Thursday, February 18, 2010

Even If, Even Though - එහෙම වුණත්

 
සේයාරුවට ස්තුතිය: laurenatclemson 


මීට කලින් ලිපියෙන් if only, as if වගේ යෙදුම් භාවිතා වෙන ආකාරය දැක්කනේ. නමුත් මේ if වචනය පාවිච්චි වෙනවා තවත් ආකාරවලට සමහර වෙලාවට. එතාකොට ඒකෙන් දැක්වෙන අර්ථයත් තරමක් වෙනස් වෙනවා. ඒ වගේ තැන් කීපයත් අදත් පොඩ්ඩක් බලමු.

1. only if - එසේ නම් පමණක්

මෙහිදී වාක්‍යයේ මෙය යෙදෙන ස්ථානය ගැන සැලකිලිමත් විය යුතුයි. මේ if කොටස දෙවෙනියට එනවා නම් සාමාන්‍ය විදිහටම තමයි. ඒ වුනත් ඒක මුලට එනවා නම් අනිත් වාක්‍ය ඛණ්ඩයේ ක්‍රියාව ප්‍රශ්නයක් අහද්දි වගේ තමයි භාවිතා වෙන්නෙ. උදාහැරණ කීපයක් අරගෙනම බලමු.

We could see the film only if we managed to get tickets.
අපට චිත්‍රපටිය බලන්න වෙන්නෙ ටිකට් ගන්න පුලුවන් උනොත් විතරයි.

Only if we managed to get tickets could we see the film.
අපට චිත්‍රපටිය බලන්න වෙන්නෙ ටිකට් ගන්න පුලුවන් උනොත් විතරයි.

She will come with us only if her friend
also comes. එයාගෙ යාළුවත් එනව නම් විතරයි එයා අපිත් එක්ක එන්නෙ.

Only if her friend also comes will she come with us.
එයාගෙ යාළුවත් එනව නම් විතරයි එයා අපිත් එක්ක එන්නෙ.

***only if මුලින් තියෙද්දි ක්‍රියාව මේ විදියට යෙදීම අපේ ලංකාවෙ අය නම් කරනවා අඩුයි. නමුත් එහෙම කරන එක තමයි ජාත්‍යන්තර සම්මතය.

***if කොටස ‍දෙවනුවට යෙදෙන විට only පදය if ට ඉදිරියෙන්ම තිබිය යුතු නැහැ.

We could only see the film if we managed to get tickets.
අපට චිත්‍රපටිය බලන්න වෙන්නෙ ටිකට් ගන්න පුලුවන් උනොත් විතරයි.

2. even if - එසේ වුණත්

Even if you come, there is nothing you can do.
ඔයා ආවත් ඔයාට කරන්න පුලුවන් දෙයක් නැහැ.

There would have been nothing you could do even if you had come.
ඔයා (අතීතයේ යම් අවස්ථාවක) ආවත් ඔයාට කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නැහැ.

***even if හා even though යන දෙකම “එසේ වුවත්” යන අර්ථය දෙතත්, පළමුවැන්න යෙදෙන්නේ එසේ යයි හරි හැටි නොදන්නා දෙයක් සම්බන්ධයෙන් වන අතර දෙවැන්න යෙදෙන්නේ එසේ යයි දන්නා දෙයක් පිළිබඳවයි.

Even if it is true, it is not impotant. ඒක ඇත්ත වුණත් (ඇත්තද දන්නෙත් නැහැ) වැදගත් නැහැ.

Even though it is true, it is not impotant. ඒක ඇත්ත වුණත් (ඇත්ත වුණාට) වැදගත් නැහැ.

Even if he has read the book, he hasn’t (has not) understood anything. එයා පොත කියෙව්වත් (කියෙව්වා කිව්වට ඒක ඇත්තද දන්නෙත් නැහැ) කිසි දෙයක් තේරුම් අරන් නැහැ.

 
 Even though he has read the book, he hasn’t (has not) understood anything. එයා පොත කියෙව්වත් (කියෙව්වට) කිසි දෙයක් තේරුම් අරන් නැහැ.

3. if so - එසේ නම්

Do you want that job? If so, you have
to apply immediately. ඔයාට ඒ රස්සාව ඕනැද? ඕනැ නම් ඉක්මනටම අයදුම් කරන්න වෙනවා.

4. if not
එසේ නැතිනම්

I’ll (I will) go if the others are going too. If not, I’ll just stay at home.
අනිත් අයත් යනව නම් මම යනව. නැත්නම් මම ඔහෙ ගෙදර ඉන්නව.

It’ll (It will) cost hundreds of thousands if not millions.
ඒකට ලක්ෂ ගානක්, නැත්නම් මිලියන් ගානක්, වියදම් වේවි.

5. if anything -
වැඩිම උනොත්, අනිත්වාට වැඩිය

He is not a friend of mine – he is just an acquaintance, if anything.
එයා මගෙ යාළුවෙක් නෙමෙයි, වැඩිම උනොත් අඳුරන කෙනෙක් කිව්වැකි.

She looks rather like her aunt, if anything.
එයා පෙනුමෙන් ටිකක් හරි සමාන එයාගෙ නැන්දට / පුංචි අම්මට. (අඩු ගානෙ අනිත් අයට වැඩිය වත්.)

6. if at all -
කොහෙත්ම නැති නොවුණොත්

They might read this once - if at all.
ඒ අය මේක ඕනැ නම් (නොකියවාම නොහිටියොත්) එක පාරක් කියවයි.

You should add little* water, if at all.
ඔයා වතුර එකතු කෙරුවත්, වැඩිය එකතු කරන්න හොඳ නැහැ.

*
little හා a little අතර වෙනස සඳහා A little About a Lot... - ගොඩක් දේ ගැනටිකක්... බලන්න.

7. what if -
එහෙම වුණොත් (මොකද කරන්නෙ / මොකද වෙන්නෙ)?

What if she doesn't (does not) come tomorrow?
එයා හෙට නාවොත් (මොකද කරන්නෙ)?

What if it rains tomorrow?
හෙට වැස්සොත් (මොකද කරන්නෙ)?


8. if - එසේද නැද්ද 

***මෙම අර්ථයෙන් වඩා බහුලව භාවිතා වෙන්නෙ නම් whether පදය. නමුත් ඒ වෙනුවට ඇතැම් තැන්වල if යොදන්නත් හැකියි, විශේෂයෙන් අවිධිමත් (informal) අවස්ථාවල.


He wanted to know whether / if you will also come.
ඔයාත් එනවද කියල දැන ගන්න එයාට ඕනැ උනා.


I am trying to find out whether / if she was there.
මම හොයා ගන්න බලන්නෙ එයා එතන හිටියද කියල.

Ask him whether / if he wants something to drink. බොන්න මොනවත් ඕනැද කියල එයාගෙන් අහන්න. 


See whether / if she has finished or not. බලන්න එයා ඉවරද, නැද්ද කියලා.

I don’t know whether / if you prefer tea or coffee. මම දන්නෙ නැහැ ඔයා වැඩිය කැමති තේවලටද කෝපිවලටද කියලා.

They discussed whether / if they needed a new car. ඒ ගොල්ලො කතා කෙරුවා (සාකච්චා කෙරුවා) ඒ ගොල්ලන්ට අළුත් කාරෙකක් ඕනැද කියන එක ගැන.

***නිපාත පදයකට (of, about ආදී) පසුව, to සහිත ක්‍රියා පදයකට පෙර, or not යන්න සමගම යෙදෙන විට, වාක්‍යයක (හෝ තනිව පවතින වාක්‍ය ඛණ්ඩයක) මුල හා එසේ වුවත් නැතත් අර්ථය ඇති තැන්වල ආදියේ යෙදෙන්නේ whether පදය පමණයි.

It depends on whether he will come. ඒක රඳා පවතින්නේ එයා එනවද කියන එක මත.

He couldn’t decide whether to come with us. අපිත් එක්ක එනවද කියල තීරණය කරන්න එයාට බැරි වුනා.

We don’t know whether or not she is coming. අපි දන්නෙ නැහැ එයා එනවද නැද්ද කියලා.

Whether she is coming is not yet known. එයා එනවද නැද්ද කියලා තවම දන්නෙ නැහැ.

The question is whether she is coming. එයා එනවද කියන එකයි ප්‍රශ්නේ.

I am going there whether you like it or not. ඔයා කැමති වුනත් නැතත් මම එහේ යනවා.

 
9. if - (
කියූ දේකට තරමක් වෙනස් දෙයක් එක් කරද්දී)

It's (It is) an interesting if unrealistic novel.
යතාර්ථවාදි නැතත් ඒක රසවත් නව කතාවක්.

He is an intelligent - if a little careless - boy.
ටිකක් නොසැකිලිමත් උනත් එයා බුද්ධිමත් ළමයෙක්.

She is a pretty girl, if a little short.
ටිකක් මිටි උනත් එයා ලස්සන ගෑනු ළමයෙක්.

10. if -
එවැනි දෙ‍යක් ඇත් නමි ඇත්තේ මෙය පමණයි 

If he has a weakness, it's his laziness.
එයාගෙ අඩුවක් (දුර්වලකමක්) කියල තියනවා නම් තියෙන්නෙ එයාගෙ කම්මැලිකම.

If she has a problem, it's her maths [
බ්‍රි] / math [ඇ]. එයාට ප්‍රශ්නයක් තියනවා නම් තියෙන්නෙ ගණිතය විතරයි.

11. if -
අවිනිශ්චිත දෙයක්, කොන්දේසියක්

Life is full of ifs.
ජීවිතේ අවිනිශ්චිත දේ පිරිලා.

You have to do it - no ifs or buts.
ඔයා ඒක කරන්න ඕනැ, නෑ බෑ නොකියා (කොන්දේසි, බැරි කමට හේතු එපා).

12. if නොමැති කොන්දේසි

කොන්දේසියක් තිබුනත් if හෝ කලින් ලිපියේ සඳහන් එවැනි වෙනත් පදයක් නොයොදා සිටින රටාත් තියනවා.

***කතා ව්‍යවහාරයේ ඇතැම් විට පහත ඇති ආකාරයේ ප්‍රකාශ හමු වෙනවා.

You come any closer, I’ll hit you. උඹ තව ළඟට ආවොත් මම උඹට ගහනවා.

***විධිමත් ව්‍යවහාරයේ ඇතැම් විට, කලින් ලිපියක සඳහන් පරිදි were, should, had යන උපකාරක ක්‍රියා subjunctive ආකාරයට යෙදෙන තැන්වල, එම පද - ප්‍රශ්නයකදී මෙන් - ඉදිරියට ගන්නා පහත ආකාරයේ රටා යොදා ගැනෙනවා. නැත යන අර්ථයෙන් නම්, not පදය උපකාරක ක්‍රියා පදයට එක්වී ඉදිරියට ඒම මෙහිදී සිදු වෙන්නේ නැහැ.

Were this news true, it would be good for all of us. මේ ආරංචිය ඇත්තක් වුණා නම් එහෙම ඒක අපි කාටත් හොඳ වෙනවා.

Should you need any help, you could always call me. ඔයාට යම් උදව්වක් ඕනැ උනොත් ඕනැ වෙලාවක මට කතා කරන්න පුලුවන්.

He would have passed the exam had he studied well. එයා හොඳට ඉගෙන ගත්ත නම් (පාඩම් කළා නම්) එයා‍ට විභාගෙ පාස් වෙන්න තිබුනා.

Had she not accepted that job, she would have gone abroad. එයා ඒ රස්සාව බාර නොගත්ත නම් එයා‍ රට යන්න තිබුනා.

මම තවත් දිගට ගියොත් මොකද වෙන්නෙ? ටිකක් වැඩි වෙයි නේද? එ නිසා මෙතනින් නවතිමු. (What if I go further? It will be a little too much, won't it? So let's stop here today.)

2 comments:

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails