Saturday, June 12, 2010

Don’t Forget to Read This - මේක කියවන්න අමතක කරන්න එපා



ඉංග්‍රීසි භාෂාවෙ ඇතැම් ක්‍රියා පදවලට පසුව තවත් ක්‍රියා පදයක to-infinitive’ ආකාරයත් (to go, to stop ආදී), ‘gerund’ (එනම් නාම පදයක් ලෙස යෙදෙන present participle’ ස්වරූපය) ආකාරයත් (going, stopping ආදී) දෙකම එකම අර්ථය ඇතිව යෙදෙනවා.

It started (began) to rain around 8 o’clock. / It started (began) raining around 8 o’clock. අටට විතර වහින්න පටන් ගත‍්තා.

She continued to do her work. / She continued doing her work. එයා දිගටම එයාගෙ වැඩ කරගෙන ගියා.

උදාහරණවලින් පෙනෙන ආකාරයට start’, ‘begin’, ‘continue’ වැනි ක්‍රියාපද මේ දෙආකාරයටම යෙදෙනවා. තමන් කරන ක්‍රියාවක් සම්බන්ධව like’, ‘prefer’, ‘love’, ‘hate’ වැනි පදත් මේ දෙආකාරයෙන්ම වැඩි වෙනසක් නැතිව බොහෝ විට යෙදුනත්, විශේෂයෙන් like’ සම්බන්ධව එය වෙනස් වන අවස්ථා ගැන (සහ ඒ ගැන තවත් විස්තර) I like watching TV but I’d like to listen to theradio now - කැමති අකමැතිකම් ගැන ලිපියේ සඳහන් වුණා මතක ඇති. (මතක නැති නම් ආයෙත් බැලුවොත් මතක් වෙයිනේ.)

තවත් සමහර ක්‍රියා පද සමග නම් ඊට පසුව යෙදෙන ක්‍රියා පදයේ ස්වරූපය අදාළ ප්‍රකාශයට ඉතා වෙනස් අර්ථයක් ලබා දෙනවා.

1. remember

She remembered to write the letter. එයාට ලියුම ලියන්න මතක් උනා.

She remembered writing the letter. ලියුම ලිව්ව බව එයාට මතක් උනා (ලියුම කලින් ලියූ බව මතක් වුණා).

2. forget

He forgot to call home. එයාට ගෙදරට කතා කරන්න අමතක උනා.

He forgot calling home. ගෙදරට කතා කළ බව එයාට අමතක උනා (කලින් ගෙදරට කතා කළ බව අමතක වුණා).

3. regret

I regret to tell you that I have no money. මට කණගාටුයි ඔයාට කියන්න (වෙන එක ගැන) මා ළඟ සල්ලි නැති බව. (කිරීමට සිදු වන දෙයක් ගැන විධිමත් - formal - ලෙස කණගාටුව ප්‍රකාශ කිරීමේදී යෙදෙනවා.)

I regret telling you that I have no money. මම පසුතැවිලි වෙනවා මා ළඟ සල්ලි නැහැ කියලා ඔයාට කියපු එක ගැන. (එය කියා අවසන් නමුත්, නොකිව්වා නම් වඩා හොඳ බව දැන් සිතනවා.)

4. try

We tried to change the bulb, but it was stuck. අපි බල්බ් එක (විදුලි බුබුල) මාරු කරන්න හැදුවා, ඒත් එක හිරවෙලා තිබුනා. (කරන්නට උත්සාහ කළත්, නොහැකි වුණා.)

We tried changing the bulb, but it made no difference. අපි බල්බ් එක මාරු කරලා බැලුවා, ඒත් වෙනසක් උනේ නැහැ. (එසේ කිරීමෙන් පලක් වේ දැයි බැලුවත්, පලක් වුණේ නැහැ.)

5. mean

I didn’t mean to tell them the truth. මට ඕනැ උනේ ඒ ගොල්ලන්ට ඇත්ත කියන්න නෙමේ (ඒත් මගෙන් කියවුණා / මට කියන්න සිද්ධ උනා).

I didn’t mean telling them the truth. මම අදහස් කළේ ඒ ගොල්ලන්ට ඇත්ත කියන එක නෙමෙයි. (ඇත්ත කිව්වද, නොකිව්වද යන්න මෙහි සඳහන් නොවෙන අතර, තමන් යම් අවස්ථාවක කළ ප්‍රකාශයකින් අදහස් කළේ ඇත්ත කීම නොවන බව පමණක් දැක්වෙනවා.)

6. go on

They went on to paint the room. ඒ අය පස්සෙ කාමරේ පාටත් ගෑවා. (වෙනත් යමක් කිරීමෙන් පසු මෙම ක්‍රියාවද කළ බව දැක්වෙනවා.)

They went on painting the room. ඒ අය දිගටම කාමරේ පා‍‍‍‍‍ට ගෑවා. (එම ක්‍රියාව දිගටම කළ බව දැක්වෙනවා, ‘They continued to paint the room. / They continued painting the room.’ යන්නට සමානයි.

7. stop

He never stopped to think about his future. එයා කවදාවත් නිවී සැනසිල්ලෙ (අනිත් වැඩ නවත්තලා) එයාගෙ අනාගතේ ගැන කල්පනා කළේ නැහැ.

He never stopped thinking his future. එයාගෙ අනාග‍තේ ගැන කල්පනා කරන එක එයා කවදාවත් නැවැත්තුවෙ නැහැ.

***ඇතැම් ක්‍රියා පද සමග නම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ to-infinitive’ ස්වරූපයයි.

agree / tell (someone) / ask (someone) / request / request (someone) / promise / manage / fail / allow (someone) / refuse / hope / expect / expect (someone) / plan / offer / want / want (someone) / wish / wish (someone) / invite (someone) / seem / pretend / learn / teach (someone) / advise (someone) / urge (someone) / persuade (someone) / incite (someone) / instruct (someone) / remind (someone) / cause (someone) / challenge (someone) / force (someone) / forbid (someone)… to sing 

ගායනා කිරීමට එකඟ වෙනවා / (කෙනෙකුට) කියනවා / (කෙනෙකුට) කියනවා / ඉල්ලා සිටිනවා / (ගායනා කරන ලෙස කෙනෙකුගෙන්) ඉල්ලා සිටිනවා / පොරොන්දු වෙනවා / සමත් වෙනවා / අසමත් වෙනවා / (කෙනෙකුට) අවසර දෙනවා / ප්‍රතික්ෂේප කරනවා / බලාපොරොත්තු වෙනවා / බලාපොරොත්තු වෙනවා / (ගායනා කරන ලෙස කෙනෙකුගෙන්) බලාපොරොත්තු වෙනවා / සැලසුම් කරනවා / ඉදිරිපත් වෙනවා / උවමනා වෙනවා / (කෙනෙකු ලවා ගයනා කරවීමට) උවමනා වෙනවා / කැමැත්තෙන් ඉන්නවා / (කෙනෙකු ලවා ගයනා කරවීමට) කැමැත්තෙන් ඉන්නවා / (කෙනෙකුට) ආරාධනා කරනවා / (ගයනා කරනවා මෙන්) පෙනෙනවා / (ගයනා කරනවා මෙන්) බොරුවට හඟවනවා / ඉගෙන ගන්නවා / (කෙනෙකුට) උගන්වනවා / (කෙනෙකුට) අවවාද කරනවා / (කෙනෙකුව) උනන්දු කරනවා / (කෙනෙකුව) පොළඹවනවා / (කෙනෙකුව) අවුස්සනවා / (කෙනෙකුට) උපදෙස් දෙනවා / (කෙනෙකුට) මතක් කරනවා / (කෙනෙකුට) හේතු වෙනවා / (කෙනෙකුට) අභියෝග කරනවා / (කෙනෙකුට) බල කරනවා / (කෙනෙකුට) තහනම් කරනවා...

***තවත් ක්‍රියා පද සමග gerund’ ස්වරූපය සාමාන්‍යයෙන් යෙදෙනවා.

admit (to)*/confess (to)*/allow/appreciate/avoid/keep (on)/carry on/consider/delay/deny/describe/detest/discuss/dislike/enjoy/feel like/finish/imagine/include/justify/mention/miss/oppose/postpone/practise [BrE], practice [AmE]/quit/recall/report/resume/risk/suggest/tolerate/criticize/condemn... singing 

 ගායනය (ගායනා කළ බව) පිළි ගන්නවා/(ගායනා කළ බව) පිළි ගන්නවා/(ගායනයට) අවසර දෙනවා/අගය කරනවා/මග හරිනවා/දිගටම කරගෙන යනවා/දිගටම කරගෙන යනවා/සලකා බලනවා/පරක්කු කරනවා/(ගායනා කළ බව) ප්‍රතික්ෂේප කරනවා/විස්තර කරනවා/(ගායනයට) දැඩි අකමැත්තක් දක්වනවා/සාකච්ඡා කරනවා/(ගායනයට) අකමැත්තක් දක්වනවා/රස විඳිනවා/(ගායනයට) කැමැත්තක් දැනෙනවා/අවසන් කරනවා/සිතින් මවා ගන්නවා/ඇතුළත් කරනවා/සාධාරණීකරණය කරනවා/සඳහන් කරනවා/නොමැතිකමෙන් දුක් වෙනවා/(ගායනයට) විරුද්ධ වෙනවා/කල් දමනවා/පුහුණු වෙනවා/නවතා දමනවා/මතක් කරනවා/වාර්තා කරනවා/නැවත අරඹනවා/(ගායනා කිරීමට) සිදු විය හැකි අවදානමට මුහුණ දෙනවා/යෝජනා කරනවා/ඉවසනවා/විවේචනය කරනවා/හෙළා දකිනවා...

***අදහසක්, මතයක් වැන්නක් සම්බන්ධ පහත ආකාරයේ රටාවල to-infinitive’ යෙදෙනවා.

We found him (to be) very kind. එයා ගොඩක් කරුණාවන්තයි කියලා අපට දැනුනා (තේරුණා).

People believe them to be very rich. [විධිමත්] / They’re believed to be very rich. ඒ අය ගොඩක් පෝසත් කියලා මිනිස්සු විශ්වාස කරනවා (හිතනවා).

They’re said to be very rich. ඒ අය ගොඩක් පෝසත් කියලා (මිනිස්සු) කියනවා.

They’re supposed to be very rich. ඒ අය ගොඩක් පෝසත් කියලා අදහසක් තියනවා.

You’re supposed to do it yourself. ඒක ඔයාම කරයි කියන එක බලාපොරොත්තු වෙනවා.

People consider her (to be) their leader. / She is considered (to be) their leader. එයා ඒ අයගේ නායකයා හැටියට සැලකෙනවා.

They’re thought to live in Singapore. ඒ අය සිංගප්පූරුවේ ඉන්නවා කියලා (මිනිස්සු) හිතනවා.

He was thought to be an idiot in school. ඉස්කෝලෙදි (හැමෝම) හිතුවේ එයා මොට්ටයෙක් කියලා.

He was thought an idiot in school. [විධිමත්] ඉස්කෝලෙදි (හැමෝම) හිතුවේ එයා මොට්ටයෙක් කියලා.

The teachers thought him (to be) an idiot. [විධිමත්] ගුරුවරු හිතුවේ එයා මොට්ටයෙක් කියලා.

She felt it (to be) her duty to inform the police. [විධිමත්] පොලීසියට දැනුම් දෙන එක එයාගේ යුතුකම කියල එයාට දැනුනා.

***සංවේදනය හා සම්බන්ධ see / hear / feel / watch / sense / listen to… ආදී පදවලට පසුව ක්‍රියාපදයක් යෙදෙන විට, එම පසුව එන ක්‍රියාව කරන්නා සඳහන් ‍නොවන අවස්ථා‍වල gerund’ පද පාවිච්චි වෙනවා. නමුත් පසුව එන ක්‍රියාව කරන්නාද සඳහන් ‍වෙන විට නම්, එම ක්‍රියාව කෙරීගෙන යන අතරතුර යම් අවස්ථාවක අවධානයටයට ලක්වූ බව දැක්වීමට present participle’ ස්වරූපයත්, සම්පූර්ණ ක්‍රියාව (මුල සිට අග දක්වාම) අවධානයට ලක්වූ බව දැක්වීමට bare infinitive’ ස්වරූපයත් (go, stop ආදී), යෙදීම කෙරෙනවා.

We heard singing. අපට (යම් කෙනෙක්) සිංදු කියනවා ඇහුනා.

We heard them singing. අපට ඒ අය සිංදු කියනවා ඇහුනා (ඔවුන් සිංදු කියන අතරතුර එක් අවස්ථා‍වකදී, සිංදු කියමින් ඉන්නවා ඇහුනා). 

We heard them sing. අපට ඒ අය සිංදු කියනවා ඇහුනා (සිංදු කියූ සම්පූර්ණ කාලය තුළ). 

We heard them sing three songs. අපට ඒ අය සිංදු තුනක් කියනවා ඇහුනා (සම්පූර්ණ සිංදු තුනම ඇහුනා).

They often see dancing on TV. ඒ ගොල්ලො නිතරම රූපවාහිනියෙ නැටුම් දකිනවා.

They often see Indians dancing on TV. ඒ ගොල්ලො නිතරම රූපවාහිනියෙ ඉන්දියානුවො නටනවා දකිනවා (සම්පූර්ණ නැටුම නොබැලුවත් නැටුම් දකිනවා). 

They often see/watch Indians dance on TV. ඒ ගොල්ලො නිතරම රූපවාහිනියෙ ඉන්දියානුවො නටනවා බලනවා (සම්පූර්ණ නැටුම බලනවා). 
 
They enjoy seeing/watching Indians dance on TV. ඒ ගොල්ලො රූපවාහිනියෙ ඉන්දියානුවො නටනවා බලන්න ආසයි (මුළු නැටුමම බැලීම විනා එය එක මොහොතකදී බැලීම අදහස් නොවන නිසා). 

As we passed the traffic lights, I saw her crossing the road. අපි මාර්ග සඥා එළි පහු කරනකොට මම එයා පාර පනිනවා දැක්කා (පාර පනිමින් සිටිනවා දැක්කා).

I saw her cross the road and enter a shop.  මම එයා පාර පැනලා කඩයක් ඇතුළට යනවා දැක්කා (සම්පූර්ණ ක්‍රියාවලිය දැක්කා).

***යම් ක්‍රියාවක් වාක්‍යයක ‘subject’ වශයෙන් යෙදෙන විට බොහෝ විට ‘gerund’ ස්වරූපය භාවිතා කෙරුණත්, ‘to-infinitive’ ස්වරූපයත් ඇතැම් විට එම අර්ථය සඳහා ගැනෙනවා. 

Running 10 km is not easy. / To run 10 km is not easy. කි. මී. 10 ක් දිවීම ලේසි නැහැ.

***to’ හැර වෙනත් preposition’ පදයකට (from, in, with, about ආදී) පසුව එන ක්‍රියා පදයක් gerund’ ස්වරූපයෙන් යෙදෙනවා. (ඇත්තෙන්ම to-infinitive’ යෙදෙන තැන්වල to’ යන්න ක්‍රියා පදයේම කොටසක් මිස preposition’ පදයක් නොවේ.)

She was happy about passing the exam. එයා විභාගෙ පාස් වුන එක ගැන සතුටෙන් හිටියේ.

The students were prevented from leaving the hall. ශිෂ්‍යයන් ශාලාවෙන් පිටවීම වළක්වනු ලැබුවා.

He succeeded in getting the visa. එයා වීසා බලපත්‍රය ලබා ගන්න සමත් වුණා.

***ඇතැම් යෙදුම්වල to’ පදයට පසුවත් gerund’ ස්වරූපය යෙ‍දෙන බව සැලකිය යුතුයි. (මෙම අවස්ථාවල to’ යෙදෙන්නේ preposition’ පදයක් වශයෙනුයි.)
We look forward to seeing you. අපි ඔයාව දකින්න බලාගෙන ඉන්නවා.

This blog is committed to improving the knowledge of English among Sri Lankans. මේ බ්ලොග් අඩවිය ශ්‍රී ලාංකිකයන් අතර ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කිරීමට කැප වෙලා ඉන්නවා.  

(Looking Forward to Doing Something? එහෙනම් බලන්න ලිපියත් බලන්න.)

***එසේම after, before, when, while වැනි පදයක් ක්‍රියා පදයකට පෙර යෙදෙන විට ගැනෙන්නේත් ක්‍රියා පදයේ gerund’ ස්වරූපයයි. (මේ වෙනුවට එසේ නොවන වෙනත් රටාද භාවිතා කළ හැකියි.)

After finishing his work, he went home. (After he finished / had finished his work, he went home.) එයාගේ වැඩ ඉවර කරලා (කළාට පස්සෙ) එයා ගෙදර ගියා.

He made a mistake while working. (He made a mistake while he was working.) වැඩ කරන අතරේ එයාගෙන් වැරැද්දක් සිද්ධ උනා.

***එකවර සිදු වෙන ක්‍රියාවන් දැක්වීමේදී, ක්‍රියාපද යෙදෙන ස්වරූපය දක්වන පහත එන රටා බලන්න.

The children came running. ළමයි දුවගෙන ආවා.

We went there singing. අපි එහෙ ගියේ සින්දු කියකිය.

The bus hit a lamp post, injuring some passengers. බස් එක මගීන් කීප දෙනෙක් තුවාල කරමින් ලයිට් කණුවක හැප්පුනා.

Smiling, they waved to us. ඒ ගොල්ලො හිනා වෙවී අපට අත වැනුවා.

Being a musician himself, he was obviously interested in the concert.  (A musician himself, he was obviously interested in the concert. / As a musician himself, he was obviously interested in the concert.) තමනුත් (තමන්ද) සංගීතඥයෙක් හැටියට (වශයෙන්), සංදර්ශනය ගැන පැහැදිලිවම එයාගේ උනන්දුවක් තිබුනා.

Living in Nuwara Eliya, they’re not used to the heat of Colombo. නුවර එළියේ ඉන්න නිසා (ජීවත් වෙන නිසා), ඒ ගොල්ලන්ට කොළඹ රස්නෙ පුරුදු නැහැ.

She focused on her studies, her aim being to become a lawyer. එයාගේ ඉලක්කය නීතිඥවරියක් වීම නිසා එයා තමන්ගේ ඉගෙනීම් වැඩවලට හිත යොමු කළා.

***යමක් සිදු වූ පසු යන අර්ථයෙන් යෙදෙන, active voice හා passive voice උපයෝගී කර ගන්නා පහත රටාත් බලන්න.

Having finished his work, he went home. (After he had finished his work, he went home.) එයාගේ වැඩ ඉවර කරලා (කළාට පස්සෙ) එයා ගෙදර ගියා.

His work (having been) finished, he went home. (After his work had been finished, he went home.) එයාගේ වැඩ ඉවර කරලා (කළාට පස්සෙ) එයා ගෙදර ගියා.

(සේයාරුවට ස්තුතිය: laffy4k)



12 comments:

  1. "This blog is committed to improving the knowledge of English among Sri Lankans"

    Yes, it does and thank you for doing that.

    ReplyDelete
  2. Most of the time I read your blog. The lessons are very useful to improve my English knowledge. I wish you all the best to continue this.

    ReplyDelete
  3. Thank u very much dear friend

    ReplyDelete
  4. thank you sir ,
    this is the most useful sinhala blog on the net.if you could pls clarify about complex sentences, what is the difference between simple & complex sentences? and how build them?.
    thanx u very much.

    ReplyDelete
  5. @gayan

    A simple sentence is just one independent clause, like:

    The man is reading a book.

    They like watching TV.

    A compound sentence consists of two independent clauses (It means that they express two separate facts.) that are joined together by a co-ordinating conjunction (for, and, nor, but, or, yet, so):

    The boy went to school and his sister stayed at home.

    I want to go to Colombo tomorrow, but my father wants to go to Kandy.

    A complex sentence has an independent clause and at least one dependent clause. A dependent clause contains either a subordinating conjunction (because, since, after, before, although,when, while...) or a relative pronoun (who, that, which, where...). (Remember that dependent clauses with relative pronouns are also called relative clauses.):

    When I reached home, my brother was playing the guitar.

    The film (that / which) we saw yesterday was very interesting.

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails