Sunday, June 5, 2011

That Made Me See Red - වමේ පක්ෂ ගැනද?


ඉංග්‍රීසියේ තියනවා විවිධ පාට ආශ්‍රයෙන් හැදුන සාම්ප්‍රදායික යෙදුම් (idioms) ගණනාවක්. ඒවා වැඩිපුරම හමු වෙන්නේ තරමක් අවිධිමත් (informal) භාවිතවල. මේවායින් සමහරක තේරුම යම් තරමකින් හෝ අනුමාන කළ හැකි වුණත් තවත් සමහරක් නම් එහෙමත් කරන්න අමාරුයි. රතු වර්ණය සම්බන්ධ වෙන එවැනි අවස්ථා කීපයක් ගැන අපි මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

රතු පාටින් වාමාංශික දේශපාලන පක්ෂ හා මතවාද නියෝජනය වෙන බව අපි කව්රුත් දන්නවනේ. ඒ නිසා ඊට පරිබාහිර යෙදුම් සලකා බලමු.

1. see red

මෙහි "see red" යන්නෙන් අදහස් කෙරෙන්නේ "තදින් තරහ යනවා"  යන්නයි.

That made me see red. ඒක මාව හොඳටම තරහ ගැස්සුවා. / ඒකෙන් මට යකා නැග්ගා.

2. like a red rag to a bull

මෙයින් අදහස් වෙන්නේ "යමෙක්ව තදින් තරහ ගස්සන කාරනයක්" යන්නයි.

Don't talk about the boss when Kamal is there; it'll be like a red rag to a bull.  නිමල් ඉන්න තැන ලොක්කා ගැන කතා කරන්න එපා; එයාට යකා නගීවි.

***මෙය ඇමරිකානු ව්‍යවහාරයේ සාමාන්‍යයෙන් යෙදෙන්නේ "like waving a red flag in front of a bull" යනුවෙනුයි.

3. in the red

බැංකු ගිනුමක්, ව්‍යාපාරයක් වැන්නක් ණය වී ඇති බව දැක්වීමට මෙසේ කියනවා.

My bank account is Rs. 50,000 in the red. මගේ බැංකු ගිනුම රු. 50,000ක්  ණය වෙලා (ඒ කියන්නෙ overdraft එකක්).

***ගිණුමක් වැන්නක් ණය නොවී හොඳ තත්වයක පවතින බව දැක්වීමට "in the black" යොදා ගැනෙනවා.

4. red carpet

යමෙක්ව ඉතා ඉහළින් පිළිගැනීම දැක්වීමට මෙම යෙදුම උපයෝගි කර ගැනෙනවා.

They brought out the red carpet for him. / They gave him the red carpet treatment. ඒ අය එයාව ගොඩක් ඉහළින් (ගරු සරු ඇතුව) පිළිගත්තා.

5.  catch (someone) red-handed

වැරැද්දක් කරමින් සිටිද්දී යමෙක්ව අල්ලා ගැනීම දැක්වීමට මෙය යොදා ගැනෙනවා.

That guy had been stealing money from the office for some time when he was caught red-handed by his boss one day. එක දවසක් එයාගෙ ලොක්කාට අතටම අහුවෙනකොට මිනිහා (ඒ වෙන තෙක්) සෑහෙන කාලයක් තිස්සෙ ඔෆිස් එකෙන් සල්ලි හොරකම් කරලා තිබුනා.

6. red alert

ලොකු අවදානමක් පිළිබඳ අනතුරු හැඳවීමක් හෝ සූදානමින් සිටීමක් සඳහා යෙදෙනවා.

The government has issued a red alert about the spread of dengue in certain areas. සමහර පළාත්වල ඩෙංගු (ඩෙංගි) උණ පැතිරීම ගැන ආණ්ඩුවෙන් ප්‍රබල අනතුරු හැඳවීමක් කරලා තියනවා.

The police have been put on red alert due to a bomb threat. බෝම්බ පිපිරීමේ අවදානමක් නිසා පොලීසිය දැඩි සූදානමකින් තියලා තියනවා.

7. red herring

අවධානය අදාළ මාතෘකාවෙන් වෙන අතකට යොමු කරන දෙයක් මෙසේ හැඳින්වෙනවා.

When we were about to reach a final conclusion, he threw a red herring into the discussion. අපි අවසාන නිගමනයකට එන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි එයා සාකච්ඡාවට අදාළ නැති කතාවක් පටන් ගත්තා.

8. red-letter day

ඉතා වැදගත දිනයක් හැඳින්වීමට මෙම යෙදුම ප්‍රයෝජනයට ගැනෙනවා.

Today is a red-letter day for our school as our team has won the national championship. අපේ කණ්ඩායම ජාතික ශූරතාවය දිනලා තියන නිසා අද අපේ පාසැලට රන් අකුරෙන් ලියවෙන දවසක්.

9. red in the face / red as a beetroot [BrE] / red as a beet [AmE]

මුහුණ රතු වීම / බීට්රූට් අලයක් මෙන් රතු වීම ගැන කතා කරන මෙම යෙදුම් මගින් යමෙක් තදින් කෝපයට හෝ ලැජ්ජාවට පත්වීම ප්‍රකාශ කෙරෙනවා.

When she saw what had happened, she went red in the face / went red as a beetroot [BrE] / went red as a beet [AmE].

වෙලා තිබුන දේ දැකලා එයාගේ මූණ ලැජ්ජාවෙන්/තරහින් රතු උනා.

10. red-hot

අධිතප්ත තත්වයක් සාමාන්‍යයෙන් දක්වන මෙම යෙදුම, ඇතැම් ඉතා ප්‍රබල හැඟීම් මෙන්ම ඉතා උණුසුම් හෝ ජනප්‍රිය මාතෘකාවන් සම්බන්ධයෙනුත් ගැනෙනවා.

His red-hot anger was visible. එයාගෙ අධික තරහා පේන්නම තිබුනා.

That proposal was a red-hot issue in the past few weeks. ඒ යෝජනාව පහුගිය සති කීපයේ ඉතා උණුසුම් මාතෘකාවක් උනා.

She is a red-hot favourite[BrE]/favorite[AmE] in the contest. එයා තරඟෙ දිනයි කියලා ගොඩක්ම අය හිතන කෙනෙක්.

11. red-eye

ඡායාරූපවල ඉන්නා අයගේ ඇස් "ෆ්ලෑෂ්" එළිය නිසා ඇතැම් විට රතු වී පෙනීම බොහෝ විට දක්වන මෙම යෙදුම රාත්‍රි කාලයේ ගුවන් ගමනක් හැඳින්වීමටත් - විශේෂයෙන් ඇමරිකානු ව්‍යවහාරයේ - යොදා ගැනෙනවා.

This will reduce the red-eye effect in the picture. මෙයින් පිංතූරයෙ ඉන්න අයගෙ ඇස් රතු වෙලා පෙනීම අඩු කෙරෙනවා.

They took the red-eye to New York. ඒ අය රෑ ගුවන් ගමනකින් නිව් යෝක්වලට ගියා

12.  red tape

වැඩ කටයුතු ප්‍රමාද කරන අනවශ්‍ය නීති රීති, රෙගුලාසි ආදිය මෙසේ හැඳින්වෙනවා.

We had to deal with a lot of red tape when registering the new car. අළුත් කාරෙක ලියා පදිංචි කරද්දි අපට ගොඩක් තේරුමක් නැති රෙගුලාසිවලට මූණ දෙන්න උනා.

13. red light

මෙය සාමාන්‍යයෙන් වාහන නැවතුම් සංඥා එළි දැක්වීමට යොදා ගැනෙන නමුත්, "red-light district" ලෙස හැඳින්නේ නම් නගරයක ගණිකාවන් ගැවසෙන ප්‍රදේශයයි.

The bus stopped at a red light. බස් එක රතු මාර්ග සංඥා එළියක් ළඟ නැවැත්තුවා.

You'd better avoid the red-light district. ගණිකාවන් ඉන්න පැත්ත මග අරිනවා නම් හොඳයි.

14. red cent

මෙම යෙදුම ඇමරිකානු භාවිතයේ නිෂේධාර්ථයෙන් (නැත යන අර්ථයෙන්) යෙදෙනවා කිසිම මුදලක් නොලැබුන බව දැක්වීමට.

I didn't get a red cent from them. ඒ ගොල්ලන්ගෙන් මට සතයක්වත් හම්බ උනේ නැහැ.

කොල පාට ගැන යෙදුම් කීපයක් ගැන "Is it time to go green?" ලිපිය කියවන්න.


(Image credit: paparutzi)

27 comments:

  1. නියම ලිපියක් සුජීව . ..

    හරිම වැදගත් . .

    විශේෂයෙන් එදිනෙදා ජීවිතයේ කාර්‍යාලයේදී කතාබහ කරද්දී ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    වැඩේ තියෙන්නේ මේවා මතක තියාගෙන ඉන්න එක තමයි . .

    අර ස්කෝලේ යන කාලේ පාඩම්කරද්දී වගේ ෂෝර්ට් නෝට් එකක් විදිහට කොපි පේස්ට් කරලා තියාගත්තනම් ලේසි වෙයි කියලා හිතෙනවා.

    කමක් නෑනේ කොපි කලාට??

    යාලුවන්ටත් බලන්න එක්ක මූනු පොතේ ෂෙයාර් කරන්න ඕන . .

    ස්තූතියි බොහෝම . .

    ReplyDelete
  2. @දුකා
    කැමති විදිහකට ප්‍රයෝජනයට ගත්තට කමක් නැහැ. දිගටම අපිත් එක්ක ඉන්නවට ස්තුතියි.

    ReplyDelete
  3. thank you very much.

    ReplyDelete
  4. so useful, Sujeewa..thanks a ton!

    ReplyDelete
  5. ඇත්තෙන්ම අපි හැමෝම එකතුවෙලා අගය කළ යුතු බ්ලොග් එකක් .බොහෝම ස්තූතියි..!

    ReplyDelete
  6. @udara, Dee & සිතිජ
    Thanks to all of you for your kind comments.

    ReplyDelete
  7. ස්තුතියි. පන්ති කට් කර කර ඉඳලා අදයි ආවෙ කාලෙකට පස්සෙ.

    ReplyDelete
  8. @දුකා:
    ඔව් මතක තියාගන්න එක තමයි අමාරුම වැඩේ. ඒකට කරන්න තියෙන්නෙ පුළුවන් තරම් මේව වාක්‍යවල පාවිච්චි කරන එක. මං කරන්නෙ මේව යොදාගෙන පුළුවන් තරම් වාක්‍ය ලියනවා. ලියල පොඩි text file වල වගේ සේව් කරල තියනවා. පස්සෙ ආයිත් බලන කොට ටික ටික මතක තියෙනවා. වැඩිය ඉංග්‍රීසි කතා කෙරෙන්නෙත් නැත්නම් ඉතින් කරන්න වෙන්නෙ එහෙම වැඩක් තමයි.
    Each day Sujeewa writes a new post is a red-letter day for us. :)

    ReplyDelete
  9. @පහන්
    වැඩි දෙයක් ලියන්නත් බැරි උනා හැබැයි පහු ගිය ටිකේ.

    ReplyDelete
  10. @Thameera
    If it's so, I'm sorry that such days have been few and far between recently.

    ReplyDelete
  11. මඟ ඇරුනු lesson ටිකත් සේරම බැලුවා.මෙ දවස් වල course එකකුත් follow කරනවා.කරුමෙ කියන්නෙ මතක හිටින්නෙ නැති එකනෙ.අපිනම් ඉතින් අපේ සර්ගෙ යාව ජීව සාමාජිකයොනෙ.

    ReplyDelete
  12. @dinesh
    භාෂාව මතක හිටින්න නම් භාවිතා කරන්න ඕනැ. ඉගෙන ගන්න දේවල් යාළුවො කීප දෙනෙක් එකතු කරගෙන පුළුවන් තරම් පාවිච්චියට ගන්න බලන්න.

    ReplyDelete
  13. ඒ කියන්නෙ ප්‍රධාන වශයෙන් අනතුරක්, අපහසුතාවයක් වගේ එකක් තමයි red එක්ක සම්බන්ධ නේද?

    තව තියෙනව නේද blue වලටත් මෙහෙම්මම යෙදුම්? අර mltr ලගෙ blue night, තව when the stars go blue සින්දු වලත් තියෙන්නේ...

    ReplyDelete
  14. @hare :-)
    ඔවි, සෑහෙන දුරට එහෙම තමයි. ඒත් red carpet, red-letter day වගේ තැන්වල නම් එයින් පෙන්වන්නේ වැදගත්කම වගේ ගූණයක්.

    අනිත් පාට සම්බන්ධවත් යෙදුම් තියනවා. ඒවා ගැනත් ඉදිරියට බලමු. (කොල පාට ගැන යෙදුම් කීපයක් නම් සබඳලා තියන ඉංග්‍රීසි ලිපියෙත් ඇති.)

    ReplyDelete
  15. සුජීව සර් , මගේ ගෙවල් පැත්තෙත් ඇවිත් ගිහින් තිබ්බ. බොහෝම ස්තූතියි සර්...

    ReplyDelete
  16. @සොඳුරු සිත
    කලාත්මක ලිපි ටිකක් කියවන්න ලැබුනා.

    ReplyDelete
  17. @thameera . .
    thankooo hode . . .

    ReplyDelete
  18. ගොඩක් වටින ලිපියක්, මම ටිකයි දැනගන හිටියෙ. ස්තූතියි...

    ReplyDelete
  19. @Saranga Rathnayake
    ස්තුතියි දිගටම අපිත් එක්ක ඉන්නවට.

    ReplyDelete
  20. Have You Ever Been Rejected? ප්‍රතික්ෂේප වීම් ගැන

    ලිපිය ප්‍රතික්ෂේප වෙලා ද?

    ReplyDelete
  21. @සොඳුරු සිත
    නැහැ, මේ ලිපිය තවම ලියන්න පටන් ගත්තා විතරයි. වැරදිලා 'publish' එක වැදුනා, ඒකයි මේ. ක්ෂණිකවම වාගේ ඒක අයින් කළාට හරි ගිහින් නැහැ වගේ. කොහොමද දැන ගත්තේ කියන්න පුළුවන්ද?

    ReplyDelete
  22. @ Sujeewa
    ඔබතුමාගේ බ්ලොග් එකට එන්න , මම මගේ බ්ලොග් එකෙන් පාරක් හදල තියනවා... ( මගේ බ්ලොග් එකේ බ්ලොග් රීඩර් එකට ල මම ඉංගිරිසි Ingirisi බ්ලොග් එකේ ලින්ක් එක ඇඩ් තරල තියනවා) ඉතින් , බ්ලොග් එකේ අලුතින් ලිපියක් පබ්ලිෂ් වුන ගමන් මගේ බ්ලෝග් එකේ දාලා තියන ඉංගිරිසි Ingirisi බ්ලොග් එක අප්ඩේට් වෙනවා..මම ඒක දිගේ මෙහෙ එනවා.

    ඒත් අද එනකොට එහෙම පිටුවක් නැහැ කියල පෙන්නුවා. ඒ කියන්නේ සර් ඒ ලිපිය අයින් කරල...ඒ බව අහලයි මම ඉහත කමෙන්ට් එක ලීවේ.

    ReplyDelete
  23. @සොඳුරු සිත
    ස්තුතියි එහෙම ඇතුළත් කරල තියනවට. අත් වැරැද්ද ගැන කණගාටුයි. මේ ලිපිය අද කොහොම හරි පල කරන්න උත්සාහ කරනවා.

    ReplyDelete
  24. @ Sujeewa
    Thank you very much Sir,waiting to read your valuable post.


    Pdf පොතත් ඩවුන්ලෝඩ් කර ගත්තා... ගොඩාක් ස්තූතියි..ප්‍රින්ට් කරලා ගන්නයි හිතාන ඉන්නේ.

    දැනුම් සම්බාරයක් ලාබු දුන්නාට තුති.

    ReplyDelete
  25. මමත් ආවේ ඒ ලිපිය බලන්න . . හරි එහෙනම් හීමීට පාඩුවේ ඒක දාන්නකෝ

    ReplyDelete
  26. @සොඳුරු සිත
    ගොඩක් විස්තර ලබා දුන්නට ස්තුතියි. පොත ප්‍රයෝජනවත් කියලා අහන්න සංතෝසයි. ඔන්න අලුත් ලිපියත් එකතු කළා.

    ReplyDelete
  27. @දුකා
    ඔන්න එකතු කළා ඒකත්. කණගාටුයි උදේ වුණ අත්වැරැද්දට.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails