Tuesday, January 12, 2010

What Do Bombers and Plumbers Have in Common? - බෝම්බකරුවන් හා ජලනළ කාර්මිකයන් අතර සමානත්වයක්?

සේයාරුවට ස්තුතිය: flickowski

අද අපි සිංහල භාෂාවෙ අක්ෂර 58ක් පාවිච්චි කරනවා. ඉංග්‍රීසි හෝඩියේ තියෙන්නේ අකුරු 26 යි. මෙච්චර අඩු අකුරු ගණනක් තියෙන නිසා ඒ ටික පිළිවෙලට තියාගනියි කියලා අපට හිතෙන්න පුලුවන්. නමුත් වෙන්න ඒකෙ අනිත් පැත්ත. ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය (spelling) හරිම අවුල්.

ඇත්තෙන්ම අකුරු අඩුවීමත් මෙතනදි උදව්වකට වැඩිය, ප්‍රශ්නයක් වෙනවා. ඉංග්‍රීසියේ   බහුලව භාවිතා වෙන ශබ්ද 40 කට වඩා තියෙනවා. මේවා සමහරක් නිරූපනය කරන්න මේ නිසා අනිවාර්යෙන්ම අකුරු දෙකක් එකට සම්බන්ධ කරලා (letter combinations) ගන්න වෙනවා (ch, sh වගේ).

ඉතින් මෙහෙම අකුරු ගැටගගහා අරගෙනත් පරණ ඉංග්‍රීසිවල 90% ක් විතර වචන උච්චාරණයට අනුකූලව (phonemic) ලියවිලා තියෙනවා. ඒත් 15 වෙනි සියවසේ පටන් ඉංග්‍රීසියට අනෙක් විවිධ භාෂාවලින් ලැබුන ආභාෂය වැඩි වුණා. ඒවාගෙ වචනත් එයට එකතු වුණා. ඒ සමග ඒවගේ එකිනෙකට වෙනස් වුණ අකුරු රටාත් ඊට ඇතුළු වි අද තියන අවුල් තත්වය බිහිවුණා.

ක්‍රමවත්ව ලියවෙන වචන ප්‍රතිශතය දැන් 40% දක්වා අඩු වෙලා තියෙනවා. දෙවෙනි බසක් හැටියට ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙන අපේම කරුමෙද මන්දා කියලා හිතුනත් මව් බස විදියට කතා කරන අයටත් මෙයින් පහසුවක් නම් වෙන්නෙ නැහැ. 

අපිළිවෙල මදිවට සමහර අකුරු ඇතැම් වචනවලදී ශබ්ද වෙන්නෙම නැහැ (silent). මෙවැන්නක් නුපුරුදු අපට මේක සමහර අවස්ථාවලදී පටලැවිල්ලක් වෙන්න පුලුවන්. උදාහරණ කීපයක් බලමු.

උච්චාරණය IPO සංකේත මගින් දැක්වීමේදී වෙනසක් ඇති තැන්වල පළමුවෙන් බ්‍රීතාන්‍ය රටාවත්, - ලකුණෙන් පසුව ඇමරිකානු රටාවත් දක්වා තිබෙනවා. උච්චාරණ රටාවලට සවන් දීමට අදාළ පදය මත කොටා එහි සබැඳි වෙබ් අඩවියට (linked website) පිවිසෙන්න.

1. B

climb /klm/ නගිනවා, climbing /ˈklmɪŋ/ නැගීම, climber /ˈklmə(r)/ නගින්නා

comb /kəʊm/ - /km/ පනාව, පීරනවා

thumb /θʌm/ මාපට ඇඟිල්ල

lamb /læm/ බැටළු පැටියා/උගේ මස්

limb /lɪm/ සම්පූර්ණ අත (arm) හෝ කකුල (leg), ගසක ලොකු අත්ත

plumber /plʌmə(r)/ ජලනළ කාර්මිකයා, plumbing /ˈplʌmɪŋජලනළ සවිකිරීම, ගොඩනැගිල්ලක ජලනළ පද්ධතිය

bomb /bɒm/ බෝම්බය, bomber /ˈbɒmə(r)/ බෝම්බකරුවා, බෝම්බ හෙලන ගුවන් යානය

womb /wuːm/ ගර්භාෂය

debt /dɛt/ ණය

doubt /dt/ සැකය, සැක කරනවා

2. D

Wednesday /ˈwɛnzdeɪ/ බදාදා

handsome /ˈhænsəm/ කඩවසම් (සාමාන්‍යයෙන් පිරිමි ගැන), සිත් ඇද ගන්නා

handkerchief /ˈhæŋkətʃɪf / - /hæŋˈkərtʃɪf /, /ˈhæŋkərtʃɪf / ලේන්සුව

badge /bædʒ/ නිල ලාංඡනය

edge /ɛdʒ/ අයින, දාරය

3. G

gnarled /nɑːld/ - /nɑrld/ ගැට ගැසුන (ගහක කඳක මෙන්)

gnome /nəʊm/ - /noʊm/ (මිත්‍යා කතාවල) පොළොව යට ජීවත් වෙන, නිධාන ආදිය රකින කුඩා මිනිසුන් වර්ගයක කෙනෙක්

sign /saɪn/ සලකුණ, සංඥා පුවරුව, අත්සන් කරනවා

foreign /ˈfɒrɪn/ - /ˈfɔrɪn/, /ˈfɒrɪn/ විදේශික

4. H

hour /aʊə(r)/ පැය

honour - honor /ˈɒnə(r)/ ගෞරවය

honest ɒnɪst/ අවංක

5. K

know /nəʊ/ - /noʊ/ දන්නවා

knot /t/ ගැටය

knife /nf/ පිහිය

knee /niː/ දණහිස

knock /nɒk/ ගහනවා. තට්ටු කරනවා

6. L

talk /tɔːk/ කතා කරනවා

walk /wɔːk/ ඇවිදිනවා

half /hɑːf/ - /f/ භාගය

palm /pɑːm/ අල්ල, තාල වර්ගයේ ගස

salmon /ˈsæmən/ සැමන් මාළුවා

almond /ˈɑːmənd/ කොට්ටම්බා වැනි ගෙඩි වර්ගයක්

folk /fəʊk/ - /foʊk/ ජනයා

yolk /jəʊk/ - /joʊk/ බිත්තර කහ මදය

7. N

hymn /m/ ආගමික ගීතිකාව

column /ˈkɒləm/ තීරුව, කනුව

autumn /ˈɔːtəm/ සරත් සෘතුව

8. T

listen /ˈlɪs(ə)n/ අහුම්කන් දෙනවා

castle /ˈkɑːs(ə)l/ - /ˈkæs(ə)l/ මාලිගය

soften /ˈsɒf(ə)n/ මෘදු කරනවා

Christmas /ˈkrɪsməs/ නත්තල

9. W

write /rt/ ලියනවා

wrong /rɒŋ/ වැරදි

wrinkle /ˈrɪŋk(ə)l/ රැල්ල (මුහුණේ රැළි වැනි)

two /tuː/ දෙක

answer /ˈɑːnsə(r)/ - /ˈænsər/ උත්තරය

sword /sɔːd/ - /sɔrd/ කඩුව

ඉංග්‍රීසි මව් භාෂාව හැටියට කතා කරන අයට මේ තැන්වලදී වැරදුනොත් වරදින්නේ ලිවීමේදි. ‍මොකද, ඒ අය මුලින් කතා කීරීම ඉගෙන ගන්න නිසා. නමුත් අපේ අයට සමහර තැන්වලදි වරදින්නේ උච්චාරණය. උදාහරණයක් වශයෙන් "sword" පදය "ස්වෝඩ්" ලෙස කීම, “climbing” පදය “ක්ලයිම්බිං” ලෙස  කීම ආදිය තරමක් බහුලයි. එවැනි අඩුපාඩු හදාගනීම වඩා හොඳයි.

සබැඳි ලිපි:

'ඉස්' ගෑවොත් නම් ලෙඩක් - අපේ කඩ්ඩේ වගතුග 

You Wont Lawcal English? - අපේ කඩ්ඩේ වගතුග 

A Herb ද, An Herb ද? සුද්දන්ටත් හොල්මන්ද? 

11 comments:

  1. ඔබේ ලිපි ඔක්කොම ගොඩක් ප්‍රයෝජනවත්..බොහොම ස්තූතියි

    ReplyDelete
  2. @LG
    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  3. ඉංග්‍රීසි දෙවන බස වන බොහෝ යුරෝපීය රටවල, හරි විදියට උච්චාරනයක් කරන්නේ නෑනේ.. මට නම් හිතෙන්නේ ඒ විදිය ලේසියි.. අපි පොඩි කාලේ ගුටි කකා ඉගෙන ගත්තු ඒවා, මෙහේදී වැරදි විදියටමයි භාවිතා වෙන්නේ.. උදා- සැමන් කියලනේ අපේ රටේ ආච්චි කෙනෙක් උනත් කියන්නේ.. මෙහේ කියන්නේ සැල්මන්..
    තව හෙන ගොඩාක් වචන එහෙමයි..

    ReplyDelete
  4. @.::පිස්සා::.
    සෑහෙන කාලයක් සුද්දන්ට යටත් වෙලා හිටපු එකෙන් නරක වගේම අපට යම් හොඳ දේවලුත් ලැබුණා කියලා මමත් හිතනවා.‍ එකක් තමයි ජාත්‍යන්තර භාෂාවට ළං වෙන්න අපට ලැබුණ ඔය අවස්ථාව.

    ReplyDelete
  5. වැඩේ නං පට්ට..,

    ReplyDelete
  6. ස්තුති යහලුවා....

    ReplyDelete
  7. @Thilina, රවා
    ස්තුතියි.

    ReplyDelete
  8. සියළුම ලිපි කාටත් ප්‍රයෝජනවත්. අපේ සමහර වැරදි හදාගන්න උදවු වෙනවා.
    දිගටම ලියන්න.

    ReplyDelete
  9. @indik
    ප්‍රයෝජනවත් දෙයක් ලියන්න ලැබීම සතුටක්. ප්‍රතිචාරයට ස්තුතියි.

    ReplyDelete
  10. හැමදාම කියනවා වගේ උඹේ වැඩේ නම් මචන් පට්ට . . . !

    ReplyDelete
  11. @දුකා

    Thanks, මචං, උඹලගෙ තල්ලුව සෑහෙන්න වටිනව මට.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails