Tuesday, January 19, 2010

Sometimes or Perhaps - අවිනිශ්චිතද?

සේයාරුවට ස්තුතිය: jerine

අපි කලින් කතා කළානේ කෙනෙක් කියූ දෙයක් සමග එකඟ වීම හෝ නොවීම ගැන. හැබැයි ඇතැම් අවස්ථාවලදී මේ දෙකෙන් එකක්වත් කරන්න බැරි වෙනවා. එහෙම වෙන්නේ එක්කො ඒ පුද්ගලයාගේ ප්‍රකාශය හරිද, වැරදිද කියලා අපි හරිහට දන්නෙ නැති නිසා; එහෙම නැතිනම් ඒ පිළිබඳව කෙළින්ම යමක් කියන්න අපි කැමති නැති නිසා.

මේ වගේ අවස්ථාවල අපට සිද්ද වෙනවා අවිනිශ්චිත බව ප්‍රකාශ කරන්න. ඇයි ඉතින්, දිගටම කට පියාගෙන ගල් ගිල්ලා වගේ ඉන්න එකත් ආචාරශීලී නැහැනේ. ඒ වගේම ඇසූ ප්‍රශ්නයකට නියම පිළිතුර දෙන්න බැරි වුණාමත් ‍‍මේ තත්වය ඇති වෙනවා.  "සමහර විට එහෙම වෙන්න පුලුවන්" වැනි යමක් අපි සිංහලෙන් නම් කියනවා. හැබැයි ඒ ඉතින් අපේ භාෂාවෙන්නෙ. එතකොට ඒකට ඉංග්‍රීසියෙන් යොදන්නෙ මොකක්ද? "sometimes" කියලද?

මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ. "sometimes" කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ "සමහර අවස්ථවලදී (හැම වෙලාවෙම නෙමෙයි)" යන අර්ථයෙනුයි. අවිනිශ්චිතබව දැක්වීමට ඉංග්‍රීසි භාෂාවෙ පාවිච්චි වෙන්නෙ "perhaps", "maybe" වගේ යෙදුම්.

Do you play cricket? ඔයා ක්‍රිකට් ගහනවද?

- Yes, sometimes.ඔව්, සමහර වෙලාවට. (හැමදාම හෝ හැමවිටම නොවේ.)

We sometimes have to go to Colombo to buy clothes. සමහර වෙලාවට (සමහර අවස්ථාවල) අපට ඇඳුම් ගන්න කොළඹ යන්න වෙනවා.

They are decent people. ඒ අය හොඳ (යහපත්) මිනිස්සු. 

- Perhaps. / Maybe. සමහර ව්ට / වෙන්න පුලුවන් (නමුත් මම හරියට දන්නෙ නැහැ.).

Will they come tomorrow? ඒ අය හෙට එයිද?

- Perhaps / Maybe they will. සමහර විට එයි. (ඒත් හරියටම කියන්න බැහැ.)

පේනවා නේද යෙදීමේ වෙනස. සිංහලෙන් "සමහර වෙලාවට" සහ "සමහර විට" කියන දෙකත් අර්ථයෙන් වෙනස් වුණාට ශබ්දයෙන් කිට්ටු නිසාද කොහෙද අපේ සමහරුන්ට මේ දෙක පැටලෙනවා ඉංග්‍රීසියෙදි. අර්ථය ගැන කල්පනා කර කතා කිරීමෙන් මෙය නිරාකරණය කරගත හැකියි.

**********


එතකොට "මේ ගේ ඔයාගෙද / ඔයාලගෙද?" වැනි ප්‍රශ්නවලට අපි ටිකක් ආඩම්බරයෙන් උත්ත‍ර දෙනවනෙ "නැතුව?" කියලා. මේක සමහර අය ඒ විදිහටම ඉංග්‍රීසිහට හරවනවා "Otherwise?" හෝ "Why not?" කියලා. නමුත් නියම ඉංග්‍රීසි සම්ප්‍රදාය නම් එවැනි තැන්වල "Of course!" වැන්නක් යෙදීමයි. මෙතනදී "of course" හි සිංහලෙන් අපට කීමට අවශ්‍ය වුණ "නැතුව?( ඒක අහන්නත් දෙයක්ද?)" යන්න අන්තර්ගතයි. 

Is this house yours? මේ ගේ ඔයාගෙද / ඔයාලගෙද?, Is that your car? ඒක ඔයාගෙ / ඔයාලගෙ කාරෙකද?

- Of course! නැතුව! (ඇත්තෙන්ම ඔව්!)

මේ “otherwise” හා “why not” යෙදෙන්නේ මෙසේ නොවේ.


I have to pass this exam. Otherwise I won’t get a promotion. මම මේ විභාගේ පාස් වෙන්න ඕනැ.. නැත්නම් මට උසස්වීමක් ලැබෙන්නේ නැහැ.

I can’t come with you. – Why not? මට ඔයා(ලා) එක්ක එන්න බැහැ. - අයි බැරි?

මෙතන යෙදුන “of course”හි භාවිතය ගැන Of Course, Certainly, Surely, In Fact, Actually,Really, Indeed - ඇත්තෙන්ම එහෙමද? ලිපියත් බලන්න. 

                                                                      

**********

තවත් සිංහල පුරුද්ද නිසා ඇති වෙන පරහක් තියෙනවා "ඒක අරන් එන්න", " ඒක අරන් යන්න" වැනි දේ ඉංග්‍රීසියෙන් කියද්දි. ඈතැම් අය "Bring it and come.", "Take it and go." වශයෙන් කියනව ඈහෙනවා. මෙතනදී මතක තියා ගත යුත්ත තමයි මේ "එන්න" හා "යන්න" අදහස් bring හා take පදවල අන්තර්ගත බව.

Will you bring that chair over here? අර / ඔය පුටුව මෙහාට ගේන්න පුලුවන්ද?

Can you bring your books with you when you come here next time? ඔයා ලබන සැරේ මෙහෙ එනකොට ඔයාගෙ පොත් අරන් එන්න පුලුවන්ද?

Take this phone away. මේ ෆෝන් එක අහකට අරන් යන්න.

You can take that paper with you if you want. ඔයාට ඕනැනම් ඔය පත්තරේ යනකොට අරන් යන්න පුලුවන්.

********** 

සමහර දේ කියද්දී සිංහල රටාවට යෙදුම් පාවිච්චි කිරීම නිසා ඉංගීසියේ සමහර කොටස් අත් හැරෙනවාත් අහන්න ලැබෙනවා, If they help us, can do.’ වගේ. නමුත් ඉංග්‍රීසි රටාවට නම් එසේ වෙන්නේ නැහැ. .

If they help us, we can do it. ඒ අය අපට උදව් කළොත් අපට එක කරන්න පුළුවන්.

**********

සමහර වි‍ට (perhaps / maybe) මේ ඔක්කොටම වඩා අපේ හුඟක් අහට පැටලෙන්නෙ මීට කලින් ලිපියේ කතා කළ "yes / no" පලහිලව්ව කියලා හිතෙනවා. එහි සම්මත රටාවට හොඳ උදාහරණයක් ම‍‍ම අදත් දැක්කා ආර්ථික විද්‍යාවට අදාළ ඇමරිකානු බ්ලොග් සඑහනක: We Can't Break Up the Giant Banks, Can We? Yes We Can! 

ඉංග්‍රීසි හැදෑරීමෙදි, අපේ විදිහට කොහොම කොහොම හරි ඉංග්‍රීසි කතා කරන්න ගන්න එක හරි වැදගත් වෙනවා වගේම, ඊට පස්සෙ මේවගේ තැන්වලදී ජාත්‍යන්තරව සම්මත රටාවලට හැඩගැහෙන එකත් වටිනවා. මොකද, අද කවුරුත් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ ජාත්‍යන්තරයට විවෘත වීමේ බලාපොරොත්තුවත් ඈතුවනේ.

6 comments:

  1. අදත් කියෙව්ව..

    ReplyDelete
  2. Missed this one, Maybe because of SBU is flooding by stupid political posts.

    Saved this one to read later too. Thanks!

    ReplyDelete
  3. @~බිன்ku~
    Thanks for your interest.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails