Tuesday, August 14, 2012
Things to Be Done - කරන්න ඇති දේ
"කරන්න වැඩ ගොඩක් තියනවා."
"ලියන්න ලියුම් හතරක් තියනවා."
යම් ක්‍රියාවකට ලක් කළ යුතු දෙයක්/කෙනෙක් සම්බන්ධ මෙවැනි වාක්‍ය අපට එදිනෙදා ජීවිතයේ නිතර අවශ්‍ය වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් මේවා ඉංග්‍රීසියෙන් කියන්න, ලියන්නත් දැන ගන්න වෙනවා. ඉතින් මෙතනින් එහාට කියවන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද මේ ප්‍රකාශ ඉංග්‍රීසියට නගන්නේ කියලා.
හොඳයි එහෙනම් දැන් බලමු ඒ හිතපු විදිහ නිවැරදිද කියලා. මේවගේ දෙයක් දෙආකාරයකින් කියන්න පුළුවන්.
There is a lot of work to do. / There is a lot of work to be done.
There are four letters to write. / There are four letters to be written.
මෙයින් පළමු රටාවේ active voice ස්වරූපය ගන්නා ක්‍රියාවක් යෙදෙන විට, දෙවැන්නේ passive voice ස්වරූපයේ ක්‍රියාවක් යෙදී තිබෙනවා. ("කතෘ කාරක" හා "කර්ම කාරක" ලෙස සිංහලෙන් හැඳින්වෙන මේ "active voice" හා "passive voice" ගැන නැවත මතක කර ගැනීමට "Made in Sri Lanka - හැදුවෙ කව්රු වුණාම මොකද!" ලිපිය බලන්න.) මෙම ප්‍රකාශවල කියාවකට භාජනය වන දෙයක් ගැන සඳහන් වෙතත්, අර්ථයේ වෙනසක් නැතිව මෙහිදී මෙම රටා දෙකම භාවිතා කළ හැකියි.
***නමුත් හැම විටම මෙය මෙසේ නොවෙයි. ක්‍රියාව කරන්නා ගැන වැඩි අවධානයක් යොමු කරන අවස්ථාවල නම් බොහෝ විට ගැනෙන්නේ පළමු රටාවයි. එසේ නොමැතිව ක්‍රියාව හෝ ක්‍රියාවට ලක් වෙන දෙය/කෙනා ඉස්මතු කර දක්වන තැන්වල බොහෝ විට දෙවෙනි රටාව යෙදෙනවා.
I have a lot of work to do.
අපට කරන්න වැඩ ගොඩක් තියනවා.
She has four letters to write.
එයාට ලියන්න ලියුම් හතරක් තියනවා.
You have several people to contact.
ඔයා කතා කළ යුතු කීප දෙනෙක් ඉන්නවා.
Books to read
කියවීමට පොත් (ඔබට, මට, අපට හෝ වෙනත් කෙනෙකුට කියවීම සඳහා)
Books to be read
කියවිය යුතු පොත් (කියවිය යුතු බව හුවා දැක්වීමට)
She put all the bills to be paid in one file.
ගෙවන්න තියන බිල් ඔක්කොම එයා එක ෆයිල් එකකට දැම්මා..
We have to do something about the words to be learned.
ඉගෙන ගන්න තියන වචන ගැන අපි යමක් කරන්න ඕන.
The patients to be tested are in the other room.
පරීක්ෂණයට ලක් කළ යුතු ලෙඩ්ඩු ඉන්නේ අනිත් කාමරේ.
***මේ අනුව ක්‍රියාවට ලක් වෙන දෙය/කෙනා හා ක්‍රියාව අතර "be" ක්‍රියා රුපයක් (එනම් is, are, am, was, were...) ඇති පහත ආකාරයේ රටාවලත් ගැනෙන්නේ දෙවෙනි ස්වරූපයයි.
These letters are to be rewritten.
මේ ලියුම් නැවත ලිවිය යුතුයි.
Those clothes are to be washed.
ඒ ඇඳුම හෝදන්න තියෙන්නේ.
All his friends are to be invited.
එයාගේ යාළුවෝ ඔක්කොටම ආරාධනා කරන්නයි ඉන්නේ.
***මීට විරුද්ධව "blame" ක්‍රියා පදය මෙම රටාවේදීත් පළමු ස්වරූපය ගන්නවා. (එය සම්ප්‍රදායික ලෙස (idiomatically) එම අර්ථයෙන් එසේ යෙදෙනවා.)
My brother is to blame for this mess.
මේ අවුලට දොස් කියන්න ඕන මගේ මල්ලිට/අයියාට.
***එමෙන්ම "nothing" පදය සම්බන්ධ පහත රටාවල මෙම ස්වරූප අතර අර්ථයේ වෙනසක් දැකිය හැකි වෙනවා.
There was nothing to do; it was a boring weekend.
කරන්න කිසි දෙයක් තිබුනේ නැහැ, ඒක නීරස සති අන්තයක්.
There was nothing to be done; we had to pay the fine.
වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ, අපට දඩය ගෙවන්න වුණා.
***ක්‍රියාවකට බඳුන් වෙන දෙයක/කෙනෙක්ගේ එම ක්‍රියාවට සම්බන්ධ වූ ගුණයක් දැක්වෙන පහත සඳහන් ආකාරයේ වාක්‍යවල හැමවිටම යෙදෙන්නේ පළමු ස්වරූපයයි. (මෙම රටාවල එම අදාළ ගුණය දැක්වීමට "easy", "difficult", "hard", "interesting", "impossible" වැනි පද භාවිතා වෙනවා.)
This lesson is easy to understand.
මේ පාඩම තේරුම් ගන්න ලේසියි.
This lesson is difficult/hard to understand.
මේ පාඩම තේරුම් ගන්න අමාරුයි.
This lesson is impossible to understand.
මේ පාඩම තේරුම් ගන්න බැහැ.
That book is interesting to read.
ඒ පොත කියවන එක රසවත්.
What she said was hard to believe.
එයා කියපු දේ විශ්වාස කරන්න අමාරුයි.
That guy isn't so easy to please.
ඒ මිනිහව සතුටු කරන්න එච්චර ලේසි නැහැ.
That type of friend is hard to find.
ඒ වගේ යාළුවෙක් හොයා ගන්න අමාරුයි.
***ඉහත ඇතැම් ප්‍රකාශ පහත ආකාරයද ගත හැකියි.
It's a difficult lesson to understand.
ඒක තේරුම් ගන්න අමාරු පාඩමක්.
It's an interesting book to read.
ඒක කියවන්න රසවත් පොතක්.
(Image credit: heliosphan)
Subscribe to:
Post Comments (Atom)




