Wednesday, July 21, 2010

I Kind of Like Computers - කම්පියුටර් වර්ගයකටද කැමති?




It's a kind of bird. ඒ/මේ කුරුළු වර්ගයක්. 

Iron is a kind of metal. යකඩ ලෝහ වර්ගයක්.

මේ ප්‍රකාශ නම් සරලයි නේද? ඒත් That was a lunch of a kind.’ කියන්නෙ ඒක දවල් කෑම වර්ගයක් කියන එකද? එතකොට I kind of like computers’ වගේ වාක්‍යවල තේරුම මොකක්ද

ඉංග්‍රීසි භාෂාවෙ වර්ගය වැනි අර්ථවලින් kind, sort, type වැනි වචන පාවිච්චි වෙන බව අපි දන්නවා. නමුත් මේවා යෙදෙන ආකාරවල වෙනස්කම් ඇතැම් අවස්ථාවල දකින්න ලැබෙනවා. භාවිතයෙදි නිතර හමු වෙන එවැනි රටා කීපයක් සලකා බලමු.

1. kind/sort/type of (noun)

Cucumber is a kind/sort/type of vegetable. පිපිඤ්ඤා/කැකිරි එළවළු වර්ගයක්.

Granite is a hard kind/sort/type of rock. ග්‍රැනයිට් හයිය ගල් (පාෂාණ) වර්ගයක්.

This kind/sort/type of answer is not good enough. මේ ජාතියෙ උත්තරයක් හොඳ මදි.

I’m not that kind/sort/type of girl. මම ඒ ජාතියෙ (ඒ වගේ) කෙල්ලෙක් නෙමේ.

What kind/sort/type of rice do you want? – The kind/sort/type I bought last time. ඔයාට මොන ජාතියෙ (වර්ගයෙ) හාල‍්ද ඕනැ? - මම ගිය පාර ගත්ත ජාතිය.

What kind/sort/type of man is he? එයා කොයි වගේ කෙනෙක්ද (මිනිහෙක්ද)?

That’s the kind/sort/type of man you generally meet in a place like that. ඒ වගේ තැනකදි සාමාන්‍යයෙන් හම්බ වෙන්නෙ ඒ ජාතියෙ මිනිහෙක්/මිනිස්සු තමයි.

Call me if you have any kind/sort/type of problem. මොකක් හරි (මොන විදිහක හරි) ප්‍රශ්නයක් ආවොත් මට කතා කරන්න.
This is (not) my kind/sort/type of music. මේ තමයි (මේ නෙමෙයි) මම කැමති ජාතියෙ සංගීතය.

I know his kind/sort/type. මම දන්නවා එයාගෙ ජාතියෙ අයගෙ හැටි.

She’s not my kind/sort/type. එයා මම කැමති ජාතියෙ (විදිහෙ) කෙනෙක් නෙමෙයි.

***ගණන් කළ හැකි දෙයක් සම්බන්ධව ඇතැම් විට අවිධිමත් (informal) භාවිතයේ පහත රටාවත් යෙදෙනවා.

What kind/sort/type of a man is he? එයා කොයි වගේ කෙනෙක්ද (මිනිහෙක්ද)?

***kind/sort/type ofට පසුව එන නාම පදය (noun) බොහෝ විට ඒක වචන (singular) ස්වරූපයෙන් තිබුනත්, අවස්ථානුකූලව එය බහු වචනයක් (plural) වීමටත් හැකියි. නමුත් විශේෂයෙන් විධිමත් (formal) භාවිතයේ බහු වචන සමග (2) හෝ (3) රටා වඩා බහුලයි.

That’s the kind/sort/type of people you generally meet in place like that. ඒ වගේ තැනකදි සාමාන්‍යයෙන් හම්බ වෙන්නෙ ඒ ජාතියෙ අය තමයි

We had the same kind/sort/type of problems. අපටත් ඒ/ඔය ජාතියෙම ප්‍රශ්න ඇති උනා.

The room was full of the kind of books she liked. එයා කැමති ජාතියෙ පොත්වලින් කාමරය පිරිලා තිබුනා.

This kind/sort/type of expressions are very common in English. මේ ජාතියෙ යෙදුම් ඉංග්‍රීසියෙ නිතරම හම්බ වෙනවා.

***ඇතැම් අය ඉහත වාක්‍යය වැනි තැන්වලදී These kind of expressions’ ආකාරයත් අවිධිමත් (informal) භාවිතයේදී යොදනවා.

(2.) kinds/sorts/types of (noun)

What kinds/sorts/types of TV programmes[BrE]/programs[AmE] do you like? ඔයා කැමති මොන ජාතිවල රූපවාහිනී වැඩ සටහන්වලටද?

He likes all kinds/sorts/types of music. එයා හැම ජාතියෙම සංගීතයට කැමතියි.

We have four (different) kinds/sorts/types of chairs. අපි ළඟ (එකිනෙකට වෙනස්) පුටු ජාති හතරක් තියනවා.

They’ve seen the same kinds/sorts/types of animals that we saw at the national park. ජාතික වනෝද්‍යානයෙදි අපි දැක්ක ජාතිවල සත්තුම ඒ අයත් දැකලා තියනවා.

He never misses those intellectual kinds/sorts/types of discussions on TV. එයා කවදාවත් රූපවාහිනියෙ ඒ වගේ බුද්ධිමත් ආකාරවල සාකච්ඡා නොබලා ඉන්නෙ නැහැ.
Have you tasted any other kinds/sorts/types of fruit(s)? ඔයා වෙන පළතුරු වර්ග මුකුත් කාලා බලලා (රස බලලා) තියනවද?

***kinds/sorts/types ofට පසුව එන නාම පදය ගණන් කළ හැකි දෙයක් සම්බන්ධව නම් එය සාමාන්‍යයෙන් බහු වචන ස්වරූපයෙන් යෙදෙනවා. නමුත් ඇතැම් අය එහිදී ඒක වචන නාම පද යොදනවාත් දකින්න ලැබෙනවා.

They saw many kinds/sorts/types of animal. ඒ අය ගොඩක් සත්තු ජාති දැක්කා.

3. (noun) of the/this/that... kind/sort/type

I also want a pen of that kind/sort/type. මටත් ඒ ජාතියේ පෑනක් ඕනැ.

We’d never seen any paintings of the kind/sort/type. ඒ ජාතියෙ චිත්‍ර අපි කවදාවත් දැකලා තිබුනෙ නැහැ.

Have you read novels of this kind/sort/type before? මේ ජාතියෙ නව කතා මීට කලින් කියවලා තියනවද?

4. (noun) of a kind

She is one of a kind. එයා අමුතුම ‍විදිහෙ කෙනෙක් (ඒ විදිහෙ එක් කෙනයි ඉන්නේ).

They are two of a kind. ඒ දෙන්නා එකම විදි‍හෙ දෙන්නෙක්.

5. (noun) of a kind/sort

That was a lunch of a kind/sort. ඒක එක්තරා‍ විදියක දවල් කෑමක් තමයි (එතරම් සතුටුදායක හෝ ප්‍රමාණවත් කෑමක් නොවෙයි).

He had plans of a kind/sort. එයාට එක්තරා විදිහක සැලසුම් වගයක් තිබුනා (ඒවා එතරම් වැඩදායක ඒවා කියලා මම හිතන්නෙ නැහැ).

***අවිධිමත් භාවිතයේ මේ වෙනුවට (noun) of sortsයන්නත් යෙදෙනවා.

That was a lunch of sorts.

6. (adjective) type

She’s a sporty type. එයා ක්‍රීඩාවට ලැදි (ක්‍රීඩාශීලී ගණයේ) කෙනෙක්.

My friend is a serious type. මගෙ යාළුවා හැම දෙයක්ම බරපතලට හිතන (ගණයේ) කෙනෙක්.

It’s a Victorian-type building. ඒක වික්ටෝරියානු ගණයේ ගොඩනැගිල්ලක්.

***පුද්ගලයන් සම්බන්ධව අවිධිමත් භාවිතයේ sortයන්නද මේ ආකාරයෙන් යෙදෙනවා.

She’s a sporty sort. එයා ක්‍රීඩාවට ලැදි කෙනෙක්.

7. kind/sort of (verb/adjective/noun) (මෙම ‍රටාව යෙදෙන්නේ අවිධිමත් භාවිතයේ පමණයි.)

I kind/sort of like computers. කම්පියුටර්වලට මගෙ තරමක (එක්තරා විදිහක) කැමැත්තක් තියනවා (විශාල උනන්දුවක් නොවෙයි).

Their house is kind/sort of big. ඒ ගොල්ලන්ගෙ ගෙදර තරමක් ලොකුයි.

It’s kind/sort of a tradition here. ඒක මෙහෙ සම්ප්‍රදායක් වගේ දෙයක්.

Do you like this blog? – Sort of. ඔයා මේ බ්ලොග් එකට කැමතිද? - තරමක් දුරට.

8. in kind

She won’t take any money, so we’ll have to pay her in kind. එයා සල්ලි ගන්න එකක් නැති නිසා අපට එයාට ගෙවන්න වෙන්නෙ වෙන (මූල්‍යමය නොවෙන ) විදිහකට.

If you shout at him, he’ll respond in kind. ඔයාට එයාට කෑගැහුවොත් එයාත් ඒ විදිහටම කරාවි (ප්‍රතිචාර දක්වාවි).

(සේයාරුවට ස්තුතිය: mikebaird) 


6 comments:

  1. Can i hv your mail adrs ?. Need to clear up few little things.(bloghelaya@gmail.com)

    ReplyDelete
  2. @හෙළයා
    I've sent you an e-mail to the above address.

    ReplyDelete
  3. ගොඩක් වටිනා ලිපි පෙලක්. හැමදාම කියවනවා. comments නොදැම්මට.
    Thank you so much.

    ReplyDelete
  4. ඇත්තම කියනවනම් ස්කෝලෙ යන කාලෙ උපරිම වලේ හිටියෙ.ඉංග්‍රීසි අරහං.ඒත් අද මම ඒක හරියට දැනගෙන හිටියනම් පඩියට තව $500ක් විතර එකතු කර ගන්න තිබුන.කොමෙන්ට් නොදැම්මට හැමදාම බලනවා.දිගටම ලියන්න.

    ReplyDelete
  5. @විචි
    Thank you so much for the encouragement.

    ReplyDelete
  6. @dinesh
    මුල් කාලෙ මමත් එහෙම තමයි. ඒ දවස්වල ජාත්‍යන්තර මාධ්‍යයක වැදගත්කම ගැන මෙලෝ අදහසක් තිබුනෙ නැහැ. ඉංග්‍රීසි ගැන තරමක උනන්දුවක් ඇති උනේ ටිකක් පහු වෙලා (I got sort of interested in English a bit later). ඔහොම යං, ඔහොම යං.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails