Tuesday, February 2, 2010

Can I Start Now? - අවසර, අනවසර, ඉල්ලීම් හා යෝජනා ගැන

 ‍සේයාරුවට ස්තුතිය: yumiang

ඉංග්‍රීසි භාෂාවේ නිතරම පාවිච්චි වෙන can, could වගේ වචන හැකියාවක්, නොහැකියාවක් පිළිබඳව යෙදෙන ආකාර කීපයක් අපි මීට කලින් ලිපියේ බැලුවනේ. නමුත් එතනදීත් කිව්වා වගේ මේ පද තවත් අර්ථවලත් භාවිතයේ තියෙනවා. පොඩ්ඩක් බලමු එවැනි අවස්ථා කීපයක් දිහා.


1. යමක් කිරීමට අවසර ඉල්ලීමේදී හා යෝජනා කිරීමේදී

Can / Could I use your computer for some time? මට ඔයාගෙ කම්පියුටර් එක ටික වෙලාවකට පාවිච්චි කරන්න පුලුවන්ද?

Can / Could I have another look at your new watch? මට ආයෙත් සැරයක් ඔයාගෙ අළුත් ඔර්ලෝසුව බලන්න පුලුවන්ද?

Can / Could we do this right now? අපට මේක දැන්මම කරන්න පුලුවන්ද? (...දැන්මම කරමුද?)

Can / Could we go and visit her at [බ්‍රි] / on [(වැඩි වශයෙන්)] the weekend? අපට සති අන්තයෙ එයාව බලන්න යන්න පුලුවන්ද? (...බලන්න යමුද?)

Can / Could they go on the trip with us? ඒ ගොල්ලන්ට අපිත් එක්ක ගමන යන්න පුලුවන්ද?

මෙම දෙආකාරයම ආචාරශීලීව අවසර ඉල්ලීමට, යෝජනාවක් කිරීම‍ට, යොදාගන්නවා. නමුත් could භාවිතයේදී වඩාත් ආචාරශීලීබවක් පෙන්වනවා (සිංහලෙන් ...පුලුවන්ද?” හා ...පුලුවන් වෙයිද?” කියලා අහනකොට තියන වෙනස වගේ). දෙආකාරයටම අවශ්‍ය නම් please යන්නද එකතු කර එම ගුණය තව දුරටත් හුවා දැක්විය හැකියි.

Can / Could I have some more time, please? මට තව ටිකක් වෙලා ගන්න පුලුවන් වෙයිද?

Can / Could we buy that dress, please? අනේ අපි අර ඇඳුම ගමුද?

තම ඉල්ලීම‍ට ‍වැඩිපුර බරක් එකතු කිරීමට එය ඇතැම් විට නැත යන අර්ථයෙන්ද ඉදිරිපත් කරනවා. එහිදී ඇත යන අර්ථයේ උත්තරයක් වැඩිපුරත් බලාපොරොත්තු වෙනවා.

Can’t / Couldn’t we go out this evening?  අප‍ට බැරිද / බැරි වෙයිද අද හවස කොහෙ හරි යන්න?

ඉල්ලීම හෝ යෝජනාව මේ මොන ආකාරයට කෙරුනත් එයට අවසර දීම / නොදීම හෝ එකඟ වීම / නොවීම සඳහා සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ can / can’t (cannot) පදයි.

Could I come with you? මට ඔයත් එක්ක එන්න පුලුවන් වෙයිද?
 - Yes, you can. / No, you can’t. ඔව්, පුලුවන්. / බැහැ, එන්න බැහැ.

Couldn’t we see a film tonight? අපට බැරි වෙයිද අද රෑ චිත්‍රපටියක් බලන්න?
 - Yes, we can.* / No, we can’t.* පුලුවන්. / බැහැ.

*නැත යන අර්ථයෙන් කරන ප්‍රකාශයකට එකඟ වෙන හෝ නොවෙන ආකාරය This Isn’t So Difficult. – Yes or No? ලිපියේ විස්තර කෙරුනා. එසේ අසන ප්‍රශ්නයකටත් උත්තර දෙන්නේ ඊට සමානවයි.

උත්තර‍යේදී could යෙදුවොත් එයින් හැඟවෙන්නේ නිශ්චිතවම අවසර දීමට හෝ එකඟ වීමට (තවම) නොහැකි බවයි.
                                         
Can I play the guitar this afternoon? මට අද හවස ගිටාර් ගහන්න පුලුවන්ද?

- Yes, you could, but first you have to finish your homework. පුලුවන් (වෙයි), ඒත් ඊට කලින් ඔයාගෙ ‍‍ගෙදර වැඩ ඉවර කරන්න ඕනැ (එහෙම කළොත් තමයි අවසර ලැබෙන්නේ).

විධිමත් (formal) අවස්ථාවල ඉතා ආචාරශීලීව අවසර පැතීමට හෝ යමක් ඉල්ලීමට may පදය මේ රටාවෙන් යොදා ගන්නවා.

May I go now, sir? සර්, මට දැන් යන්න පුලුවන් වෙයිද?

- Yes, you may. / No, you may not. ඔව්, යන්න පුළුවන්. / බැහැ, යන්න බැහැ.

May I have a copy of that, please? මට එකේ / ඕකේ පිටපතක් ගන්න පුළුවන් වෙයිද?

- Yes, of course. / No, I’m sorry.  ඔව්, (ඇත්තෙන්ම) පුළුවන්. / බැහැ, කණගාටුයි.

***යමක් කළ හැකි / නොහැකි බව (කිරීමට අවසර ඇති / නැති බව) දක්වන නීති රීතිවලත් may / may not යෙදෙනවා. 

The members may use all the facilities of the library. සාමාජිකයන්ට පුස්තකාලයේ සියලු පහසුකම් පාවිච්චි කිරීමට අවසර ඇත.

The students may not leave the school premises before 1.30 p.m. ප.ව. 1.30 ට පෙර ශිෂ්‍යයන් පාසැල් භූමියෙන් පිටත‍ට නොයා යුතුයි.

***අතීතයේදී යමක් කිරීමට අවසර ලැබුණු / නොලැබුණු බව දැක්වීමට (be) allowed to / permitted to වැනි රටා යොදා ගත යුතු වෙනවා. (අවශ්‍ය නම් මෙම රටා වර්තමාන හා අනාගත කාලවලත් භාවිතා කළ හැකියි.)

The members were allowed /permitted to  use all the facilities of the library. සාමාජිකයන්ට පුස්තකාලයේ සියලු පහසුකම් පාවිච්චි කිරීමට අවසර ලැබිණි.

The students were not allowed / permitted to leave the school premises before 1.30 p.m. ප.ව. 1.30 ට පෙර ශිෂ්‍යයන්ට පාසැල් භූමියෙන් පිටත‍ට යාමට අවසර නොලැබිණි.

2. යමක් කරන ලෙස අනිත් පුද්ගලයාගෙන් ඉල්ලීමේදී

Can / Could you help me (to) answer this question? ඔයාට පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට උදව් කරන්න?

Can / Could you please come here? පොඩ්ඩක් මෙහාට එන්න පුලුවන් වෙයිද?

මෙහිදීද ඉල්ලීමට‍ ‍වැඩිපුර බරක් එකතු කිරීමට එය ඇතැම් විට නැත යන අර්ථයෙන් කෙරෙනවා.

Can’t / Couldn’t you do some of the work here?  ඔයාට බැරිද මෙතන තියන වැඩවලින් ටිකක් කරන්න?

උත්තර දීමේදී කලින් සඳහන් ආකාරයට can හෝ can’t පාවිච්චි කරනවා. ඉල්ලීමට එකඟ වීමේදී කැමැත්තෙන් ඉල්ලීම ඉටු කරන බව හුවා දැක්වීමට of course, certainly, sure* වැනි යෙදුම්ද භාවිතා කළ හැකියි.
* sure යෙදෙන්නේ තරමක් අවිධිමත් (informal) අවස්ථාවලදීයි.

Could you explain to me how the new software is used? ඔයාට පුලුවන් වෙයිද අළුත් සොෆ්ට්වෙයා (මෘදුකාංග) පාවිච්චි කරන හැටි ම‍ට කියල දෙන්න (පැහැදිලි කරල දෙන්න).

- Of course (I can). අනිවාර්යෙන්ම (පුලුවන්).

- Yes, I can. ඔව්, පුලුවන්.

- No, I am sorry I can’t. I don’t have the time now. අනේ දැන් නම් මට වෙලාව නැහැ.

3. ‍යමක් කිරීමට ඉදිරිපත් වීමේදී

Can / Could I help you? මගෙන් කෙරෙන්න දෙයක් තියනවද? (ඔයාට උදව් කරන්න මට පුලුවන්ද?)

Can / Could I offer you something to drink? ඔයාට බොන්න මුකුත් දෙන්නද?

***විධිමත් (formal) අවස්ථාවල ඉතා ආචාරශීලීව මෙසේ ඉදිරිපත් වීමට may පදය මේ රටාවෙන් යොදා ගන්නවා.

May I help you? මගෙන් කෙරෙන්න දෙයක් තියනවද? (ඔයාට උදව් කරන්න මට පුලුවන්ද?)

May I offer you something to drink? ඔයාට බොන්න මුකුත් දෙන්නද?

***යමක් කිරීමට ඉදිරිපත් වීමේදී තවත් බහුලව පාවිච්චි වෙන ර‍ටාවක් තියෙනවා.

Shall* / Should I make some coffee for you? මම ඔයාට කෝපි ටිකක් හදන්නද?

Shall* / Should we come over and help you a little? අපි ඔහාට ඇවිල්ලා ඔයාට / ඔයාලට පොඩ්ඩක් උදව් කරන්නද?

*shall පදය වැඩිපුර භාවිතා වෙන්නේ බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේයි.

මේ දෙආකාරයටම උත්තර දීමේදී කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා Yes, please.” වැන්නකුත්, ප්‍රතික්ෂේප කිරීම සඳහා No, thanks.” වැන්නකුත් කිව හැකියි. 

තවත් තියෙනවා can සහ could භාවිතා වෙන තැන්. ඒ විතරක් නෙමේshould පදයේ භාවිතය ගැනත් බලන්න ඕනැ. Should I continue now? මොකද කියන්නේ?
Yes, please. Go ahead. ?
No, thanks. Not right now. ?
හරි, හරි, අපි ඉදිරි ලිපිවලින් බලමු.

2 comments:

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails