Thursday, June 28, 2012

If You Saw Her, Why Didn't You Talk to Her? - ඇත්තෙන්ම දැකලද?



ඔයා එයාව දැක්කා නම් එයා එක්ක කතා කරන්න තිබුනා.

මේක ඉංග්‍රීසියෙන් කියන එක එච්චර අමාරු වෙන්න බැහැ, නේද? තව දුරටත් කියවන්න කලින් ප්‍රකාශය  ඉංග්‍රීසියෙන් කියන හැටි හිතන්න බලන්න. නමුත් මම කිව්වොත් මේක කියන්න දෙවිදිහක් තියනවා, ඒකෙන් අර්ථයට සුදුසු ආකාරය තෝරා ගන්න ඕනැ කියලා?

ඒකට හේතුවක් තියනවා. අපි අපේ මව් භාෂාවෙන් යමක් කියන්නේ ආභාෂයෙන්. කියන වාක්‍යයේ අවස්ථාවට අදාළ තේරුම අපට ඉබේටම දැනෙනවා. අහන කෙනාටත් එහෙමයි. දෙවෙනි භාෂාවක් ඉගෙන ගනිද්දී - විශේෂයෙන්ම භාෂා දෙක සිංහල සහ ඉංග්‍රීසි වගේ එකිනෙකට බොහෝ සේ වෙනස් ඒවා නම් - මව් භාෂාවෙන් කියන සමහර දේ අර්ථානුකුලව අනිත් භාෂාවෙන් කීමේ ගැටළු පැන නගිනවා. (දෙවෙනි භාෂා ආභාෂය හොඳින් ලැබුන පසුව නම් මෙය ඉතා පහසු වෙනවා.)

If you had seen her, you could have talked to her.
ඔයා එයාව දැක්කා නම් එයා එක්ක කතා කරන්න තිබුනා.
(ඔයා එයාව දැක්කේ නැහැ තමයි. එත් දැක්කා නම් එහෙම  ඔයාට එයා එක්ක කතා කරන්න පුළුවන් වෙනවා.)

If you saw her, you should have talked to her.
ඔයා එයාව දැක්කා නම් එයා එක්ක කතා කරන්න තිබුනා.
(ඔයා එයාව දැක්කා කියලා ඔයා කියනවා. එහෙම නම් එයා එක්ක කතා කරන්නනේ තිබුනේ.)

සිංහලෙන් එකම කියමන පසුබිම් දෙකකදී අර්ථ දෙකක් ගන්නවා. ඉංග්‍රීසියෙන් දෙආකාරයක ප්‍රකාශ යොදා ගන්න වෙනවා. මෙවැනි තැන් තවත් ඇතත් මම මේ ආකාරයේ කියමනක් ගත්තේ තවත් හේතුවක් ඇතුව. මේ වගේ, සිංහලෙන් ...නම් අර්ථය දෙන, ඉංග්‍රීසියේ if” පදය සහිත ප්‍රකාශ ගැන අපේ අයට පැටලිලි ගොඩක් තියනවා. ඒවාගේ විවිධ රටා ගැන If You Went to the Moon… -’if’ සහිත වැකි ගැන ලිපියේ විස්තරාත්මකව කතා කළා.

ඒ ලිපිය ඉතා දිග නිසා එය පසුව සංස්කරණය කර, වඩා ක්‍රමවත් ලෙස සකස් කර තියනවා. නමුත් එහි අන්තර්ගත ඇතැම් දේවල් ගැන නැවත කතා කරන්න වෙනවා.

බොහොමයක් පොත්වල උගන්වන්නේ if” පදය සහිත - conditional sentences නැමති - වාක්‍ය රටා 3 ක් ගැන. ඒවා ඉහත ලිපියෙත් මුලින්ම - CS1, CS2 හා CS3 ලෙස - හඳුන්වා දී තියනවා. (මේවා පිළිවෙලින් first conditional, second conditional හා third conditional යනුවෙන් ව්‍යාකරණයේ හඳුන්වන බවත් සමහර විට මතක ඇති.)

(CS1)  If you see her, you can talk to her.
ඔයා එයාව දැක්කොත් ඔයාට එයා එක්ක කතා කරන්න පුළුවන්.
(මෙය වීමට ඉඩ ඇතැයි අප සිතන විට මෙසේ කිව හැකියි.)

(CS2)  If you saw her, you could talk to her.
ඔයා එයාව දැක්කොත් නම් ඉතිං ඔයාට එයා එක්ක කතා කරන්න පුළුවන් වෙයි.
(මෙය වීමට එතරම් ඉඩ නැතැයි අප සිතන විට මෙසේ කිව හැකියි - if” පදය සහිත කොටසේ අතීත කාල ක්‍රියාවක් ඇතත්, ප්‍රකාශය අතීතය සම්බන්ධව නොවේ.)

(CS3) If you had seen her, you could have talked to her. ඔය එයාව දැක්කා නම් ඔයාට එයා එක්ක කතා කරන්න (අවස්ථාවක් ලැබෙන්න) තිබුනා. (නමුත් දැක්කේ නැති නිසා ඒ අවස්ථාව ලැබුනේ නැහැ.)

එසේ නමුත් එම ලිපියේ ඉන් පසුව සඳහන් කර තියන සමහර කරුණු ගැන අපේ රටේ අවබෝධය අඩුයි. මේ සම්බන්ධව මා වෙනත් තැනක ලියූ ලිපියක අඩංගු දේ වැරදියි කියාත් එහි ඇතැම් ප්‍රතිචාරවල අදහස් කෙරුණා. ඒ ගැනත්, ඊට දී ඇති පිළිතුරුත්, “If I Were You...හා If I Were You... IIලිපිවලින් බලන්න.

මම මෙතනදී මෙහෙම කියන්නම්. මුලික රටා 3 ක් තිබීමෙන් අදහස් වෙන්නේ නැහැ, අර්ථාන්විතව යෙදෙන වෙනත් රටා නොමැති බව. මුලදී ගත් පළමු වාක්‍යය, “If you had seen her, you could have talked to her”, ඉහත කී CS3 රටාවට අයත් වෙන බව පෙනෙනවා ඇති. නමුත් If you saw her, you should have talked to her” වාක්‍යය ඇතැම් අයට නුහුරු බවක් පෙන්වනවා ඇති. මෙහි If you saw her” කොටසෙන් අදහස් වෙන්නේ ඔබ ඈව දුටු බව සත්‍ය නම් වැන්නක්. If You Went to the Moon… -’if’ සහිත වැකි ගැන ලිපියෙත් පෙන්වා දී ඇති පරිදි, මෙවැනි අතීතයේ  යම් දෙයක් සිදු වුණාය යන්න සත්‍ය නම් අදහස ඇතිව if” කොටසේ යෙදෙන්නේ සාමාන්‍ය අතීත කාල ක්‍රියා පදයක්. (වාක්‍යයේ අනිත් කොටස අර්ථයට ගැලපෙන යම් රටාවක් ගත හැකියි.) මෙය CS2 රටාව සමග පටලවා නොගත යුතුයි.

මුලින් ගත් වාක්‍යවලට ආසන්න - නමුත් වෙනත් අර්ථ දෙන - තවත් if” සහිත ප්‍රකාශ කීපයක්ද බලමු.

If you see her, you blush.
ඔයා එයාව දැක්කොත් (දකින හැම විටම) ඔයාගේ මූණ රතු වෙනවා.
(යමක් සිදු වන හැම විටම සිදු වන තවත් දෙයක් දක්වන - zero conditional නමින්ද හැඳින්වෙන - මෙම රටාව ගැනත් ඉහත සබැඳි ලිපියේ කියවෙනවා)

If you see her every day, you are lucky.
ඔයා හැමදාම එයාව දකිනවා නම් (දකිනවා යයි ඔබ කියනදේ සත්‍ය නම්) ඔයා වාසනාවන්තයි.
(ඉහත සබැඳි ලිපියේත් දැක්වෙන පරිදි, CS1 රටාවේ if” කොටස සමග යෙදෙන අනිත් කොටස මෙසේ අර්ථාන්විත ලෙස වෙනස් වූ රටාවක් ගත හැකියි.)

If you see her tomorrow, you can talk to her.
ඔයා හෙට එයාව දැක්කොත් ඔයාට එයත් එක්ක කතා කරන්න පුළුවන්.
(අනාගතයේ වීමට ඉඩ ඇතැයි අප හිතන දෙයක් - CS1 රටාව)

If you saw her by any chance, you could talk to her.
ඔයා යම් විදිහකින් එයාව දැක්කොත් නම් ඔයාට එයත් එක්ක කතා කරන්න පුළුවන්.
(අනාගතයේ වීමට එතරම් ඉඩ නැතැයි අප සිතන දෙයක් - CS2 රටාව)

If you saw her, you blushed. (Whenever you saw her, you blushed.) ඔයා එයාව දැක්කොත් (දැක්ක හැම විටම) ඔයාගේ මූණ රතු වුණා. (යමක් සිදු වුණ හැම විටම සිදු වුණ තවත් දෙයක් මෙම රටාවෙන් දැක්වෙනවා.)

If you saw her that day, you were lucky.
ඔයා එදා එයාව දැක්කා නම් (දැක්කා යයි ඔබ කියනදේ සත්‍ය නම්) ඔයා වාසනාවන්තයි.

If you saw her that day, why didn’t you talk to her?
ඔයා එදා එයාව දැක්කා නම් (දැක්කා යයි ඔබ කියනදේ සත්‍ය නම්) ඇයි එයා එක්ක කතා නොකළේ?

If you saw her that day, you would have married her. 
ඔයා එදා එයාව දැක්කා නම් (දැක්කා යයි ඔබ කියනදේ සත්‍ය නම්) ඔයා එයාව බඳිනවා.
(ඔබ එදා ඇයව දැක්කයි කියා ඔබ කියන දේ සත්‍ය නම් එසේ දැකත් ඇයව නොබැඳ සිටීම විමතියක්.)

If you had seen her that day, you would have married her.
ඔයා එදා එයාව දැක්කා නම් (එහෙම) ඔයා එයාව බඳිනවා.
(නමුත් දැක්කේ නැති බව දන්නා දෙයක්; එම නිසා ඔබ ඇයව බැඳලත් නැහැ - CS3 රටාව)

If you had seen her that day, you would be married to her now.
ඔයා එදා එයාව දැක්කා නම් (එහෙම) ඔයා එයාව මෙලහකට බැඳලා.
(කලින් වාක්‍යයේ අර්ථයට ආසන්න වුණත්, මෙහි married” යන තත්වය වර්තමානයට අදාළ නිසා මෙසේ යෙදෙනවා - සබැඳි ලිපිවල සඳහන් mixed conditional ගණයේ වාක්‍යයක්)

If you were not so shy, you would have talked to her that day.
ඔයා ඔය තරම් ලජ්ජාකාරයෙක් නොවුණා නම් (එහෙම) එදා එයා එක්ක කතා කරනවා.
(ලජ්ජාකාරයෙක් වීම අතීතයේ පමණක් නොව වර්තමානයේද එසේම නම් මෙසේ යෙදෙනවා - සබැඳි ලිපිවල සඳහන් mixed conditional ගණයේ තවත් ආකාරයක වාක්‍යයක්)

If you have talked to her before, she will recognize you at the meeting tomorrow.
ඔයා එයා එක්ක කලින් කතා කරලා තියනවා නම් (කතා කර ඇතැයි ඔබ කියන දේ සත්‍ය නම්) එයා ඔයාව හෙට රැස්වීමේදී අඳුනගනීවි(නේ).

If you had talked to her before, she would recognize you at the meeting tomorrow.
*
ඔයා එයා එක්ක කලින් කතා කරලා තිබුනා නම් එහෙම එයා ඔයාව හෙට රැස්වීමේදී අඳුන ගන්න තිබුනා. (නමුත් කලින් කතා කර නැති නිසා අඳුනගන්න ඉඩක් නැහැ.)
(වාක්‍යයේ if” පදය සහිත කොටස අතීතයට සම්බන්ධ නමුත්, අනිත් කොටස අනාගතයට සම්බන්ධ නිසා මෙසේ යෙදෙනවා - සබැඳි ලිපිවල සඳහන් mixed conditional ගණයේ තවත් වාක්‍යයක්)

*ඇතැම්  අය මෙවැන්නක් If you had talked to her before, she would have recognized you at the meeting tomorrow” ආකාරයෙන් CS3 රටාවෙන්ම කියනවා. නමුත් කලින් රටාව වඩා බහුලයි.

If you liked the earlier article, why didn’t you leave a comment?
ඔයා කලින් ලිපිය හොඳයි කියලා හිතුවා නම් ඇයි ප්‍රතිචාරයක් නොදැම්මේ?
(ඔබ ඒ ලිපිය හොඳයි කියා සිතූ බව සත්‍ය නම් ප්‍රතිචාරයක් නොදැමීම විමතියක්.)

If you had liked the earlier article, you would have left a comment.
ඔයා කලින් ලිපිය හොඳයි කියලා හිතුවා නම් (එහෙම) ප්‍රතිචාරයක් දානවා.
(ප්‍රතිචාරයක් නොදැම්ම නිසා එය හොඳයි කියා හිතුවේ නැති බව පැහැදිලියි.)

තවත්  විස්තර සඳහා If She Found Out About it... සහ If You Heard His Remark... ලිපිත් බලන්න.

(Image credit: Hadleygrass is asparagus)

10 comments:

  1. Good post .i ll will come read this post..gud luck

    ReplyDelete
  2. අනගි ලිපියක්..ඉතාම පැහැදිලි ලෙස ලියා තිබෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, පැහැදිලි බව අහන්න ලැබීම සතුටක්.

      Delete
  3. ඔය තැන් වලදි if පදය තියෙන කොටසෙදි කාලය ගැන අදහසක් හැංගිලා තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක දකින හැටි හැම උදාහරණයකම විස්තර කරලා තියනවා. කලින් ලිපියත් කියවලා, අපැහැදිලි තැනක් තියනවා නම් අහන්න.

      Delete
  4. අද පාඩම නම් ටිකක් අමාරුයි.... ආයෙත් කියවන්නම වෙනවා....

    ReplyDelete
    Replies
    1. පැටලිලි ගොඩක් තියන තැනක් නිසා ටිකක් අමාරු ඇති.

      Delete
  5. කාලයට ගැලපෙන්නට කවුරුත් වරද්දන ස්කෝර් වචනය හා කෝර් වචනය ගැන යමක් ලියන්න

    ReplyDelete
    Replies
    1. මේ දෙකෙන් "score" වචනය "ලකුණු, ජයග්‍රහණයක්‌... වැන්නක් ලබා ගන්නවා" හෝ "එසේ ලබා ගත් ලකුණු... ආදියේ මුළු ගණන" වැනි අර්ථ ඇතුව සාමාන්‍ය භාවිතයේ යෙදෙනවා.

      The score of the match stood at 150. (තරඟයේ ලකුණු ගණන එක සිය පනහේ තිබුනා.)

      They scored three victories. (ඒ අය ජයග්‍රහණ තුනක් අත් කර ගත්තා.)

      නමුත් "core" පදයෙන් අදහස් වෙන්නේ "යමක මධ්‍ය කොටස" හෝ "යමක හදවත වැනි වූ කොටස; එහි සාරය" වැනි දේ.

      The core of the Earth is very hot. (පෘතුවියේ මධ්‍යයේ උෂ්ණත්වය ඉතා ඉහලයි.)

      You should get the core skills of the job. (ඔයා රස්සාවට අදාළ වැදගත්ම් දක්ෂතා ටික ලබා ගන්න ඕනැ.)

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails