Wednesday, January 27, 2010

The Prices Have Gone Up - අතීතයේ තවත් පැත්තක්


සේයාරුවට ස්තුතිය: Bug-a-Lug (",)



අපි මීට කලින් බැලුවනේ පහුගිය කාලෙ සිදු වුණදේවල් ගැන කතා කරද්දි ක්‍රියා පද යෙදෙන ආකාර කීපපයක් ගැන; විශේෂයෙන් අර අපි (E) හා (F) ලෙසින් හඳුන්වපු බහුලව භාවිතා වෙන රටා දෙක ගැන. ඒත් එතනදි කිව්වා වගේ තවත් රටා තියෙනවා අතීතය සම්බන්ධව  පාවිච්චි වෙන.
එයින් එකක් තමයි අතීතයෙ පටන් ගත් නමුත් තවමත් ක්‍රියාත්මක දේ  ගැනත් යෙදෙන (C) රටාව. එය අතීතයේ අවසන් වුණ - එහෙත් වර්තමානයේ ප්‍රතිඵල ඇති - දේ සඳහාත් ‍භාවිතා වෙනවා. එවැනි අවස්ථා කීපයක් බලමු.

1. අතීතයේ සිදු වූ දෙයක් ගැන, එය සිදු වූ අවස්ථාව නොසලකා එහි වර්තමානයට ඇති වැදගත්කම සලකා කතා කිරීමේදී (උදා: already, before, up to now, so far වැනි යෙදුම් සමග)

I have already finished my work.* මම මගෙ වැඩ දැනටමත් කරල ඉවරයි.

We have read four of her books up to now / so far. අපි මේ වෙනකන් එයාගේ පොත් හතරක් කියවල තියනවා.

I have met him before. මට එයා මීට කලින් හම්බ වෙලා තියනවා.

I have seen her somewhere. මම එයාව කොහෙදි හරි දැකල තියෙනවා.

I have washed my hands to feed the baby. මම බබාට කෑම කවන්න අත් හෝදගෙන ඉන්නෙ.

She has found the article you wanted. ඔයාට ඕනැ උන ලිපිය එයා හොයාගන.

We have almost completed the survey. අපි සමීක්ෂණය සම්පූර්ණයෙන්ම වගේ කරල තියෙන්නෙ.

Man has landed on the moon. මිනිසා හඳ මත ගොඩ බැහැලා තියෙනවා. 

Scientists have invented a new device that can… විද්‍යාඥයො ...පුලුවන් අළුත් උපකරණයක් නිශ්පාදනය කරලා.

2. දැන් සිදු නොවුණත්, මේ දක්වා යම් කාලයක් තිස්සේ සිදු වූ - වර්තමානයේ ප්‍රතිඵල ඇති - දෙයකට

The prices have gone up sharply during the last 10 years. පහුගිය අවුරුදු දහයෙදි මිළ ගණන් අධික ලෙස ඉහළ නැග්ගා. (මින් ඉදිරියට එසේ නොවන්නටත් හැකියි.)

Your children have grown a lot since I last saw them. මම අන්තිමට දැකපු දා ඉඳලා ඔයාගෙ / ඔය ගොල්ලන්ගෙ ළමයි ගොඩක් ලොකු වෙලා.

*** අතීතයේ අවසන් වුණ - එහෙත් වර්තමානයේ ප්‍රතිඵල ඇති - දෙයක් කෙටි කාලීනව කෙරී ගෙන ගොස් ඇති බව දැක්වීමට (D) රටාව මෙහිදී යෙදෙනවා.

Somebody has been smoking here. කව්රු හරි මෙතන සිගරට් බිබී ඉඳල තියනවා. (දැන් නොබිව්වත් එහි සාක්ෂි පෙනෙන්නට හෝ දැනෙන්නට තියනවා.)

*** යම් දෙයක් අතීතයේ යම් කාලයක් තිස්සේ සිදු වුණත්, දැන් තත්වය පැහැදිලි ලෙස වෙනස් නම් (C) හෝ (D) රටා යෙදෙන්නේ නැහැ.

They lived in Kandy for 10 years. Last month they moved to Colombo. ඒ අය අවුරුදු දහයක් නුවර හිටියා. ගිය මාසේ කොළඹ පදිංචියට ආවා.

*** වර්තමානයේ යම් තත්වයක පවතින දෙයක් එම තත්වයට පත් වූ ආකාරය සඳහා යෙදෙන්නේ (E) රටාවයි.

I think he was the one who broke this glass. මම හිතන්නේ එයා තමයි මේ වීදුරුව කැඩුවේ (කඩලා තියන්නේ).

Who gave you this book? කව්ද ඔයාට මේ පොත දුන්නේ?

*** තව දුරටත් ජීවතුන් අතර නැති කෙනෙක් කර ඇති දේ සඳහාත් යෙදෙන්නේ (E) රටාවයි.

Shakespeare wrote a lot of plays. ශේක්ස්පියර් නාට්‍ය ගොඩක් ලිව්වා (ලියලා තියනවා)


***පහත ප්‍රකාශ දෙකේ වෙනසත් බලන්න.


I have written five emails this morning. මම අද උදේ (මේ වෙනකම්) ඊමේල් පහක් ලියලා තියනවා. (මෙය අද උදේ කාලය අවසන් වෙන්නට පෙර කරන ප්‍රකාශයක්.)

I wrote five emails this morning. මම අද උදේ ඊමේල් පහක් ලිව්වා. (මෙය අද උදේ කාලය අවසන් වූ පසු උදා: අද සවස කරන ප්‍රකාශයක්.) 

*** කිව යුතු තවත් දෙයක් තියනවා “go” ක්‍රියා පදය සම්බන්ධව. යම් තැනකට ගොස් ආපසු පැමිණ ඇති නම් සාමාන්‍යයෙන් “gone” වෙනුවට “been” යෙදෙනවා.

They have gone to London. ඒ අය ලන්ඩන් ගිහින්. (මේ අවස්ථාවේ ඉන්නේ එහේ.)

They have been to London. ඒ අය ලන්ඩන් ගිහින් තියනවා. (නමුත් මේ අවස්ථාවේ ඉන්නේ එහේ නෙමේ.)

3. දැන් සිදු නොවුණත්, මේ දක්වා යම් කාලයක් තුළ නැවත නැවත සිදු වූ - වර්තමානයේ ප්‍රතිඵල ඇති - දෙයකට  

He has often been abroad. එයා (මේ වෙනකම්) නිතර නිතර රට ගියා.

I have seen that movie three times. මම ඒ චිත්‍ර පටිය තුන් පාරක් බලලා ති‍යනවා.

4. “මේ වන තෙක් යන අර්ථය ඇති වෙනත් තැන්වල (උදා: never, ever, yet, before, up to now, so far වැනි යෙදුම් සමග)

We have never* met them. අපට (මේ වෙනකන්) කවදාවත් එයාව හම්බ වෙලා නැහැ.

Have you ever* been to India? ඔයා (කවද හරි) ඉන්දියාවෙ ගිහින් තියනවද?

They haven’t come yet.* ඒ අය තවම ඇවිල්ලා නැහැ.

She hasn’t talked to us before / up to now / so far. එයා මීට කලින් / මේ වෙනකන් / මේ වෙනකන් අපිත් එක්ක කතා කරල නැහැ.

5. මේ වන තෙක් සිදු වූ උපරිමයක් වැන්නක් දැක්වෙන පහත ආකාරයේ රටාවල

This is the first / second time she has come here. මේ තමයි එයා මෙහෙ ආව පළවෙනි / දෙවෙනි සැරේ.

This is the best car I have ever driven. මේක තමයි මම එලවල තියෙන හොඳම කාරෙක.

6. සුළු කාලයකට පෙර සිදු වූ දෙයකට (උදා: just, recently, lately වැනි යෙදුම් සමග)

They have just* left. ඒ අය දැන් පොඩ්ඩකට කලින් ගියේ.

I haven’t seen her recently* / lately. මම ළඟදි එයාව දැක්කෙ නැහැ.

7. රූපවාහිනී පුවත් වාර්තාවල මෑතකදී සිදු වූ පුවතක් හඳුන්වා දෙන මුල් වැකිය සඳහා (C) රටාවද, පසුව එන විස්තරය සඳහා (E) රටාවද බො‍හෝ විට භාවිතා වෙනවා.

An important presidential election has concluded in Sri Lanka. It began early yesterday morning when voters lined up at polling stations all over the island… ශ්‍රී ලංකාවේ වැදගත් ජනාධිපතිවරණයක් අවසන් වුණා. එය ඊයේ උදෑසන ආරම්භ වූ අතර ඒ වන විට දිවයින පුරා ඡන්ද පොළවල ඡන්දදායකයන් පෙළ ගැසී සිටියා...

*මේ never, ever හා recently පද සුදුසු අවස්ථාවල (E) රටාව සමගද යෙදෙනවා.
(උදා: I never knew that. මම ඒක කවදාවත් දැනගන හිටියෙ නැහැ. / We recently discussed that. අපි ළඟදි ඒ ගැන සාකච්ඡා කළා.)
ඇමරිකානු භාවිතයේ බොහෝ විට just සමග යෙදෙන්නේ (E) රටාවයි (මෙම රටාව ඇතැම් විට බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේත් හමු වෙනවා)
(උදා: They just left.)
එසේම ඇතැම් ඇමරිකානුවන් already හා yet පද යෙදෙන අදහස්වලද (E) රටාව පාවිච්චි කරනවා.
(උදා: I already finished my work. / They didn't come yet.)

මීට අමතරව අතීතයේ යම් සිදුවීමකට කලින් සිදු වූ දෙයක් සඳහා පහත රටා දෙක පාවිච්චි වෙනවා.

(G) He / She / It / I / We / You / They / The boy / Sunil / The boys / Sunil and Mala... had played cricket

(H) He / She / It / I / We / You / They / The boy / Sunil / The boys / Sunil and Mala... had been playing cricket.

*** (G) රටාවේ ගැනෙන past participle ස්වරූපය ගැන අපි You Have Always Liked It - එහෙනම්තවමත් එහෙමයි ලිපියේ බැලුවා.  (H) රටාවේ ගැනෙන present participle ස්වරූපය ගැන අපි They Play Cricket, but Are They Playing Cricket? - වර්තමාන ක්‍රියා ගැන ලිපියේ බැලුවා.

***මෙම (G) රටාව past perfect’ හෝ ‘simple past perfect’ යනුවෙනුත්, (H) රටාව ‘past perfect continuous’ හෝ past perfect progressive යනුවෙනුත් හැඳින්වෙනවා.

එක් අතීත සිද්ධියකට කලින් සිදු වුණ දෙයකට (G) රටාවද, ඒ වන විට යම් කලක සිට සිදු වෙමින් පැවති දෙයකට සුදුසු ලෙස (G) හෝ (H) රටාවද භාවිතා වෙනවා.

Before I joined that company, my brother had worked there. මම ඒ සමාගමට බැ‍‍ඳෙන්න කලින් මගෙ අයියා / මල්ලි එතන වැඩ කරල තිබුණා.

When we went to their place, they had gone out. අපි ඒ ගොල්ලන්ගෙ ගෙදර යද්දි ඒ ගොල්ලො එළියට ගිහිල්ලා.


By the time he was transferred, he had worked here for 20 years. එයාව මාරු කරනකොට එයා මෙහෙ අවුරුදු 20 ක් වැඩ කරල තිබුණා (අවුරුදු 20 ක සිට වැඩ කරමින් සිටියා).

When he came home, the children had been playing. එයා ගෙදර එද්දි ළමයි (සෑහෙන වෙලාවක් තිස්සෙ) සෙල්ලම් කර කර ඉඳල තියනවා.

She had been unhappy with her job for some time when she got the chance to go abroad. එයාට රට යන්න අවස්ථාව ලැබෙනකොට එයා සෑහෙන කාලෙක ඉඳල එයාගෙ රස්සාව ගැන අසතුටෙන් හිටියේ.

ඉතින් පරණ දේ ගැන බැලුවා දැනට ඇති නේද? ඊළඟ ලිපියෙන් අපි වෙනත් දෙයක් ගැන කතා කරමු.

5 comments:

  1. නැවතත් ඔබට ස්තුතියි!
    මෙම බිලෝගය මගේ Twitter Feed එකට එකතු කරා. තවත් පිරිසක් ඒ තුළින් යමක් යමක් ඉගෙන ගන්නට අවස්ථාව ලැබේතැයි හිතනවා.

    ReplyDelete
  2. @~බිன்ku~
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. dgherrsy4y4y45y6365

    ReplyDelete
  4. meka hariyata goda idan peenanava vage vedak!

    koch chara engish gena livvath
    practical pavichchiyak nethuwa kavadavath
    english egena gan na be...

    ReplyDelete
  5. @Anonymous
    කතාව තරමක් දුරට ඇත්ත. නමුත් මේ බ්ලොග් සටහනේ පරමාර්ථය ඉංග්‍රීසි දැනටමත් ඉගෙන ගන්න හෝ ඉංග්‍රීසි දැනටමත් යම් තරමකින් පාවිච්චි කරන අයට තමන්ගෙ හැකියාව වැඩි දියුණු කර ගැනීමට උදව්වක් දීම මිස මේ තුළින්ම භාෂාව ඉගැන්වීම නොවෙයි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails