Wednesday, June 9, 2010

It’s Not Really About IFFA – ‘අයිෆා’ ගැනම නොවෙයි


පහුගිය දවස්වල කොළඹ තිබුන ‘IIFA’ සම්මාන උළෙල ගැන ලොකු හාහෝවක් තිබුනනේ. සමහර අය ඒක ලංකාවට ප්‍රසිද්ධිය ගෙන දෙන හොඳ දෙයක් විදියට දැක්කා. ‍අ‍නිත් අය කිව්වේ ඒක බොරු මුදල් නාස්තියක් කියලා.


ඒ මොනව වුණත් ඒ ගැන මාධ්‍යවල ඇති තරම් වාර්තා පල වුණා. දිනපතා නිකුත් වෙන ‘The island’ පුවත් පතේ එක්තරා කතුවැකියක් තිබුනා මේ සම්බන්ධව All'swell that ends wellමාතෘකාවෙන්. අපි අයිෆාගැන මොන මතයේ හිටියත්, මේ ලිපියේ තිබුනු යෙදුම් කීපයක් අධ්‍යයනය කරමු ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කර ගන්න.

1. ‘…the Indian glitterati have pledged their solidarity with her except a few lily-livered artistes who buckled under pressure.’

glitterati (වචනය සබඳා ඇති වෙබ් පිටුවේ එහි උච්චාරණයට සවන් දිය හැකියි /ˌglɪtəˈrɑːti/ ) යන බහු වචන නාම පදය (plural noun) යෙදෙන්නේ සමාජයේ ‘විලාසිතාකාරී, ධනවත්, ප්‍රසිද්ධ පිරිස’ හැඳින්වීමටයි.  (මෙය සෑදී ඇත්තේ ‘දිලිසෙනවා’ අර්ථය දෙන ‘glitter’ ක්‍රියා පදය හා සමාජයේ ‘උගත් පිරිස’ හැඳින්වීමට යෙදෙන ‘literati’ බහු වචන නාම පදය එක් වීමෙන්.)

‘pledge’  යන්න ‘ප්‍රතිඥාව’ හා ‘ප්‍රතිඥා දෙනවා’ යනුවෙන් නාම පදයක් (noun) මෙන්ම ක්‍රියා පදයක් (verb) ලෙසත් යොදා ගැනෙනවා.

‘solidarity’  යන්න ‘සයයෝගය’ ලෙස දැක්විය හැකියි.

‘lily-livered’  නාම විශේෂණයේ (adjective) අර්ථය ‘බියගුළු’ යන්නයි. (මීට සමානව ‘chicken-hearted’, ‘chicken-bellied’, ‘yellow-bellied’ වැනි යෙදුම්ද භාවිතා වෙනවා.)

‘buckle’  පදය ඇඳුම්, පටි ආදියේ සවි කිරීම සඳහා ඇති එනම් උපකරණය සඳහා සහ ඒ සම්බන්ධ අර්ථවලට මෙන්ම, ‘යම් බලයකට ලක් වී නැවෙනවා, ඇද වෙනවා’ අර්ථයෙනුත් භාවිතා වෙනවා. 

ඒ අනුව ඉහත වාක්‍ය ඛණ්ඩයේ අර්ථය මෙසේ ගත හැකියි. 

the Indian glitterati have pledged their solidarity with her except a few lily-livered artistes who buckled under pressure. බලපෑම්වලට (පීඩනයට) යට වුණ බියගුළු කලා කරුවන් කීප දෙනෙක් හැරුණ විට ඉන්දියානු තරු ඇයට (ලංකාවට) තමන්ගේ සහයෝගය පිළිබඳව ප්‍රතිඥා දී තිබෙනවා (මෙතනදී ‘her’ යනුවෙන් දක්වා ඇත්තේ ලංකාවයි).  

2. ‘…the Indian cinema and its legendary maestri who have done Asia proud.’

‘maestri’  යනු, ‘විශාරද කලාකරුවා’ යන අර්ථය දෙන, ඉතාලි භාෂාවෙන් ඉංග්‍රීසියට එක් වූ maestro (වචනය සබඳා ඇති වෙබ් පිටුවේ එහි උච්චාරණයට සවන් දිය හැකියි /ˈmaɪstrəʊ/ [BrE], /ˈmaɪstroʊ/ [AmE]) පදයේ ඉතාලි ස්වරූපයේ බහු වචනයයි. මෙය ඉංග්‍රීසියේ ‘maestros’ යනුවෙන්ද යෙදෙනවා.

‘legendary’  පදය ‘පුරාණ කතාවල එන’ යන්න මෙන්ම, මෙතනදී මෙන්, ‘ඉතා ප්‍රසිද්ධ (හා ජනප්‍රිය)’ යන්නද අදහස් කරනවා.

‘do (someone / something) proud’ යෙදුම අදහස් කරන්නේ ‘‍(යමෙකුට / යම් දෙයකට) ආඩම්බරයක් ගෙන දෙනවා’ යන්නයි.

ඒ අනුව ඉහත වාක්‍ය ඛණ්ඩයේ අර්ථය මෙසේ ගත හැකියි.

…the Indian cinema and its legendary maestri who have done Asia proud.  ඉන්දියානු සිනමාව හා ආසියාවට ආඩම්බරයක් වූ එහි ලෝ පතල විශාරදයන්

3. ‘She has obviously turned a blind eye to the fact…’

‘turn a blind eye (to something)’ යනු ‘(යමක් ගැන) අවධානය යොමු නොකර සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා’ යන්න මිස, ඇත්තෙන්ම ඇසක් අන්ධ වීමක් නොවෙයි.

‘obviously’  යන්නෙන් දැක්වෙන්නේ ‘පැහැදිලිවම’, ‘කාටත් තේරුම් යන පරිදි’ යන්නයි.

She has obviously turned a blind eye to the fact… ඇය පැහැදිලිවම මෙම කාරණය සම්පූර්ණයෙන්ම අමතක කර (නොසලකා හැර) තිබෙනවා

4. ‘…trying to scuttle the IIFA ceremony…’

‘බඳ හිල් කර නැවක් ගිල්ලීම (scuttle a ship) සඳහා යෙදෙන ‘scuttle’ ක්‍රියා පදය ‘(යම් කාර්යයක්) අසාර්ථක කරනවා / කඩාකප්පල් කරනවා’ අර්ථයෙනුත් භාවිතා වෙනවා. (මේ පදයම ‘පැන දුවනවා’ යන අදහස ඇතිව වෙනත් ආකාරයකින් යෙදෙන බවත් සැලකිය යුතුයි: Everyone scuttled off when the boss arrived. ලොක්කා එනකොට ඔක්කොම ඉක්මනට මාරු උනා.)

…trying to scuttle the IIFA ceremony… ‘අයිෆා’ උළෙල කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම

5. ‘…protests manifestly became a damp squib.’

‘manifestly’  හි අදහස ඉහත සඳහන් කළ ‘obviously’ පදයට සමාන වෙනවා, මෙය කලින් පදය මෙන් බහුලව භාවිතා නොවුණත්.

‘a damp squib’ යන යෙදුම පාවිච්චි වෙන්නේ ‘බලාපොරොත්තු වූ සාර්ථකත්වය ආසන්නයට හෝ නොපැමිණි දෙයක්’ දැක්වීමටයි. (මෙහි මුල් අර්ථයෙන් හැඳින්වෙන්නේ ‘තෙත‍් වූ නිසා පත්තු නොවූ ගිණිකෙළි වෙඩිල්ලක්’. සිංහලෙන් අපි ‘පුස් වෙඩිල්ලක්’ යෙදුම මීට සමාන ආකාරයකින් පාවිච්චි කරනවා.)

ඒ අනුව ඉහත වාක්‍ය ඛණ්ඩයේ අර්ථය මෙසේ ගත හැකියි.

…protests manifestly became a damp squib. විරෝධතා පැහැදිලිවම පුස්සක් බවට පත් වුණා‍

6. ‘… has lashed out at the government …’

‘කසයකින්, කෝටුවකින් ‍හෝ ඊට සමාන වෙනත් ආකාරයකින් පහර දෙනවා’ යන තේරුම ඇති ‘lash’ ක්‍රියා පද‍ය සහිත ‘lash out (at someone /something)’ යෙදුම ‘යමෙක්ව / යමක් තදින් විවේචනය කරනවා’ අර්ථයෙනුත්, මෙහි මෙන්, යෙදෙනවා.

… has lashed out at the government … රජය තදින් විවේචනයට ලක් කර තිබෙනවා

7. ‘The government`s faux pas as regards IIFA…’

ප්‍රංශ බසින් ආ faux pas’ (වචනය සබඳා ඇති වෙබ් පිටුවේ එහි උච්චාරණයට සවන් දිය හැකියි /ˌfəʊ ˈpɑː/ [BrE], /ˌfoʊ ˈpɑː/ [AmE]) හි මුල් අර්ථය ‘වැරදි පියවරක්’ වන අතර එය ඉංග්‍රීසියේ ‘සමාජයේ උපහාසයට ලක් වෙන ක්‍රියාවක්’ දැක්වීමට යොදා ගැනෙනවා.

‘as regards (something)’ යන්න ‘(යමක්) සම්බන්ධයෙන්’ අදහස දෙනවා.

ඒ අනුව ඉහත වාක්‍ය ඛණ්ඩයේ අර්ථය මෙසේ ගත හැකියි.

The government`s faux pas as regards IIFA… ‘අයිෆා’ සම්බන්ධව රජය ගත් හාස්‍යජනක පියවර

8. ‘…to gatecrash someone else`s wedding, as it were.’

‘gatecrash (some occasion)’ යනු ‘(යම් අවස්ථාවකට) ආරාධනා නොලබා සහභාගි වෙනවා’ යන්නයි.

as it were’ යෙදුම දක්වන්නේ ‘එලෙස මෙන්’, ‘හරියට ඒ වගේ’ වැනි අර්ථයක්.  

…to gatecrash someone else`s wedding, as it were. වෙනත් කෙනෙකුගේ විවාහයකට ආරාධනාවක් නැතිව කඩා පැනීම වැන්නක් කිරීම

9. ‘…has done Sri Lanka immense good.’

‘do (someone / something) good’ යනු ‘(‍යමෙකුට / යම් දෙයකට) යහපතක් කිරීම’ යන්නයි.

…has done Sri Lanka immense good. ශ්‍රී ලංකා‍වට විශාල යහපතක් කර තිබෙනවා‍

10. All's well that ends well

ලිපියේ මාතෘකාව ලෙස යොදා ගෙන ඇති ‘All's well that ends well.’ යන්න ඉංග්‍රීසි ආප්තෝපදේශයක් (proverb). ‘යහපත් අවසානයක් / ප්‍රතිථලයක් ඇති ඕනැම දෙයක් (අවදානමක් සහිත වූ දෙයක් පවා) යහපත් දෙයක්.’ යන අදහස එහි අඩංගු වෙනවා.

(සේයාරුවට ස්තුතිය: indi.ca)

2 comments:

  1. ඇත්තෙන්ම ප්‍රයෝජනවත් ලිපියක්. දැන් තමයි සම්පූර්නයෙන්ම තේරුනේ. නැත්නම් අපේ හිතට එන්නෙ ඔය ලිපියේ image එකක් විතරයි.

    ReplyDelete
  2. @මහසෙන්
    ප්‍රයෝජනවත් වුණ බව අහන්න ලැබීම සතුටක්.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails