Tuesday, August 10, 2010

Want to Learn English on the Internet? - යම් තරමකට




ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත් වෙන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලයේ තියනවා. භාෂාවක් ඉගෙන ගෙන තමන්ගෙ භාවිතයට ගැනීම මේවා මගින්ම කළ හැක්කක් නොවන නමුත්, ඉගෙන ගන්න අයට සෑහෙන පිටුබලයක් නම් ඒ ආශ්‍රයෙන් ලබා ගත හැකි බවට සැකයක් නැහැ.

එකම ගැටළුවකට තියෙන්නෙ මේ බොහොමයක් ඉංග්‍රීසි භාෂාවෙන්ම (හෝ ලෝකයේ වෙනත් ප්‍රමුඛ භාෂාවලින්) ලියවෙන ඒවා වීම නිසා ඒවායින් ප්‍රයෝජනයක් ගැනීමට ඉංග්‍රීසියෙන් යමක් කියවා තේරුම් ගැනීමට යම් හැකියාවක් තිබීම අවශ්‍ය වීම. නමුත් මෙයට ප්‍රමාණවත් දැනුමක් ඇති අය බොහොම දෙනෙක් අපි අතර සිටින නිසා මේ ආකාරයේ වෙබ් අඩවි කීපයක් සලකා බලමු.


මෙය ඉංග්‍රීසි ඉගෙන ගන්නන්ට ඉතා ප්‍රයෝජනවත් විය හැකි වෙබ් අඩවියක්. BBC ආයතනය මගින් පළ කෙරෙන ප්‍රවෘත්ති වාර්තා ආශ්‍රයෙන් ඊට අදාළ වචන, වාක්‍ය රටා, ඒවාගේ උච්චාරණය ආදිය හඳුනා ගැනීමට මේ තුළින් අවස්ථාව සැලසෙනවා. අන්තර් ජාලයේ ‍බොහෝ විට ඇමරිකානු ඉංග්‍රීසිය හමු වුණත් මෙහි බ්‍රිතාන්‍ය නැඹුරුවක් සහිත ඉංග්‍රීසි භාෂාව ඉදිරිපත් කෙරෙනවා.


මාතෘකාවෙන්ම පෙනෙන පරිදි, ඉංග්‍රීසි ලිවීමේදී - සහ කතා කිරීමේදීත් - වැදගත් වෙන යම් යම් කරුණු ගැන පැහැදිලි කෙරෙන බ්ලොග් අඩවියක් මෙය. සෑම ලිපියක්ම කියවීමට මෙන්ම සවන් දීමටද හැකියාව තියෙනවා. ‍බොහෝ විට ඇමරිකානු රටාවට මෙහි භාෂාව ඉදිරිපත් කෙරෙනවා.


නමින්ම පැහැදිලි ආකාරයට ඉංග්‍රීසි ව‍්‍යවහාරය‍ට අදාළ කරුණු මෙහි දිනපතාම සාකච්ඡා කෙරෙනවා. ඇමරිකානු මෙන්ම බ්‍රිතාන්‍ය ව්‍යවහාරයටද අවධානය යොමු කෙරෙනවා.


අද ලෝකයේ ඉංග්‍රීසි භාෂාව ඉතා ව්‍යාප්තව පාවිච්චි වෙන නිසා එහි භාවිතයේ විවිධ වෙනස්කම් පැන නැගිලා තියෙනවා. මෙයින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු රටාවල ආභාෂය, අඩු වැඩි වශයෙන්, අපට ඇතුළුව අනෙකුත් සියල්ලන්ටම බල පානවා. ඒ දෙරටාව අතර ඇති වෙනස්කම් පිළිබඳව මෙහි විස්තර කෙරෙනවා‍. (මේ දෙරටාව හා ශ්‍රී ලාංකික ව්‍යවහාරය අතර ඇති වෙනස්නම් පැහැදිලි කිරීමට ඉංගිරිසි බ්ලොග් අඩවිය උචිත අවස්ථාවල උත්සාහ කරන බව ඔබ දන්නවා.)


YouTube channel එකක් වශයෙන් ඇති මෙහි ඉංග්‍රීසි භාෂාව දෙවන බසක් ලෙස ඉගෙන ගන්නන්ට වැදගත් වෙන නොයෙකුත් කරුණු වීඩියෝ මාර්ගයෙන් විස්තර කෙරෙනවා. මෙහි භාෂාව ඉදිරිපත් කෙරෙන්නේ ඇමරිකානු රටාවටයි.


සාමාන්‍ය ජීවිතයේ විවිධ අවස්ථා උපයෝගී කර ගනිමින් වීඩියෝ මාර්ගයෙන් නොයෙකුත් භාෂා රටා විවිධ මට්ටම්වලට උචිත ලෙස මෙහි ඉදිරිපත් කෙරෙනවා.


අනෙකුත් භාෂාවලින් ලද ආභාෂයෙන් පෝෂණය වී ඇති නිසා ඉංග්‍රීසි භාෂාවේ වචන අති මහත් සංඛ්‍යාවක් තිබෙනවා. ඒ සියල්ල ඉගෙනීම කළ හැක්කක් - හෝ කළ යුත්තක් - නොවුණත්, ඒවායින් භාවිතයට වැදගත්, ප්‍ර‍යෝජනවත් පද දැන සිටීම වාසි දායක වෙනවා. භාෂා හැකියාවේ විවිධ මට්ටම්වලට (කුඩා දරුවන්ට පවා) අදාළ වචන විනෝදාත්මක ක්‍රීඩා මගින් මෙම අඩවියේ ඉගෙනීමට අවස්ථා‍ව ලබා දෙනවා.


නොදන්න ඉංග්‍රීසි වචනයක් හමු වුණාම එහි තේරුම, උච්චාරණය (බ්‍රිතාන්‍ය හා ඇමරිකානු දෙආකාරයටම සවන් දිය හැකියි), භාවිතය, ඒවා සහිත විශේෂ යෙදුම්, ඊට යම් ආකාරයකින් සමාන වෙනත් වචන - එසේම අවශ්‍ය නම් වෙනත් භාෂාවලින් අර්ථය - මෙම අඩවියෙන් ලබා දෙනවා.

එමෙන්ම OxfordAdvanced Learner's Dictionary, Cambridge DictionariesOnline වැනි වෙබ් අඩවි වචනවල බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු භාවිතය වඩාත් හොඳින්, උදාහරණ සහිතව, පැහැදිලි කරන අතර ඒවායේ උච්චාරණයට බ්‍රිතාන්‍ය හා ඇමරිකානු දෙආකාරයටම සවන් දිය හැකි වෙනවා. වචන හා සම්බන්ධ යෙදුම්වල අර්ථය හා භාවිතයද දක්වා තිබෙනවා. The Longman Dictionary of ContemporaryEnglish වෙබ් අඩවියේ නම් උදාහරණ ලෙස ඇති වාක්‍යවල උච්චාරණයට පවා සවන් දීමට අවකාශ තියෙනවා.

Dictionary.com, Merriam-Webster Online ආදියත් එවැනි වෙබ් අඩවි වෙන අතර ඒවායේ ‍බොහෝ විට සවන් දිය හැක්කේ ඇමරිකානු උච්චාරණයටයි.

විකිපීඩියාවට සම්බන්ධ Wiktionary නම් භාෂා අතර සම්බන්ධතාද ලබා දෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙ හමු වෙනවා ඉංග්‍රීසි වගේම වෙනත් භාෂාවලින් එන විවිධ නම් ගම්. එම නිසා ඒවාගේ උච්චාරණය ඇතැම් විට ගැටළු සහගත වෙනවා. එම උච්චාරණයන් මෙන්ම ඒ නම් ගම් ගැන කෙටි විස්තරද මෙහි දැක්වෙනවා.

Forvo වෙබ් අඩවිය විවිධ නම් හා අනෙකුත් වචන විවිධ භාෂාවල උච්චාරණය කෙරෙන ආකාරය එම භාෂා කතා කරන්නන්ගේ හඬින් ඉදිරිපත් කරනවා.

10. The Phrase Finder

අනෙකුත් භාෂාවල වගේම ඉංග්‍රීසියෙත් තියනවා වචනවල සාමාන්‍ය අර්ථවලින් තේරුම් ගන්න බැරි සාම්ප්‍රදායික යෙදුම්. මෙම වෙබ් අඩවියේ එවැනි වාක්‍ය ඛණ්ඩ (phrases), සාම්ප්‍රදායික යෙදුම් (idioms), ප්‍රස්ථා පිරුළු (proverbs) ආදියේ අර්ථ හා ඒවායේ පසුබිම පිළිබඳ විස්තර සොයා ගත හැකියි.
(මෙවැනි දේ ගැන තරමක් දුරට ඉහත 8 කොටසේ ඇති අඩවිවලිනුත් සොයා ගත හැකියි.)

Your Dictionary තවත් මෙවැනි වෙබ් අඩවියක්.

Urban Dictionary වෙබ් අඩවියේ සම්මත ව්‍යවහාරයට එක් වී නැති යෙදුම් දැක්වෙනවා. (මෙහි ඇති ඇතැම් යෙදුම් ඉතා ග්‍රාම්‍ය හෝ අසභ්‍ය ඒවා විය හැකියි. ව්‍යවහාර මට්ටම සඳහන් වීම අඩු නිසා මෙම අඩවියේ එන යෙදුම් පාවිච්චියට ගැනීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුයි.)

11. LingQ

විවිධ භාෂා හැකියා මට්ටම්වලට සුදුසු ලෙස වර්ග කර ඇති පාඩම් ආශ්‍රයෙන් කියවීම හා සවන් දීම ප්‍රගුණ කිරීමට මෙම වෙබ් අඩවියේ පහසුකම් සලසා තියනවා. නොදන්නා වචනවල තේරුම සරල ඉංග්‍රීසියෙන් බලා ගැනීමටද හැකියි. (Learn EnglishFree Online - පොඩ්ඩක් මහන්සි වෙන්නනම් වෙයි ලිපියත් බලන්න.)



මේ වෙබ් අඩවිය දින දෙකකට වරක් කාලීන පුවතක් සම්බන්ධ ලිපියක් සරල කරන ලද ආකාර කිහිපයකින් (ඇතැම්වා 0, 1, 2, 3 යන ඉතාම සරල ආකාරවලිනුත්, අනෙක්වා 4, 5, 6 යන ඊට තරමක් සංකීර්ණ ආකාරවලිනුත්) ඉදිරිපත් කරනවා. ඒවාට බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු උච්චාරණයෙන් සවන් දීමටද හැකියි. ඊට අමතරව සැම ලිපියක්ම ආශ්‍රයෙන් විවිධ අභ්‍යාස ගණනාවකුත් සකස් කර තිබෙනවා.

 
(සේයාරුවට ස්තුතිය: striatic



10 comments:

  1. ම්ම්ම්..බලමු ඒ ටිකත්.

    ReplyDelete
  2. thanx for the details

    ReplyDelete
  3. @dinesh
    ඔව්, ගිහිල්ලා බැලුවොත් යම් ප්‍රයෝජනයක් ලැබේවි.

    ReplyDelete
  4. වැදගත් තොරතුරක් ස්තුතියි

    ReplyDelete
  5. @malnayaka
    ප්‍රයෝජනවත් වුණ බව දැන ගැනීම සතුටක්.

    ReplyDelete
  6. හ්ම්ම්ම්....අපිව දැණුවත්කළාට බොහෝ ම ස්තූතියි...
    ජයවේවා!!!

    ReplyDelete
  7. @සම්පත් / jt
    ජයවේවා, ඔබටත්!!!

    ReplyDelete
  8. සිංහලෙන් ඉංග්‍රීසි පාඩම් කරන වෙබ් අඩවි මොනවත් නැද්ද? MP3 වශයෙන් අහන්න හරි තියෙනව නම් වටිනවා. හොද බ්ලොග් එකක්. ඔබට ජය

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ඉංග්‍රීසි පාඩම් MP3 හැටියට තියන වෙබ් අඩවියක් නම් දන්නේ නැහැ. තිබුණත් එකේ වැඩිපුර ඇහෙන්නේ සිංහල වේවි. ඉංග්‍රීසියෙන්ම තියන audio අහලා - ටිකක් අමාරුවෙන් හරි - තේරුම් ගන්න පුරුදු වුනොත් වඩා ප්‍රයෝජනවත් වෙයි කියලයි මම හිතන්නේ.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails