Thursday, January 21, 2010

A Little About a Lot... - ගොඩක් දේ ගැන ටිකක්...


 
සේයාරුවට ස්තුතිය: The Peoples' Voices Must Be Read



ඕනැම භාෂාවක් ඉගෙන ගන්නකොට ‍ගොඩක් වැඩ තියෙනවා. හැබැයි හැමදාම වගේ ටිකක් අල්ල ගත්තොත් ටික කාලයක් යනකොට ගොඩක් දේ දැනගෙන තියේවි.

කලින් වාක්‍ය දෙකේදි වගේ නිතරම අපට ටිකක්, “ගොඩක් වගේ ප්‍රමාණ ගැන කතා කරන්න වෙනවා. ඉතින් අපි අද බලමු මේ ව‍ගේ තැන්වලදී පාවිච්චි වෙන ඉංග්‍රීසි යෙදුම් කීපයක් දිහා.

a little සුළු ප්‍රමාණයක් / a few සුළු සංඛ්‍යාවක්  - මෙතනදී ගණන් කළ නොහැකි දේවල් සම්බන්ධව a little , ගණන් කළ හැකි දේවල් (මිනිසුන් ඇතුළුව) සඳහා a few ද යෙදෙනවා.

We need a little water. අපට වතුර ටිකක් (සුළු ප්‍රමාණයක්) ඕනැ කරනවා.

A little is enough. ටිකක් (සුළු ප්‍රමාණයක්) ඇති.

Collect a few stones. ගල් කැට ටිකක් (සුළු ගණනක්) එකතු කරන්න.

We need just a few. අපට කීපයක් විතරයි ඕනැ (සුළු ගණනක් විතරයි ඕනැ).

A few people came. මිනිස්සු ටික දෙනෙක් ආවා.

***මෙහිදී මතක තබා ගත යුත්තක් තමයි මේ තැන්වල aනැතිව littleහෝ fewපමණක් යෙදුවහොත් අදාළ ප්‍රකාශය වැඩි ප්‍රමාණයක් නැහැ, “වැඩි ගණනක් නැහැ වශයෙන් නිශේධාර්ථයක් ගන්නා බව. මේ මගින් ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට යොමු වන බව සැලකීම වැදගත්. 

There is little water in the tank. ‍ටැංකියෙ වතුර වැඩිය නැහැ.

Little is left of his money. එයාගෙ සල්ලිවලින් වැඩිදෙයක් ඉතුරු වෙලා නැහැ.

She has few friends. එයාට යාළුවො වැඩිය නැහැ.

Few would do that willingly. හුඟ දෙනෙක් ඒක කැමැත්තෙන් කරන එකක් නැහැ. 

a (little) bit (of) ‍‍ සුළු ප්‍රමාණයක්, සැලකිය යුතු ප්‍රමාණයක්  - ගණන් කළ නොහැකි දේ සමග (ඇමරිකානු ව්‍යවහාරයේ වඩා බහුල a little bitවශයෙනුයි.)

It will take a (little) bit of time. ඒකට ටිකක් (තරමක්) වෙලාව ගත වෙයි.

Give me just a little bit. මට පොඩ්ඩක් (සුළු ප්‍රමාණයක් විතරක්) දෙන්න.

*** කෑල්ලක් යන තේරුම ඇතිවද bit පදය වෙනත තැන්වල පාවිච්චි වෙනවා. (bits of paper  කඩදාසි කෑලි). ඒ වගේම සැලකිය යුතු තරමක අර්ථයෙන් එය ගණන් කළ හැකි ඒක වචන පද සමග යෙදෙනවා. (It’s a bit of a problem. ඒක තරමක ප්‍රශ්නයක්.)

half (of) බාගයක් -   ගණන් කළ හැකි හා නොහැකි දේ සමග

සර්වනාම පදයක් (it, them වැනි) සමග හැර අනිත් තැන්වල of පදය අත් හැරීමටත් හැකියි.

We have already used half (of) the food. අපි දැනටමත් කෑමවලින් බාගයක් පාවිච්චි කරලා.

She ate half (of) a pizza. එයා පීට්සා එකකින් බාගයක් කෑවා.

Half (of) her ideas are just crazy. එයාගේ අදහස්වලින් බාගයක් නිකම් පිස්සු ඒවා.

I have talked to about half of them. මම ඒ ගොල්ලන්ගෙන් බාගෙකට විතර කතා කරලා තියෙන්නේ.

***නමුත් මිනුම් සම්බන්ධ පද සමග යෙදෙන්නේ පහත රටායි.

half an hour පැය බාගයක්  (ඇතැම් විට a half hour ද යොදා ගන්නවා)

one and a half hours පැය එක හමාරක්

half a bottle බෝතල් බාගයක්

***වෙනත් භාග ගණන් සම්බන්ධව පහත රටා යොදා ගැනෙනවා.

a quarter of an hour පැය කාලක් (ඇතැම් විට a quarter hour ද යොදා ගන්නවා)

a quarter of / a fourth of the students ශිෂ්‍යයන්ගෙන් හතරෙන් එකක්

two thirds of my friends / her salary මගේ යාළුවන්ගෙන් / එයාගේ පඩියෙන් තුනෙන් දෙකක්

(a) part of කොටසක් - ගණන් කළ නොහැකි හා ගණන් කළ හැකි ඒක වචන පද සමග

මෙහිදී part ට ඉදිරියෙන් වෙනත් විශේෂණ පදයක් නැති නම් බොහෝ විට a පදය අත් හරිනවා.

His arrogance is part of the problem. එයාගේ අහංකාරකම ප්‍රශ්නෙ කොටසක්.

They had already wasted part of the money. ඒ ගොල්ලො එතකොටත් සල්ලිවලින් කොටසක් නාස්ති කරලා.

Part of the house has collapsed. ගෙදර කොටසක් කඩන් වැටිලා.

A large part of the house has collapsed. ගෙදරින් ලොකු කොටසක් කඩන් වැටිලා.

several කීපයක්, කීප දෙනෙක් (දෙකකට වැඩි, නමුත් විශාල ගණනක් නොවන)  - ගණන් කළ හැකි දේ සමග

Several computers went down at once. කම්පියුටර් කීපයක් එකට වැඩ නොකර ගියා.

There is only one technician; we need several. එක කාර්මික ශිල්පියයි ඉන්නෙ; අපට කීප දෙනෙක් ඕනැ.

quite a bit (of) සැලකිය යුතු ප්‍රමාණයක් - ගණන් කළ නොහැකි දේ සමග

His comment got him quite a bit of attention. එයාගෙ ප්‍රකාශයෙන් (අදහස් ප්‍රකාශ කිරීමෙන්) එයා වෙත සෑහෙන්න අවධානය යොමු උනා. 

a number of, quite a few, [බ්‍රි] a good few සැලකිය යුතු සංඛ්‍යාවක් - ගණන් කළ හැකි දේ සමග

We have a number of complaints regarding this matter. මේ කාරණේ සම්බන්ධව පැමිණිලි සෑහෙන ගානක් තියෙනවා.

Quite a few members protested. සාමාජිකයන් සෑහෙන ගණනක් විරුද්ධත්වය ප්‍රකාශ ‍කළා. 

plenty (of) විශාල ප්‍රමාණයක්, සංඛ්‍යාවක් (මදි නොවන තරමට) - ගණන් කළ හැකි හා නොහැකි දේ සමග

That family has plenty of money. ඒ පවුලට ඇති ‍පදම් සල්ලි තියෙනවා.

There were plenty of people at the meeting. රැස්වීමෙ ගොඩක් (මදි නොකියන්න) සෙනග හිටියා.

much විශාල ප්‍රමාණයක් / many විශාල සංඛ්‍යාවක් - ගණන් කළ නොහැකි දේ සමග much , ගණන් කළ හැකි දේ සමග many ද යෙදෙනවා.

We didn’t have much rain this year. මේ අවුරුද්දෙ එච්ච‍ර ගොඩක් වැස්සෙ නැහැ.

There is so much water in the lake. වැවේ වතුර ගොඩාක් තියනවා.

Children should not be given too much freedom. ළමයින්ට ඕනැවට වැඩිය (ගොඩක්) නිදහස දෙන්න හොඳ නැහැ.

I have never seen so many people in our town. අපේ ටවුමෙ මෙච්චර සෙනග මම කවදාවත් දැකලා නැහැ.

Many customers were not happy about the new tariff. අළුත් මිළ ක්‍රමය ගැන ගනුදෙනුකරුවො හුඟ දෙනෙක් සතුටු උනේ නැහැ.

Many came just to have a look. හුඟක් අය ආවෙ නිකම් බලල යන්න. 

There are too many students in that class. ඒ පංතියෙ ඕනැවට වැ‍ඩිය (ගොඩක්) ළමයි (ශිෂ්‍යයො) ඉන්නවා.

a lot (of) , lots (of) විශාල ප්‍රමාණයක්, විශාල සංඛ්‍යාවක් - ගණන් කළ හැකි හා නොහැකි දේ සමග

She got a lot of praise for her speech. එයාගෙ කතාව හුඟක් වර්ණනාවට ලක් උනා.

We don’t have a lot of time. අපට එච්චර වෙලාව නැහැ.

A lot of children came to see the show. සංදර්ශනය බලන්න ගොඩක් ළමයි ආවා.

Lots of people in Africa are poor. අප්‍රිකාවෙ ගොඩක් අය දුප්පත්.

If you want to grow up fast, you’ve got to eat a lot. ඉක්මන‍ට ලොකු වෙන්න ඕනැ නම් ගොඩක් කන්න ඕනැ.

***කාලය හා දුර මිනුම්වලින් දැක්වීමේදී මෙ‍ම රටාව භාවිතා වෙන්නෙ නැහැ.

We stayed there for many years. (a lot of years නොවේ) අපි අවුරුදු ගණනක් එහෙ හිටියා.

a great / good deal (of) විශාල ප්‍රමාණයක් ගණන් කළ නොහැකි දේ සමග

He earned a great deal of money in Europe. එයා යුරෝපයෙදි ගොඩක් සල්ලි හම්බ කෙරුවා.

a large amount (of) විශාල ප්‍රමාණයක් / a large number (of) විශාල සංඛ්‍යාවක් - ගණන් කළ නොහැකි දේ සමග amount , ගණන් කළ හැකි දේ සමග number ද යෙදෙනවා.

There was a large amount of food left. කෑම ගොඩක් ඉතුරු උනා.

A large number of people came to see the new film. අළුත් චිත්‍රපටිය බලන්න ගොඩක් සෙනග ආවා.

***යම් නිශ්චිත දෙයකින් ... කොටසක් වැනි අර්ථයන් ඇතිව (ගණන් කළ නොහැකි හා හැකි ඒකවචන දේ සමග) a little of, little of, much of වැනි යෙදුම්ද, යම් නිශ්චිත ගොඩකින් / පිරිසකින් ... කොටසක්වැනි අර්ථයන් ඇතිව (ගණන් කළ හැකි බහුවචන දේ සමග) a few of, few of, several of, many of ආදී යෙදුම්ද යොදා ගැනෙනවා.

I drank a little of the water left. මම ඉතිරි වෙලා තිබුන වතුරවලින් ටිකක් බිව්වා.

We knew little of the latest news. අපි අලුත්ම ආරංචි වැඩිය දැනගෙන හිටියෙ නැහැ.

We didn’t know much of the latest news. අපි අලුත්ම ආරංචි වැඩිය දැනගෙන හිටියෙ නැහැ.

He spoke a little of their language. එයා ඒ ගොල්ලන්ගේ භාෂාව ටිකක් කතා කෙරුවා.

They hadn’t seen much of India. ඒ අය ඉන්දියාව එච්චර දැකල තිබුනෙ නැහැ.

They haven’t heard much of that story. ඒ අය ඒ කතාවේ එච්චර අහලා නැහැ.

A few of my friends came. මගේ යාලුවො ටික දෙනෙක් ආවා.

Few of my friends came. මගේ යාලුවො වැඩි දෙනෙක් ආවෙ නැහැ.

I hadn’t met many of those children before. ළමයි හුඟ දෙනෙක් මට ඊට කලින් හම්බ වෙලා තිබුනෙ නැහැ.

I hadn’t met many of them before. ඒ අය හුඟ දෙනෙක් මට ඊට කලින් හම්බ වෙලා තිබුනෙ නැහැ.

***සැලකිය යුතු තරමක නොවන අදහස සඳහා much of ගණන් කළ හැකි ඒක වචන පද සමග නිශේධාර්ථයෙන් යෙදෙනවා. (He isn’t much of a cricketer. එයා වැඩකට ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමෙයි.)

***මීට අමතරව ක්‍රියා විශේෂණ (adverbs) ලෙස සුළු ප්‍රමාණයක් / දුරක් / වෙලාවක්..., සුළු ප්‍රමාණයකින් / දුරකින් / වෙලාවකින්... යන අරුත් සඳහා a little, a (little) bit පදද, “විශාල ප්‍රමාණයක් / දුරක් / වෙලාවක්..., විශාල ප්‍රමාණයකින් / දුරකින් / වෙලාවකින්... යන අරුත් සඳහා much, a lot, a great deal, quite a bit, [ඇ]plenty පදද පාවිච්චි වෙනවා.

The MP will see us a little later. මන්ත්‍රීතුමා ටික වෙලාවකට පස්සෙ අපිව හම්බ වෙයි.

This is a lot better than the last one. මේක කලින් එකට වඩා ගොඩක් හොඳයි.

It was much too expensive. එකේ ගාන (මිළ) ගොඩක් වැඩියි.

Please wait a little. කරුණා කරල ටිකක් (ටික වෙලාවක්) ඉන්න.

Can you move forward a (little) bit? ටිකක් ඉස්සරහට යන්න පුලුවන්ද?

We don’t see each other much. අපි එච්චර (ගොඩක්) හම්බ වෙන්නෙ නැහැ.

Thank you very much! ඔයාට / ඔයාලට ගොඩක් ස්තුතියි! 

They play football a lot. ඒ ගොල්ලො ගොඩක් ෆුට්බෝල් ගහනවා.

Thanks a lot! බොහොම ස්තුතියි! 


දැන් මේව ඔක්කොම ‍ටිකක් වැඩි වේගන එනවා වගේ. ඒ නිසා අපි දැනට පොඩි විවේකයක් ගනිමු.
All this seems to be getting a little too much now. So let’s have a little bit of rest for the moment.




14 comments:

  1. Saved this post to read later. :)
    Thanks for posting everyday. Keep your works up!

    ReplyDelete
  2. @änthräX
    I wonder why you think few of the examples are good. Are most of them not clear enough?

    ReplyDelete
  3. @~බිன்ku~
    Way to go! Thanks for your encouragement.

    ReplyDelete
  4. read today as well. continue ur good work. its highly appreciated.

    ReplyDelete
  5. @indik
    Thanks a lot for your continued interest and support.

    ReplyDelete
  6. now there's a confusion. what i ment was, "හොද උදාහරන ටිකක්"

    of course they are clear enough

    ReplyDelete
  7. @änthräX

    Oh, now I get it. But there is a big difference in meaning there as I have pointed out in the post. In fact, I have now added a few more examples to it so that it would get clearer. Anyway, let's have another look here:

    There are few good examples. ‍හොඳ උදාහරණ වැඩිය නැහැ (බොහොම ටිකයි තියෙන්නෙ).

    There are a few good examples. ‍හොඳ උදාහරණ ටිකක් තියනවා (‍ගොඩක් ‍නෙමෙයි, කීපයක්)

    There are quite a few good examples. ‍හොඳ උදාහරණ
    සෑහෙන (විශාල) ගණනක් තියනවා.

    On the other hand, we also say "හොද උදාහරන ටිකක්" in Sinhala to mean "a good selection of examples", where we refer to the whole batch. I think that's what you had in mind. This type of confusion occurs because of the structural differences of the two languages.

    Other examples:

    හොඳ පොත් ටිකක් - a good selection / batch of books

    හොඳ මිනිස්සු ටිකක් - a good group of people

    I hope I have made it clear to you by now. We will discuss more points like this in future posts.

    ReplyDelete
  8. Is it wrong to say "Collect few stones" or "We need little water"

    Thank you very much for these valuable articles.

    ReplyDelete
  9. @mier

    It is not wrong. But you have to be aware of the difference in meaning.

    Collect few stones = Don't collect a lot of stones.

    We need little water = We don't need a lot of water.

    As you can see, this type of sentence has a rather negative sense though the statement is grammatically in the positive.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Thank you very much, Can I please ask one more thing?
    What is the difference in
    Lots of people in Africa are poor.
    and
    A lot of people in Africa are poor.

    I hope you won't mind me asking too many questions.

    ReplyDelete
  12. @mier

    There is no difference in meaning. The only thing is "lots of" is a bit more informal.

    You should not worry about asking too many questions as I am glad to answer them. It shows me that my efforts have not been in vain.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails