Monday, December 12, 2016

To ‘Be’ or Not to ‘Be’ - පොඩි වුණාට වැඩ වැඩි ‘Be’ ක්‍රියා පදය


ඉංග්‍රීසි භාෂාවේ ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් ක්‍රියා පදයක් තමයි be’. නමුත් අපි ඊට වැඩිය දන්නේ මේ පදයේ වඩා බහුලව යෙදෙන අනෙකුත් ක්‍රියා රූප (verb forms). ඒවා විවිධ ආකාරයේ සර්වනාම (pronouns) හා නාම පද (nouns) සමග පහත ආකාරයට භාවිතා වෙනවා.

I am

He / She / It / The boy / Sunil...  is

We / You / They / The boys / Sunil and Mala... are

යම් කෙනෙක්/පිරිසක් හෝ දෙයක්/දේවල් යනු කවරෙක්ද/කුමක්ද යන්න දැක්වීමට මෙන්ම එහි/ඒවායේ හෝ ඔහුගේ/ඇයගේ/ඔවුන්ගේ නම ගම, පිහිටීම, ස්වභාවය, ගති ලක්ෂණ, මානසික තත්වයන් ආදී දේ දැක්වීමේදී මෙය භාවිතා වෙනවා.

She is a Sri Lankan. එයා ශ්‍රී ලාංකිකයෙක්.

He is Saman. එයා (එයගේ නම) සමන්.

Saman is from Knady. සමන් මහනුවර කෙනෙක්.

Nimali is at the bank now. නිමාලි දැන් ඉන්නේ බැංකුවේ.

The picture is beautiful. පින්තුරය ලස්සනයි.

Those people are angry. ඒ මිනිස්සුන්ට තරහා ගිහින්.

නිෂේධාර්ථය සඳහා කෙරෙන්නේ ඉන් පසුව ‘not’ යෙදීමයි. අවිධිමත් (informal) භාවිතයේ ඇතැම්වා කෙටි කර යෙදෙනවා.

am not

is not හෝ  isn’t [අවිධිමත්]

are not හෝ aren’t [අවිධිමත්]

They are not (aren’t) very kind. ඒ අය එච්චර කරුණාවන්ත නැහැ.

***වර්තමානයේ කරමින් සිටින ක්‍රියා සම්බන්ධව වෙනත් ක්‍රියා පද සමග උපකාරක ක්‍රියා පදයක් ලෙස be’ හි ස්වරූප යෙදෙන ආකාරය සඳහා They Play Cricket, but Are They Playing Cricket? – වර්තමාන ක්‍රියා ගැන ලිපිය බලන්න.

අතීත කාලයට එය යෙදෙන්නේ පහත ආකාරයටයි.

 I / He / She / It / The boy / Sunil...  was

We / You / They / The boys / Sunil and Mala... were

නිෂේධාර්ථය සඳහා:

was not හෝ wasn’t [අවිධිමත්]

were not හෝ weren’t [අවිධිමත්]

I was happy to hear that. ඒක අහලා මම සතුටු වුණා.

Nimali and Saman were not (weren’t) present. නිමලියි, සමනුයි එතන හිටියේ නැහැ.

***අතීතයේ කරමින් සිටි ක්‍රියා සම්බන්ධව වෙනත් ක්‍රියා පද සමග උපකාරක ක්‍රියා පදයක් ලෙස be’ හි ස්වරූප යෙදෙන ආකාරය සඳහා They Were Singing When They Came Here – අතීත කාල කීයක්ද? ලිපිය බලන්න.

***යමක්/යමෙක් යම් අවස්ථාවක කෙටිකාලීනව ක්‍රියා කරමින් සිටින/සිටි ආකාරය දැක්වීමට ‘am/is/are/was/were being’ රටාවත් ගැනෙනවා.

She was being foolish. එයා මෝඩ විදිහට වැඩ කරමින් හිටියා.
අනාගත කාලය සඳහා නම් සියළු පද සමග යොදා ගැනෙන්නේ ‘will be’ ලෙසයි. නිෂේධාර්ථය සඳහා ‘will not be’ හෝ ‘won’t be’ [අවිධිමත්] භාවිතා කෙරෙනවා.

I  will be there. මම එතන ඉන්නම්.

They will not (won’t) be punctual. ඒ අය වෙලාවට එන එකක් නැහැ.

***අනාගතයේ කරමින් සිටිනු ඇති ක්‍රියා සම්බන්ධව වෙනත් ක්‍රියා පද සමග be’ යෙදෙන ආකාරය ආකාරය සඳහා They Will Be Working – අනාගතයේ තවත් පැත්තක් ලිපිය බලන්න.

මීට අමතරව present perfect ලෙස යෙදෙන රටා පහත දැක්වෙනවා.

He / She / It / The boy / Sunil...  has been

I / We / You / They / The boys / Sunil and Mala... have been

නිෂේධාර්ථය සඳහා:

has not been හෝ hasn’t been [අවිධිමත්]

Have not been හෝ haven’t been [අවිධිමත්]

He has been in Europe. එයා යුරෝපයේ ඉඳලා තියනවා.

You have not been (haven’t been) careful. ඔයා පරෙස්සමින් වැඩ කරලා නැහැ.

***මේ present perfect (හා past perfect) භාවිතා වෙන ආකාර හා යම් කාලයක සිට කරමින් සිටින/සිටි ක්‍රියා සඳහා වෙනත් ක්‍රියා පද සමග be’ හි ස්වරූප යෙදෙන ආකාර ගැන You Have Always Liked It? – එහෙනම් තවමත් එහෙමයි හා The Prices Have GoneUp – අතීතයේ තවත් පැත්තක් ලිපි බලන්න.


***be’ හි තනිව යෙදෙන ‘is’, ‘were’ ආදී ස්වරූප නිශේධාර්ථයට හැරවීමේදී, ඉහතද සඳහන් ආකාරයට, ඒවාට ‘not’ එකතු කරන අතර, ප්‍රශ්නාර්ථය සඳහා ඒවා වාක්‍යයේ උක්තයට (subject) කලින් තැබෙනවා. (නිශේධාර්ථ හා ප්‍රශ්නාර්ථ පිළිබඳ වැඩි විස්තර Do You Speak English? ප්‍රශ්නගැන ලිපියේ දැක්වෙනවා.) 

She is not here. එයා මෙහෙ නැහැ.

Is she here? එයා මෙහෙ ඉන්නවද?

*** ‘There is/are…’ රටාව භාවිතය ගැනThere Is/Are… – මොකක්ද මේ? ලිපිය බලන්න.

*** ‘It is…’ රටාව භාවිතය ගැන It is… – එතකොට මේකෙ තේරුම? ලිපිය බලන්න


***ඉහතද සඳහන් පරිදි, be’ හි ස්වරූප අනෙකුත් ක්‍රියාපද සමග උපකාරක ක්‍රියා පදයක් ලෙස යෙදෙන ආකාර They Play Cricket, but Are They Playing Cricket? – වර්තමානක්‍රියා ගැන”, “They Were Singing When They Came Here – අතීත කාල කීයක්ද? ආදී ලිපිවල දැක්වෙනවා.

***Passive voice සඳහා be’ හි ස්වරූප යෙදෙන ආකාර ගැන Made in Sri Lanka – හැදුවෙ කව්රු වුණාම මොකද! ලිපිය බලන්න.

(Image credit: Aldaron)

2 comments:

  1. ඔබතුමාගෙ වෑයමට බොහොම ස්තූතියි. ඉස්සර වගේම ලියන්න හදවතින්ම සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන ස්තුති කරනවා. අළුතින් ලිපි එකතු නොවුණත් පහුගිය කාලෙත් පරණ ලිපිවලට ගොඩක් කරුණු එකතු කළා. මා පවත්වන පෞද්ගලික පංතිවල මතු වෙන අවශ්‍යතාත් පදනම් කරගෙන මෙම ලිපි විශාල සංඛ්‍යාවකට අමතර පැහැදිලි කිරීම් එකතු කරලා තියනවා.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails