Tuesday, January 5, 2010

සුද්දාගේ කඩ්ඩේ වගතුග - Which Colour/Color Is It?

සේයාරුව ElvertBarnes ගෙන්


අපේ රට 1815 දී සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වීමෙන් පසුව ඉංග්‍රීසි ලංකාවේ පරිපාලන භාෂාව බවට පත් වුණා. එතැන් පටන් 1948 වන තුරුම අපි ඔවුන්ගේ පාලනයට සෘජුවම ලක් වී සිටි නිසා ඒ වන විට අපට ඔවුන්ගේ බසේ ආභාෂයත් සෑහෙන දුරට ලැබී තිබුණා. කොහොමටත් ඒ කාලෙ ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රමිතිය හැටියට සැලකුණේත් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි භාවිතය (British English usage [BrE]). ඊට හේතුව වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොව පුරා පැතිරුණ යටත් විජිත ඇතිව ඉතා බලවත් තත්වයක පැවතීම. කොතරම් ව්‍යාප්ත වී තිබුණාද කියතොත් එය හිරු නොබසින අධිරාජ්‍යය (the Empire on which the sun never sets)ලෙසද හැඳින්වුණා. (එනම් ඕනෑම වෙලාවක එයට අයත් වූ කිසියම් කොටසකට හිරු පායා තිබුණා.)

නමුත් 1939-1945 දී පැවති දෙවන ලෝක සංග්‍රාමයේදී (Second World War, World War II) බ්‍රිතාන්‍යයට විශාල පාඩු විඳීමට සිදු වුණා. ඒ වගේම ඒ වන විට බොහෝ යටත් විජිතවල නිදහස ලැබීමේ ව්‍යාපාර දියත් වී තිබූ නිසා, ලෝක යුද්ධයේදී  එම රටවලින් උදව් ලබා සිටි බ්‍රිතාන්‍යයට ක්‍රම ක්‍රමයෙන් ඒවාට නිදහස ලබා දීමට සිදු වුණා. ඔවුන්ගේ අධිරාජ්‍යයේ බලය මෙසේ පිරිහී ගියා.

මේ කාලයේ ඇමරිකා එක්සත් ජනපදය (United States of America, U.S.A.) ආර්ථික වශයෙන් බල සම්පන්න රාජ්‍යයක් බවට පත් වී සිටියා. බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපයේ (Europe) අනෙකුත් රටවල්ද යුද්ධයෙන් විනාශයට පත් වී තිබීම ඇමරිකාවේ කැපී පෙනීමට තවත් හේතු වුණා. ඇමරිකාවත් බ්‍රිතාන්‍යට යටත්ව තිබී කලින්ම නිදහස ලබා තිබූ ජනපදවල එකතුවක් වූ නිසා එහි රාජ්‍ය භාෂාව වී තිබුණේත් ඉංග්‍රීසියයි. ඒත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව භාවිතා කළේ බ්‍රිතාන්‍ය සමිමතයට අනුවම නොවෙයි.  

ඇමරිකාවේ නැගීමත් සමග ඔවුන්ගේ භාෂා ව්‍යවහාරයත් (American usage [AmE]) ලොව තුළ ප්‍රමිතියක් ලෙස පිළිගැනීමට ලක් වුණා. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා සමහර රටවල බ්‍රීතාන්‍ය සම්ප්‍රදායත්, එනෙක් රටවල ඇමරිකානු සම්ප්‍රදායත් අනුගමනය කෙරෙන්නට ගත්තා. අපේ රටේ නම් අදටත් අපි යොදා ගන්නේ මූලික වශයෙන් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිය. ඒත් ආර්ථික බලයත් සමග ඇමරිකාව විවිධ මාධ්‍ය ඔස්සේ අද ලෝකයේ ලබා තිබෙන සංස්කෘතික ආධිපත්‍යය (cultural dominance) නිසා ඔවුන්ගේ ව්‍යවහාරය අපටත් දැන් - අඩු තරමින් විදේශීය මාධ්‍ය ඔස්සේ - වැඩි වැඩියෙන් අත් දකින්නට ලැබෙනවා. මේ දෙවිදිහ අතර ඇති වෙනස්කම් විවිධාකාරයි.

[පහත දැක්වෙන උදාහරණ කිහිපයේ මුලින් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායත් (British form), - ලකුණට පසුව ඇමරිකානු සම්ප්‍රදායත් (American form) දක්වා තිබෙනවා.]


1. වචනවල (vocabulary)

lift elevator   විදුලි සෝපානය

note / banknote – bill  මුදල් නෝට්ටුව
 
bonnet – hood (of a car)  බොනට් එක (මෝටර් රථයක) 

boot – trunk (of a car)  ඩිකිය (මෝටර් රථයක)

windscreen – windshield  වාහනයක ඉස්සරහ වීදුරුව

lorry – truck  ලොරිය                                                      

car park – parking lot  රථ ගාල

roundabout - traffic circle / rotary  මාර්ග වටරවුම

merry-go-round / roundabout – carousel  මෙරි ගෝ රවුම

roundabout - merry-go-round   බඹර ඔන්චිල්ලාව (ළමා උයන්වල ළමයි නැගී කැරකෙන රෝදය)

Ferris wheel – big wheel  කතුරු ඔන්චිල්ලාව

railway – railroad  රේල් පාර

railway carriage / coach – railcar / car  දුම්රිය මැදිරිය

postman – mailman / postman  ලියුම් බෙදන්නා

flat apartment  මහල් නිවාසය

ground floor – ground floor / first floor (ගොඩනැගිල්ලක) බිම් මහල

first floor – second floor  පළමු මහල (බිම් මහලට ඉහළ මහල)

aluminium aluminum  ඇලුමිනියම්

aeroplane airplane ගුවන් යානය

petrol gasoline/gas පෙට්රල්

pavement sidewalk පදික වේදිකාව (ඇමරිකානුවන් pavement කියන්නේ පා‍රේ වාහන යන කොටසටයි)   


2. උච්චාරණයේ (pronunciation)*

fast /fɑːst/ – /fæst/, dance / dɑːns/ – /dæns/, class /klɑːs/ – /klæs/...   වේගවත්/ව, නටනවා, පංතිය ...   

card /kɑːd/ – /kɑrd/, part /pɑːt/ – /pɑrt/, farm /fɑːm/ – /fɑrm/…  කාඩ් පත, කොටස, ගොවිපොළ

fort /ˈfɔːt/ – /fɔrt/, form /fɔːm/ – /fɔrm/, cord /kɔːd/ – /kɔrd/  බල කොටුව, පෝර්මය/ස්වරූපය, රැහැන...

secretary /ˈsɛkrətrɪ/ – /ˈsɛkrəˌtɛri/, primary /ˈpraɪmərɪ/ – /ˈpraɪˌmɛri/, library /ˈlaɪbrərɪ, -brɪ / – /ˈlaɪˌbrɛri/  ලේකම්, මූලික/ප්‍රධාන, පුස්තකාලය...

lavatory /ˈlævətri/ – /ˈlævəˌtɔri, -ˌtoʊri/, laboratory  /ləˈbɒrətəri, -ətri/ – /ˈlæbrəˌtɔri, -ˌtoʊri/, preparatory /prɪˈpærətərɪ -trɪ/ – /prɪˈpærəˌtɔri, -ˌtoʊri,  ˈprɛpərə-/  වැසිකිළිය, පරීක්ෂණාගාරය, සූදානමක් වශයෙන් කෙරෙන...

fertile /ˈfɜːtaɪl/ – /ˈfɜːt(ə)l/, missile/ˈmɪsaɪl/  /ˈmɪs(ə)l/, fragile /ˈfrædʒaɪl/ – /ˈfrædʒ(ə)l/ සරුසාර, මිසයිලය, කැඩෙනසුළු...  

schedule /ˈʃɛdjuːl/ – /ˈskɛdʒʊəl/  කාර්ය සටහන/වැඩ පිළිවෙල

leisure /ˈlɛʒə(r)/ – /ˈliːʒər/  විවේකය 

lever /ˈliːvə(r)/ – /ˈlɛvər/ ලීවරය

glacier /ˈglæsɪə(r)/ – /ˈgleɪʃər/   ග්ලැසියරය (චලනය වන අයිස් කන්ද)

 *වචනවලට සබැඳි Oxford Learner’s Dictionaries හි අදාළ පිටුවේ එම වචනයේ උච්චාරණය බ්‍රිතාන්‍ය හා ඇමරිකානු දෙආකාරයෙන්ම ඇසිය හැකියි. බ්ලොග් අඩවියේ ඉහළින්ම ඇති කොටසේ ඉංග්‍රීසි ඉගෙනුමට අත්වැල් යටතේ තිබෙන ඉංග්‍රීසි ශබ්ද රටා() හරහා මෙහි යොදාගෙන ඇති IPA සංකේතයන්, උදාහරණ තුළින් ඒවායේ ශබ්දද සමග, දැන හඳුනා ගත හැකියි. (IPA සංකේත ලොව ඕනෑම භාෂාවක ඕනෑම ශබ්දයක් නිරූපනය කිරීම සඳහා සකස් කර තිබෙනවා.)


3. අක්ෂර වින්‍යාසයේ  (spelling)

colour, harbour, neighbour… – color, harbor, neighbor…   පැහැය, වරාය, අසල් වැසියා

centre, litre, goitre… – center, liter, goiter   කේන්ද්‍රය/මධ්‍යස්ථානය, ලීටරය, බෙල්ලේ වායු ගෙඩිය

travelling, travelled, traveller – traveling, traveled, traveler  සංචාරය කිරීම, සංචාරය කළා, සංචාරය කරන්නා 
[quarrel(රන්ඩු කරනවා), model(නිරූපනය කරනවා), signal(සංඥා කරනවා) ආදියත් මෙසේයි]
fulfil, distil, enrol... – fulfill, distill, enroll...  ඉටු කරනවා / සඵල කර ගන්නවා (කැමැත්තක්, බලාපොරොත්තුවක්), ආසවනය කරන‍වා (උදා: අරක්කු පෙරනවා), බැ‍‍ඳෙනවා (පාඨමාලාවකට)

licence, defence, offence...  – license, defense, offense... බල පත්‍රය, ආරක්ෂාව, වරද

practise – practice  පුහුණු වෙනවා (ක්‍රියා පදය)

organize/organise, realize/realise, legalize/legalise… –  organize, realize,legalize... සංවිධානය කරනවා, අවබෝධ කර ගන්නවා / සැබෑ කර ගන්න‍වා, නීත්‍යානුකූල කරනවා...

analyse, paralyse, catalyse... – analyze, paralyze, catalyze...  විශ්ලේෂණය කරනවා, අඩපණ කරනවා (අංශභාග රෝගය වැනි), (රසායනික ප්‍රතික්‍රියාවක්) ඉක්මන් කරනවා

instalment, skilful, wilful... – installment, skillful, willful...  ගෙවීම් වාරිකය, නිපුණ, වරදක් බව දැනත් කරන

storey – story ගොඩනැගිල්ලක මහල

jewellery jewelry ආභරණ 


4. ව්‍යවහාරයේ (usage)

I have just read that article. – I just read that article.  මම මේ දැන් ඒ ලිපිය කියෙව්වා. 

He is in hospital. – He is in the hospital.  එයා (අසනීප වෙලා) ඉස්පිරිතාලෙ.

They like their studies at university. –  They like their studies at the university. ඒ අය විශ්ව විද්‍යාලෙ තමන්ගෙ ඉගනීම් කටයුතුවලට කැමතියි.

She wants to stay at home. – She wants to stay home.  එයාට ගෙදර නවතින්න ඕනැ.

Come and take a look. – Come take a look.  ඇවිත් බලන්න.

Go and take a bath. Go take a bath.  ගිහින් නාගන්න. 

He suggested that we should postpone the project. – He suggested that we postpone the project. ව්‍යාපෘතිය කල් දාන්න එයා යෝජනා කළා.

They agreed a price. / They agreed on a price. – They agreed on a price.  ඔවුන් මිලකට එකඟ උනා.

The workers protested against the decision. –  The workers protested the decision. සේවකයන් තීරණයට විරෝධය ප්‍රකාශ කළා.

We wrote her a letter. / We wrote to her. – We wrote her a letter. / We wrote her.  අපි එයාට ලියුමක් ලිව්වා.

තවත් වෙනස්කම් ගණනාවක් තියෙනවා. අපි BBC News වැනි වෙබ් අඩවියකට ගිය විට බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය හමු වෙනවා. නමුත් වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් ඇමරිකානු වන නිසා අන්තර්ජාලයේ බහුලව දක්නට ලැබෙන්නේ එම සම්ප්‍රදායයි. අනෙකුත් මාධ්‍යවලත් බොහෝ විට එහෙමයි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික මාධ්‍යවල නම් භාවිතා වන්නේ බොහෝ දුරට බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියයි. 


8 comments:

  1. වටින ලිපියක්. ස්තුතියි. දිගටම ලියන්න.

    ReplyDelete
  2. @chamila_dealwis
    ස්තුතියි.

    ReplyDelete
  3. මට හිතෙන්නේ, මම කවලමේ British & American දෙවිදියටම පාවිච්චි කරනවා.. ඒක නම් හොද වැඩක් නෙමෙයි නේද?

    ReplyDelete
  4. @.::පිස්සා::.

    මේ කලවම් වීම, විශේෂයෙන් නොයෙක් මාධ්‍යවල බලපෑම නිසා, අද ඉබේටම වාගේ සිදු වෙනවා. ජාත්‍යන්තරව පාවිච්චි වෙන ඉංග්‍රීසිය දැන් යම් දුරකට මේ දෙවිදිහේ කලවමක් වෙලා. ඒක වළක්වන්න බැහැ, මම නම් හිතන විදිහට වැළැක්වීම අවශ්‍යත් නැහැ. මොකද, ඒ තමයි ජීවමාන භාෂාවක ස්වභාවය.

    ඉංග්‍රීසියේ අළුත් වචන, යෙදුම් බොහොමයක් අද බිහි වෙන්නේ ඇමරිකාවෙන්. බ්‍රිකාන්‍ය ඉංග්‍රීසියේ ප්‍රමිතිය ලෙස බොහෝ අය සලකන ඔක්ස්ෆර්ඩ් ශබීද කෝෂය(Oxford English Dictionary)පවා කලකට ඉහත දී ප්‍රකාශ කළා "The centre of gravity of the English language is now in America" කියලා.

    කොහොම වුණත් ලංකාව තුළදී British pronunciation සහ spelling හැකි තරම් අනුගමනය කිරීම වඩා හොඳයි, හුඟක් අය එහෙම කරන නිසා. American වචන හා යෙදුම් නම් මෙහෙත් දැන් එන්න එන්නම භාවිතා වෙනවා පෙනෙනවා.

    ReplyDelete
  5. ඇමරිකාවට ආපු සුද්දෝ ඒ දවස්වල කාර්මික විප්ලවයත් එක්ක එංහලන්තයේ සිදුවුනු බාසා වෙනස්වීම් වලට එකග උනේ නැහැ. ඒ නිසා, උන්දෙලා පරණ ඉංගිරිසි ඒ විදිහමටම ඇමරිකාවේ පාවිච්චිකරා. වෙනස් වෙන්න ඉඩදුන්නේ නැහැ. ඒ නිවාඩුවෙ එංගලන්තෙ ඉංගිරිසි හිමීට හිමීට වෙනස් වුනා. හරියටම බැලුවෝතින් ඇමරිකානු ඉංගිරිසිය සහ අකුරු හැසිරීම තමයී පරණ ඉංගිරිසිය. පරණවුනු පලියට යමක් හරියැයී කියන්න බැහැ. ඇමරිකාවේ දැනුත් මනින්නේ රාත්තල් හැතැම්ම වලින්නේ.

    ReplyDelete
  6. නැවතත් ඔබට ස්තුතියි!
    කැනඩියානු ඉංශ්‍රිසියට එංගලන්ත හා ප්‍රංශ ආභාෂයත් ලබා තිබෙනවා.

    ReplyDelete
  7. @Sam

    ඔබ හරි. ඇමරිකානු භාවිතයේ ඉංග්‍රීසියේ පැරණි අංග සමහරක් ඉතිරි වෙලා තියෙනවා. (යාපනේ දෙමළෙ තමිල් නාඩුවෙ දැන් නැති පරණ ආභාෂ තියනවා වගේ.) 19 වෙනි සියවසේ එංගලන්තේ කෙරුණ Anglo-French (Norman) නැඹුරුවක් තිබුන අකුරු ප්‍රතිසංස්කරණ (spelling reform) ආදිය ඇමරිකාවෙ පිළිගැනුනේ නැහැනේ.

    ඒත් දැන් නම් ඉංග්‍රීසියට අළුත් දේ වැඩිපුර එකතු වෙන්නේ ඇමරිකාවෙන් නේද? වාසනාවකට ඉංග්‍රීසි භාෂාවේ පාරිශුද්ධත්වය රකින්න දඟලන බලවත් සංවිධානයක් අද කොහෙවත් නැහැ. එහෙම තිබුනා නම් භාෂාවේ වර්ධනය මොට කරාවි ප්‍රංශයෙ Académie française ආයතනය ප්‍රංශ භාෂාව සම්බන්ධයෙන් සමහර අවස්ථාවල කරනවා වගේ.

    ReplyDelete
  8. @~බිன்ku~

    ප්‍රතිචාරයට ස්තුතියි. නොයෙක් රටවල නොයෙක් විදිහට එකම භාෂාව විකාශනය වෙලා තියන හැටි දැකීම හරි රසවත් අත් දැකීමක් නේද?

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails