Sunday, June 17, 2012

Ingirisi Ebook (New Version)



මීට වසරකට පමණ පෙර, මෙම බ්ලොග් අඩවියේ එතෙක් පළ වුණ ලිපි එකතුවක් ලෙස IngirisiEbook ඉදිරිපත් කළා මතක ඇති. එවැනි එකතුවක් මෙසේ PDF ස්වරුපයෙන් ලබා දීම පිළිබඳව කීප දෙනෙකුගෙන් ලැබී තිබූ ඉල්ලීම් නිසා එසේ කළත්, එම පොතේ අඩුපාඩු බොහොමයක් තිබුනා.

ඒවා අතරින් පළමුවැන්න ලෙස මා දකින්නේ එහි අඩංගු වුණ ලිපි බ්ලොග් සටහනකට මිස පොතකට එතරම් නොගැලපෙන ලෙස ලියවී තිබීමයි. බ්ලොග් අඩවියේදී විවිධ අනෙකුත් වෙබ් පිටු සමග අවශ්‍ය පරිදි සබඳා තිබූ ලිපි, එම සබැඳිවලින් තොරව භාවිතා කිරීම සඳහා එතරම් උචිත වුණේ නැහැ. රූපවලින් තොරව, කළු සුදු පිටපතක් වශයෙන් තිබූ නිසා භාවිතයටත් එතරම් ප්‍රියජනක ස්වභාවයක් තිබුණේ නැහැ. පේළි අතර හා ඡේද අතර පරතරත් ඒකාකාරව තිබුණේ නැහැ.  

මේ අඩුපාඩු යම් තරමකින් හෝ අඩුකර ගැනීමට අදහසක් ඇති වුණා. මෙම ලිපි එකතුව ඊපොතක් ලෙස භාවිතයට මිස මුද්‍රණය කරණු ලබන පොතක් ලෙස සකස් කිරීම නිරර්ථක කාර්යයක් බව තීරණය කළා. ඒ අනුව පහත සඳහන් වෙනස්කම් ඇතිව වෙනම සංස්කරණයක් සකස් කළා.  

1. බ්ලොග් අඩවියේ මෙතෙක් ලියවී ඇති සියළු ලිපි එම අනුපිළිවෙලටම මෙහි අන්තර්ගතයි. (පොතකට නොගපැපේ යැයි සිතුන ඇතැම් ලිපි ගිය වතාවේ ඉවත් කළත්, මෙවර එවැනි උත්සාහයක් ගත්තේ නැහැ. ලිපි වෙනම කාණ්ඩවලට බෙදුවේත් නැහැ.)

2. බ්ලොග් ලිපිවල ඇති පින්තුර, වර්ණ ආදිය එලෙසම ඇතුළත් කර තියෙනවා. ලිපි පෙළ අවසානයේ - පසුගිය වතාවේ මෙන් - ශබ්ද රටා දක්වන IPA සංකේත පිළිබඳ Appendix 1 ද, ක්‍රියා පද වර නැගීම දක්වන Appendix 2 ද එකතුකර තිබෙනවා.  

3.
ලිපිවල තිබූ සියළු සබැඳි (links) මෙහිද යෙදී තිබෙනවා. නමුත් වෙනත් ඉංගිරිසි ලිපියක් සබඳා ඇති තැන්වලදී ඒවා අභ්‍යන්තර සබැඳි (internal links) ලෙස ක්‍රියාකර ඊපොතේ අදාළ තැනට යොමු කරනවා. බාහිර වෙබ් අඩවිවලට සබඳා ඇති තැන්වලදී පමණක් ඒවා අන්තර්ජාලය හරහා එම අදාළ වෙබ් පිටුව වෙත යොමු කරනවා. ඉංගිරිසි බ්ලොග් අඩවියේ menu bar කොටස හරහා යම් වෙබ් පිටුවකට පිවිසෙන ලෙස ඇතැම් ලිපිවල කියා ඇති තැන්වල, මෙහි ඊට පසු යොදා ඇති සලකුණ අදාළ වෙබ් පිටුවට කෙලින්ම සබඳා තියෙන නිසා ඒ සඳහා බ්ලොග් අඩවියට යාම අවශ්‍ය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඊපොතේ සෑම ලිපියකම මාතෘකාව බ්ලොග් අඩවියේ ඊට අනුරුප ලිපියට සබඳා ඇති නිසා යම් ගැටලුවක් ඇති කෙනෙකුට ඒ මගින් පහසුවෙන්ම එම බ්ලොග් පිටුවට ගොස් කොමෙන්ටුවක් මගින් එය ඉදිරිපත් කිරීමට හැකියි.

4.
මෙහි පටුනෙහි ඇති මාතෘකා අදාළ ලිපිවලට සබඳා තිබෙන නිසා ඒ මත කෙටීමෙන් කෙලින්ම අදාළ ලිපියට යා හැකියි. මෙම පටුනෙහි සබැඳි මෙන්ම, ඊපොතේ වම් තීරුවේ ඇති "Bookmarks" සහ ලිපිවල ඇති අභ්‍යන්තර සබැඳිද සකසා ඇත්තේ පිටුවල විශාලනය - එනම් zoom level - වෙනස් නොකරන ආකාරයට (Inherit Zoom) නිසා කියවීම වඩා පහසු වේ යැයි සිතනවා.

5.
ලිපිවල අභ්‍යන්තරයේ සිංහල සඳහා "Malithi Web" අක්ෂරද, ඉංග්‍රීසී සඳහා "Georgia" අක්ෂරද යොදා තිබෙන නිසාත්, පේළි සහ ඡේද අතර පරතර බොහෝ දුරට ඒකාකාරව සකස් කර ඇති නිසාත්, වඩා ප්‍රසන්න පෙනුමක් ලැබී ඇතැයි සිතනවා.

6.
ඉහත සියළු දේ නිසා ඊපොතේ විශාලත්වය නම් වැඩි වී තියෙනවා. 

***පොතට හැඳින්වීමක් සහ ලිපි වර්ගීකරණයක් පසුව එක කරනු ලැබුවා. (මෙම ලිපි වර්ගීකරණයේ ඇති ලිපි මාතෘකා මත කෙටීමෙන්ද අදාළ ලිපිවලට කෙලින්ම යා හැකියි.) එමෙන්ම මුල් පිටපතේ හරිහැටි ක්‍රියා නොකළ සබැඳි කීපයක්ද පසුව නිවැරදි ලෙස සකසනු ලැබුවා. ඉන් පසුව නව ලිපි කීපයක්ද එක් කෙරුණා. ඊටත් පසුව ඇති වුණ අදහසක් අනුව, Say It Out Loudබ්ලොග් අඩවියේ භාෂා පිළිබඳව ඉංග්‍රීසියෙන් ලියූ ලිපිද ඇතුළත් කළ නිසා මුළු වෙළුම Sujeewa’s Language Blogs” ලෙස නම් කළා (දැන් ඉංගිරිසි PLUS Ingirisi PLUS”).

එයින් ඉංගිරිසි ලිපි එකතුවට නම් කිසිම වෙනසක් වෙලා නැහැ - "Say It Out Loud!" ලිපි සබඳා ඇති තැන්වල එම සබැඳි අභ්‍යන්තර සබැඳි ලෙස ක්‍රියා කරනවා හැරෙන්නට. එකම පටුනක් යොදා ඇතත්, අළුතෙන් එකතු කළ ලිපි තිබෙන්නේ වෙනම කොටසක් ආකාරයට, වෙනම ලිපි අංකද සහිතවයි. හැඳින්වීම් සහ ලිපි වර්ගීකරණද ඇත්තේ වෙන් වෙන් වශයෙනුයි; කොටින්ම "2-in-1" පොතක් ආකාරයටයි.

PDF ස්වරූපයට අමතරව EPUB හා MOBI ස්වරූපයන්ගෙනුත් ඊපොත ලබා ගැනීමට දැන් හැකියාව තියෙනවා. තිරයට ගැලපෙන සේ වචන සකස් කිරීමේ හැකියාව, එනම් text reflow, වඩා හොඳින් ඇති EPUB හා MOBI විශේෂයෙන් කුඩා තිර සහිත ජංගම උපකරණවල කියවීම සඳහා PDF ට වඩා සුදුසු වෙනවා.

අඩුපාඩු තිබේ නම් කරුණාකර දැනුම් දෙන්න.

මෙතනින්  බාගන්න: ඉංගිරිසි PLUS Ingirisi PLUS


42 comments:

  1. ස්තුතියි! ලොකු වෙහෙසක් ගන්න ඇති...

    ReplyDelete
    Replies
    1. Word මගින් සංස්කරණය කළ නිසා තරමක් ලේසි වුණා.

      Delete
  2. බොහොම ස්තූතියි සුජීව සර් ..........

    ReplyDelete
    Replies
    1. කලින් පොතට වඩා ප්‍රයෝජනවත් වේවි කියා හිතනවා.

      Delete
  3. හොඳ වැඩක්. සුභ පතනවා.

    ReplyDelete
  4. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. වැඩේ ප්‍රයෝජනවත් නම් සතුටුයි.

      Delete
  5. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් වේවි කියා හිතනවා.

      Delete
  6. අම්මෝ ගොඩක් පින් මහත්මයා...වචනෙන් කියන්න බෑ ඒ ගැන...මේක සමාජ සත්කාරයක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීමට.

      Delete
  7. හැමදේම මුදල්මතම සිදුවෙන මෙවන් යුගයක මිලකල නොහැකි මෙවන් පාඩම් මාලාවක් නොමිලේම දීම ගැන ඔබට බොහෝම ස්තුතියි සර්

    ReplyDelete
  8. හැමදේම මුදල්මතම සිදුවෙන මෙවන් යුගයක මිලකල නොහැකි මෙවන් පාඩම් මාලාවක් නොමිලේම දීම ගැන ඔබට බොහෝම ස්තුතියි සර්

    ReplyDelete
    Replies
    1. මේක කරන අදහස මට ආවේ විකිපීඩියාව නිසා. එකේ මිලියන් ගණනක් ලිපි නොමිළේ ලියවිලා තියෙනවානේ. අපි ඒවායින් ප්‍රයෝජන ගන්නවා නම්, අපිත් ලෝකයට යමක් ලබා දිය යුතුයි කියලයි මම හිතන්නේ.

      Delete
  9. වටිනා උත්සහයක්. ස්තූතියි ඔබට!

    ReplyDelete
  10. කලින් පොතත් සෑහෙන කාලයක් මම භාවිතා කලා. මේ වෙනුවෙන් ගත් වෙහෙසට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කලින් පොතට වඩා මේක භාවිතා කිරීම ලේසි වෙයි කියලා හිතනවා.

      Delete
  11. බොහොම ස්තූතියි.. :)

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් නම් ඒක සතුටක්.

      Delete
  12. oba uthum adahas ethi manasin usas ayek...

    ReplyDelete
  13. අදයි මේක දැක්කේ. ඇත්තටම වටිනාකම කියල නිම කරන්න බැරි බ්ලොග් එකක් සහ පොතක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීමට.

      Delete
  14. බොහොම ස්තුතියි. ගොඩක් පිං.

    ReplyDelete
    Replies
    1. පොත ප්‍රයෝජනවත් නම් ඒක සතුටක්.

      Delete
  15. ඇත්තටම කොහොම ස්තූති කරන්නද කියන්න බෑ සර්.ඒ තරම් වැදගත් පොතක්.ඔබතුමාට ගොඩක් පිං.

    ReplyDelete
    Replies
    1. පොතෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් ඒක සතුටක්.

      Delete
  16. තෙරුවන් සරණයි!

    මේ යහපත් කාර්යය සිදුකරනා පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවයෙන් යුතුව සියලු යහපත උදාවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි.

      Delete
  17. සුපිරියි සර්...මම අද දැක්කේ..ඔයාලා වගේ සර් කෙනෙක් හිටියා නම් මං අද මෙහෙම web site ගානෙ බඩගාන්නෙ නෑ....

    ReplyDelete
  18. බොහොම ස්තුති ගොඩක් පින්

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් නම් එය සතුටක්.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails