Monday, July 18, 2011

This Takes the Cake! අපට කේක් නැද්ද?


කේක් කන්න කව්රුත් ආසයි. ඒක අපේ අයට විතරක් අදාළ දෙයකුත් නෙමෙයි. ඉංග්‍රීසි කතා කරන රටවල අයත් එහෙම තමයි. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවේ තියනවා කේක් සම්බන්ධ සම්ප්‍රදායික යෙදුම් කීපයක්. හැබැයි බොහෝ විට තරමක් අවිධිමත් ව්‍යවහාරයේ හමු වෙන මෙවැනි යෙදුම් උපමා ස්වරූපයෙන් භාවිතා වෙන නිසා මේවා යෙදෙන්නේ කේක් කනකොට විතරක් නම් නෙමෙයි.

1. take the cake

එකම වර්ගයේ දේ, සිදුවීම්, ක්‍රියා ආදිය අතර (හොඳ හෝ නරක නිසා) කැපී පෙනෙන යමක් දැක්වීමට මෙම යෙදුම ගැනෙනවා. බ්‍රිතාන්‍ය භාවිතයේ ඇතැම් විට මේ වෙනුවට 'take the biscuit' යන්නත් හමු වෙනවා.

 There were many good songs at the competition, but his song takes the cake. තරඟෙ හොඳ සිංදු ගොඩක් තිබුනා, ඒත් එයාගෙ සිංදුව තමයි උපරිම.

 Though that child has misbehaved in school before, what he's done this time really takes the cake!  ඒ ළමයා මීට කලිනුත් ඉස්කෝලෙ දඟ කරල තිබුනට එයා මේ පාර කරල තියෙන දේ නම් අනිත්වට බොහොම ඉහළයි.

2. a piece of cake

ඉතාම ලේසියෙන් කළ හැකි දෙයක් මෙයට - කේක් කෑල්ලකට - සමාන කෙරෙනවා.

The English paper was a piece of cake for her. ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ එයාට කජු කනවා වගේ උනා.

Registering with that website is a piece of cake; they don't even ask for an e-mail address. ඒ වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන එක සුළු දෙයක්, ඒ අය ඊමේල් ලිපිනයක්වත් ඉල්ලන්නෙ නැහැ.

3. a cakewalk

මෙයත් කලින් යෙදුමට සමානව, කිරීමට ඉතා පහසු දෙයක් දැක්වීමට ගැනෙනවා.

That match was a cakewalk for our team. ඒ මැච් එක අපේ කණ්ඩායම නිකම්ම වගේ දිනුවා.

4. icing on the cake

හොඳ දෙයකට අමතරව එකතු වෙන තවත් හොඳ දෙයක් මෙසේ හැඳින්වෙනවා.

I was very happy about my promotion; the congratulatory speech by the boss was the icing on the cake. මගෙ උසස්වීම ගැන මම හරි සංතෝස උනා, ලොක්කාගේ සුබ පැතීමේ කතාව සතුටට තවත් එකතු කළා.

5. have your cake and eat it (too)

එකට කළ නොහැකි (එනම් එකක් තෝරා ගත්තොත් අනිත අත් හැරිය යුතු) දේවල් දෙකක් සඳහා මෙම කියුම පාවිච්චි වෙනවා - බොහෝ විට නිෂේධාර්ථයෙන්  'කේක් එක තියා ගන්නයි කන්නයි දෙකක් බැහැ' ලෙස.

If you want to pass the exam well, you'll have to watch less TV - you can't have your cake and eat it (too). ඔයාට හොඳට විභාගෙ පාස් වෙන්න ඕනැ නම් අඩුවෙන් TV බලන්න වෙනවා, ඔය දෙකම එකට බැහැ.

6. sell/go like hot cakes

යමක් විශාල වශයෙන් විකිණෙනවා යන්න දැක්වීමට ගැනෙන මෙම යෙදුම සිංහල 'උණු කැවුම් වගේ විකිණෙනවා' යන්නට සමානයි.

Their new CD is selling/going like hot cakes. ඒ ගොල්ලන්ගෙ අළුත් CD එක උණු කැවුම් වගේ විකිණෙනවා.

7. a slice/share of the cake

තිබෙන මුළු සම්පත් (මුදල් ආදිය) ප්‍රමාණයෙන් යම් කොටසක් දැක්වීමට මෙය යොදා ගැනෙනවා. ඇමරිකානු භාවිතයේ මේ සඳහා 'a piece/slice/share of the pie' වැනි යෙදුම්ද දකින්න ලැබෙනවා.

The IT Department is expecting a bigger slice of the cake this year. තොරතුරු තාක්ෂණ අංශය මේ අවුරුද්දෙ වැඩි ගණනක් (මුළු මුදල් ප්‍රතිපාදනවලින් වැඩි කොටසක්) බලාපොරොත්තු වෙනවා.

***තවත් කියන්න යමක් තියනවා. ශ්‍රී ලාංකික ඉංග්‍රීසි කතා කරන්නන් සහ ඉගෙන ගන්නන් සඳහා 'Sri Lankan Speakers and Learners of English' කියලා Facebook group එකක් පටන් ගත්තා. එයට එකතු වෙන ලෙස ඔබ සැමට ආරාධනා කරනවා.

(Image credit: joshwept)

21 comments:

  1. My wife is the game player in the family.මෙහි the game player යනුවෙන් යෙදෙන්නේ ද මෙවැනිම යෙදුමක් ද යන්න දැනගැනීමට කැමැත්තෙමි.

    ReplyDelete
  2. @උදාර
    මේ 'game player' යන්න 'අනිත් අය සමග සෙල්ලම් (mind games විය හැකියි) කිරීමට කැමැති කෙනා' යන අර්ථය වගේම 'පටන් ගත් යමක් පහසුවෙන් අත් හැර දමා නොයන්නා' යන අර්ථයෙනුත් භාවිතා වෙනවා.

    ReplyDelete
  3. ඔබතුමාගේ පිළිතුරට බොහොම ස්තූතියි.

    ReplyDelete
  4. උදාරගෙ යෙදුමට හරියන තවත් එකක් විධියට "වැඩේ ඇදගෙන යන කෙනා කියන්න පුළුවන් නේද?"

    ඔය piece of cake, hot cakes කියන කෑලි නම් චිත්‍රපටිවල නිතර තියෙන නිසා දන්නවා. අනිත් ඒවත් දැන් අහුවුණොත් තේරුම්ගන්න පුළුවන් වෙයි :D

    ReplyDelete
  5. @hare :-)
    උදාරගෙ යෙදුමේ 'game player' යෙදෙන්නේ දෙවෙනි අර්ථයෙන් නම් 'වැඩේ ඇදගෙන යන කෙනා' කියන්න පුළුවන්. ඒත් 'game player' බොහෝ වෙලාවට යෙදෙන්නේ නම් පළමු අර්ථයෙන්.

    තවත් මේ ආකාරයේ යෙදුම් ඉදිරියට බලමු.

    (හදිසියේ වෙනත් වැඩකට යොමු වූ නිසා කලින් මෙම ප්‍රතිචාරයේ කොටසක් පමණක් පළ වුණා. කණගාටුයි.

    ReplyDelete
  6. @Saranga Rathnayake
    Nice to see you around again.

    ReplyDelete
  7. Sir, can you show me what are the common meaning for these words
    bar
    crowd
    breathtaking
    breathtaking
    exquisite
    host
    impression
    memorable
    reflect
    resource
    spectacular
    tough

    ReplyDelete
  8. @student

    I'm sorry I don't have the time right now explain all the common meanings of all these words, but there's a better way for you to get them. Just enter them - one by one - in the Oxford Advanced Learner's Dictionary search box, which is in the sidebar on the right, and you get the definitions with usage examples too.

    ReplyDelete
  9. සර් මම කිව්වේ මේ වචන වල වැඩි පුර පාවිච්චි කරන සිංහල තේරුම කියන්න පුළුවන්ද? මධුර ඩික්ෂණරියේ හොයපුවාහම ගොඩක් තේරුම් එනවා
    http://www.youtube.com/jenniferesl
    මේතන විඩියෝ එකක තමයි තිබ්බේ

    ඉහත comment එක දැම්මේ sinhala unicode නැති වේලාවක එම නිසා තමයි හරියට කියන්න බැරි උනේ

    ReplyDelete
  10. @student

    යම් වචනයක තේරුම් කීපයක් තියන අවස්ථා බොහොමයි. එතකොට කරන්න තියෙන්නෙ වචනය යෙදිලා තියන පසුබිමට ගැලපෙන තේරුම ඒ අතරින් තෝරා ගන්න එකයි. භාෂාවක් ඉගෙන ගන්නකොට මේක කළ යුතුම දෙයක්.

    උදාහරණයක් වශයෙන් මේ 'bar' වචනය නාම පදයක් වශයෙන් ‘බීමසැලක් (හෝ ඇතැම් විට යම් කෑමවර්ග විකුණන තැනක්)‘, ‘පොල්ලක් (හෝ එවැනි හැඩයක් ඇති ඇතැම් වෙනත් දෙයක්)‘, ‘මහත ඉරක් හෝ කිරණ කදම්බයක් වැන්නක්‘, ‘බාධකයක්‘, ‘නීතිඥ වෘත්තිය‘ යන ඕනෑම අර්ථයකින් යෙදෙන්න පුළුවන්. ඊට අමතරව ක්‍රියා පදයක් වශයෙන් ‘වළක්වනවා‘ අර්ථයත්, නිපාතයක් වශයෙන් ‘හැර‘ යන අර්ථයත් ගන්න පුළුවන්. මේවා ඔක්කොම බහුලව පාවිච්චි වෙනවා. ඉතින් යෙදුන වාක්‍යය හා පසුබිම නොදැන අදාළ තේරුම දැන ගන්න කාටවත් බැහැ.

    හැකි නම් මම කලින් සඳහන් කළ Oxford Advanced Learner's Dictionary වැන්නක් (මේක නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් අන්තර්ජාලය තුළින්) පාවිච්චි කිරීමේ වාසිය තමයි එක් එක් අර්ථය එවා යෙදෙන උදාහරණත් එක්ක තිබීම. ඒවා එක්ක තමන්ට තේරුම අවශ්‍ය වාක්‍යය සංසන්දනය කරලා ගැපපෙන එක හොයා ගන්න පහසුයි. සිංහලෙන් තේරුම නම් මේ ආකාරයට කෙලින්ම දැන ගන්න බැරි වුනත්, තරමක දැනුමක් ඇති කෙනෙකුට ඉංග්‍රීසි වචන ඒවා භාවිතා වෙන ආකාරයක් එක්ක ඉගෙන ගන්න මේක ඉතාම හොඳ ක්‍රමයක්.

    එවැනි ශබ්ද කෝෂයකින් ඉගෙන ගත හැකි දේ දැන ගන්න 'How to Use a Dictionary - පද පෙරළි (http://ingirisi.blogspot.com/2010/03/how-to-use-dictionary.html)' ලිපිය කියවන්න.

    ReplyDelete
  11. සර් මට යමක් කරන්න සිද්ද වුනා කියන එක ඉංගිරිසියෙන් කියන්නෙ කොහොමද?
    උදා- මට සිද්ද වුනා ඔහුට අවනත වෙන්න
    මට සිද්ද වෙනවා ඔයාව රැකියාවෙන් ඉවත් කරන්න
    ඒකෙ අතීත,වර්තමාන,අනාගත කාල තුනම කියල දුන්නොත් ගොඩක් වටිනවා.
    ස්තූතියි.

    ReplyDelete
  12. @Katakaluwa

    අතීත:
    මට සිද්ද වුනා ඔහුට අවනත වෙන්න.
    I had to agree with him.
    මට සිද්ද වුනා ඔයාව රැකියාවෙන් ඉවත් කරන්න.
    I had to fire you from the job.

    වර්තමාන:
    මට සිද්ද වෙනවා ඔහුට අවනත වෙන්න.
    I have to agree with him.
    මට සිද්ද වෙනවා ඔයාව රැකියාවෙන් ඉවත් කරන්න.
    I have to fire you from the job.

    අනාගත:
    මට සිද්ද වේවි ඔහුට අවනත වෙන්න.
    I will have to agree with him.
    මට සිද්ද වේවි ඔයාව රැකියාවෙන් ඉවත් කරන්න.
    I will have to fire you from the job.

    ReplyDelete
  13. ස්තූතියි

    ReplyDelete
  14. සර් මේක තනි ඉංගිරිසි වාක්‍යයකින් ලියන්නෙ කොහොමද? මේවාක්‍ය ලියන්න that පාවිච්චි කරන්න පුලුවන්ද?

    ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෙකුට දේශනයකට සහභාගී වීමට නොහැකි වූ විට එම දේශනයට අන්තර්ජාලය හරහා පසුව සවන්දීමට ඉඩලබා දීම වැනි විශේෂ පහසුකම් ලබා දී තිබෙනවා.

    කෙටි වාක්‍ය කොහොම හරි ලියාගත්තත් මේ වගෙ දිග වාක්‍යයක් ලියන්න යනකොට හැමදාම ඇනෙනවා.

    ReplyDelete
  15. @Anonymous

    ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෙකුට දේශනයකට සහභාගී වීමට නොහැකි වූ විට එම දේශනයට අන්තර්ජාලය හරහා පසුව සවන්දීමට ඉඩලබා දීම වැනි විශේෂ පහසුකම් ලබා දී තිබෙනවා.
    In many of the universities in the world, special facilities have been provided for students to listen to a lecture online later on if they are unable to attend it.

    (මේ මේක කියන්න පුළුවන් එක විදිහක් විතරයි. වෙනත් යම් රටාවක් ඉදිරිපත් කලොත් හරි වැරදි දක්වන්නම්.)

    ReplyDelete
  16. සර් මේ වගෙ වාක්‍යයක් කියන්නෙ කොහොමද?

    මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ කී වෙනි ජනාධිපතිද?
    නිමල් මේ පාර පන්තියේ කී වෙනියාද?

    ReplyDelete
  17. @Anonymous
    "කීවෙනි" යන්නට අදාල යෙදුමක් ඉංග්‍රීසියේ නැති නිසා මේ වගේ දෙයක් කියන්න වෙන්නේ වක්‍රාකාරවයි.

    මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ කීවෙනි ජනාධිපතිද?

    What is the position of Mr. Mahainda Rajapaksha in the line of presidents of Sri Lanka?

    නිමල් මේ පාර පන්තියේ කීවෙනියාද?

    What is Nimal's position in his class this time?

    ReplyDelete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails