Friday, June 17, 2011

How About the English Medium Now? ඉංග්‍රීසි මාධ්‍යයට බහිමුද?


සමහර විට මේ බ්ලොග් අඩවිය කියවන ඇතැම් අය දන්නවා ඇති භාෂා ව්‍යවහාරය ගැන ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන්න ගත්ත 'Say It Out Loud!' බ්ලොග් සටහන ගැන. එය මම ලියන්න හිතුවේ කාරණා කීපයක් මත.

ඉන් එකක් තමයි භාෂා අධ්‍යයනයේ යම් අවස්ථාවක එම භාෂාව තුළින්ම එය ඉගෙනීමට අපට අවතීර්ණ වීමට සිදු වීම. ගොඩ ඉඳන් පීනන්න ඉගෙන ගන්න බැහැ වගේම බසකට ප්‍රවිෂ්ට නොවී එය හොඳින් ඉගෙනීමත් කරන්න අපහසුයි. ආරම්භයේදි කෙසේ වෙතත් සෑහෙන දුරකට භාෂාව හදාරගෙන යද්දි මේ තත්වය අනිවාර්යයෙන්ම උදා වෙනවා.

සාමාන්‍යයෙන් ලංකාවේ වැඩි දෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නේ, එය නැතිව බැරි නිසා, යාන්තම් ජාම් බේර ගන්න - එහෙම නැති නම් ටිකක් නයා දාන්න - කියලායි මගේ නම් අවබෝධය. නමුත් මේ බ්ලොග් අඩවිය කියවන අය බොහෝ දෙනෙකුගේ අරමුණ ඊට වෙනස්, මම හිතන්නේ. මෙහි දකුණු පැත්තේ තියෙන අදයස් විමසුමට සහභාගි වුණ අයගෙන් තුනෙන් දෙකක්ම කියා තිබෙන්නේ තමන්ගේ අරමුණ ඉහළම තලයේ භාෂා දැනුමක් ලබා ගැනීම බවයි. ඉතින් ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් යමක් ඉගෙනීමට හුරු වීම වැදගත් වෙනවා (සමහර විට ඔබ එය දැනටමත් කරනවා ඇති).

අනිත් අතට ඒ අඩවියේ අනුගමනය කරන්න හිතා ගත්තේ තරමක් වෙනස් ශෛලියක්. 'ඉංගිරිසි'හි මෙන් යම්  මාතෘකාවක් ගැන අග මුල සියල්ල කතා නොකර, එක් දෙයක් ගැන කෙටියෙන් - නමුත් උදාහරණ ඇතිව - සාකච්ඡා කිරීම එහිදී කෙරෙනවා. ඒ නිසා තේරුම් ගැනීමේ අපහසුවක් එතරම් ඇති නොවෙනු ඇතැයි සිතනවා.

ඊට අමතරව කලකට ඉහතදී ආරම්භ කළ 'Ingirisi Google Group' පිටුව ඉංග්‍රීසි බස ගැන සාමාජිකයන්ට ඇති විවිධ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා වෙන් වුණත්, එය භාවිතය ක්‍රමයෙන් හීන වී ගිය ආකාරයක් පෙනෙනවා. සාකච්ඡා කිරීමට ගැටළුවක් නැති කෙනෙකුට වුණත් එහි පිවිසුනොත් ඉංග්‍රීසි අධ්‍යයනය සඳහා  වැදගත් වෙන සබැඳි රාශියක් විවිධ මාතෘකා යටතේ හමු වේවි. උදාහරණයක් වශයෙන් පසු ගිය වසරේ ඉතා ජනප්‍රිය වුණ බටහිර නවකතා සමූහයක් බාගත හැකි සබැඳියක් එහි නොබෝදා ඇතුළත් කෙරුනා. ඒ පැත්තෙත් පොඩ්ඩක් ගිහිල්ලා බලමුද?

'Ingirisi Facebook Group' එකක් පටන් ගත්තොත් භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීමට වැදගත්, ප්‍රයෝජනවත් සබැඳි ආදිය පහසුවෙන් ඉදිරිපත් කරන්න හැකියි කියලා කෙනෙක් කිව්වා. මේ ගැන ඔබේ අදහස් මොනවාද?

11 comments:

  1. Facebook එකේ Group එකක් හදනවනම් ඒක ගොඩක් පහසුයි.

    ReplyDelete
  2. @Tharindu Edirisinghe
    මමත් හිතුවෙ එහෙම තමයි. ඒත් අනිත් අයගෙ එච්චර උනන්දුවක් නැහැ වගේ පේන නිසා වැඩේ අල්ලලා දාමු නේද?

    ReplyDelete
  3. ඇත්තටම facebook group එකක් හදනවනම් ගොඩක් හොඳයි තමා.මේ දවස් වල class එකකටත් join වෙලා ඉන්නෙ.සුජීව සර්ගෙ ලිපි එකතුවත් මාර වැදගත් මෙ දවස් වල.

    ReplyDelete
  4. @dinesh

    හදන්න නම් මමත් කැමතියි. ඒත් ගණ පූරණය ඉන්න එපායැ.

    (මේ දවස්වල class එකකට යනවා කියලා තිබුන නිසා එකක් කියන්නම්: හොඳට හොයල බලලා යන 'class' තෝර ගන්න. අද අහම්බෙන් ගම්පහ නගරයේ එක්තරා ඉංග්‍රීසි පංතියක් ළඟින් යද්දි ඇහුන දෙයක් නිසායි මෙහෙම කියන්න හිතුනේ. එහි ගුරුවරයා 'ඔහු උඩ තට්ටුවේ' යන්න ඉංග්‍රීසියට හැරෙව්වේ 'He is at upstairs' වශයෙනුයි; එය කීප වතාවක්ම එසේ කියනු ඇසුනා. ඉතින් මෙවැනි සරල වාක්‍ය පවා නිවැරදිව නොදන්නා ගුරුන්ගෙන් ඉගෙන ගන්නා අයට දෙයියන්ගෙම පිහිට තමා.)

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. sir, ඔහු ඇඳේ නිදාගෙන හිටිය කිව්වොත් , he was slept "on the bed" ද හරි , he was slept "in the bed" ද හරි.

    ReplyDelete
  7. @dinesh

    හොඳ ප්‍රශ්නයක්. ඉංග්‍රීසියේ 'on the bed' යන්න යෙදෙන්නේ ඇඳේ නිදා ගනිද්දී නෙමෙයි, වෙනත් අර්ථවලයි.

    He sat on the bed.

    The children were jumping up and down on the bed.

    There was a book on the bed.

    ඇ‍ඳේ නිදා ගැනීමේදී බොහෝ විට ගැනෙන්නේ 'in bed' යන යෙදුමයි.

    She is in bed. ඇය ඇඳේ (නිදි හෝ නිදා ගන්න සූදානමෙන්).

    She is asleep in bed. ඇය ඇඳේ නිදි.

    She is sleeping in bed. ඇය ඇඳේ නිදි.

    මේ වෙනුවට 'in the bed' යෙදෙනවා නිදා ගන්නේ යම් ඇඳක (අහවල් ඇඳේ) යන්න දැක්වීමට.

    He was asleep in the bed in his room.

    ***'He was asleep' හෝ 'He was sleeping' මිස 'He was sleep' කියා යෙදෙන්නේත් නැහැ.

    ReplyDelete
  8. @dinesh
    මම කලින් උත්තර දුන්නේ ඔයා දැන් ඉවත් කර තියන මුල් සටහනටයි. කෙසේ වෙතත් ප්‍රශ්නයට උත්තර ලැබී ඇතැයි සිතනවා. නමුත් 'sleep' පදය භාවිතය ගැන යමක් කියන්න තියෙනවා. එය ක්‍රියා පදයක්. ඒ නිසා අදාළ තැනට සුදුසු ලෙස 'He was sleeping' හෝ 'He slept' කියා මිස 'He was slept' කියා යෙදෙන්නේ නැහැ.

    ***ක්‍රියා පදවල අතීත කාල භාවිතය ගැන වැඩි විස්තර සඳහා 'They Were Singing When They Came Here - අතීත කාල කීයක්ද?'(http://ingirisi.blogspot.com/2010/01/they-were-singing-when-they-came-here.html) ලිපිය බලන්න.

    ReplyDelete
  9. Facebook group එකක් හදන වැඩේ නම් නියමයි. Google group එකට වඩා ජනප්‍රිය වේවි. ඒක ඊමේල් යවනවට වඩා ලේසිත් එක්කනෙ.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails