Monday, December 12, 2016

It is… - එතකොට මේකෙ තේරුම?




එය යන අර්ථයෙන් (උදා: ‘It is on the table. ඒක මේසෙ උඩ.) යෙදීමට අමතරව කාලය, කාලගුණ තත්වයන්, උෂ්ණත්වය, දුර ආදිය දැක්වීමේදී ‘It is/was/will be’ යොදා ගැනෙනවා.

It’s 10.30 am. වෙලාව උදේ 10.30 යි.

It’s raining. දැන් වහිනවා.

It was raining then. ඒ වෙලාවෙ වහිමින් තිබුනා.

It’s 300 C here now. දැන් මෙහෙ උෂ්ණත්වය 300 C.

It will be 300 C here tomorrow. හෙට මෙහෙ උෂ්ණත්වය 300 C වේවි.

It’s 25 km from here. මෙහෙ ඉඳල කි. මී. 25 ක් දුරයි.

It’s very interesting to read this book. මේ පොත කියවන එක හරි රසවත්.

It will be very interesting (for you) to read that book. ඒ පොත කියවන එක (ඔයාට) හරි රසවත් වේවි.

It was surprising that they didn’t come. ඒ අය ආවෙ නැති එක පුදුමයි.

කොයි කෙනාදැයි දැක්වීමේදී යෙදෙන්නේත් ‘It is/was/will be’ යන්නයි. (කොයි දෙයදැයි දැක්වීමේදී එම රටාව යෙදෙන බව බව පැහැදිලියිනේ උදා: ‘It was a car. ඒ කාරෙකක්.’)

Who has come? – It’s Nimal. කව්ද ඇවිල්ලා ඉන්නෙ? – නිමල්.

Who broke this glass? – It was Vimal. කව්ද මේ වීදුරුව බින්දේ? – විමල් (තමයි).

May I know who’s (who is) calling? – It’s Kamal. කව්ද කතා කරන්නෙ කියලා දැන ගන්න පුලුවන්ද? – මේ කමල්. (දුරකථන ඇමතුමකදී)

It will be a boy. පිරිමි ළමයෙක් එන්නේ/ලැබෙන්නේ.

It was a girl who came. ආවේ ගෑණු ළමයෙක්.

එක් කෙනෙකුට/දෙයකට වැඩි ගණනක් සම්බන්ධයෙනුත් මෙම රටාවම යොදා ගත හැකියි.     

It’s my friends from school. ඒ/මේ (ඉන්නේ) මගේ ඉස්කෝලේ යාළුවෝ.

It was some shadows that scared us. අපි බය උනේ හෙවනැලි වගේකට (අපිව බය කෙරුවේ හෙවනැලි වගයක්).

යමක් පිළිබඳ සමස්ත වශයෙන් පවතින ගුණයක් ගැනත් ‘it’ පදය යෙදෙනවා. එසේම එය වෙනත් ඇතැම් රටාවලත් සමස්තයක් වැන්නක් වෙනුවෙන් යෙදෙනවා.

I found it difficult to remember those new words. ඒ අළුත් වචන මතක තියා ගන්න එක මට අමාරු වුණා.
                                             
She thought it better to resign. අස් වෙන එක වඩා හොඳයි කියලා එයා හිතුවා.

Do you like it here? ඔයා මෙහෙට (මෙහෙ ජීවිතයට / මෙහෙ පරිසරයට) කැමතිද?

එසේ වුවත් as’ හා than’ පද සහිත ඇතැම් රටා it’ වැනි පදයක් නැතිව භාවිතා වෙනවා.

It rained in the afternoon, as happens often in that area. ඒ පැත්තේ නිතරම වෙන විදිහට හවස් වරුවේ වැස්සා. 
 
There’s more to that incident than meets the eye. ඇහැට පේනවට වැඩි යමක් ඒ සිද්ධියේ තියනවා.
 
පහත දැක්වෙන රටාවේත් බොහෝ විට it’ අත් හැරෙනවා.

 Just because you’re older (it) doesn’t mean you can have everything your way. ඔයා වයසින් වැඩි  වුණ පලියට (වයසින් වැඩි  වුණ පමණින්) හැම දෙයක්ම ඔයාට ඕනැ විදිහට කෙරෙන්නේ නැහැ. 


(Image credit: Sean MacEntee)

2 comments:

  1. බොහොම වැදගත් ලිපියක් මට. ලියමු ආයිත් ඉස්සර වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අළුතින් ලිපි එකතු නොවුණත් පහුගිය කාලෙත් පරණ ලිපිවලට ගොඩක් කරුණු එකතු කළා. මා පවත්වන පෞද්ගලික පංතිවල මතු වෙන අවශ්‍යතාත් පදනම් කරගෙන මෙම ලිපි විශාල සංඛ්‍යාවකට අමතර පැහැදිලි කිරීම් එකතු කරලා තියනවා.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails