Wednesday, June 8, 2011

Have You Ever Been Rejected? ප්‍රතික්ෂේප වීම් ගැන


පිළිගැනීම වගේම ප්‍රතික්ෂේප වීමත් ජීවිතයේ අංගයක් බව අපි දන්නවා. එය එසේ බාර ගැනීම නම් ටිකක් අපහසු බව වෙනම කාරනයක්. කොහොම නමුත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් විධි ගොඩක් තිවෙනවනේ. ඉංග්‍රීසි භාෂාවේ මේ විවිධ ආකාර දක්වන පද කීපයක් තියෙනවා. කිට්ටුවෙන් යන අර්ථ තිබුනත් ඒ හැම එකක්ම එක වගේම නෙමෙයි පාවිච්චි වෙන්නේ.

1. reject

ඉතා බහුලව හමු වෙන මේ වචනය භාවිතා කෙරෙන්නේ ප්‍රදානය කරනු ලබන හෝ ඉදිරිපත් කරනු ලබන දෙයක්/කෙනෙක් නුසුදුසු ලෙස සලකා ප්‍රතික්ෂේප කෙරෙන විටයි (මෙය ප්‍රබල පිටු දැකීමක්).

The publisher rejected his book. ප්‍රකාශකයා එයාගෙ පොත ප්‍රතික්ෂේප කළා.

The report was rejected by the government.  වාර්තාව රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

The customer rejected his offer.ගනුදෙනුකරුවා එයා ඉදිරිපත් කළ මිළ පිළිගත්තෙ නැහැ.

Their son has been rejected by all the schools they applied to. ඒ අය අයදුම් කළ ඉස්කෝල ඔක්කොම එයාලගෙ පුතාව බාර ගන්න බැහැ කියලා.

He offered to marry her, but she rejected him. ඔහු ඇයව බඳින්න කැමැත්ත ප්‍රකාශ කළා, ඒත් ඇය ඔහුට අකමැති වුණා.

Organ transplants are sometimes rejected by the body. බද්ධ කරන අවයව සමහර වෙලාවට ශරීරය විසින් ප්‍රතික්ෂේප කරනවා.

2. refuse

මේ වචනය පාවිච්චි වෙන්නේ ඉල්ලීමක්, ඉල්ලූ දෙයක්, ආරාධනයක් හෝ ප්‍රදානය කරනු ලබන දෙයක් තම අකමැත්ත හෝ වෙනත් යම් හේතුවක් නිසා ප්‍රතික්ෂේප කෙරෙන විටයි (මෙය බොහෝ විට 'reject' මෙන්ම ප්‍රබල පිටු දැකීමක් නොවෙයි).

My sister refused to come with me. මගෙ අක්තා/නංගි මාත් එක්ක එන්න බැහැ කිව්වා.

The minister refused to comment on the matter. ඇමතිතුමා කාරණය ගැන ප්‍රකාශයක් කරන්න ප්‍රතික්ෂේප කෙරුවා.

They politely refused our invitation. ඒ අය අපේ ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කළා.

He has refused every job offered to him. එයා එයාට ලබුන හැම රස්සාවක්ම ප්‍රතික්ෂේප කරලා.

He offered me a lift[BrE]/ride[AmE], but I refused. එයා මට එයාගෙ වාහනේ යන්න කතා කළා, ඒත් මම බැහැ කිව්වා.

The businessman flatly refused the newspaper's request for an interview. ව්‍යාපාරිකයා සම්මුඛ සාකච්ඡාවක් සඳහා පුවත්පතින් කළ ඉල්ලීම කෙළින්ම ප්‍රතික්ෂේප කළා.

Our request has been refused. අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා.

Permission has been refused. අවසර ලබා දීම ප්‍රතික්ෂේප වෙලා.

The embassy refused her a visa. තානාපති කාර්යාලය එයාට වීසා දීම ප්‍රතික්ෂේප කලා.

***මෙහි යෙදෙන 'refuse' ක්‍රියා පදය ශබ්ද කරන්නේ /rɪˈfjuːz/ ලෙසයි. ඒ ආකාරයෙන්ම ලියවෙන - එහෙත් refjuːs/ˈ ලෙස ශබ්ද වෙන - නාම පදයක් විධිමත් (formal) ව්‍යවහාරයේ තිබෙනවා 'කසළ' යන අර්ථය ඇති. (උච්චාරණ රටා සබඳා ඇකි වෙබ් පිටුවට ගොස් අදාළ උච්චාරණයට සවන් දිය හැකියි.)
 
3. decline

ආචාරශීලීව ආරාධනයක් හෝ ප්‍රදානය කරනු ලබන දෙයක් ප්‍රතික්ෂේප කිරීම දැක්වීමට මෙම පදය ගැනෙනවා (මෙහි බොහෝ විට 'refuse'ට වඩා ආචාරශීලීබවක් ගැබ්වී තියෙනවා) . 

The minister declined (refused) to comment on the matter. (ඉහත 2 ලෙස)

They politely declined (refused) our invitation. (ඉහත 2 ලෙස)

He has declined (refused) every job offered to him. (ඉහත 2 ලෙස)

He offered me a lift[BrE]/ride[AmE], but I declined (refused). (ඉහත 2 ලෙස)

***මෙම 'decline' පදයේ වෙනත් අර්ථත් තියෙනවා. එය 'අඩු වෙනවා/අඩු වීම' හා 'බෑවුම් වෙනවා/බෑවුම' යන අර්ථ ඇතිව ක්‍රියා පදයක් මෙන්ම නාම පදයක් ලෙසත් භාවිතා වෙනවා. ඒ අර්ථ මෙතනට නම් අදාළ නැහැ.

4.  deny

යමක් අසත්‍යයයි කියා ප්‍රතික්ෂේප කිරීමකදී මෙය යොදා ගැනෙනවා. එසේම ඉල්ලීමක් හෝ ඉල්ලූ දෙයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමක් සඳහා විධිමත් (formal) ව්‍යවහාරයේ යෙදෙනවා.

The man denied any involvement in the robbery. / The man denied that he had been involved in the robbery in any manner. මිනිහා තමා හොරකමට කිසි සම්බන්ධයක් නැහැයි කිව්වා.

Nobody can deny these facts. කාටවත් බැහැ මේ කරුණු බොරුයි කියන්න.


The government denied the report. රජය වාර්තාව අසත්‍යයයි කිවුවා.

The accused denied murdering his wife. / The accused denied that he had murdered his wife. චූදිතයා තම බිරිඳව මැරුවේ නැහැයි කිව්වා. 

She denied knowledge of the incident. එයා සිද්ධිය ගැන දන්නේ නැහැයි කිව්වා (ඒ ගැන ඇයට දැනුමක් නැහැයි කිවිවා).

Our request has been denied (refused). (ඉහත 2 ලෙස) 

Permission has been denied (refused). (ඉහත 2 ලෙස)

The embassy denied (refused) her a visa.  (ඉහත 2 ලෙස)

5. turn down

මෙම යෙදුම පාවිච්චි වෙන්නේ ප්‍රදානය කරනු ලබන හෝ ඉදිරිපත් කරනු ලබන දෙයක්/කෙනෙක් - එසේ නැති නම් ආරාධනයක් -  ප්‍රතික්ෂේප කෙරෙන අවස්ථාවලයි (මෙය 'reject' වෙනුවට යෙදෙන විට ඒ මගින් ප්‍රකාශයේ සැර තරමක් බාල කෙරෙනවා).

The publisher turned down (rejected) his book. (ඉහත 1 ලෙස)

The customer turned down (rejected) his offer. (ඉහත 1 ලෙස)

Their son has been turned down (rejected) by all the schools they applied to. (ඉහත 1 ලෙස) 

He offered to marry her, but she turned him down (rejected). (ඉහත 1 ලෙස)

They politely turned down (refused/declined) our invitation. (ඉහත 2 ලෙස)

He has tuned down (refused/declined) every job offered to him. (ඉහත 2 ලෙස)

So I hope you haven't simply rejected/turned down this post; or even politely refused/declined to read it. Anyway you don't have to deny it if you really did so. Bye for now.


(Image credit: Seabamirum)

8 comments:

  1. I decline to comment on this post. ;)

    ReplyDelete
  2. @Thameera
    Nobody can deny you the right to do so.

    ReplyDelete
  3. My sister refused to come with me. කියන එක My sister rejected coming with me. කියල කියන්න පුළුවන්ද?

    ReplyDelete
  4. @hare :-)

    @hare :-)

    එහෙම කිව්වම අදහස ට්කක් වෙනස් වෙනවා.

    My sister refused to come with me. මගෙ අක්තා/නංගි මාත් එක්ක එන්න බැහැ කිව්වා (එයා එන්න ආසාවක් නැති නිසා හෝ වෙනත් වැඩක් ඇති නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා).

    My sister rejected coming with me. මගෙ අක්තා/නංගි මාත් එක්ක ඒමෙ අදහස ප්‍රතික්ෂේප කළා (එසේ එන අදහස හෝ යෝජනාව නුසුදුසු යයි සිතන නිසා).

    මේ 'reject' පදයේදී පුතික්ෂේප කරන්නා අදාළ දෙය පහත් හෝ නුසුදුසු ලෙස සලකන බවක් ගැබිවෙලා තියෙනවා. මෙතන 'refuse' කරන්නේත් ඇතැම් විට එය කිරීම නුසුදුසු කියා හිතන නිසා වෙන්නත් හැකියි. නමුත් 'reject'හිදී එම අදහසට තමා විරුද්ධ බව ඉතා ප්‍රබලව කියවෙනවා.

    ReplyDelete
  5. ඒ කියන්නෙ ඔය ගෑණු ළමයි 'ඊයා' කියල reject කරනව වගේ එකක් නේ :D reject කලා කියන්නෙ ඒ ගැන කිසිම පැහැදීමක් නෑ...

    ReplyDelete
  6. @hare :-)
    හරියටම හරි.

    ReplyDelete
  7. ස්තූතියි සර් . .. ගොඩක් දෙයක් ඉගෙන ගත්තා . . ඔෆීසියේ ලිපි වලට මේ වචන යොදන හැටි ගැන අදහසකුත් ගත්තා. ස්තූතියි බොහෝම

    ReplyDelete
  8. @දුකා
    ලිපිය ප්‍රයෝජනවත් බව අහන්න සතුටුයි.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails