Thursday, June 14, 2012

Looking Forward to Doing Something? එහෙනම් බලන්න



ඉංග්‍රීසි භාෂාවෙ ඇතැම් ක්‍රියා පදවලට පසුව තවත් ක්‍රියා පදයක to-infinitive” ස්වරුපය (උදා: to go, to stop...) යම් අර්ථවල යෙදෙන ආකාරයත්, gerund” ස්වරුපය (උදා: going, stopping...) වෙනත් අර්ථවල යෙදෙන ආකාරයත්, අපි Don’t Forget to Read This- මේක කියවන්න අමතක කරන්න එපා ලිපියෙන් බැලුවා. 

එනමුත් සමහරක් ක්‍රියා පද පසුව එන ක්‍රියාවක් සමග මේ දෙආකාරයටම - අර්ථයේ වෙනසක් නැතිව - සම්බන්ධ දෙන බවත් එහි කියවුණා. යම් ක්‍රියා පද to-infinitive” ස්වරුපය සමග පමණක්ද, තවත්වා gerund” ස්වරුපය සමග පමණක්ද, සම්බන්ධ වෙන බවත් එහිදී දක්වනු ලැබුවා.

ක්‍රියා පදයකට පසුව “preposition” පදයක් (උදා: from, in...) යෙදෙන විට, ඉන් පසුව එන වෙනත් ක්‍රියා පදයක් “gerund” ස්වරූපයෙන් ගැණෙන බවත්, ඇතැම් විට to පදයට පසුව පවා “gerund” ස්වරූපය හමු වන බවත් එම ලිපියේ තව දුරටත් සඳහන් වුණා. 

ඉහත අන්තිමට සඳහන් කල අවස්ථාව - එනම් to පදයට පසුව “gerund” ස්වරූපය යෙදීම - අපේ ඇතැම් අයට පැටලිල්ලක් ඇති කරනවා පෙනෙනවා. ඊට හේතුව අපි සාමාන්‍යයෙන් to පදයට පසුව ක්‍රියා පදයක මූලික ස්වරුපය වන bare infinitive” ආකාරය (උදා: go, stop...) දැකීමට පුරුදුව සිටීම. මෙසේ to ට පසුව “gerund” ස්වරූපය එන තැන් කීපයක් සලකා බලමු.

1. look forward to

The children are looking forward to meeting you. ළමයි ඔයාව හම්බ වෙන්න බලාගෙන ඉන්නේ.

2. object to/be opposed to (oppose)

Many of my classmates objected to postponing the trip. පන්තියේ හුඟක් අය ගමන කල් දානවට විරුද්ධ වුණා. 

 The Principal is opposed to holding the carnival on school premises. පාසැල් භූමියේ සැණකෙළිය පවත්වනවට විදුහල්පතිතුමා විරුද්ධයි

3. be used to*/be accustomed to

I’m not used/accustomed to getting up so early. මට එච්චර උදේ නැගිටලා පුරුදු නැහැ.

* be used to’ හා used to’ අතර වෙනස සඳහා They Were Singing When They Came Here – අතීත කාල කීයක්ද?ලිපිය බලන්න. 

4. be addicted to

My brother is addicted to smoking. මගේ අයියා/මල්ලි දුම් බීමට ඇබ්බැහි වෙලා.

5. get around to 

I never got around to calling her yesterday. ඊයේ මට එයාට කෝල් කරන්න ඉස්පාසුවක් හම්බ වුණේම නැහැ (අනිත් වැඩ නිසා).

6. get back to

I was trying to get back to cleaning the house. මම ආයේ ගෙදර සුද්ද කරන්න පටන් ගන්න උත්සාහ කරමින් හිටියා.

7. in addition to 

In addition to handling customer complaints, she also manages the customer database. ගනුදෙනුකාරයන්ගේ චෝදනා බලනවට අමතරව, එයා ගනුදෙනුකාරයන් සම්බන්ධ තොරතුරු ගබඩාවත් 
පාලනය කරනවා.

8. be conducive to 

This environment is not very conducive to learning. මේ පරිසරය ඉගෙනීමට එච්චර උපකාරී වෙන්නේ නැහැ.

9. be dedicated to/be committed to** 

We’re dedicated/committed to developing this country. අපි මේ රට දියුණු කරන්න කැප වෙලා ඉන්නවා. 

**මෙම යෙදුම infinitive සමග භාවිතා කිරීම – එනම් ‘We’re committed to develop this country’ ආකාරයට – යම් අයගේ පිළිගැනීමට ලක් වී තිබුනත් ‘gerund’ ස්වරූපය භාවිතා කිරීම වඩා හොඳයි. 

10. be due to (මෙම යෙදුම infinitive සමග භාවිතා වෙනවා වෙනත් අර්ථයක් ඇතිව.)

His illness is due to smoking. එයාගේ අසනීපෙට හේතුව දුම් බීම.

The President is due to arrive at 9 a.m. ජනාධිපතිතුමා උදේ නවයට පැමිණීමට නියමිතයි.

11. be close to

We’re close to finishing the research. අපි පර්යේෂණය ඉවර කරන්න කිට්ටුයි.

12. be on the/my/their… way to (යම් ඉලක්කයක් වෙත ළඟා වෙමින් හා යමක් කිරීමට යන අතරමග යන අර්ථ දෙකේ ෙය යෙදෙන ආකාරය වෙනස් වෙනවා.)

She’s on her way to becoming a star. එයා තරුවක් වෙන්නයි යන්නේ.

She’s on her way to pick up the kids. එයා ළමයි එක්ක එන්න යන ගමන්.

13. resign oneself to

They resigned themselves to having to wait longer. හිතුවට වඩා වැඩි කාලයක් බලන් ඉන්න වෙනවට ඒ අය හිත හදා ගත්තා.

14. resort to

The country had to resort to importing rice. රටට සිද්ධ වුණා හාල් පිටරටින් ගේන්න තීරණය කරන්න (එය කරන්න හොඳ දෙයක් නොවෙතත්).

15. be limited to

Our task was limited to gathering data. අපේ කාර්යය දත්ත එකතු කිරීමට සීමා වුණා.

16. be an obstacle to

Inflation is an obstacle to achieving our targets. උද්ධමනය අපේ ඉලක්ක සපුරා ගන්න බාධාවක්.

17. put a stop to

That failure put a stop to boasting among friends. ඒ පරාජය යාළුවෝ අතරේ පුරසාරම් දෙඩීම නතර කළා.

18. say goodbye to

We may have to say goodbye to using polythene. අපට පොලිතීන් පාවිච්චියට ආයුබෝවන් කියන්න වෙන්න ඉඩ තියෙනවා.

14. be open to

They’re open to discussing this further. ඒ අය සූදානම් මේ ගැන තව දුර සාකච්ඡා කරන්න.

20. say yes/no to

Everybody said yes/no to discussing this further. මේ ගැන තව දුර සාකච්ඡා කරන්න හැමෝම කැමති/අකමැති වුණා

***මීට අමතරව, ආරම්භයේ සඳහන් කළ ලිපියේ නොමැති intend, attempt, can’t bear වැනි පදත් to-infinitive” හා gerund” ස්වරූප දෙකම සමග - අර්ථයේත් වෙනසක් නැතිව - යෙදෙන බව සැලකිය යුතුයි. 

My family intends to visit me next week. 
My family intends visiting me next week.
මගේ පවුලේ අය එන සතියේ මව බලන්න එන්න බලාපොරොත්තු වෙනවා.

The thief had attempted to enter the building. 
The thief had attempted entering the building.
හොරා ගොඩනැගිල්ලට ඇතුල් වෙන්න උත්සාහ කරලා තිබුණා.

She couldn’t bear to see her mother so weak. 
She couldn’t bear seeing her mother so weak.
එයාගේ අම්මා එච්චර දුර්වලව ඉන්නවා දැකලා එයාට ඉවසන්න බැරිව ගියා.

***එසේම, බහුලව භාවිතා වෙන feel like යෙදුමත් බලන්න.

Do you feel like going out? කොහෙහරි යන්න කැමතිද?

I feel like (taking) a walk. මට හිතයි ඇවිදින්න යන්න.

She felt like crying. එයාට අඬන්න හිතුනා (ඇඬෙන්න ආවා).

මේ feel like යෙදුම තවත් ආකාරයකට භාවිතා වන බවත් සැලකිය යුතුයි.

I felt like an outsider when most of the relatives ignored me. නෑදෑයෝ වැඩි දෙනෙක් මාව ගණන් නොගත්තම මම පිටස්තරයෙක් වගේ මට දැනුනා.

I felt like nobody wanted to talk to me. [අවිධිමත්] (I felt as if / as though nobody wanted to talk to me.) කාටවත් මාත් එක්ක කතා කරන්න ඕනැ නැහැ වගේ මට දැනුනා.
(මේ ආකාරයේ යෙදුම් ගැනI Wish I Knew! - මේ අතීතකාලයද? ලිපියත් බලන්න.)

(Image credit: ~suchitra~)






4 comments:

  1. මම ඉතාම උනන්දුවෙන් මෙම පාඩම් අධ්‍යයන කරමි.නොමිලේ මෙවන් සත්කාර සේවාවක් ලබාදීම ගැන හදපිරි සතුට පිරිනමමි.
    ආනන්ද

    ReplyDelete
  2. I'm addicted to reading this blog.

    ReplyDelete
    Replies
    1. I think I should be more committed to writing it regularly.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails