Friday, January 15, 2010

Let Bygones Be Bygones? - පහුගිය දේ ගැන


සේයාරුව Aunt Owwee ගෙන්



අපි මුලින් වර්තමානය ගැන කතා කළානේ. යමක් කළ හැකි වර්තමානය තමයි මම හිතන්නේ අපට වැදගත්ම. ඒත් අපි අපේ අතීතයත් අමතක නොකළ යුතුයි. මුල අමතක කරන්න එපා කියලා කතාවටත් කියනවනේ.

කොහොම නමුත් මෙයින් අදහස් වෙන්නෙ නැහැ කෙනෙක් යට ගියාවෙ එල්ලිලා ඉන්න ඕනැ කියලා. අතීතයෙන් උගත යුතු ‍දේ ඉගෙන ගෙන වර්මානයට හා අනාගතයට ගැලපෙන ආකාරයට හැඩගසා ගන්න හැකියාව තියෙන්න ඕනැ. ඉතින් මේ සඳහා අතීතය ගැන හිතන්න, කතා කරන්න අවශ්‍යයිනේ. ඒකට උපයෝගි වෙන යෙදුම් ටිකක් දිහා අද බලමු. 

just now, (just) a moment ago, (just) an instant ago  මේ දැන්, මීට මොහොතකට කලින්

I finished my work just now. මම මගෙ වැඩ ඉවර කෙරුවෙ මේ දැන්.

He was here a moment ago එයා මේ දැන් මෙතන හිටියා. 

මේ පළමුවෙනි වාක්‍යයේ වගේ මේ දැන් නිම කළ ක්‍රියාවක් ගැන නම් I just finished my work කියලා කියන්නත් පුලුවන්.

පහුගිය ‍දේවල් ගැන කතා කරද්දි නැතුවම බැරි පදයක් තමයි මේ ago”. මේක යෙදෙන තැන් නම් බොහොම ගොඩයි.

a little / short while ago, a short time ago... මීට ටික වෙලාවකට කලින්

I met her a short while ago. ටික වෙලාවකට කලින් මට එයාව හම්බ උනා.

a while ago, some time ago මීට තරමක වෙලාවකට / කාලෙකට කලින්

The lecture ended a while ago. දේශනය ඉවර වෙලා දැන් ටිකක් වෙලා.

All that happened some time ago. ඒ ඔක්කොම සිද්ද උනේ සෑහෙන කාලෙකට කලින්.

a long while ago, quite a while ago, a long time ago මීට සෑහෙන වෙලාවකට කලින් / දිග කාලෙක‍ට කලින්

I finished the letter quite a while ago.  මම ලියුම ඉවර කරල ගොඩක් වෙලා.

They migrated to Australia a long time ago. ඒ අය ඔස්ට්‍රේලියාවෙ පදිංචියට ගිහින් ගොඩක් කල්.

a minute ago (මීට විනාඩියකට කලින්), an hour ago (මීට පැයකට කලින්), three days ago (මීට දවස් තුනකට කලින්)...

They came back two months ago. ඒ ගොල්ලො ආපහු ඇවිත් මාස දෙකක් වෙනව.

moments ago / minutes ago මීට ඉතා සුළු වෙලාවකට කලින්, hours  ago මීට පැය ගණනකට කලින්, years ago / ages ago මීට අවුරුදු ගනනා‍වකට කලින්

My brother left moments ago. මගෙ අයියා / මල්ලි ගියේ දැන් පොඩ්ඩකට කලින්.

I last saw them years ago / ages ago. මම ඒ අයව අන්තිමට දැක්කෙ අවුරුදු ගානකට කලින්.

සමහර වෙලාවට ago වෙනුවට back යෙදෙනවා, some time back, three years back ආදී වශයෙන්.

හැබැයි අපට තවම බැරි වුණානේ මේ පහු වුණ ඊයෙ දවස ගැන කතා කරන්න.

yesterday (ඊයෙ), yesterday morning (ඊයෙ උදේ / දවල්*), yesterday afternoon (ඊයෙ දවල් / හවස*), yesterday evening (ඊයෙ හවස / රෑ*), last night (ඊයෙ රෑ*)
(මෙතනදී සමහරුන්, විශේෂයෙන් සමහර ඇමරිකානුවන්, last evening කියාද කියනවා. නමුත් ඉහත පිළිවෙල භාවිතා කිරීම වඩා හොඳයි.) 
*දවසේ කොටස් බෙදෙන හැටි අපි කලින් ලිපියේ “today” යටතේ කතා කළානේ.

Nobody was at home yesterday / yesterday morning...ඊයෙ / ඊයෙ උදේ කව්රුවත් ගෙදර හිටියෙ නැහැ.

It rained last night. ඊයෙ රෑ වැස්ස.

last week (ගිය සතියෙ)/  last month (ගිය මාසෙ) / last year (ගිය අවුරුද්දෙ)

Business was good last month. ගිය මාසෙ වෙළඳාම (බිස්නස්) හොඳයි.

the day before yesterday පෙරේදා, the week before last ගිය සතියට කලින් සතියේ, the month before last ගිය මාසෙට කලින් මාසේ...

My brother came home the week before last. මගෙ අයියා / මල්ලි ගිය සතියට කලින් සතියෙ ගෙදර ආවා. 

in /during the last / past three hours / days / weeks / months / years..., 
(in) these last / past three hours / days / weeks / months / years…  
පහුගිය පැය / දින / සති / මාස / අවුරුදු තුනේ

A lot of people have visited us in the last two weeks. ගිය සති දෙකේ ගොඩක් අය අපිව බලන්න ආවා. 

Nothing much has happened these past few days. පහුගිය දවස් කීපයෙ එච්චර දෙයක් උනේ නැහැ.

one day (එක දවසක්), once (එක වතාවක්), once upon a time (එකමත් එක කාලෙක)

One day / Once I saw something really strange. එක දවසක් / එක සැරයක් මම හරිම අමුතු දෙයක් දැක්කා.

Once upon a time there lived a king in a faraway land. එකමත් එක කාලෙක ඈත රටක රජ කෙනෙක් හිටියා.

then (එතකොට), at that time (ඒ වෙලාවෙ), (on) that day (එදා), on Monday (සඳුදා), on Sunday morning (ඉරිදා උදේ), that morning (එදා උදේ / දවල්), that afternoon (එදා දවල් / හවස), that evening (එදා හවස / රෑ), (on) that night (එදා රෑ), (in) that week ( සතියෙ), (in) that month ( මාසෙ), (in) that year ( අවුරුද්දෙ) in those days (ඒ දවස්වල)

I didn’t know it then. මම ඒක එතකොට දැනගන හිටියෙ නැහැ.

He didn’t come that morning. එයා එදා උදේ ආවෙ නැහැ.

They used to visit us in those days. ඒ අය ඒ දවස්වල අපිව බලන්න එන්න පුරුදු වෙලා හිටියා.

for two hours / days / weeks / months / years 
පැය / දින / සති / මාස / අවුරුදු දෙකක් තිස්සේ

The children have been watching TV for five hours. ළමයි පැය පහක් තිස්සෙ TV බලනවා.

My sister has lived abroad for seven years now. මගෙ අක්කා / නංගි දැන් අවුරුදු හතක ඉඳල පිටරට ඉන්නෙ (ජීවත් වෙන්නෙ).

මේ අදහසම වෙනස් විදිහක‍ට කියන්න පුලුවන් අදාළ කාරණය පටන් ගත්ත වෙලාව / දිනය / මාසෙ / අවුරුද්ද... ආදිය සඳහන් කරලා.

The children have been watching TV since morning. ළමයි උදේ ඉඳල TV බලනවා.  

My sister has lived abroad since 2003. මගෙ අක්කා / නංගි 2003 ඉඳල පිටරට ඉන්නෙ (ජීවත් වෙන්නෙ).

for the last / past two hours / days / weeks / months / years…  
පහුගිය පැය / දින / සති / මාස / අවුරුදු දෙකක් තිස්සේ 

They have been writing that report for the last three weeks. ඒ අය දැන් මාස දෙකක් තිස්සෙ ඒ වාර්තාව ලියනවා.

a short / little while later, a short time later ඊට ටික වෙලාවකට / කාලෙකට පස්සේ, some time later, a while later ඊට (තරමක) වෙලාවකට / කාලෙකට පස්සේ, a long time later, quite a while later ඊට දිග වෙලාවකට / කාලෙකට පස්සේ

an hour / a week / a year / two minutes / three months later… ඊට පැයකට / සතියකට / අවුරුද්දකට / විනාඩි දෙකකට / මාස තුනකට පස්සේ...

She returned the call two hours later. ‍ ඊට පැය දෙකකට පස්සෙ එයා ආපහු ඇමතුමක් (call එකක්) දුන්නා.

later පස්සෙ වෙලාවක, පහු වෙලා

I met him later. මට පස්සෙ එයාව හම්බ උනා.

then ඊට පස්සෙ

He went abroad. Then he got married there. එයා පිටරට ගියා. ඊට පස්සෙ එහෙන් බැන්දා.

after a short/little while, after a short time ටික වෙලාවක් / කාලයක් ගතවී, after a while, after some time (තරමක) වෙලාවක් / කාලයක් ගතවී, after a long time, after quite a while දිග වෙලාවක් / කාලයක් ගතවී

after a week /a month / two years… සතියක් / මාසයක් / අවුරුදු දෙකක් ගතවී

They left in a hurry, but came back after a short while. ඒ අය කලබලෙන් පිටත් උනාට ටික වෙලාවකින් ආපහු ආවා.

before මේ / ඒ වෙන තෙක්

I haven't seen her before. මම කලින් (මෙච්චර කල්) එයාව දැකල නැහැ.

We hadn’t met before. අපි එච්චර කල් හම්බ වෙලා තිබුනෙ නැහැ.

earlier මීට / ඊට කලින්

He didn't mention that earlier. එයා ඒක මීට කලින් සඳහන් කළේ නැහැ.

a short / little while before / earlier ඊට ටික වෙලාවකට / කාලෙකට කලින්

an hour / a week / a year before / earlierඊට පැයකට / සතියකට / අවුරුද්දකට කලින්

She had written about it a week before. එයා ඊට සතියකට කලින් ඒ ගැන ලියල තිබුනා.
 
in two hours / months / years... පැය / මාස / අවුරුදු දෙකක් ඇතුළත 

The athlete ran a mile in five minutes. ක්‍රීඩකයා විනාඩි පහකින් හැතැම්මක් දිව්වා.

***මේ රටාවෙන්ම මෙවැනි කාල පරාස මින් ...කට පසුව අර්ථයෙන්ද යෙදෙනවා. ඒ ගැන Into the Future - අනාගතයගැන ලිපියේ දැක්වෙනවා.

එතකොට, අතීතය‍ට කියන්නේ the past කියලනේ.

We know nothing about his past. අපි එයාගෙ අතීතය ගැන මුකුත් දන්නෙ නැහැ.

We need not think too much about what happened in the past. අතීතයෙ සිද්ද උන දේවල් ගැන අපි ඕනැවට වඩා හිතන්න ඕනැ නැහැ. 

පහුගියාව ගැන මෙහෙම කියමනකුත් තියෙනවා:
Let bygones be bygones. ගියදේ ගියාවේ (පරණ ප්‍රශ්න /වැරදි අමතක කරමු).

මෙතන යෙදෙන bygone පදය ලිඛිත භාෂාවෙ භාවිතා වෙනවා පසු ගිය, ගෙවී ගිය  අර්ථයෙන්.

A bygone era ගෙවීගිය යුගයක්

හොඳයි, යටගියාව පිළිබඳව කතා කරද්දි අවශ්‍ය වෙන කරුණු කීපයක් ඒ. ඉතින් අතීතය ගැනම නොදොඩා, අනාගතය ගැනත් හිතන්න එපායැ. හැබැයි ඒ ගැන අපි වෙන දවසක බලමු. (Into the Future - අනාගතය ගැන ලිපිය බලන්න.)

6 comments:

  1. Iam sugath, I just read this post. Thank u sir

    ReplyDelete
  2. @Anonymous (Sugath)
    Happy to hear that these posts are still of use to someone.

    ReplyDelete
  3. Im shamila... These are vey impotant. Tks Sir

    ReplyDelete
  4. Glad to hear that it's still of use.

    ReplyDelete
  5. i'm Dilanka.
    i found this blog yesterday.
    This is very valuble to me.
    Keep doing this sir.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails