Thursday, August 19, 2010

Silent Letters? ඒ මොකටද?


ඉංග්‍රීසි භාෂාවෙ ඈතැම් වචන ශබ්ද වෙන්නෙ ඒවා ලියවෙන ආකාරයට නොවන බව අපි දන්නවා. එහෙම වෙන්නෙ ඒවාගේ උච්චාරණ රටාව සාමාන්‍ය ඉංග්‍රීසි රටාවෙන් වෙනස් නිසා. මේ වෙනස් ශබ්ද රටා තියන පද බොහොමයක් තරමක් මෑත කාලෙදි (මෙයින් අදහස් වෙන්නෙ නැහැ පසුගිය අවුරුදු කීපය ඈතුළත කියලා) වෙනත් භාෂාවලින් ඉංග්‍රීසියට එකතු වුණ ඒවා නිසා ඒවායේ මුල් භාෂාවේ ශබ්ද රටාව යම් තරමකට රැඳී තියෙනවා.

අපි ප්‍රංශ බසෙන් ඉංග්‍රීසියට එක් වුණ, තවමත් ප්‍රංශ උච්චාරණ ආභාෂය තිබෙන පද කීපයක් ගැන කතා කළා මතක ඈති 'Problem with the Entrepreneurs? - ඒ මොකද එහෙම?' ලිපියෙන්. එතනදි ඒ ඈතැම් වචනවල (argot, bon mot වැනි) ඈතැම් අකුරු ශබ්ද නොවන බව පෙනෙන්නට ඈති. මේ ආකාරයට ලියන විට අගින් 't' අකුරක් තිබුනත් එය ශබිද නොවන, ඉංග්‍රීසියේ බහුලව යෙදෙන ප්‍රංශ සම්භවයක් ඈති තවත් පද කීපයක් අද සලකා බලමු. (සෑම පදයක්ම TheFreeDictionaryහි ඊට අදාළ පිටුවට සබඳා තිබෙන අතර එහි පිවිසීමෙන් පදයේ බ්‍රිතාන්‍ය සහ ඈමරිකානු උච්චාරණයට සවන් දිය හැකියි.)

1. buffet 

මෙම පදය අද බොහෝ විට 'අමුත්තන්ට තමන් කැමති දෙයක් බෙදා ගෙන කෑමට හැකි ලෙස පිළිගැන්වෙන කෑම වේලක්' සඳහා භාවිතා වෙනවා. නමුත් මෙය 'ලාචිචු සහිත, පිඟන් ආදිය අසුරා තැබීමට ගන්නා, ලී ගෘහ භාණ්ඩයක්' හැඳින්වීමටත් යෙදෙනවා. මේ දෙඅර්ථයේම බ්‍රිතාන්‍ය ව්‍යවහාරයේ බොහෝ විට /ˈbʊfeɪ/ ලෙසත්, ඈමරිකානු ව්‍යවහාරයේ​ බොහෝ විට /bəˈfeɪ/ හෝ /ˈfeɪ/ ලෙසත් කියවෙනවා.

There was a delicious buffet at the wedding. මංගල උත්සවයේ රසවත් 'බුෆේ' ආහාර වේලක් තිබුනා.

We're going to have a buffet lunch. අපි දවල් කෑම 'බුෆේ' එකක් දාන්නයි යන්නේ.

ඒ වාගේම මේ වචනය 'අතින් ගහන පහරක්' හෝ 'අතින් හෝ වෙනත් දෙයකින් පහර දෙනවා' යන සම්පූර්ණයෙන් වෙනස් අර්ථයෙනුත් භාවිතා වෙනවා. එතනදී නම් එය කියවෙන්නේ /ˈbʌfɪt/ ලෙසයි.


The boat was buffeted by strong waves. බෝට්ටුවට තද රැළිවලින් පහර වැදුනා.


'කෙනෙකුගේ ඈඳුම්, ආහාර වේල් ආදිය ගැන සොයා බලන සේවකයෙක්' හෝ 'හෝටලයක, නැවක හෝ වෙනත් තැනක අමුත්තන්ගේ  උවමනාවන් සපුරා දෙන සේවකයෙක්' හඳුන්වන මෙම පදය බොහෝ විට /ˈvæleɪ/ හෝ /væˈleɪ/ ලෙස ශබ්ද කෙරෙනවා.

The valets took over the guests' cars as they arrived at the hotel. හොටලයට පැමිණුන අමුත්තන්ගේ වාහන 'වැලේ' සේවකයන් විසින් භාර ගනු ලැබුවා.  


නැටුම් සම්ප්‍රදායක් හැඳින්වීමට ගන්නා මෙම පදය /ˈbæleɪ/ හෝ /bæˈleɪ/ ලෙස උච්චාරණය කෙරෙනවා.

Have you seen the 'Sama' ballet? ඔයා 'සාම' බැලේ නා​ට්‍යය බලලා තියෙනවද?

4. chalet 

ලීවලින් සාදන ලද නිවසක් (ඈතැම් විට නිවාඩුවක් ගත කිරීමට යොදා ගැනෙන්නක්) හඳුන්වන මෙම පදය /ˈʃæleɪ/ හෝ /ʃæˈleɪ/ ආකාරයෙන් කියවෙනවා.

They found a beautifully located chalet to spend their holidays[BrE]/vacation[AmE]. ඒ අය නිවාඩුව ගත කරන්න ලස්සන තැනක තියන 'ෂැලේ' නිවසක් හොයා ගත්තා.


ගබඩාවක් හෝ (බ්‍රිතාන්‍ය භාවිතයේ) බස්, කෝච්චි ආදිය නවතා තබන හා අළුත්වැඩියා කෙරෙනහෝ (ඈමරිකානු භාවිතයේ) බස් හෝ දුම්රිය නැවතුම් පොළක් සඳහා යෙදෙන මෙම පදය බ්‍රිතාන්‍ය භාවිතයේ /ˈdɛpəʊ/ ලෙසත්, ඈමරිකානු භාවිතයේ /ˈdiːpoʊ/ ලෙසත් සාමාන්‍යයෙන් කියවෙනවා. තැනක් 

Earlier, there was a freight depot here. කලින් මෙතන නැවි බඩු ගබඩාවක් තිබුනා.

6. debut  

යමෙකුගේ හෝ යමක සමාරම්භක ඉදිරිපත් කිරීම හඳුන්වන මෙම වචනය /ˈdeɪbyu/, /ˈdɛbyu/ / හෝ /deɪˈbyu/ ලෙස උච්චාරණය කෙරෙනවා.

The singer's debut album became quite a hit. ගායකයාගේ මුල්ම ගීත එකතුව ඉතා ජනප්‍රිය ව්‍රණා.

7. crochet 

මැහුම් රටාවක් හැඳින්වීමට මෙන්ම එම රටාවට මැහීම හඳුන්වන ක්‍රියා පදය ලෙසත් යෙදෙන මෙය කියවෙන්නේ බ්‍රිතාන්‍ය භාවිතයේ /ˈkrəʊʃeɪ/ හෝ /ˈkrəʊʃɪ/ ලෙසින් හා ඈමරිකානු භාවිතයේ /kroʊˈʃeɪ/ ලෙසිනුයි.

She crocheted a sweater. එයා ස්වෙටරයක් 'ක්රොෂේ' ක්‍රමයට මැහුවා.

8. gourmet 

කෑම බීම පිළිබඳ උසස් රසයක් ඈති කෙනෙක් සඳහා යෙදෙන මෙම පදය බොහෝ විට එවැන්නට සුදුසු කෑම ආදිය දැක්වීමට නාම විශේෂණ පදයක ආකාරයෙනුත් භාවිතයට ගැනෙනවා. එය බ්‍රිතාන්‍ය භාවිතයේ /ˈgʊəmeɪ/ හෝ /gʊəˈmeɪ/ ලෙසත් ඈමරිකානු භාවිතයේ /gʊrˈmeɪ/ හෝ /ˈgʊrmeɪ/ ලෙසත් උච්චාරණය කෙරෙනවා.

That restaurant is famous for gourmet cuisine. ඒ අවන්හල උසස් ගණයේ කෑම පිළියෙල කිරීම ගැන ප්‍රසිද්ධයි.

(සේයාරුවට ස්තුතිය: morrissey)

4 comments:

  1. දැන්නෙ දැක්කෙ අලුත් post එක.thanks sir....

    ReplyDelete
  2. @dinesh
    අද දවල් තමයි මේක පළ කෙරුවේ. මේ ඉක්මනට බැලුවට ස්තුතියි.

    ReplyDelete
  3. Nice post keep it up!! Your doing great job explaining everything in a specific way. Thank you !!

    ReplyDelete
  4. @෴ .:GiniMakara :.෴
    Thanks for your encouragement.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails