Thursday, January 14, 2010

Today Morning or This Morning? - අපේ කාල සටහන




සේයාරුවට ස්තුතිය: House Of Sims


කාලය කියන්නේ හරි වැදගත් දෙයක්. ගතවුණ වෙලාව ආපහු ගන්න කාටවත් බැහැ - ඒ කියන්නෙ සමහර science fiction වල ඇරෙන්න. ඒ නිසා අපි කාටත් අපේ කාලය යම් තරමකට සැලසුම් කරගන්න, ඒ ගැන හිතන්න, වෙනවා. ඉතින් අනිත් අයත් එක්ක ඔය ගැන කතා නොකර කොහොමද?
කාලය ගැන හිතද්දි, කතා තරද්දී, වැදගත්ම වෙන්නෙ වර්තමානය, මම හිතන්නේ. මේකට ඉංග්‍රීසියෙන් කියනවනේ the present කියලා. වර්තමානය ගැන කතා කිරීමේදී භාවිතා වෙන යෙදුම් ගණනාවක් තියෙනවා.

now, at the moment, at present, [ඇ]* presently, currently…  දැන්, මේ මොහොතේ 

They live in Matara now / at the moment / at present / currently. ඒ අය දැන් ඉන්නෙ (ජීවත් වෙන්නෙ)  මාතර

*presently යන්න බොහෝ විට මේ අර්ථයෙන් යෙදෙන්නේ ඇමරිකානු භාවිතයේ. නමුත් එය දැන් බ්‍රීතාන්‍ය භාවිතයටත් ඇතුළු වන බවක් පෙනෙනවා. කෙසේ වෙතත් මේ තේරුම ඇතිව presently සාමාන්‍යයෙන් යෙදෙන්නේ අදාළ ක්‍රියාවට/නාම පදයට/විශේෂනයට පෙර. (ඉහත now හා currently නම් මෙසේ හෝ වාක්‍යයේ මුල හෝ අග යෙදිය හැකියි. අනෙක්වා වාක්‍ය ඛණ්ඩ - phrases - නිසා ඒවා වාක්‍යයේ මුල හෝ අග යෙදීම සිරිතයි.)

She presently works in New York. එයා දැන් වැඩ කරන්නෙ නිව් යෝර්ක්වල.

These are the products presently available. දැන‍‍ට ගන්න තියන නිශ්පාදන මේවා.

මෙතනදි මතක තියා ගන්න ඕනැ presently හි හැම දෙනාම පාවිච්චි කරන තවත් අර්ථයක් තිබෙන බව. ඒ තමයි වැඩි වෙලාවක් යන්න කලින්

She will be here presently. එයා වැඩි වෙලාවක් යන්න කලින් මෙකනට එයි. (=She will be here soon.)

right now**, just now*** මේ වෙලාවෙ නම්

I am busy right now / just now.  මේ වෙලාවෙ නම් මට වැඩ.

**මෙය දැන්මම යන තේරුමත් බොහෝවිට ගන්නවා.

Do your homework right now. ඔයාගෙ ‍(ඉස්කෝලෙන් දුන්න) ගෙදර වැඩ දැන්මම කරන්න.

***මෙහි අනෙක් භාවිතය වෙන්නේ දැන් පොඩ්ඩකට කලින් (මේ දැන්)

The train left just now. කොච්චිය මේ දැන් ගියා.

until now, up to now, up until now… මේ වෙන තුරු

Until now / Up to now / Up until now we have had enough money.

මේ වෙනකම් අපට සල්ලි ඇති උනා.

always (හැම විටම / කවදත්), already (දැනටමත්),  yet (තවම (නැහැ)) / still (තවමත්) / never (කවදාවත් නැහැ) / ever (කවදා හෝ)

මේ ඇතැම් වචනවලින් කලින් කෙරුන දේ ගැන කියවුණත් එතනදී සලකා බැලෙන්නේ ඒවායේ වර්තමානයට ඇති අදාළත්වයයි.

We always write it this way. අපි හැමදාම ඒක ලියන්නේ මෙහෙම.

They have always liked the beach. ඒ ගොල්ලො කවදත් මූදු වෙරළට කැමතියි.

We have already posted the letter. අපි දැනටමත් ලියුම තැපැල් කරලා තියෙන්නේ.

The paper hasn’t come yet. පත්තරේ තාම ඇවිල්ලා නැහැ.

The report is still being written. වාර්තාව තවම ලියමින් පවතිනවා.

We never write it this way. අපි කවදාවත් ඒක මෙහෙම ලියන්නේ නැහැ..

They have never liked the beach. ඒ ගොල්ලො කවදත් මූදු වෙරළට කැමති නැහැ.

Have you ever seen something like that? ඔයා / ඔයාලා කවදා හරි ඒ වගේ දෙයක් දැකලා තියනවද?

from now on, from this moment onwards… දැන් ඉඳලා, මින් පස්සෙ

We won’t go there from now on. මීට පස්සෙ අපි එහෙ යන්නෙ නැහැ.

මේ අර්ථයෙන් බ්‍රිතාන්‍ය භාවිතයේ තියෙන තවත් යෙදුමක් තමයි "in future". (ඇමරිකානු ව්‍යවහාරෙයේ මේ සඳහාද සාමාන්‍යයෙන් "අනාගතයේදී" යන තේරුම තිබෙන "in the future" ම යෙදෙනවා.)

I won't talk to him in future [බ්‍රි] - in the future [ඇ]. මම මින් පස්සෙ එයා එක්ක කතා කරන්නෙ නැහැ. 

for now, for the moment, for the time being, for the present දැනට, මේ අවස්ථාවට (පමණක්)


Their car will do for now / for the moment / for the time being / for the present. ඒ ගොල්ලන්ගෙ කාරෙක දැනට ඇති. 

the present වර්තමානය

We should learn to live in the present. වර්තමානයේ ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕනැ.

එතකොට වර්තමානයට කිට්ටුවෙන්ම සම්බන්ධ තවත් දේවල් තමයි: 

today (අද), tonight (අද රෑ#), this morning (අද උදේ), this afternoon (අද දවල්, හවස#), this evening (අද හවස, රෑ#)

(#දවල් 12.00 සිට ප.ව. 6.00 පමණ වෙන තුරු afternoon කියාද, එතන සිට සාමාන්‍යයෙන් මිනිස්සු නිදාගන්න වෙලාව වෙන තුරු evening කියාද කීම ඉංග්‍රීසියේ සාමාන්‍ය සිරිතයි. යෙදෙන තැන (context) අනුව මේ evening හි තරමක් පසු කොටස සහ/හෝ ඊට පසු රාත්‍රී කාලය night යනුවෙන් හඳුන්වනවා.)  

We have a meeting today. අපට අද රැස්වීමක් තියෙනවා.

I saw him this morning. මට එයාව අද උදේ හම්බ උනා. 

Shall we see a film this evening / tonight? අපි අද හවස / අද රෑ චිත්‍ර පටියක් බලමුද?  

මෙහිදී සිංහල පුරුද්දට this morning සඳහා today morning යෙදීම අපේ රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නා ඇතැම් අය කරනවා. මෙය හදාගත යුතුයි.

this week (මේ සතියෙ), this month (මේ මාසෙ), this year (මේ අවුරුද්දෙ)

We have our exam this week. මේ සතියෙ අපේ විභාගෙ.

the 14th of this month වැනි තැන්වල 14th instant යනුවෙන් යෙදීම නම් දැන් යල් පැනලා.

these days, nowadays මේ දවස්වල (සමස්තයක් ලෙස මේ කාලයේ, බොහෝ විට අතීතයට සාපේක්ෂව)

The cost of living is very high these days / nowadays. මේ දවස්වල ජීවන වියදම හරි සැරයි.

ඉතින් මේ වර්තමානය ගැන ටිකක් විතරයි. තව තියෙනවා අතීතයයි, අනාගතයයි එහෙම පිටින්ම. ඒවත් අමතක කරන්න කොහොමවත් බැහැ. නමුන් ඒ ගැන අපි වෙන දවසක බලමු. (අතීතය ගැන Let Bygones Be Bygones? - පහුගිය දේ ගැන හා අනාගතය ගැන Into the Future - අනාගතය ගැන ලිපි බලන්න.)


6 comments:

  1. ඉස්කෝලෙ යන කාලේ "nowadays" කියන වචනෙ අපි පාවිච්චි කරනවාට එක ඉංග්‍රීසි උගන්වපු ගුරුතුමියක් කැමතිම වුණේ නෑ. එයා කිව්වා එහෙම වචනයක් නෑ ලු?

    මට මේ පෝස්ට් එක දැකලා මේ සිද්දිය මතක් වුනා.

    මේ "nowadays" වචනේ ගැන මොකද්ද ඔයාගේ අදහස?

    ReplyDelete
  2. හැමදාම වගේ අදත් කියෙව්ව. දිගටම ලියන්න සුභ පතනව...

    ReplyDelete
  3. @LG
    අහපු එක හොඳයි. මොකද, දාන්න හිතන් හිටියට "nowadays" මටත් මෙතනදී අමතක වෙලානේ. ඒක භාවිතයේ තියෙන යෙදුමක්. අර්ථය "these days" ට සමානයි. මම මේක post එකටත් ඇතුල් කරන්නම්. මතක් කළාට ස්තුතියි.

    ReplyDelete
  4. එළ ලිපිය, අමතක වෙලා තිබුනු ගොඩක් දේවල් ආයෙත් මතක් උනා. අයියට පිං !!!

    ReplyDelete
  5. @Saranga Rathnayake
    මල්ලි, ඔයාගෙ ලිපිවලින් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails