍යයන් වශයෙන් අපි දැනගන්න ඕනැ මේ කරුණු ගැන ආත්ම දමනයකින් (self-control) යුතුව කතා බහ කරන්න.

ඉංග්‍රීසි භාෂාවෙත් තියනවා කැමති අකමැති දේ ගැන සඳහන් කරද්දි ප්‍රයෝජනයට ගන්න යෙදුම් ගණනාවක්. අපි බලමු එයින් කීපයක්.

1. like - කැමැත්තක් / අකමැත්තක් ප්‍රකාශ කිරීමේදී

I like string hoppers. මම කැමතියි ඉදි ආප්පවලට.

He likes T-shirts. එයා ටී ෂර්ට්වලට කැමතියි.

She likes playing the organ. එයා ඕගන් ගහන්න කැමතියි.

The children don’t like staying at home all day. ළමයි කැමති නැහැ මුළු දවසෙම ගෙදර ඉන්න.
 

Do you like English films? ඔයා ඉංග්‍රීසි චිත්‍රපටිවලට කැමතිද?

Don’t you like him? ඔයා එයාට කැමති නැද්ද?

***මෙතනදී කරන ක්‍රියාවක් සම්බන්ධව කතා කරද්දි "like doing" (විශේෂයෙන් BrE) හා "like to do" දෙආකාරයක් තියෙනවා. තමන් කිරීම රස විඳින ක්‍රියා සඳහා දෙආකාරයම යෙදුනත්, කිරීම වැදගත් / නිවැරදි යැයි සිතන නිසා (හෝ පුරුද්දක් වශයෙන් මෙන්) කරන්නට කැමති ක්‍රියා සඳහා යොදා ගන්නේ දෙවැන්නයි.

I like singing. / I like to sing. මම සින්දු කියන්න කැමතියි. (ගායනයෙන් මම විනෝදයක් ලබනවා.)

I like to exercise in the morning. මම උදේට ව්‍යායාම කරන්න කැමතියි. (එය වැදගත් යැයි සිතන නිසා)

I like to help my parents. මම මගෙ දෙමව්පියන්ට උදව් කරන්න කැමතියි. (යුතුකමක් නිසා)

***මේ බැලුවේ යමෙක් කරන දේ සම්බන්ධයෙන් ඒ පුද්ගලයාගේම කැමැත්ත, අකමැත්ත දක්වන හැටිනෙ. වෙනත් කෙනෙක් කරන දෙයක් ගැන කැමැත්ත හෝ අකමැත්ත පෙන්වන්නත් අපට වෙනවනේ.

They don’t like me / my coming here. ඒ අය කැමති නැහැ මම මෙහෙ  ආවට / එනවට.

I like them/ their staying with us. ඒ අය මෙහෙ ඉන්නවට මම කැමතියි.

My father doesn’t like me / my going abroad next year. මම ලබන අවුරුද්දෙ රට යනවට මගෙ තාත්තා කැමති නැහැ.

***ඒ බැලුව රටාව ගන්න පුලුවන් අනිත් අය කලින් කළ, දැන් කරන හෝ පසුව කිරීමට නියමිත දේ ගැන යම් කෙනෙකුගේ කැමැති අකමැතිකම් පිළිබඳ කතා කරන්න. යම් කෙනෙක් සාමාන්‍යයෙන් අනිත් අය කරනවට කැමති හෝ අකමැති දේ ගැන කතා කරන්න නම් පහත එන රටාව ප්‍රයෝජනයට ගන්න පුලුවන්.

He likes people to be punctual. එයා කැමතියි මිනිස්සු වෙලාවට වැඩ කරනවට.

Everybody likes others to be honest. හැමෝම කැමතියි අනිත් අය අවංක වෙනවට.

They don't like anybody else to succeed. වෙන කව්රුවත් දියුණු වෙනව‍ට (සාර්ථකත්වය ලබනවට) ඒ අය කැමති නැහැ. 
 
My parents won’t like them staying overnight at our place. ඒ අය අපේ ගෙදර රෑ ඉන්නවට මගේ දෙමව්පියෝ කැමති වෙන එකක් නැහැ.

2. would like - එසේ වේ නම් කැමතියි 
(අනාගතයේ විය හැකි දෙයක් ගැන කැමැත්තක් වන මෙය ආචාරශීලී ඉල්ලීමක් ලෙසත් භාවිතා කළ හැකියි. මෙහිදී ක්‍රියාවක් සමග සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ "would like to do" රටාවයි.)

I’d (I would) like a cup of tea now. මට දැන් තේ එකක් තියෙනව නම් හොඳයි (මම කැමතියි).

We’d (We would) like to meet you. අප‍ට ඔයාව හම්බ වෙන්න තියනව නම් හොඳයි (අපි කැමතියි).

I wouldn’t (would not) like to go there again. මට ආයෙ එහෙ යන්න නොවෙනව නම් හොඳයි (මම කැමතියි).

Would you like to join us? ඔයා කැමතිද අපට එකතු වෙන්න? (මෙය අපට එකතු වීමට කරන කාරුණික ආරාධනයක් වෙනවා.)

Wouldn’t you like to go on the trip? ඔයා කැමති නැද්ද ට්‍රිප් එක (ගමන) යන්න? (නැත යන අර්ථයෙන් ඇසුවත් මෙහිදී අනිත් කෙනා කැමති වේය කියා අපි කලින් අවස්ථාවටත් වඩා බලාපොරොත්තු වෙනවා.)

***වෙනත් කෙනෙක් යමක් කරනවා නම් යමෙක් ඊට කැමති හෝ අකමැති බව ප්‍රකාශ කිරීමට පහත ආකාර යොදා ගත හැකියි. මෙවාත් ආචාරශීලී ඉල්ලීම් ලෙස භාවිතා කළ හැකියි.

He’d (He would) like you to come tomorrow. ඔයා හෙට එනව නම් එයා කැමතියි.

He’d (He would) like it if you could come tomorrow. ඔයාට හෙට එන්න පුලුවන් නම් එයා කැමතියි.

***ලංකාවේ ඇතැම් අය මේ අනාගතයේ සිදු විය හැකි දේ ගැන කතා කරද්දිත් (1) රටාව පාවිච්චි කරනවා. “like” පමණක් යෙදෙන්නේ දැන් තිබෙන (හෝ අනාගතයේ තිබෙන්නට නියමිත) යමක් / යම් තත්වයක් පිළිබඳව ඇති කැමැත්ත හෝ අකමැත්ත දැක්වීමටයි. “would like” භාවිතා කරන්නේ අනාගතයේ ඇති විය හැකි යමක් / යම් තත්වයක් ඇති වුවහොත් ඊට ඇති කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීමටයි. අපට තරමක් නුහුරු වුණත් මේ දෙක අතර වෙනස වටහා ගෙන ඒ අනුව භාවිතා කළොත් වඩාත් හොඳයි.

3. prefer - වඩා කැමතියි

***භාවිතය like හා සමානකම් දක්වනවා. මෙහිදීත් prefer හා  would prefer ආකාර දෙකම කලින් සඳහන් කළ පිළිවෙලට යෙදෙනවා. එක් දෙයකට වඩා වෙනත් දෙයකට කැමති බව කීමට මෙම පදය පාවිච්චි කරන අන්දම පහත උදාහරණවල බලන්න.

I prefer tea to coffee. මම කෝපිවලට වඩා තේවලට කැමතියි.

I prefer tea without milk. මම වඩා කැමති කිරි නොදා තේ බොන්නයි.

Children prefer watching TV to reading. ළමයි කියවනවට වැඩිය ටීවී බලන්න කැමතියි.

They prefer to go out on Sunday rather than stay at home. ඒ ගොල්ලො ඉරිදට ගෙදර ඉන්නවට වැඩිය කොහෙ හරි යන්න කැමතියි.

Her family prefers her coming back home. එයා ගෙදර එන එකට එයාගෙ ගෙදර අය වඩා කැමතියි.

I’d (I would) prefer to postpone the meeting. රැස්වීම කල් දාන්න පුළුවන් නම් මම වඩා කැමතියි.

I’d (I would) prefer not to postpone the meeting. රැස්වීම කල් නොදා ඉන්න පුළුවන් නම් මම වඩා කැමතියි.

His parents would prefer him to study medicine. එයා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවට (ඉගෙන ගන්නව නම්) එයාගෙ දෙමව්පියො වඩා කැමතියි.

3. would rather - එසේ වේ නම් වඩා කැමතියි 
(අනාගතයේ විය හැකි දෙයක් ගැන දක්වන වැඩි කැමැත්තක් ප්‍රකාශ කරන මෙය අර්ථයෙන් would prefer ට සමාන වෙනවා. නමුත් භාවිතා වෙන රටාව වෙනස්.)

I’d (I would) rather drink some water than tea now. මට දැන් තේවලට වැඩිය වතුර ටිකක් බොන්න තියනව නම් හොඳයි.

She’d (She would) rather stay at home than go to the party. එයා පාටියට යනවට වැඩිය ගෙදර ඉන්න කැමතියි.

He’d (He would) rather not talk to anybody at the moment. කව්රුවත් එක්ක කතා නොකර ඉන්න තියනව නම් එයා මේ වෙලාවෙ වැඩිය කැමතියි.

***වෙනත් කෙනෙක් කරන්නට ඉඩ ඇති දෙයක් ගැන ඇති වැඩි කැමැත්ත දැක්වීමටත් මෙම යෙදුම පහත ආකාරයට යොදා ගන්නවා. 

I’d (I would) rather you came home now.  ඔයා දැන් ගෙදර එනව නම් මම වඩා කැමතියි.

Would you rather they didn’t know? ඒ ගොල්ලො ඒක නොදැන ඉන්නවටද ඔයා වඩා කැමති?

තවත් මෙවැනි රටා කීපයක් මීළඟ ලිපියෙන් සලකා බලමු.

2 comments:

  1. @thariya

    Thanks.

    If I may point out something about the use of the verb 'prefer', you have to have two options there, out of which you like one better.

    Sometimes it's clear from the context. In cases like 'Her family prefers her coming back home.' or 'I’d prefer to postpone the meeting.', for example, anyone would understand that the option mentioned is preferred to its opposite. And in 'His parents would prefer him to study medicine.', it's assumed that the other person knows the other option (which may be something like dentistry).

    But when you say 'I prefer reading your blog.', the reader (that's me) doesn't know what your other option is. So it should have been something like 'I prefer reading your blog to reading a grammar book.' or 'I prefer reading your blog to watching TV.', as the case may be.

    I hope the point is clear to you now.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails