Wednesday, June 23, 2010

Look Out! - බලාගෙනයි!



ඉංග්‍රීසි අඩු වැඩි වශයෙන් ඉගෙන ගෙන තියන අපේ රටේ කව්රුත් පාහේ දන්න වචනයක් තමයි look’. මේ වචනෙ සාමාන්‍ය අර්ථය - ඒ කිව්වෙ ඒක ‍ක්‍රියා පදයක් වශයෙන් යෙදෙන තැන්වල - බලනවා කියන එක බව නොදන්න කෙනෙක් ලංකාවෙ නැති තරම්.

Look here. මෙහෙ බලන්න.

Look at that man. අර මිනිහා දිහා බලන්න.

She didn’t even look at us. එයා අපි දිහා බැලුවෙවත් නැහැ.

මෙවැනි ආකාරවලට මේ look කියන ක්‍රියා පදය භාවිතා වෙන බව අපි දන්නවා. ඒ වගේම (යමක් / යමෙක්) දෙස බලනවා වැන්නක් කීමට look ට පසුව සාමාන්‍යයෙන් at පදයත් පාවිච්චි වෙන බව බොහෝ අය දන්නවා. ඒ වගේම අර්ථයට සුදුසු ලෙස at වෙනුවට in, under, behind, around, backආදී වෙනත් preposition පදයක් පාවිච්චි වීමත් බොහෝ විට කෙරෙනවා.

Go and look in the cupboard. ගිහින් කබඩ් එකේ බලන්න.

I even looked under the bed. මම ඇඳ යටත් බැලුවා.

Look behind the house if you want to find it. ඒක හොයා ගන්න ඕනැ නම් ගේ පිටිපස්සෙ බලන්න.

He got up and looked around. එයා නැගිටලා වටපිට බැලුවා.

Don’t look back. පස්ස හැරිල බලන්න එපා.

එසේම කෙනෙකුගේ හෝ දෙයක පෙනෙන්නට තිබෙන / තිබුන ස්වරූපය සම්බන්ධවත් මේ වචනය යෙදෙනවා.

He looks kind (to me). එයා කරුණාවන්ත වගේ (මට) පේනවා.

He looks like a kind man (to me). / He looks a kind man (to me). [බ්‍රි]  එයා කරුණාවන්ත මනුස්සයෙක් වගේ (මට) පේනවා.

It looked strange (to us). ඒක අමුතුයි වගේ (අපට) පෙනුනා.

(මේ ආකාරයේ තවත් රටා සඳහා I Wish I Knew - මේඅතීත කාලයද? ලිපිය බලන්න.)

මේ අපි දැකපු තැන් සියල්ලෙම අදාළ අර්ථය යෙදෙන පසුබිම අනුව පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. නමුත් තවත් තැන් තියනවා මේ වගේ පහසුවෙන් ප්‍රකාශ වෙන අදහස තේරුම් ගන්න බැරි. ඒ තැන්වල තියෙන්නේ සම්ප්‍රදායානුකූලව එන, සාමාන්‍ය තේරුමට තරමක් වෙනස්, අර්ථයන්. 

1. look at

මුලින්ම බලපු (යමක් / යමෙක්) දෙස බලනවා යන මූලික අර්ථය වගේම (යමක් / යමෙක්) සලකා බලනවා / දෙස අවධානය යොමු කරනවා වැනි අර්ථවලිනුත් මෙය යෙදෙනවා.

He is looking at a new business these days. එයා මේ දවස්වල අළුත් ව්‍යාපාරයක් ගැන බලබලයි (අවධානය යොදමිනුයි) ඉන්නෙ.

The company is going to look at young graduates to fill the vacancies. සමාගම ඇබෑර්තු පුරවන්න තරුණ උපාධිධාරීන්ව සලකා බලන්න යනවා.

***මේ ආකාරයෙන් look back (on)යන්න (අතීතයේ සිදු වූ යමක්) ආවර්ජනය කරනවා අර්ථයත් ගන්නවා. (සාමාන්‍ය ආපසු හැරී බලනවා අර්ථයේ යෙදෙන at’ වෙනුවට අතීතය සම්බන්ධව සාමාන්‍යයෙන් යෙදෙන්නේ on’ පදයයි.)

She looked back at her friend and waved. එයා එයාගෙ යාළුවා දිහා අපහු හැරිල බලල අත වැනුවා.

She felt happy as she looked back on her school days.  එයාට එයාගෙ ඉස්කොලෙ කාලෙ මතක් කරනකොට සතුටක් දැනුනා.

2. look for

මෙම යෙදුම (යමක් / ‍යමෙක්) හොයනවා අර්ථය ගන්නවා. 

They are looking for you. ඒ අය ඔයාව හොයනවා.

We looked everywhere for the key. අපි හැමතැනම යතුර හෙව්වා.

3. look into

මෙය (යමක්) තුළ‍ට එබී බලනවා යන්න මෙන්ම (යමක්) ගැන සොයා බලනවා අර්ථයත් ගන්නවා.

We looked into the well. අපි ළිඳට එබිල බැලුවා.

He promised to look into the matter.  කාරණය ගැන හොයල බලන්න එයා පොරොන්දු උනා.

The police are looking into the crime. පොලීසිය අපරාධය ගැන පරීක්ෂණ පවත්වනවා.

***look in on (someone)’ යන්න අදයස් කරන්නේ (යම් කෙනෙක්ව) සුළු වෙලාවකට බලන්න යනවා යන්නයි.

We managed to look in on them when we were in Kandy. අපි නුවර ගිය වෙලාවෙ ඒ ගොල්ලන්ව (ටික වෙලාවකට) බලන්න යන්න පුලවන් උනා.

4. look after

‘(යමක් / ‍යමෙක්) වගකීමෙන් බලා ගන්නවා / (යමකට / ‍යමෙක්ට) අවශ්‍ය කටයුතු කරනවා වැනි අර්ථවලින් මෙය භාවිතයට ගැනෙනවා.

I’ll look after the baby till you come back. ඔයා ආපහු එනකම් මම බබාව බලා ගන්නම්.

She looked after the household very well while her parents were abroad. අම්මයි තාත්තයි රට ඉන්න කාලෙ එයා ගෙදර (ගෙදර අයව / ගෙදර කටයුතු) බොහොම හොඳට බලා ගත්තා.

5. look down on / upon

‘look down’ යන්නෙන් අදහස් වෙන්නේ පහත බලනවා යන්නයි. නමුත් look down on / upon (something / someone)’ යන යෙදුම (යමක් / යමෙක්) තමන්ගේ තත්වයට වඩා පහත් ලෙස සලකනවා අර්ථයෙන් බොහෝ විට යෙදෙනවා.

From the balcony, they could look down on the road below. ඒ ගොල්ලන්ට සඳළුතලයෙ (බැල්කනියෙ) ඉඳල පහළ පාර දිහා බලන්න පුලුවන්කම තිබුනා.

He obviously looks down on poor people.  එයා පැහැදිලිවම දුප්පත් අය පහත් කියලා හිතනවා.

She used to look down on noisy parties.  එයා සද්දබද්ද වැඩි සම්භාෂණ පහත් කරල සැලකුවා.

6. look forward to

‘look forward’ යනු ඉදිරිය බලනවා වුණත්, ‘look forward to (something)’ යනු (යමක්) සිදු වෙන තුරු ආශාවෙන් බලා සිටිනවා යන්නයි.

You should look forward while driving. වාහන පදවනකොට ඉස්සරහ බලාගෙන ඉන්න ඕනැ.

We looked forward to the weekend. අපි සති අන්තය එනකම් බලාගෙන හිටියා.

I’m looking forward to meeting you.  මම ඔයාව හම්බ වෙන්න බලාගෙන ඉන්නවා.

7. look out (for)

සාමාන්‍යයෙන් look out’ යනු පිටත බලනවා යන්න වුණත්, එය පරෙස්සම් වෙනවා යන අර්ථයත් ගන්නවා.

She looked out of the window [BrE] / She looked out the window. [AmE] එයා ජනේලෙන් පිටත බැලුවා.

Look out! A car is coming. බලාගෙනයි (පරිස්සමින්)! කාරෙකක් එනවා. (පාර පනින විට)

Look out for pickpockets when you are there. එහෙ ගිහාම පික්පොකට්කාරයන්ගෙන් පරිස්සම් වෙන්න.

Look out for spelling mistakes when you write the report. වාර්තාව ලියනකොට අකුරු වැරදි නොවෙන්න පරිස්සම් වෙන්න



***නමුත් ඇතැම් විට look out for’ යන්න (අවධානයෙන්) හොයනවා යන අදහසෙන් පාවිච්චි වෙනවා.

I’ll look out for her at the meeting. මම එයාව රැස්වීමෙදි (කල්පනාවෙන් ඉඳලා) හොයා ගන්නම්.

***තවත් අවස්ථාවල look out for (someone)’ යන්න (යමෙකුගේ) යහපත ගැන බලනවා යන අර්ථය ගන්නවා.

We have to look out for each other as friends. යාළුවො හැටියට අපි එකිනෙකාගෙ යහපත ගැන බලන්න ඕනැ. 

You’re a grown-up now, so you have to look out for yourself. (Other people can’t look out for you any more.) ඔයා දැන් වැඩිහිටියෙක්, ඒ නිසා ඔයාගේ වැඩ කටයුතු ඔයා බලා ගන්න ඕනැ. (අනිත් අයට ඔයා ගැන බල බල ඉන්න තවත් බැහැ.)

8. look up

‘look up’ යනු උඩ බලනවා වුණත් ව්‍යාපාරයක් වැන්නක් සම්බන්ධව එය වැඩි දියුණු වන බව දැකවීමටත් මෙම පදය - විශේෂයෙන් අවිධිමත් (informal) ව්‍යවහාරයේ - යොදා ගන්නවා.

She looked up at the sky. එයා අහස දිහා (ඉහළ) බැලුවා.

Sales are looking up now that the war is over. දැන් යුද්දෙ ඉවර නිසා වෙළඳාම ඉහළ යනවා.

***look (something) up’ හෝ look up (something)’ යනුවෙන් අදහස් වෙන්නේ (යමක් ගැන) පොතක, ශබ්ද කෝෂයක වැන්නක විස්තර සොයනවා යන්නයි.
(මෙවැනි අදාළ ක්‍රියාවට භාජනය වෙන නාම පදය (object noun) අගට හෝ මැදට තැබිය හැකි phrasal verbs* සමග සර්වනාම - pronouns - යෙ‍දෙන විට නම් සර්වනාමය මැදින් පමණක් යෙදිය යුතුයි. එනම් look it up’ කියා මිස look up it’  කියා යෙදෙන්නේ නැහැ.)

I’m going to look up that word / look that word up in the dictionary. මම ඒ වචනෙ ඩික්ෂනරියෙ (ශබ්ද කෝෂයෙ) බලන්න යනවා.

Look it up on Wikipedia. ඒක (ගැන විස්තර) විකිපීඩියාවෙ බලන්න.

***look (someone) up’ හෝ look up (someone)’ - නමුත් කලින් අවස්ථාවේ මෙන්ම සර්වනාම සමග look (him / her / them) up’ ලෙස පමණයි - යනු කලකින් නොදුටු (යමෙක්) බලන්න යනවා යන්නයි.

Don’t forget to look them up when you go to Matara. ඔයා මාතර ගියාම ඒ ගොල්ලන්ව බලන්න යන්න අමතක කරන්න එපා.

***look up to (someone)’ යනු (යමෙකුට) ගෞරව කරනවා යන්නයි.

He is someone everybody in the village looks up to. එයා ගමේ කව්රුත් ගෞරව කරන කෙනෙක්.

9. look on

‘look on’ යනු නිකම් බලාගෙන සිටිනවා වන නමුත්, ‘look on / upon (something / someone) as…’ යන්න යමක් / ‍යමෙක් ... ලෙස සලකනවා යන අදහස දෙනවා.

People just looked on while all that happened. මේ ඔක්කොම වෙනකම් මිනිස්සු ඔහෙ බලන් හිටියා.

They look on her as an expert in that field. එයා ඒ ක්ෂේත්‍රයෙ විශේෂඥයෙක් විදියට සැලකෙනවා.

10. look to

‘(වඩා හොඳ ක්‍රම ආදිය) සලකා බලා ඒවාට යොමු වෙනවා යන අර්ථයෙන් මෙය යෙදෙනවා.

We must look to innovative ways of generating energy. අපි බල ශක්තිය උපදවන නව ක්‍රම හොයා ගන්න (හොයා ගෙන යොදා ගන්න) ඕනැ.

Look to the future. අනාගතයට යොමු වෙන්න (අවධානය යොදවන්න). 

***look to (someone) for (something)’ හෝ look to (someone) to do something’ යනු යමක් සඳහා හෝ යමක් කිරීමට යම් කෙනෙකු මත විශ්වාසය තබනවා‍ යන්නයි.

They are looking to us for help.  ඒ අය අපේ උදව් ගැන විශ්වාසය තියල ඉන්නෙ.

We looked to him to prepare us for the test. අපිව පරීක්ෂණයට සූදානම් කරන්න අපි එයා මත විශ්වාසය තිබ්බා.

11. look through

‘(යමක්) විනිවිද බලනවා යන්න මෙන්ම (යමෙක්ව) නොදැක්කා සේ නොසලකා හරිනවා යන අදහසත් මෙයින් දැක්වෙනවා.

You can look through that glass. ඒ වීදුරුව හරහා විනිවිද පේනවා.

They just looked through me. ඒ අය මාව නොදැක්ක වගේ හිටියා / සම්පූර්ණයෙන් නොසලකා ඇරියා.

***නමුත් look through (something) යන්න (යමක්) ඉක්මනින් සම්පූර්ණයෙන් බලනවා / අධ්‍යයනය කරනවා යන අදහසිනුත් පාවිච්චි වෙනවා. (මේක කලින් තේරුමට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වුණත් ඉංග්‍රීසියෙ හැටි ඔහොම තමයි.)

We had to look through all the records to find it. ඒක හොයා ගන්න අපට ඔක්කොම වාර්තා බලන්න උනා.

12. look over

‘look (something) over’ හෝ look (over) something’ - නමුත්, කලින් කියූ ලෙස, ‘look it over’ පමණයි - යන්න (යමක්) සම්පූර්ණයෙන් පරීක්ෂා කරනවා අර්ථය දෙනවා.

Look over the goods again before you buy them. ගන්න කලින් බඩු ආයෙත් හොඳට බලන්න.

*කලින් සඳහන් වුන phrasal verbs වශයෙන් මෙහි look up’, ‘look over’, ‘look out for’ වැනි යෙදුම් භාවිතා වෙනවා. නමුත් ‘look at’, ‘look for’ වැනි තැන්වල look පදය යෙදෙන්නේ prepositional verb එකක් ලෙසයි. එහි වෙනස මේ ආකාරයෙන් දැක්විය හැකියි: phrasal verbs සැදී ඇත්තේ verb එකක් හා adverb එකක් එකතු වීමෙන් (උදා: look it up) හෝ verb එකක්, adverb එකක් හා preposition එකක් එකතු වීමෙන් (උදා: look out for her); එසේ නැතිව verb එකක් හා එහි object noun එක අතර preposition පදයක් යෙදෙන තැන්වල (උදා: look at them) එය භාවිතා වෙන්නේ prepositional verb එකක් වශයෙනුයි. උදහරණවලත් පෙනෙන ආකාරයට object pronoun එක මැදින් යෙදෙන්නේ (හෝ object noun එක මැදින් යෙදිය හැක්කේ) පළමු වර්ගයේ phrasal verbs වල පමණයි. (මෙහි ඇති noun, verb, adverb, preposition ආදී පද ගැන How to Use a Dictionary – පද පෙරළි ලිපිය බලන්න.)

(සේයාරුවට ස්තුතිය: Natalia Lobato) 


8 comments:

  1. Thanks for this really helpful blog.I wish I had an English teacher who could explain the complex english grammer and usage in the simple manner you have done.As much as grammer I think it is important to have a rich vocabulary as well. Could you give some insights as to how to improve ones vocabulary.I know reading helps , but do you have any specific or books that you could recommend ? Looking forward for more blogs and keep up the good work !

    ReplyDelete
  2. @Anonymous

    First of all, thank you for the compliments.

    As for vocabulary, you're absolutely right in that reading is the best way to enrich one's vocabulary. Reading on a wide range of topics will expose you to a wealth of new words and expressions in a way that no other activity probably can. But other media like films and TV shows can be helpful too, especially when you need practice with listening comprehension.

    One thing you have to understand is that you may not be able to study every unknown word you come across in your reading at once. If you find too many of them in what you read, it's important to pick out the ones that you think are the most important. Just try to guess the meaning of others from their context for the moment. This will help you to avoid feeling overwhelmed and the day will come when you can also concentrate on what you have to leave out now.

    When you encounter new words, you'd do well to learn them in context. Rather than just learn their definition, try to become familiar with the way they are used too. A good dictionary will definitely help you with this.

    In the menu bar at top of this blog, I have provided the link to 'TheFreeDictionaty' (at 'ඉංග්‍රීසි වචන' under 'ඉංග්‍රීසි ඉගෙනුමට අත්වැල්'), where the definition as well as some usage examples of most English words and expressions can be found. There are other good online dictionaries too. Read my post 'How to Use a Dictionary' (http://ingirisi.blogspot.com/2010/03/how-to-use-dictionary.html) for more information on what you can find in a good dictionary.

    Free vocabulary games meant for learners at various levels can be found at 'http://www.vocabulary.co.il/' if you're interested in that kind of thing.

    ReplyDelete
  3. Sir, as you said above note if there is a phrasal verb with the pronouns, it should be contained mind point of the phrasal verb. But according to the Number nine (look on), example has taken as below. 'They look on her as an expert in that field.' How this is possible, sir? Why can't it be written as 'they look her on as an expert in that field? '

    ReplyDelete
  4. I have one more question, sir, according to the number 11 (look through) as same as before sir. The example has been taken as They just looked through me.But I changed it as they just looked me through.Actually, sir I don't understand the difference both of them.So I looked it out on a grammar checker site.But both are correct, sir.. would you please explain it sir. Thank you

    ReplyDelete
  5. You place a pronoun in the middle of a phrasal verb that consists of a verb and an adverb(e.g. take it away). But the verbs you've quoted are not phrasal verbs but prepositional verbs, which means that they're verbs followed by a preposition, where you don't do the same (i.e. look at her)

    ReplyDelete
    Replies
    1. I didn't have any idea of both preposition and phrasal verb before reading this lesson.I used to put those as I wish.. thank you very much your work sir.

      Delete
    2. A phrasal verb consists of a verb and an adverb (in which case a pronoun comes in the middle, e.g. 'look him up')or a verb, an adverb and a preposition (in which case the pronoun comes after the preposition, e.g. 'look up to him').

      A prepositional verb is a verb followed by a preposition (in which case too the pronoun comes after the preposition, e.g. look after him).

      Delete
    3. Now I've a clear idea about both the phrasal verbs and prepositions.Thanks for the further explanation sir .

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails