Saturday, January 16, 2010

Into the Future - අනාගතය ගැන

සේයාරුවට ස්තුතිය: benleto


මීට කලින් අපි අපේ වර්තමානය සහ අතීතය ගැන පොඩ්ඩක් කතා කළානේ. අද බලමු අනාගතය ගැන. අන්තිමට දැම්මට මේ ඉදිරි කාලයත් නොවැදගත් දෙයක් එහෙම නෙමෙයි. ඒත් ඉතින් මේ මොහොතත්, යටගියාවත් නැතිව අනාගතයට කෙලින්ම යන්න බැහැනේ, නේද?

හොඳයි, එහෙනම් බලමු ඉදිරිය ගැන ටිකක් හිතලා. මේ සම්බන්ධයෙන් එන යෙදුම්වලින් කිහිපයක් තමයි:

in a moment, in a second, in an instant…  තව මොහොතකින්, තව ඉතා සුළු වෙලාවකින්
in a (very) short time, in a little / short while…  තව සුළු වෙලාවකින් / කාලයකින්

The guests will be here in a moment. එන අය (අමුත්තෝ) විනාඩියකින් (ඉතා ඉක්මනින්) මෙතන ඉඳීවි.

I will call you back in a short while. ටික වෙලාවකින් මම ඔයාට ආපහු කතා (call) කරන්නම්.

in an hour / a  week / a month / five minutes / two years… තව පැයකින් / සතියකින් / මාසෙකින් / විනාඩි පහකින් / අවුරුදු දෙකකින්...

They will get there in about two hours. පැය දෙකකින් විතර ඒ ගොල්ලො එහාට යාවි.

The doctor will see you in a week. දෙස්තර මහත්තයා / නෝනා සතියකට පස්සේ ඔයාව බලයි.

They have to come back in a month. ඒ ගොල්ලන්ට මාසෙකට පස්සෙ ආයෙ එන්න වෙනවා.

Meet him in two hours. එයාව පැය දෙකකින් හම්බ වෙන්න.

***සැලකිය යුතු තවත් දෙයක් තමයි "යම් කාලයක් ඇතුළත" යන අර්ථයෙනුත් in යෙදෙන බව. මෙය ඇතැම් විට පටලැවිලිවලට තුඩු දිය හැකියි.

I can write that report in two hours. මට ඒ වාර්තාව පැය දෙකක් ඇතුළත ලියලා ඉවර කරන්න පුලුවන් / තව පැය දෙකකින් ලියන්න පටන් ගන්න පුලුවන්.

I can start / finish (writing) that report in two hours. ... තව පැය දෙකකින්  ලියන්න පටන් ගන්න / පැය දෙකක් ඇතුළත ලියලා ඉවර කරන්න...

tomorrow  හෙට, tomorrow morning, tomorrow afternoon, tomorrow evening, tomorrow night 
(දවසේ කොටස් ගැන අපි වර්තමානය ගැන බලද්දි අද යටතේ කතා කළානෙ.)

Make sure you do it tomorrow. හෙට ඒක අනිවාර්යෙන්ම කරන්න.

They are going to have a party tomorrow night. හෙට රෑ ඒ ගොල්ලන්ගෙ උත්සවයක් (පාටියක්) තියනවා.

next week / month / year... ලබන සතියේ / මාසේ / අවුරුද්දේ...
the day after tomorrow අනිද්දා, the week / month / year after next...ලබන සතියට පස්සෙ සතියෙ / ලබන මාසෙට පස්සෙ මාසෙ / ලබන අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ
then  එතකොට, on Monday (සඳුදා), on Sunday morning (ඉරිදා උදේ)

School begins next week. ලබන සතියෙ ඉස්කෝලෙ පටන් ගන්නවා.

My parents return the day after tomorrow. අනිද්දා මගෙ අම්මයි තාත්තයි ආපහු එනවා.

I’ll give you a call then. මම එතකොට ඔයාට කතා කරන්නම් (කෝල්   එකක් දෙන්නම්).

in / during the next two days / weeks / months... එන දවස් / සති / මාස දෙක තුළ...

A lot will happen in the next two weeks. එන සති දෙකේ ගොඩක් දේවල් සිද්ද වේවි.

for two days / weeks / years...  දවස් / සති / අවුරුදු දෙකකට...

They are going to Nuwara Eliya for four days. ඒ අය දවස් හතරකට නුවර එළියෙ යනවා.

later පස්සෙ වෙලාවක, පහු වෙලා

We can see to it later. අපට ඒ ගැන පස්සෙ බලන්න පුලුවන්. 

a short / little while later ඊට (තරමක) වෙලාවකට / කාලෙකට පස්සේ...
an hour later… ඊට පැයකට පස්සේ...

My friends are going home at 2.00. They’re leaving for Kandy an hour later. මගේ යාළුවො 2 ට ගෙදර යනවා. ඒ අය ඊට පැයකට පස්සෙ නුවර යන්න පිටත් වෙනවා.

then ඊට පස්සෙ

She will first finish her work. Then she’ll go home. එයා මුලින් එයාගේ වැඩ ඉවර කරයි. ඊට පස්සෙ ගෙදර යයි.

after a short/little while, after a short time ටික වෙලාවක් / කාලයක් ගතවී, after a while, after some time (තරමක) වෙලාවක් / කාලයක් ගතවී, after a long time, after quite a while දිග වෙලාවක් / කාලයක් ගතවී

after a week /a month / two years… සතියක් / මාසයක් / අවුරුදු දෙකක් ගතවී

They’ll leave, but come back after a while. ඒ අය යයි, ඒත් ටික කාලෙකින් ආපහු එයි.

sometime / some time [බ්‍රි] යම් වෙලාවක

We have to discuss this somtime. අපි වෙලාවක මේ ගැන සාකච්චා කරන්න ඕනැ.
anytime / any time [බ්‍රි], any moment කොයි මොහොතේ හෝ, ඕනැම වෙලාවක

The boss may come here any moment. ලොක්කා කොයි වෙලාවෙ මෙහෙ එයිද දන්නෙ නැහැ.

someday, some day [බ්‍රි], one day යම් දවසක

I want to visit that country someday / one day. මට දවසක ඒ රට බලන්න යන්න ඕනැ.

never කවදාවත් නැහැ

He will never go there again. එයා ආයෙ කවදාවත් එහෙ යන එකක් නැහැ.

අනාගතයට කියන්නේ the future කියලනේ. ඒක මෙන්න මෙහෙම යෙදෙනවා.

We should consider our future when making a decision like that. ඒ වගේ තීරණයක් ගනිද්දි අපට අපේ අනාගතය ගැන හිතන්න වෙනවා.

No one knows what will happen in the future. ඉස්සරහට මොනව වෙයිද කියල කව්රුවත් දන්නෙ නැහැ.

ඒත් අපි බලමු ඉස්සරහට තවත් ගොඩක් දේ ගැන කතා කරන්න.
We will try to discuss a lot more things in the future. 


8 comments:

  1. afterward(s) කියන වචනය මේ ලිපියට අදාලද..?

    ස්තූතියි

    ReplyDelete
  2. @LG

    "afterward(s)" පදය භාවිතා වෙනවා "කිසියම් සිද්ධියකට පස්සෙ" අර්ථයෙන්. මේක අනාගත, අතීත කාල දෙකේම යෙදෙනවා.

    Let's have dinner now and play cards afterwards.
    අපි දැන් (රෑ) කෑම කාලා, ඊට පස්සෙ කාඩ් ගහමු.

    They had a Pirith ceremony at their place last week, and there was an alms-giving afterwards.
    ගිය සතියෙ ඒ ගොල්ලන්ගෙ ගෙදර පිරිතක් කිව්වා, ඊට පස්සෙ දානෙකුත් තිබුනා.

    (මේ වචනය ‍බොහෝ වෙලාවට බ්‍රීතාන්‍ය ව්‍යවහාරයේ afterwards ලෙසත්, ඇමරිකානු භාවිතයේ afterward ලෙසත් යෙදෙනවා.)

    ReplyDelete
  3. අදත් කියෙව්ව...

    ReplyDelete
  4. @indik
    අහන්න සන්තෝසයි,මල්ලි.

    ReplyDelete
  5. I read this post today. Iam sugath. Thank u sir,

    ReplyDelete
  6. @Anonymous (Sugath)
    Glad to see that people are still making use of these posts.

    ReplyDelete
  7. mata nan mewa godak watinawa sir. Digatama liyanna- Dilanka

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails