Friday, January 22, 2010

They Play Cricket, but Are They Playing Cricket? - වර්තමාන ක්‍රියා ගැන

සේයාරුවට ස්තුතිය: russelljsmith 


අපි කලින් බැලුවනේ වර්තමානය ගැන කියන්න භාවිතා වෙන වචන ගැන. නමුත් එතනදී අපේ අවධානය යොමු වුණේ now, today වගේ කාලය සම්බන්ධ පද වලටයි. ඉතින් නිකම්ම කාලය තිබිලත් මදිනේ. කාලයෙන් ප්‍රයෝජන අරගෙන යමක් කරන්නත් ඕනැනේ.

අපි වර්තමානයෙ කරන කියන දේ, ඒ කියන්නෙ අපේ විවිධ ක්‍රියාවන්, ප්‍රකාශ කරන රටා කීපයක් ඉංග්‍රීසි භාෂාවෙ තියෙනවා. ඒත් ඒවා යොදාගන්නා ආකාරවල ඇති වෙනස්කම් තේරුම් ගැනීම නිවැරදිව අදහස් ප්‍රකාශ කිරීමට වැදගත් වෙනවා. ලංකාවෙ කවුරුත් දන්න දෙයක් නිසා අපි මාතෘකාවේ තියෙන උදාහරණයම අරන් බලමු.

(A) They play cricket. ඒ අය ක්‍රිකට් ගහනවා. (පුරුද්දක් වශයෙන්, සාමාන්‍යයෙන් - ඒ අය මේ වෙලාවෙ වෙන දෙයක් කරමින් ඉන්නත් පුලුවන්.)

මෙම රටාවේදී He / She / It / The boy / Sunil...  plays ලෙසින්ද,  I / We / You / They / The boys / Sunil and Mala...  play ලෙසින්ද ක්‍රියා පදය (verb) යෙදෙනවා.

He reads the newspaper every day. එයා හැමදාම පත්තරේ කියවනවා.

They always go to bed early. ඒ අය හැමදාම (හැම වතාවෙම) කලින් නිදා ගන්නවා.

I never see her at school. මම එයාව කවදාවත් ඉස්කෝලෙදි දකින්නෙ නැහැ.

(B) They are playing cricket. ඒ අය ක්‍රිකට් ගහනවා. (මේ වෙලාවෙ සෙල්ලම් කරමින් ඉන්නවා - පුරුද්දක් වශයෙන් නොකරනවා වෙන්නත් පුලුවන්.)

මෙම රටාවේදී He / She / It / The boy / Sunil...  is playing ලෙසින්ද, We / You / They / The boys / Sunil and Mala... are playing ලෙසින්ද, I am playing ලෙසින්ද ක්‍රියා පදය යෙදෙනවා. 

She is writing a letter now. එයා දැන් ලියුමක් ලියනවා (ලියමින් ඉන්නවා).

We are playing cards at the moment. මේ වෙලාවේ අපි කාඩ් ගහනවා (ගහමින් ඉන්නවා).

*** (A) රටාවේ යෙදෙන්නේ ක්‍රියා පදයක present tense හෝ (bare) infinitive යනුවෙන් හැඳින්වෙන මූලික ස්වරූපයයි. ඉහත දක්වා ඇති ආකාරයට, ඒක වචන ලෙස සැලකෙන කතෘ පද (subject) සමග එයට, පහත රීතිවලට අනුකූලව, ‘-s’ (හෝ ‘-es’) එකතු කෙරෙනවා.

1. අවසානයේ -s’, ‘-z’, ‘-x’, ‘-sh’, ‘-ch’ හෝ ‘-o’ ඇති ක්‍රියා පදවලට එක් කෙරෙන්නේ ‘-es’ (උදා: misses, buzzes, fixes, wishes, catches, goes…).

2. ක්‍රියා පදයක අවසාන ‘y’ අකුරට පෙර ඇත්තේ vowel අකුරක් (a,e,i,o,u) නම් එක් කෙරෙන්නේ ‘-s’ පමණයි (උදා: stay – stays, enjoy – enjoys); නමුත් අවසාන ‘y’ අකුරට පෙර consonant අකුරක් (එනම් vowels හැර අනෙක් අකුරු) ඇති ක්‍රියා පදවල ‘y’ ඉවත් කර ‘-ies’ එක් කෙරෙනවා (උදා: cry – cries, fly – flies).

3. කෙසේ වෙතත් ‘have’ පදය මේ සියල්ලට වෙනස්ව ‘has’ බවට පත් වෙනවා.

*** (B) රටාවේ යෙදෙන්නේ ක්‍රියා පදයක present participle ස්වරූපයයි. එය සදා ගන්නේ ක්‍රියා පදයේ (bare) infinitive ස්වරූපයට, පහත රීතිවලට අනුකූලව, ‘-ing’ එක් කිරීමෙන්.

1. අවසානයේ ඇත්තේ ශබ්ද නොවන ‘e’ අකුරක් නම් බොහෝ විට එය ඉවත් කෙරෙනවා (උදා: change – changing, face – facing…). නමුත් එසේ නොවන වචන කීපයකුත් තියෙනවා (උදා: dye – dyeing, singe – singeing…).

2. අවසානයේ ඇත්තේ ‘ie’ නම් එය ‘y’ බවට පත් වෙනවා (උදා: lie – lying, die – dying).

3. අවසානයේ ඇත්තේ බර කර කියවෙන මාත්‍රාවක් (stressed syllable) නම් හා එහි අග ඇත්තේ ‘-h’, ‘-w’, ‘-x’, ‘-y’ (හෝ ශබ්ද නොවන ‘-t’) අකුරක් හැර වෙනත් consonant අකුරක් නම් හා එම අකුරට පෙර ඇත්තේ තනි vowel අකුරක් නම්, එම අවසන් consonant අකුර double වෙනවා (උදා: stop – stopping, dig – digging, rub – rubbing, win – winning, sit – sitting, pat – patting, refer – referring, control – controlling, upset – upsetting, begin – beginning); බර කර නොකියවෙන අවසන් මාත්‍රාවක (unstressed syllable) නම් සාමාන්‍යයෙන් එසේ වෙන්නේ නැහැ (උදා: visit – visiting, offer – offering, open – opening, develop – developing, gossip – gossiping); නමුත් අවසානයේ ඇති බර කර නොකියවෙන මාත්‍රාව අඩු තරමින් පැහැදිලිව උච්චාරණය වන්නක් නම්, ඇතැම් විට අග අකුර double වෙනවා (උදා: handicap – handicapping, kidnap – kidnapping, kidnaping [], worship – worshipping / worshiping [], combat – combating / combatting); බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේදී බර කර නොකියවෙන අවසන් මාත්‍රාවක අග ඇති ‘l’ අකුරත් බොහෝ විට double වෙනවා (උදා: travel – travelling [බ්‍රි] / traveling [], cancel – cancelling [බ්‍රි] / canceling []) – නමුත් parallel – paralleling; අග ඇති consonant අකුරට පෙර vowel අකුරු කීපයක් ඇත් නම් සාමාන්‍යයෙන් අවසන් අකුර double වෙන්නේ නැහැ (උදා: heat – heating, wait - waiting); නමුත් බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේදී වෙන වෙනම ශබ්ද වෙන vowel අකුරු දෙකකට පසුව ඇති ‘l’ අකුරත් double වෙනවා (උදා: dial – dialling [බ්‍රි] / dialing [], fuel – fuelling [බ්‍රි] / fueling []).

4. අවසානයේ ඇති ‘c’ අකුර ඇතැම් විට ‘ck’ බවට පත් වෙනවා (උදා: panic – panicking, mimic – mimicking)

***මෙම (A) රටාව ‘present simple’ හෝ  ‘simple present’ යනුවෙනුත්, (B) රටාව ‘present continuous’ හෝ ‘present progressive’ යනුවෙනුත් හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් මේ දෙවිදිහ මේ අර්ථවලින් භාවිතා වුණාට මේ පිළිබඳව තේරුම් ගත යුතු තවත් කරුණු තියෙනවා.

(A) රටාව සාමාන්‍යයෙන් යෙදෙනවා...

1. සම්මතය හෝ ස්වභාවය නිසා ඇති තත්වයන් / ගුණයන් පිළිබඳව

The sun rises in the east. ඉර පායන්නෙ නැගෙනහිරින්.

The bottle contains 1.5 litres [බ්‍රි] / liters [ඇ] of water. බෝතලේ වතුර ලීටර් 1.5 තියෙනවා.

This land belongs to my friend. මේ ඉඩම අයිති මගෙ යාළුවට.

They have two children. ඒ ගොල්ලන්ට ළමයි දෙන්නෙක් ඉන්නවා.

That girl looks beautiful. ඒ ගෑණු ළමයගෙ පෙනුම ලස්සනයි.

The flower smells good. මල සුවඳයි.

That article explains the current situation well. ඒ ලිපිය වත්මන් තත්වය හොඳින් පැහැදිලි කරනවා.

2. ශාරීරික හෝ මානසික තත්වයන් සම්බන්ධව

I feel sad about what happened to them. ඒ අයට වෙච්ච දේ ගැන මට කණගාටුවක් දැනෙනවා.

I hope you understand. මම බලාපොරොත්තු වෙනවා ඹයාට තේරෙනවා කියලා.

She knows the truth. එයා ඇත්ත දන්නවා.

That man weighs 200 kilos. ඒ මිනිහා කිලෝ ග්‍රෑම් 200 ක් බරයි.

මේ ගණයට වැටෙන තවත් වචන කීපයක්: like, love, hate, see, hear, remember, understand, realize, prefer, regret

3. ගන්නා යම් ස්ථාවරයක් පිළිබඳව

He admits that he was wrong. එයාට වැරදුනා කියල එයා පිළිගන්නවා.

I advise you not to go there. එහෙ යන්න එපා කියල මම ඔයාට අවවාද කරනවා.

They promise not to do it again. ඒක ආයෙ නොකරන්න ඒ අය පොරොන්දු වෙනවා.

My father considers him dangerous. මගෙ තාත්තා එයා භයානක කෙනෙක් හැටියට සලකනවා.

මේ ගණයට වැටෙන තවත් වචන කීපයක්: accept, apologize, assume, refuse, reject, recommend, suggest, warn

***ඉහත සමහර අවස්ථාවලදී අදාළ තත්වය / ක්‍රියාව තාවකාලික බව හෝ එය මේ අවස්ථාවේ සිදුවන බව අවධාරණය කිරීම සඳහා (B) රටාව යෙදෙනවා.

He is considering a new job. එයා අළුත් රස්සාවක් ගැන හිතනවා (සලකා බලමින් ඉන්නවා).

The children are loving the experience. ළමයි මේ අත්දැකීමට මේ දවස්වල හරි ආසා වෙලා (ඒක ළමයින්ට අපූරු අත්දැකීමක් වෙලා),

I am warning you about that guy. මම මේ ඔයාට ඒ හාදයා ගැන අනතුරු අඟවනවා.

***මේ නිසා ඇතැම් අවස්ථාවලදී එකම යෙදුම තුළ මේ දෙවිදිහ තරමක් වෙනස් අර්ථ නිරූපනය කරන්න පුලුවන්. 

She teaches English at ABC College. එයා ඒබීසී විද්‍යාලෙ ඉංග්‍රීසි උගන්වනවා (දීර්ග කාලීනව).

She is teaching English at ABC College. එයා ඒබීසී විද්‍යාලෙ ඉංග්‍රීසි උගන්වනවා. (මේ දවස්වල, තාවකාලිකව)

***තාවකාලික තත්වයක් දැක්වීමට ache, feel, look වැනි පද අර්ථයේ වෙනසකින් තොරව දෙආකාරයෙන්ම යෙදෙනවා.

My head aches. / My head is aching. මගෙ ඔළුව කකියනවා (මේ වෙලාවෙ).

I feel sad right now. / I am feeling sad right now. මට මේ වෙලාවෙ දුකක් දැනෙනවා.

He looks awful. / He is looking awful. එයාගෙ පෙනුම (අද, මේ මොහොතේ) අන්තිමයි.

*** කෙනෙකුට (හෝ දෙයකට) / කෙනෙක් ළඟ (හෝ දෙයක) / කෙනෙක් සතුව (හෝ දෙයක් සතුව) තියනවා හෝ ඉන්නවා වැනි අර්ථවලදී (A) රටාව ගන්නා have පදය අනෙකුත් අර්ථවලදී (B) රටාවද ගත හැකියි.

She has long hair. එයාට දිග කොන්ඩයක් තියනවා.

They have a lot of money. ඒ ගොල්ලන්ට ගොඩක් සල්ලි තියනවා.

They are having a party. ඒ ගොල්ලො පාටියක් දානවා (පාටියක් පවත්වමින් ඉන්නවා).

Kamal is having dinner. කමල් (රෑ) කෑම ගන්නවා (කෑම කමින් ඉන්නවා).

He has / is having family problems at the moment. එයාට මේ වෙලාවෙ (මේ දවස්වල) පවුලෙ ප්‍රශ්න තියනවා / එයා මේ වෙලාවෙ (මේ දවස්වල) පවුලෙ ප්‍රශ්නවලට මුහුණ දෙනවා (පවුලෙ ප්‍රශ්නවලට මුහුණ දෙමින් ඉන්නවා).

***යම් පුරුද්දක් වුවත් එයින් මෙම අවස්ථාවේ ඇති වන අපහසුතාවය වැන්නක් හුවා දක්වා සඳහන් කිරීමට (B) රටාව යොදා ගැනෙනවා.

He is always losing the keys. එයා හැම වෙලේම යතුරු නැති කර ගන්නවා.

4. කතන්දරයක් වැනි විස්තරයකදී (මේ වෙනුවට මෙහිදී අතීත කාලයද යෙදිය හැකියි.) 

මෙහිදී ප්‍රධාන සිදුවීම් / ක්‍රියාවන් සඳහා (A) රටාවද, වඩා දිග කාලයක් පවතින පසුබිම් කරුණු සඳහා (B) රටාවද සාමාන්‍යයෙන් යෙදෙනවා.

Snow White goes further and further into the forest. She is crying. Suddenly, she sees a little house…  ස්නෝ වයිට් තව තවත් දුර කැළෑව ඇතුලට යනවා. එයා අඬ අඬා යන්නෙ. එක පාරටම එයා පොඩි ගෙයක් දකිනවා...

5. සජීවී විස්තර ප්‍රකාශවලදී

මෙහිදීද ඉහත (4) ආකාරයට රටා දෙක යෙදෙනවා.

Sanath takes a step back, he’s keeping his eyes on the ball, and he hits really hard…the ball goes right up… සනත් පාදයක් පසු පසට ගන්නවා, ඔහුගේ ඇස් පන්දුව වෙතමයි, වැරෙන් පහරක් එල්ල කරනවා, පන්දුව කෙලින්ම ඉහළ නගිනවා...

6. පුවත් පත් වාර්තා ආදියේ ශීර්ෂ පාඨවල

මෙහිදී අතීත කාල ක්‍රියා සඳහා (A) රටාවද, කෙරෙමින් පවතින ක්‍රියා සඳහා (B) රටාවද භාවිතා වෙනවා.

Another Bomb Goes Off in Kabul කාබුල් නගරයේ තවත් බෝම්බයක් පුපුරයි (පුපුරා ගියා)

Riots (are) Getting More Intense කලබල තවත් නරක අතට (තවත් තීව්‍ර වෙමින් පවතී) - මෙහිදී බොහෝ විට is / are පද අත් හරිනවා.

7. අනාගතයේ සිදු වීමට නියමිත දෙයකට

The lecture starts as 7.30 a.m. tomorrow. දේශනය හෙට උදේ 7.30 ට පටන් ගන්නවා.

We get off at the next station. අපි ඊළඟ නැවතුම් පොළොන් බහිනවා (බැසිය යුතුයි).

***අනාගතයේ කිරීමට පෞද්ගලිකව හෝ ආසන්න වශයෙන් සැලසුම් කර ඇති / සැලසුම් කරමින් පවතින ක්‍රියා සඳහා භාවිතා කරන්නේ (B) රටාවයි.

We are going to Anuradhapura next weekend. අපි හෙට අනුරාධපුරේ යනවා.

I am playing chess with him tomorrow. මම හෙ‍ට එයා එක්ක චෙස් ගහනවා. 

8. උපදෙස් ලබා දීමේදී

You continue up to the junction [බ්‍රි] / intersection [ඇ], and then you turn right… හන්දිය හම්බවෙනකම් දිගටම යන්න, එතනින් දකුණට හැරෙන්න...

දැන් සෑහෙන ගොඩක් නේද? මීට අමතරව, අතීතයේ පටන් ගෙන වර්තමානයේද සිදුවෙන දේ විස්තර කිරීමට පාවිච්චි වෙන්නෙ වෙනමම රටාවක්. හැබැයි ඒ ගැන අපි පස්සෙ බලමු (You Have Always Liked It? - එහෙනම් තවමත් එහෙමයි බලන්න ).


10 comments:

  1. useful lesson again. thank you.

    ReplyDelete
  2. Again, A post with something to learn.
    Thanks sir!

    ReplyDelete
  3. Thanks for another valuable lesson.
    I again have a problem on the 7th pattern.(a bit more explanation would be really helpful)
    Is it wrong to say "We go to Anuradhapura next weekend"?

    ReplyDelete
  4. @mier

    Generally the 7th pattern is used with fixed future plans and schedules. You can say "We go to Anuradhapura next weekend" if it is part of a schedule.

    For example, when you are describing the programme of a trip you have organized, you can say "We go to Anuradhapura next weekend, visit all the important monuments there, and proceed to Polonnaruwa on Monday..."

    When you talk about something that is just loosely planned, you rather say something like "We are going to Anuradhapura next weekend".

    ReplyDelete
  5. You have clearly described the lesson. Thanks a lot.

    ReplyDelete
  6. @thariya
    Thank you for the compliment.

    ReplyDelete
  7. thank you for the giving such an awesome lessons ,sir..
    god bless you

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails